• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

නිශ්ශංකමල්ල නාපු ඇල්ල

July 7, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
නිශ්ශංකමල්ල නාපු ඇල්ල
Share on WhatsAppShare on Facebook

ලක්ෂපාන යනු සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුන්දරත්වය අතින් ඉතාමත්ම වැඩි දිය ඇල්ලකි. දිය ඇලි වල උස මට්ටම් අනුව බැලුවොත් ලංකාවේ දිය ඇලි අතරින් 08 වැනි ස්ථානයද ලෝකයේම දිය ඇලි අතරින් 625 වැනි ස්ථානයද හිමිවන්නේ ලක්ෂපානටයි. මෙහි උස 126පක් පමණ වෙනවා. මහනුවර සිට ගිනිගත්හේන දක්වා ගොස් දියගල හන්දිය, නෝටන් බි්‍රජ් 4 කණුව (මස්කෙළිය පාර) ඔස්සේ මේ වෙත ගමන් කළ හැකියි.

මේ සමනල අඩවියනේ. ඉතින් දිය ඇල්ලේ ඉතිහාසය ජනප්‍රවාද වලට අනුව නම් ඇල්ලට නම හැදිලා තියෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වඳින්න යන ගමන් මේ ඇල්ලෙන් ජලය ස්නානය කරලා පහන් ලක්ෂයක පූජාවකින් සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරා හින්දලු. ඒ පහන් ලක්ෂයේ පූජාව ලක්ෂපාන වුණා කියලා තමයි ජනප්‍රවාද අනුවනම් සඳහන් වෙන්නේ.
අපි කතා කරගත්ත විදිහට උදේම ගිනිගත්හේනට යන්න පුලුවන් වුණත් එදා ඉරිදා දවසක් නිසා මස්කෙළිය බස් එකක් තිබ්බේ දවල් 10.20ට. අපි එකේ නැගලා 4 කණුවට ගියා. ඉතාම පටු බෑවුම් කඳු සහිත මාර්ගයක් වුවත් සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් වුණේ නෑ. මාර්ගයේ එක් පසකින් ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් අනතුර සිදුවු සප්ත කන්‍යා කඳුවැටිය දැක ගන්න පුලුවන්.

4කණුවෙන් බැහැලා 2.5km පමණ පහළට යද්දි ජයබිම වත්ත කියන බෝඞ් එක ලඟින් දකුණු පසින් පහළට තියන අඩිපාර දිගේ ලක්ෂපානට යන්න පුලුවන්. ඒ වෙද්දි වෙලාව දවල් 12ට විතර ඇති. පාරනම් හොයාගන්න ටිකක් අමාරුයි. මාන කැලයක් මැදින් 100mක් විතර පහළට බහින්න තියනවා. අපිට පාරවල් හොයාගන්න අතරමඟදි හමුවුණු යාලුවෝ දෙන්නෙක් උදව් කළා. එයාලත් අපිත් එක්ක ගමන ඉවරවෙනකන් හිටියා.

වතුර වැඩි දවසක නම් උඩ ලක්ෂපානට ගමන් කරන එක ගොඩක් අනතුරුදායකයි. ගල් තලාව ගොඩක් ලිස්සනවා. වතුර අඩු වුණත් අපිත් ඔය තරණය කළේ ගොඩක් පරිස්සමින්. තැනින් තැන හැදුණු ගඹුරු වලවල් දකින්න පුලුවන්. අනික ඉහළ කොටසට වර්ෂාව වැඩි වෙනවාත් සමඟ ජලාශ වල වතුර දැනුම් දිමකින් තොරව නිදහස් කරනවා. ඒ ගැනත් කල්පනාවෙන් යන්න ඕනේ. වතුර වැඩි දවසට ඉහළට යන එක ගැන හිතන්නවත් එපා. ඇල්ල තියෙන්නෙ සප්තකන්‍යා කඳු පාමුල.

ඇල්ල ඉහළ ඉඳන් අපේ දිවා අහාරයත් අරන් හවස 2ට විතර එතැන ඉඳන් 500ප විතර පහළට ගියේ ඇල්ල පහළට යන්න. පහළට යන්න තියන පාරට නම් කොන්ක්‍රීට් යොදා පඩිපෙලක් සකස් කරලා තියනවා.

දිය ඇල්ල පහළ තියන වල අඩි 60ක් විතර ගැඹුරුයි කියනවා. හොඳට පීනන්න පුලුවන් කෙනෙකුට වුණත් සමහර විට අවදානමක් ගන්න වෙන අවස්ථා එන්න පුලුවන් තැනක්. ඒ නිසා නාන්න යන්න එපා. නිතරම තියෙන පින්න නිසා චයදඑදි ගන්න එකනම් ටිකක් අමාරුවෙයි.
ඇල්ල පහළ නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ ගල් පර අතරින් සිහින් දිය බිඳු ඉසිමින් සුර්යාලෝකය හා එකතු වී අලංකාර දේදුනු රටා මවමින් මේ ඇද හැලෙන්නෙ ලංකාවේ ජීවිත විශාල ප්‍රමාණයක් ආලෝකවත් කරමින් ගලා යන කැලණි ගඟේ දිය දහරාවයි. ඇල්ල මස්කෙළි ඔයෙන් නිර්මාණය වන අතර මෙය පහළින් කෙහෙල්ගමුව ඔයට සම්බන්ධ වේ. එය කැලණි ගඟේ ප්‍රධාන දියවරයි. තවද ඇල්ලට පහලින් ලක්ෂපාන ජල විදුලි බලාගාරයද පිහිටලා තියෙනවා.
දිය ඇල්ල පහළ ටිකක් වෙලා ඉඳලා හවස 3.30ට තියෙනවා කියපු අවසාන බස් එකට යන්න ආයෙත් 4 කණුවට ගියේ ආයෙත් දවසක ඇවිත් සප්තකන්‍යා කඳු වැටියත් තරණය කරන්න එන බලාපොරොත්තුවෙන්. 3.30 බස් එක අපිට මිස් වුණු නිසා 3 wheel එකක අපි දියගල හන්දියට ආවේ ඉතාම සුලු මුදලකට. එතැනින් නුවර බස් එක්ක නැගලා නැවත ගෙදර එන්න පිටත් වුණා.
ඉතින් මේ දිය ඇලි නරඹන්න ඔයාලත් යන්න. ඒත් ඒවා පොලිතීන් කුණු දාලා විනාශ කරන්න එපා. ඒවා ආරක්ෂා කරගන්න එක ඔයාලගේ යුතුකමක්.
සංජීව දිලාන්

SendShareShare
Previous Post

අවුරුද්දට සැරයක් යන පලෙයිතිව්

Next Post

පුළුවන් නම් මාව අයින් කරපන්: මාතලේ එජාප නගරාධිපතිගෙන් රනිල්ට අභියෝගයක් (VIDEO)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.