• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාමා නැතුව බෑණාට මොන ෂෝද?

February 5, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මාමා නැතුව බෑණාට මොන ෂෝද?
Share on WhatsAppShare on Facebook

⬤ මට කිව්වා ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගන්න කියලා…

⬤ මං වැඩ කරන්නේ මල් ශාලාවේ සර්… මිනීවලට ටයි දාලා තමයි පුරුදු…

⬤ ජැන්ඩියට ඇන්දට ටයි එක දාන්න දන්නෙ නැහැ…

80 දශකයෙහි ජාතික රූපවාහිනිය වසන්තයෙන් නැහැවූ ‘නන්දන වින්දන’ විශේෂාංගය නරඹන්නට එවකට බොහෝ ප්‍රේක්ෂකයන් සෑම මසකම අවසන් සතියෙහි ආලින්දයෙහි අසුන් ගත්තේ අසීමිත වින්දනයකිනි.
ඒ ‘නන්දන වින්දන’ ප්‍රසංගයෙහි නැතුවම බැරි අංගයන් අතර ‘මාමා සහ බෑනාගේ’ විශේෂාංගයද ප්‍රධාන විය. මාමා ලෙස රඟපෑ රෝහණ බැද්දගේ වාගේම බෑනා ලෙස රංගනයෙන් එක්වූ බන්දුල විජේවීරටද, අබේවර්ධන බාලසූරිය හැම මසකම ‘නන්දන වින්දන’ සඳහා ආරාධනා කළේද ප්‍රේක්ෂකයා ඉමහත් වූ මනාපයකින් එය නැරඹූ නිසාය. විකට ස්වරූපයකින් බෑනාගේ චරිතයට ප්‍රවිෂ්ට වනු දැක්කත් හිනා එන බන්දුල විජේවීර රෝහණ බැද්දගේට වඩා වැඩිය ප්‍රේක්ෂක කතාබහට ලක්වුණාය කියා කිව්වොත් කිසිවකුගේ සිතෙහි ඒ ගැන කහටක් ඇති නොවනු ඇත. කෙසේ වුවද මාමා-බෑනා දෙකට්ටුව අද වෙන්ව ඇත. මාමා, බෑනා රංගනය ඉදිරිපත් කළ නොහැකි වන ලෙස මාමා මාලදිවයිනෙහි තනතුරු දරා සිටින හෙයින් බෑනා පමණක් සොයා ගිහින් අපේ කතිකාවට අවැසි වංහුං එකතු කර ගැනීමට බන්දුල විජේවීර නම් වූ ඒ අපූර්වතම කලාකරුවා සමඟ මෙලෙස දොඩමලු වූයෙමි.

🔴 කොහොමද ඉතින් ඔබේ අලුත් තොරතුරු?
මේ දවස්වල නම් අලුත් වැඩක නියැළෙනවා. කොරෝනා අගුළු දැමීම තුළ ‘අයියෝ අපි කොටුවෙලා’ කියලා හූල්ල හූල්ල නොඉඳ අලුත් දෙයක් කරන්න ඕනෑය කියන සිතුවිල්ල තුළ මම පොතක් ලියන්න ගත්තා. කාලයක සිට මම කළ පැරැණි ජන ගී සියල්ල එකතු කරලා කරන ඒ පොතට මම නම තියන්න හිතේ තියාගෙන ඉන්නේ ‘වයඹ ජන ගී’ කියලයි.
🔴 පොතක් ලියන්නට හේතු වූයේ කොරෝනා අගුළු දැමීම පමණමද?
වියැකී යමින් තිබෙන අභාවයට පත්වෙන්නට නියමිතව තිබෙන ජන ගී ගැන යම් මතකයක් කරන්නටද එය හේතුවක් වුණා. සරලව කියනවා නම් අද කිරි දරුවෙක් ඉන්න ගෙදරක අම්මලා ඒ දරුවව නළවන්න නැලවිලි ගීයක් කියන්නවත් දන්නේ නැහැ. ඒ කාලේ නම් උපතේ සිට මරණ මංචකය දක්වාම ජන ගී විවිධාකාරව ඒ ඒ අවස්ථාවනට අනුව සෑම මට්ටමකම මිනිසුන්ට සිත් සුවය දුන්නා. මගේ උත්සාහය නැවත ඒ යුගය ගෙන එන්නට නෙමෙයි. අවම වශයෙන් ‘ජන ගී’ කියලා වටිනා කලාවක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තිබුණාය කියන පණිවුඩය ලැබුණත් ඒකත් ලොකු දෙයක්.
🔴 රංගනයෙන් ඈත්ව සිටින්නෙත් ‘වයඹ ජන ගී’ පොත නිසාද?
කවුද කියන්නෙ මම රංගනයෙන් ඈත්වෙලා කියලා. කවදාවත්ම මට රංගනයෙන් ඈත් වෙන්න බැහැ. මේ දවස්වල මගේ ‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍ය විකාශනය වෙනවා. ‘සකල ගුරු’ නාට්‍යයේ මා ගැයූ තේමා ගීතය ඉතාම ජනප්‍රියයි. ඒ අතර අපේ ප්‍රවීණ ගීපද රචක කුලරත්න ආරියවංශගේ පුතුන් දෙපළ වන කල්පන සහ චින්තක විසින් අධ්‍යක්ෂණය කළ ‘රූකඩ පැංචි’ චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ‘රූකඩ පැංචි’හි මම රඟපෑ චරිතය ප්‍රධාන එකක් නෙමෙයි. හැබැයි මම ඉතාම ආශාවෙන් කළ ඉතාම හොඳ නිර්මාණයක් එය.
🔴 ඒ සියල්ල ඔබ නිම කළ නිර්මාණ. අලුතින් කිසිදු නිර්මාණයක් සඳහා එක්වුණේ නැතිද?
ඇයි නැත්තේ. ජයසේකර අපෝන්සුගේ අලුත්ම ටෙලියේ රූගත කිරීම් ළඟදී ආරම්භ වෙනවා. ‘සන්තෑසියේ ලන්තෑරුමක්’ නමින් නිර්මාණය වන එහි මම ප්‍රධානම චරිතයක් රඟපානවා. ඒ වගේම චතුර පෙරේරා අධ්‍යක්ෂණය කිරීමට නියමිත ප්‍රහර්ස-ණාත්මක චිත්‍රපටයක් සඳහාද මම දායක වෙනවා.
🔴 ජනතාව අතරට ඔබ පැමිණියේ ‘නන්දන වින්දන’හි ‘මාමයි-බෑනයි’ තුළින් කිව්වොත් එය නිවැරැදිද?
ඒක හරි. අදටත් මඟතොටකදී කිසිවකු මාව දැක්කොත් බන්දුල විජේවීර යනවා කියනවා වෙනුවට මඳක් උස් හඬින් කියන්නේ අන්න ‘මාමයි – බෑනයි’ එකේ බෑනා යනවා කියලයි. හැබැයි ඔබේ ප්‍රශ්නයේ වැරැද්දක් මතුවුණා. මාමයි – බෑනයි ආවේ ‘නන්දන වින්දන’ තුළින් නෙමෙයි. මාමයි බෑනයි ගීත නිර්මාණය වූයේ මම සහ රෝහණ බැද්දගේ තුළිනුයි. එය ගීත කිහිපයක එකට ඈඳුණු නිර්මාණයක් ලෙස වරින්වර අලුත් වුණා. ‘කලියුග තාලෙට උපන්න’ ගීතයයි, ‘දන්නා තරම් පද කස්තිරම්’ සහ මාමා බෑනා එයට ඇතුළත්ව තිබුණා. ‘නන්දන වින්දන’ ප්‍රසංගයට මාමයි බෑනයි සින්දු එකතු කරමු කියන යෝජනාව අබේවර්ධන බාලසූරියට ගෙනාවේ මමයි. ඔහු එය බොහොම සතුටින් අනුමත කළා. මාමයි බෑනයි විවිධ ගීත හරහා එහි විකාශනය වන විට තමයි එයට බලාපොරොත්තු නොවූ තරමේ අසීමිත ප්‍රතිචාරයක් ලැබුණේ. එයට පසු මාමයි බෑනයි නැති නන්දන වින්දන ප්‍රසංගයක් තිබුණේම නැති තරමයි.
🔴 මාමයි බෑනයි නම දුන්නෙත් නන්දන ‘වින්දන තුළින්’ද?
නැහැ. නැහැ. එයට නම දුන්නේ දයානන්ද ගුණවර්ධනයි. ඒකට මුල්වුණේ මමයි, රෝහණයි මාමා-බෑනා ලෙස කියන ගීත එකතුව ප්‍රසංගයක් විදියට එළිදක්වන්නට නිමල් ලක්ෂපතිආරච්චි කළ යෝජනාවයි. ඔහු අපට කීවා මේ ගීත කාණ්ඩයම එකතු කරල එක ප්‍රසංගයක් විදියට කරමුය කියලා. අපි දෙන්නම කැමැති වුණා. ප්‍රසංගයට දාන නම ගැන හිත හිත ඉන්නකොට දයානන්ද ගුණවර්ධනගෙන් අදහස් විමසීමක් කළා. ඔහු ඒ මොහොතේම කිව්වා ඕක ගැන මොනවා හිතන්නද ‘මාමයි බෑනයි’ කියලම නම දාමුය කියලා.
🔴 පුද්ගලිකව ප්‍රසංගයක් ලෙස කරන විට එයට ප්‍රතිචාර ලැබුණද?
දර්ශන වාර බොහෝ ගණනක් පැවැත්වුණා. හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අලුත් අලුත් දෑ ප්‍රේක්ෂකයා අතරට එනකොට මමත්, රෝහණත් එයට යම් නැවතීමක් තැබුවා.
🔴 යම් නැවතීමක් කිව්වෙ නැවත එය ආරම්භ කරන්න අදහසක් තියෙනවද?
දැන් කොහෙ කරන්නද? මාමා මාලදිවයිනේ මහකොමසාරිස් වෙලා එහෙ ගිහින් ඉවරයි. මාමා නැතිව බෑනට විතරක් මොන ෂෝද.
🔴 ටයි ගැටයක් ගැන රසවත් සිදුවීමක් ඔබ ළඟ තියෙනවා නේද?
ඔව්. එය හරිම රසවත්. ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වෙන ප්‍රසංගයකට මට ආරාධනා ලැබුණා ගී ගයන්න. හැබැයි සරොං අඳින්න බැහැ කීවා. කෝට් එක නැතිව හරි ෂර්ට් කලිසම් ඇඳලා ටයි දාන්න තිබුණා. ජැන්ඩියට ඇඳ ගත්තත් ටයි ගැටය දාන්න දන්නෙ නැහැ. උත්සවයට ගියේ ටයි එක සාක්කුවෙ දාගෙනයි. ‘කට්ටිය එනවා ටයි එක දාන්න’ ළඟ හිටපු හාදයෙක් කිව්වා. දන්නේ නැතිය කියන්න ලැජ්ජා නිසා මගේ ඇඟිල්ල උළුක්කු වෙලා ටයි ගැටය දාන්න අමාරුය කිව්වා. යමු සර් කාමරයට මම දාන්නම් කිව්වා. මමත් ගියා. මිනිහා මට කිව්වා ඇඳේ හාන්සි වෙලා ඇස් පියාගන්න කියලා. මොනවටද ඇඳේ නිදාගන්නේ කියලා හිතන අතරම මමත් මෑන් කියාපු විදියට කළා. ටයි ගැටේ අපූරුවට වැටුණා. මම සින්දුත් කිව්වා. උත්සවය ඉවර වෙලා මම මිනිහගෙන් ඇහුවා ‘ඇයි අර ටයි ගැටේ දාන්න මාව නිදි කෙරෙව්වෙ’ කියලා. මං වැඩ කරන්නේ කොළඹ මල් ශාලාවකනේ සර්. මිනීවලට තමා ටයි ගැටේ දාලා පුරුදු මට. ඒ නිසයි එහෙම කළේ කියලා. කතාව රසවත් වුණාට මට හිනා ආවේ නැහැ. මම මිනිහා දිහා බලන් හිටියා විතරයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ෂූටිං සික් ගහලා අම්බානෙක බයවුණු ‘බිග් බී’

Next Post

කැලණි පාලම යටදී ගීත මට බිම දාගෙන ගැහුවා

MORE NEWS

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

Load More
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News
Exclusive

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (BOAT House) නිලවරණයේදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශාල බහුතර සහයෝගය ලබා ගනිමින් පොදු සෞඛ්‍ය...

Read more
සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

සීනිවලින් රටේ ණය ගෙවනවා කිව්වා! හඳුන්නෙත්ති දුඹුරු සීනිවලට වෙනම කඩ විවෘත කළා! දැන් පාඩුව මිලියන 3193ක්ලු! දැන් මොකෝ හඳුන්නෙත්ති කියන්නේ..! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව දෙනවා කියපු වී මිල ඉල්ලා රට වටේම ගොවියො පාරට බහින්න පටන් අරන්! විපක්ෂනායක සජිත් ගොවීන්ට සහතික මිලක් අරන් දෙන්න පරිසර-කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

1. රේගුව..! 2. දේශීය ආදායම්..! 3. සුරා බදු..! පළමු කාර්තුවේ බිලියන 105ක ආදායම් අතිරික්තයක්! I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.