• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බිසෝවරු නාපු තැන බලන්න කරවනැල්ලෙන් මාවනැල්ලට

March 9, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
බිසෝවරු නාපු තැන බලන්න කරවනැල්ලෙන් මාවනැල්ලට
Share on WhatsAppShare on Facebook

මානැල්ලට යන්න පාරවල් කීපයක්ම තියෙනවා- වඩාත්ම පහසු වෙන්නෙ ගලිගමුව- අවිස්සාවේල්ල පාරෙ ලියන්ගහමුලින් දකුණට හැරිලා ගුරුගොඩ ඔයෙන් එගොඩ වෙලා යන පාර- ගලිගමුව පැත්තෙන් යද්දි ලියන්ගහමුල මුණගැහෙන්නෙ කොටියාකුඹුර පහුකරගෙන ටික දුරක් ඉස්සරහට යද්දි- ටික කාලෙකට ඉස්සර ගුරුගොඩ ඔයෙන් එගොඩ වුණේ පාරුවකින්- ඒත් අද වෙනකොට පාලමක් සකස් කරලා තියෙන හින්දා පොඩි වාහනයකින් යන්න පුළුවන්- පාලම ළඟ ඉඳලා කිලෝමීටර් එක හමාරක විතර දුරකිනුයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.

කොළඹ- නුවර පාරෙ නෙළුන්දෙණියෙන් හැරිලා ගලපිටමඩ පැත්තට එනකොට මුණගැහෙනවා ලෙනගල හන්දිය- වරකාපොළ- කරවනැල්ල පාරෙන් ඇවිත් ගලපිටමඩ හරහාත් ලෙනගල හන්දියට එන්න පුළුවන්- එතැන ඉඳලා ලෙනගල පාරෙ ටික දුරක් යද්දි හමුවෙන කිවුල්දෙණියෙන් හැරිලා කිලෝමීටර් 5ක විතර දුරක් ගිහිල්ලත් මානැල්ලට යන්න පුළුවන්- මේ පාරෙන් යද්දි නාරංගල හරහා ගලාගෙන යන දිය පාරක පිහිටලා තියෙන දිය අඬාහැලෙන ඇල්ලත් දැකගන්න ලැබෙනවා- දිය අඬාහැලෙන ගල කියල තමයි ගමේ අය මෙතැනට කියන්නෙ- මීටර් හතරක විතර උසින් ගල්තලාවක් දිගේ ගලාගෙන හැලෙන දිය අඬාහැලෙන ඇල්ලත් ගහකොළවලින් වටවෙලා තියෙන ලස්සන තැනකයි පිහිටලා තියෙන්නෙ-

මේ පාරෙ තවත් ටිකක් ඉස්සරහට යද්දි වම් අත පැත්තෙන් ගලාගෙන යන මානැල්ල ඔය දැකගන්න ලැබෙනවා- මානැල්ල ගලා හැලෙන්නෙ කොටස් දෙකකින්. මානැල්ලේ කුඩා දිය ඇල්ල කියලයි පළමු ඇල්ල හැඳින්වෙන්නෙ. මුලින්ම මුණගැහෙන්නෙත් ඒ කුඩා ඇල්ලයි- මහ මානැල්ලට උඩින් පිහිටලා තියෙන මේ දිය ඇල්ල පැත්තට වැටුණු පොඩි අඩි පාරක් තියෙනවා- උසින් මීටර් 6ක් විතර වෙන කුඩා මානැල්ල ගල් තලාව පුරාම විසිරිලා ගලාගෙන හැලෙන දර්ශනය හරිම සුන්දරයි- ගහකොළවලින් සෙවණ වැටුණු හරිම නිස්කලංක තැනක්- කුඩා මානැල්ල විදියට ඇද හැලෙන දිය දහර එතැන ඉඳලා තවත් කෙටි දුරක් ගලාගෙන ගිහිල්ලා මහා මානැල්ල විදියට ඇද හැලෙනවා- ඒ කෙළවර දක්වාම යන්න පුළුවන්- ඒත් ගල් තලාවන් ලිස්සන හින්දා වඩාත් පරිස්සම් වෙන එක හොඳයි.

කුඩා මානැල්ල මුදුනේ ඔය ඉවුරේ නුග ගහක් ළඟ මානැල්ලේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන තැනක් තියෙනවා- වැහි නැති කාලෙට වැස්ස ලබා ගන්න, ගොවිතැන් ඇතුළු වෙනත් නොයෙක් අපල උපද්‍රවවලදී ගමේ අය එකතුවෙලා පඬුරු ගැට ගහලා පිරිත් දේශනා කරලා මේ පූජාවන් පවත්වනවා- මෑතදී මෙතැන කුඩා බුදු මැඳුරකුත් හදලයි තියෙන්නෙ-

මානැල්ල ඔයේ කුඩා මානැල්ලට ඉහළින් ඔය මැද පුංචි ගල් වළවල් කීපයක් දැකගන්න පුළුවන්- මේවා වළගම්බා රජතුමාගේ බිසෝවරුන් හත් දෙනා ස්නානය කරන්න ආවම හිසේ ගාන්න නානු කෙටූ ගල් වළවල් බවයි ජනප්‍රවාදයේ තියෙන්නෙ- වළගම්බා රජතුමා මේ කිට්ටුව තියෙන ලෙනගල හා සල්ගල වාගෙ තැන්වල ආරක්ෂාව වෙනුවෙන් කාලයක් හැංගිලා හිටිය බව ජනප්‍රවාද කතා වගේම ඉතිහාස තොරතුරුවලිනුත් අනාවරණය කරගෙන තියෙනවා- ලෙනගල ගල් ලෙන්වල හිටිය කාලෙදියි ස්නානය කරන්න මෙතැනට ආ ගිය බව කියන්නෙ-

මහ මානැල්ල බලන්න කුඩා මානැල්ල ළඟින් පහළට බහින්න බැහැ- ආයෙත් පාරට ඇවිත් තව ටික දුරක් පහළට යන්න ඕනෑ- මේ පාරම තමයි කොටියාකුඹුර, ලියන්ගහමුල, ගුරුගොඩ ඔය හරහා එන පාරට සම්බන්ධ වෙන්නෙ- මේ කොයි පැත්තකින් ආවත් මානැල්ලේ පාමුලට යන්න වෙන්නෙ එකම පාරකින්- ඇල්ලට යන අඩි පාර මුලදි ගෙවල් දොරවල් අතරිනුයි වැටිලා තියෙන්නේ. පස්සේ තරමක හුදකලා භූමියක් පහුකරනවා. පයින් මීටර් 200ක විතර දුරක් ඇවිල්ලා ඇල්ලේ පාමුලට එන්න පුළුවන්- මානැල්ල උසින් මීටර් 20ක් බවයි කියන්නෙ-

වටපිටාව ගහකොළවලින් පිරිලා- ගල් කුළුවලින් වටවුණු ගැඹුරු දිය තටාකයකට ඇල්ල ඇද හැලෙනවා- කඩුක්කන් දාපු රන් ආඳෙක් මේ දිය තටාකයේ ඉන්න බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා- ගමේ අය විශ්වාස කරන්නේ ඉස්සර ඉඳලම මේ වළ ඇතුළෙ තියන බව කියන වටිනා වස්තූන්ගේ ආරක්ෂකයා කඩුක්කන් දාපු ආඳා බවයි- ඇල්ල අවට පාළු වගේම හරිම ගුප්ත බවක් දකින්න තියෙනවා. ඒ වගේම ඇල්ල අවට පරිසරය වටා තවත් ඒ වගේ අද්භූතජනක කතා අහන්න ලැබෙනවා- ඇල්ල පාමුලත් මානැල්ලේ දෙවියන් වෙනුවෙන් පූජා පවත්වනවා- ඒ වෙනුවෙන් සකස් කරපු පුහුල් පහන් ඇල්ල අවට ගස්වල එල්ලලා තියෙන විදිය බොහෝ වෙලාවට දැකගන්න පුළුවන්- ඒවා පුහුල් ගෙඩියේ හැඩයට හදපු පහන් විශේෂයක්-

මානැල්ල අවට නිදහස් පරිසරයක් තිබුණත් ගැඹුරු දිය තටාකය නාන්න සුදුසු තැනක් නෙවෙයි- ඒ හින්දා මෙතැන බලන්න එන අය හැරුණාම කාලා බීලා විනෝද වෙන අය අඩුයි- ඒ වගේම විවිධ ඇදහිලි හා විශ්වාසත් එක්ක බැඳිලා තියෙන නිසාම අවට පරිසරයත් බොහෝ දුරට ආරක්ෂා වෙලා තියනවා-
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

සීගිරිය ගන්න පිදූ ගල පිදුරංගල

Next Post

නුවරඑළියේ නවීන්-පියදාස තීන්දුවක් ගනී

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.