• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීතලම සීතලේ වලාකුළු අතර ඇවිදිමු…

February 29, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
සීතලම සීතලේ වලාකුළු අතර ඇවිදිමු…
Share on WhatsAppShare on Facebook

පෙබරවාරි මාසයේ සති අන්තයේ පැමිණි දීර්ඝ නිවාඩුවත් සමඟ අපි යහළුවන් කිහිප දෙනකුගේ අදහස වූයේ සුන්දර ඇල්ල පුරවරයේ අසිරිය බලා රාත්‍රියේ නාරංගල කඳු මුදුනේ කඳවුරු බැඳීමටය. මාද ඇතුළුව මෙම ගමන සඳහා හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමයක් සහභාගි විය. එයින් 4 දෙනකු කොළඹ සිට බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වූයේ සිකුරාදා දින රාත්‍රියේය. සිරිපා වන්දනා සමය පැමිණීමත් සමඟ තැපැල් දුම්රිය අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ කොළඹ කොටුවෙන්මය.

මා ඇතුළු තවත් දෙදෙනකු පේරාදෙණිය දුම්රිය ස්ථානයේ රැඳී සිටිය අතර රාත්‍රි 11ට පමණ දුම්රිය ප්‍රමාදවී පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණියේය. අප තිදෙනාට මෙම දුම්රියේ දැඩි සීතලේ හැටන් දක්වා ගමන් ගන්නට වූයේ පාපුවරුවේය. එය ඉතාමත් අනතුරුදායක වෙහෙසකර ජීවිතයේ අමතක නොවන පැය කිහිපයකි.

දුම්රිය හැටන්වලට පැමිණීමත් සමඟ බොහෝ පිරිසක් බැස යන්නට විය. ඉන්පසු අප තිදෙනා කණ්ඩායමේ දුම්රිය තුළ වූ ඉතිරි හතරදෙනා සොයාගත් අතර ඔවුන් සමඟ බදුල්ලේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන්නට විය. එම ස්ථානයෙන් අප බැසගත්තේ උදෑසන 6ට පමණය. මුලින්ම කිතල් ඇල්ල නරඹා ඉන්පසු දුම්රිය මාර්ගය දිගේ පයින් 3Km පමණ ගමන් කළ අප පැමිණියේ ඇල්ල දුම්රිය ස්ථානය වෙතටය. එහි සිට තවත් 2Km පමණ ගමන් කළේ Nine Arch පාලම නැරඹීමටය. එහි පැයක් පමණ ගත කළ අප මීළඟට ගමන් කළේ පුංචි සිරිපාදය නැරඹීමටය. තරමක් උස කඳු මුදුනක් වුවත් එහි ඉහළට ගමන් කිරීමට ගතවූයේ විනාඩි 20ක් වැනි සුළු කාලයකි. දැඩි දේශීය විදේශීය සංචාරක ආකර්ෂණයක් එම ප්‍රදේශයේ පැවති බව දක්නට ලැබුණු අතර ඡායාරූප කිහිපයක් ලබාගත් අප ඉක්මනින් ඇල්ල නගරයට පැමිණියේ දිවා ආහාරය ගෙන නැවත දුම්රියෙන් බදුල්ල බලා යෑමටය. බදුල්ල නගරයට අප පස්වරු 3ට පමණ පැමිණි අතර රාත්‍රී කඳවුරු බැඳීමට හා ආහාර පිසීමට අවශ්‍ය භාණ්ඩ බදුල්ල නගරයෙන් ලබාගත්තේ පස්වරු 3.50 තිබුණු කීනකැලේ බස් රථයට ගොඩවීමටය. සැලසුම් කළ පරිදි අදාළ බස් රථයේ නැඟ නාරංගල වෙත යෑමට ගතවූයේ පැයක් පමණි. විශාල වංගු, කඳු, පල්ලම්, තේ වතු අතරින් වේගයෙන් ගමන් කළ එම ගමනද අපහට වෙනස්ම අත්දැකීමක් විය. පස්වරු 5ට පමණ කඳු පාමුලට පැමිණි අපට ඉදිරියෙන් කඳු මුදුන දිස්වූ අතර එය ශීඝ්‍ර නැග්මක් සහිත කන්දක් විය. කණ්ඩායමේ සියල්ලන්ගෙම ගමන් මලු කිලෝ 15කට වඩා බරවූයේ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ එහිවූ බැවිනි.

කඳු මුදුන තුළ ජලය සොයාගැනීමට නොහැකි බැවින් අප වතුර ලීටර් 20ක් පමණද රැගෙන ගිය අතර එය තරමක අභියෝගයක්ද විය. විනාඩි 45ක පමණ දැඩි වෙහෙසකර ගමනකින් පසු අප කඳු මුදුනට පැමිණි අතර එදා සෙනසුරාදා දිනක් වූ බැවින් තවත් කණ්ඩායම් බොහොමයක් එහි විය. පැමිණි විගස රෑ වීමට කලින් අපගේ කඳවුරු කඳු මුදුනේම සාදාගත්තේ පසු දින ඉර උදාව නැරඹීමට පහසුවන නිසාවෙනි. කණ්ඩායමේ දෙදෙනෙකු ඉක්මනින් දර සොයා යන්නට ගියේ රාත්‍රී ආහාර සූදානම් කිරීමට අවශ්‍ය නිසාවෙනි. සවස හිරු බැස යෑමද ඉතාමත් අලංකාර දසුනක් විය. ටික වේලාවක් අවට සුන්දරත්වය විඳිමින් ඡායාරූප ගත් අප රාත්‍රි 8ට පමණ රාත්‍රි ආහාර සඳහා නූඞ්ලස් සූදානම් කරන්නට විය. නූඞ්ලස් රාත්‍රි ආහාරයට ගත් අතර පසුව පැවති දැඩි සීතල නිසා උණුසුම් වීමට කෝපි බීමටද අමතක නොකළේය.

පසුවදා උදෑසන අවදිවීමට අවශ්‍ය වූ නිසාත් අද දින තිබූ මහන්සිය නිසාත් අප රාත්‍රි 9ට පමණ නිදාගන්නට විය. පසුදා උදෑසන පාන්දර 5ට පමණ අවදිවූ අතර මාගේ යහළුවන් දෙදෙනකු ඒ වන විටත් අවදිවී කෝපි සාදන්නට විය. 10 0C පමණ දැඩි සීතලක් උදෑසන පැවති අතර වලාකුළු අපගේ අතේ දුරකින් විය. එය ඉතාමත් අලංකාර අවස්ථාවක් වූ අතර කඳු මුදුන වටා අහස වලාකුළුවලින් පිරී පැවතුණි. අනෙක් යහළුවන් සියල්ලන්ද නැඟිට මෙම අවස්ථාව ඡායාරූපගත් අතර හිරු උදාව පැමිණීමත් සමඟ කඳු මුදුනේ අසිරිය වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි තරම් සුන්දරවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බොහෝ ස්ථාන මෙම නාරංගල කඳු මුදුනට දිස්වේ. සැලකිය යුතු කාලයක් කඳු මුදුනේ ගත කළ අප ඉක්මනින් පහළට යෑමට අවශ්‍ය භාණ්ඩ සූදානම් කරගත්තේ උදෑසනම බසයේ බදුල්ල නගරයට යෑමට අවශ්‍ය වූ නිසාවෙනි. හිරු උදාවක් සමඟ වලාකුළු ඉවත්වන්නට විය. උදෑසන 8ට පමණ අප පහළට බසින්නට පිටත් වූයේ අප සිටි ස්ථානය සම්පූර්ණයෙන් පිරිසුදු කිරීමන් අනතුරුවය. විනාඩි 30කින් පමණ පහළට පැමිණි අප උදෑසන 8.45 පිටත් වූ බස් රථයට ගොඩවූයේ ඉක්මනින් බදුල්ල බලා යෑමටය. පැයක පමණ කාලයකින් පසු බදුල්ල නගරයට පැමිණ නගරය අසල පිහිටි ඔයකින් නෑමටද අමතක කළේ නැත. පසුව උදෑසන ආහාරද ගෙන අප දහවල් 10 පමණ බදුල්ල නගරයෙන් පිටත්වූයේ රෑ වීමට පෙර නිවාස වෙත යෑමටය. දින දෙකක ඉතාමත් සුන්දර ගමනක් එසේ නිමා විය.
සංජීව රත්නසිරි

SendShareShare
Previous Post

උපන් නැකැතට සුබ මැණික් හා රුද්‍රාක්ෂ

Next Post

හේමාස් රෝහල් සමූහය (IMS) සහතිකය හිමිකර ගනී

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.