• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෂූටිං සික් ගහලා අම්බානෙක බයවුණු ‘බිග් බී’

February 5, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ෂූටිං සික් ගහලා අම්බානෙක බයවුණු ‘බිග් බී’
Share on WhatsAppShare on Facebook

‘අජේ දේව්ගන්ගේ ‘May Day’ වෙනුවෙන් ‘බිග් බී’ නැවත වතාවක් පීඩනයට පත්වෙයි.’ඒ
පසුගිය දවසක ඉන්දියානු සිනමා සඟරාවක පළවූ උණුසුම් පුවතකි. එය උණුසුම් පුවතකැයි යන ගණයට වැටෙන්නේ ‘බිග් බී’ට ඇලුම් කරන රසික ජනතාව තවමත් ඔහුගේ සැප දුක සොයා බලන මේනියාවක කල් ගෙවන නිසාය.
‘බිග් බී’ කියන්නේ අමිතාබ් බච්චන්ගේ නික් නේම් එක බව නොදන්නා කෙනෙකු නැත. අමිතාබ්ට දැන් වයස අවුරුදු 79කි. එහෙත් උතුරු ඉන්දීය ප්‍රේක්ෂකයන් තුළ ඔහුගේ ප්‍රතිරූපය කෙරෙහි වන ඇල්ම හෝ කැමැත්ත තවත් විදියකට කියන්නේ නම් ආකර්ෂණය නම් කෙසේවත් වියපත් වී නැත. ඇත්තටම කියනවා නම් එය අමුතුම පහේ මේනියාවකි. නැත්නම් එදාවේල හරිහම්බ කරගෙන කන බොන පීඩිත පන්තියේ මිනිසුන් අමිතාබ්ට ‘කොවිඩ්’ ආසාදිත වී ඇතැයි යන ආරංචිය නිසා බච්චන් මැදුර වටා කූඩාරම් ගසා ගත්තේ නැත.
අන්න ඒ නිසා ‘අමිතාබ් පීඩාවෙන්’ යන පුවතින් ඔහුගේ රසිකයන් කලබලයට පත්වීම සාමාන්‍ය දෙයකි.
‘මම පීඩාවෙන් නොසන්සුන්ව සිටිමි, දෙවියන් මට පිහිට වෙන්න’
අමිතාබ් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහිද එවැනි සටහනක් දමා තිබූ හෙයින් ඔහුගේ අනුගාමිකයන්ද දැඩිව කලබලයට පත්ව ඇති බවද දැනගන්නට ලැබී ඇත.
මොකක්ද ඉතින් ඔය අමිතාබ් පෙළන පීඩාව,
එය මරු කතාවකි. කෙටියෙන් එයට මුලපුරන්නේ නම් අජය දේව්ගන් තම අලුත්ම අධ්‍යක්ෂණය වූ . ‘May Day’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා අමිතාබ් බච්චන්ව තෝරාගෙන ඇත. පසුගිය සතියේ අජය ඔහුට පවසා ඇත්තේ පෙබරවාරි මැද එහි රූගත කිරීම් අරඹන බවය. එම දුරකතන ඇමැතුම පැමිණි මොහොතේ පටන් අමිතාබ් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බව ඔහුගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් පිරික්සන ඕනෑම අයකුට පෙනී යන කාරණයකි.
මොකක්ද එයට හේතුව ‘May Day’ චරිතයට අමිතාබ් අකැමැතිවක්ද?
අකමැති නම් ඔහු එය අජයට නොකියා ඉඳීවියැ… එවැන්නක් කීම අමිතාබ් වැනි ප්‍රබලයකුට බැදපු කජු පීරිසියක් හිස්කර දමනවාට වඩා සුළු කාරණයකි.
එහෙනම් මොකක්ද මේ අවුල?
බොහෝ විට එය කිසිවකුට අදහන්නට බැරි කතාවකි. අමිතාබ් වැනි පලපුරුදු ප්‍රබල නළුවකුට එවැනි ප්‍රශ්නයක් තිබීමද ලොකු විහිළුවකි. සරලව කියනවා නම් අමිතාබ්ට ඇත්තේ ‘රඟපෑමේ භීතියක’ තවත් ආකාරයකට එය ‘හීන්නෝන්මාදයකට’ සමානය. සරලව විලාසිතාමය තාලයකට කියනවා නම් අමිතාබ්ට ‘ෂූටිං සික්’ය.
කතාව පැහැදිලි මදිද? එහෙනම් අහගන්න.
79 හැවිරිදි අමිතාබ් මේ පසු කරන්නේ තම සිනමා ජීවිතයේ 52 වැනි වසරය. ඒ කියන්නේ රංගනය යනු අමිතාබ්ට ‘නතිංය’. හැබැයි තම ප්‍රබල ප්‍රතිරූපය මදකට බිම ඇද දමන කුඩා දුර්වලකමක් අමිතාබ් සතුව ඇත. ‘කුඩා’ කිව්වාට විටෙක එය රූගත කිරීමක දිනය වෙනස් කරවන තරමට ප්‍රබලය.
ඒ කියන්නේ අමිතාබ් රූගත කිරීම් තමාට ඕනෑ විදියට හසුරුවනවාද?
අපොයි නැහැ. කොතරම් සුපිරි ප්‍රතිරූපයක සිටියද සෙට් එක තුළ අමිතාබ් හොඳ විනය ගරුක මහත්තයෙකි. අවුලකට ඇත්තේ අමිතාබ් රූගත කිරීමකදී දක්වන අනිසි බියයි.
චිත්‍රපටයකට ගිවිසුම් අස්සන් කර සිංහයකු සේ පසුවන මේ සුපිරි නළු මිනිසා රූගත කිරීම් සඳහා ඇරයුම ලැබෙන විට හා පැටියකු සේ තැතිගනියි. නිතර කාමරයට වී නිසොල්මනේ දෙවියන් නමදින හෙතෙම,
‘අනේ දෙවියනි, සාර්ථකව මේ චරිතය රඟපාන්න මට ශක්තිය දෙන්න’ යැයි වරින්වර මතුරන්නේය.
‘දෙවියන් ‘May Day’ රූගත කිරීම් වෙනුවෙන් මා සන්සුන් කරන්න. මට හිතවත් මා අනුගාමිකයිනි මා වෙනුවෙන් යාඥා කරන්න.’ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහිද අමිතාබ් මීට දින කිහිපයකට පළමුව එම සටහන මුදාහැර තිබිණ.
එයට ප්‍රතිචාර ලැබුණාද ඉතින්,
උමතුවෙන් මෙන් බච්චන් රසිකයන් එයට තම ආශීර්වාදය දක්වා තිබිණ.
වසර 52ක ඉතිහාසයක් තිබෙන සුපිරි තරුවකට එසේ විය හැකිද?
එය අමිතාබ් විසින්ම ඔප්පු කර හමාරය. රූගත කිරීමකට යන්නට පළමුව ගෙවී යන දින දෙක තුනේදී අමිතාබ් සිය ලේලිය පුතා සහ බිරිය සමඟද ඒ ගැන කතිකා කරන බව ‘මන්මෝහන් දේශායි’ නම් චිත්‍රපට නිෂ්පාදකවරයා වරෙක පවසා තිබිණ. සෙට් එකේදි අමිතාබ් ඉතාම නිහඬය. සන්සුන්ය. තිර පිටපත නිතර ඔහු අතය. අවසාන මොහොතේ අධ්‍යක්ෂවරයා අභියසට යන ඔහු,
‘ඔබට හරියන විදියට මට කරන්න පුළුවන් වෙයිද?’
යනුවෙන් අසන්නේය.
‘May Day’ අධ්‍යක්ෂ අජයගෙනුත් එහෙම අහයිද?
දැනටමත් අජය සමග කතාබහකදී අමිතාබ් කිහිප වතාවක් එලෙස අසා ඇති බව ආරංචිය.
‘අමිත් ජී… ඔබ අසිහියෙන්ද? කරුණාකර ඔවැනි වචන මා එක්ක කතා කරන්නත් එපා’
යනුවෙන් අජය ඉතා ගරුසරු ලෙස අමිතාබ්ව සනසා ඇත. බොහෝ විට මෙවැනි මානසිකත්වයක් ඇති වන්නේ තම කාර්යය අකුරටම ඉටු කරන්නට පමණට වඩා වෙහෙස වන අයට බව බච්චන් පවුලට ලැදි ‘මනෝවිශ්ලේෂකවරයකු’ පවසා ඇත.
කෙසේ වුවද අමිතාබ් සිය පවුලේ අය සහ ට්විටර් අනුගාමිකයන්ගේ දහසක් ආශීර්වාද, පැතුම් මැද ‘May Day’ රූගත කිරීම්වලට සූදානම් වේ.
ඒ අතර, ප්‍රවීණ දමිළ මෝස්තර නිරූපිකා සහ යොවුන් නිළි රුකුල් ප්‍රීත් සිංග්,
‘අමිත් සර්… ඔබ සමඟ එකම සෙට් එකක කටයුතු කිරීමට මා ලද වාසනාව සුළුපටු නැත’
යනුවෙන් අමිතාබ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි කදිම සටහනක් තබා ඇත.
‘May Day’හි ගුවන් නියමුවන් ලෙස අජය සහ රුකුල් රඟන අතර අමිතාබ්ගේ චරිතය ගැන තවම අනාවරණය කොට නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක කැන්සල්

Next Post

මාමා නැතුව බෑණාට මොන ෂෝද?

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නොමැතිව සෙසු පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට තහවුරු වී ඇති බවත්, අරගල කාලයේ මෙන් වටිනා භාණ්ඩ අතුරුදන්...

Read more
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.