මෙවර ජනාධිපතිවරණයේදී විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වාගෙන ඔවුන්ගේ ජන්දය පොහොට්ටුවට ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල මෙහෙයුමක් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් ආරම්භ කොට ඇත.
ඒ අනුව ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් රැදී සිටින රටවල් වෙත පොහොට්ටුවේ නියෝජිතයන් කාණ්ඩ වශයෙන් යැවීමට එම පක්ෂය තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.
එහි මුල් පියවර වශයෙන් උදය ගම්මන්පිල, නීතීඥ අලි සබ්‍රි, අජිත් නිවාඩ් කබ්රාල් සහ සරත් වීරසේකර යන මහත්වරුන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.