ජනතාවට අයත් පොදු දේපොළක් වන මාධ්‍ය තරංග දැඩි ලෙස අවභාවිත කරමින් ගෙන යන ඒකපාක්ෂික ප්‍රචාරක ව්‍යාපෘතිය මත ‘හිරු’ නාලිකාවේ සියලු දේශපාලන වැඩසටහන් වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට ‘හිරු’ නාළිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොවීමටත්, ඊට දැන්වීම් ලබා දීම අත්හිටුවීමටත් එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට තිබේ.
මීට අමතරව එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාද මෙම මාධ්‍ය අවභාවිතය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ ‘පටු වාණිජ අරමුණු සදහාද, මිනීමැරුම් සදහා අධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබූ ඇතැමුන් නිදහස් කර ගැනීමට පවතින අරමුණු සදහාද, ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අණ මත මාධ්‍ය සදාචාර බිද දැමීමට බලපෑම් සිදුවීමයි…’ යනුවෙනි.