• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙල්ලෙක් වුණාම හොඳට මහන්සි වෙන්න ඕනේ…! ඉන්නම් වාලේ ඉන්න කැමැති නැහැ…!කොන්ද කෙළින් තියන් හැම දේකටම මුහුණ දෙන්න ඕනේ…! රශී වික්‍රමසිංහ I Sri Lanka Latest News

March 14, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කෙල්ලෙක් වුණාම හොඳට මහන්සි වෙන්න ඕනේ…! ඉන්නම් වාලේ ඉන්න කැමැති නැහැ…!කොන්ද කෙළින් තියන් හැම දේකටම මුහුණ දෙන්න ඕනේ…! රශී වික්‍රමසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි තිරයේ මෙන්ම වෙළෙඳ දැන්වීම් හරහාද මේ දිනවල නිතර අප හමුවන ඇය, දුටු පමණින් හඳුනාගත හැකි සුන්දර රුවකට හිමිකම් කියන්නියකි. නිරූපණ ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම මනාලියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය, අද වනවිට රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් සිටින්නීය. ‘හිරිපොද වැස්ස’, ‘දෙවෙනි ඉනිම’ සහ ‘යොවුන් වසන්තේ’ වැනි නිර්මාණ හරහා තම රංගන පරාසය විදහා දක්වන රශී වික්‍රමසිංහ සමග ඇයගේ අලුත් තොරතුරු පිළිබඳ ‘හාට්’ අපි මෙලෙස කතාබහක නිරත වුණෙමු.Sri Lanka Latest News

මුලින්ම රශී ගැන විස්තර ටිකක් කියමු?
මම රශී වික්‍රමසිංහ. මගේ පදිංචිය වත්තල. මම පවුලේ දෙවැනි දරුවා. මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයත් එක්ක හරිම ආදරෙන්, සතුටින් ඉන්න කෙනෙක් මම. මම ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදිහටයි.ඒ උනාට මම ආසා කළේ මගේ බලාපොරොත්තුව උනේ රංගනශිල්පිනියක් වෙන්න. ඉතින් ඒ හරහා ලැබුණු අත්දැකීම් එක්ක දැන් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ඇත්තටම ටිකක් කාර්යබහුලයි. ප්‍රධාන වශයෙන්ම ටෙලිනාට්‍ය කිහිපයක රංගන කටයුතු කරගෙන යනවා. ඒ වගේම මම ප්‍රධාන රංගනයෙන් දායක වුණු වෙළෙඳ දැන්වීම් කිහිපයක් මේ දවස්වල විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව වෙනදා වගේම බ්‍රයිඩ්ල් ෂූට් සඳහාත් කාලය වෙන් කරලා තියෙනවා.
මේ දිනවල ‘හිරිපොද වැස්ස’ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩාක් හොඳයි. මුලදි නම් සමජ මාධ්‍ය තුළ කමෙන්ට් – බැණුම් ගොඩාක් ආවා. දැන් නම් ඒ වගේම දිරිගැන්වීම් සුබ පැතුම් ගොඩාක් එනවා. ස්වර්ණවාහිනියේ විකාශය වන ‘හිරිපොද වැස්ස’ වගේම ‘දෙවෙනි ඉනිම’ සහ ‘යොවුන් වසන්තේ’ වැනි නිර්මාණ හරහා ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. පාරක තොටකදී හමුවුණත් ප්‍රේක්ෂකයන් දැන් මාව හඳුනාගෙන ආදරෙන් කතාකරනවා. ඒ වගේ ආදරණීය ප්‍රතිචාර ඇත්තටම හිරිපොද වැස්ස ඩ්‍රාමා එක නිසයි. මේ ඩ්‍රාමා එකට මාව සම්බන්ධ කළේ මේනුක ප්‍රේමරත්න අයියා. ඒ වගේම සහාය අධ්‍යක්ෂ හංස අයියා. ඒ වගේම හිරිපොද වැස්ස කණ්ඩායමේ සියලු දෙනා මට ලොකු ශක්තියක්.
මුල් කාලේ ආපු කකුලෙන් ඇදීම් රංගන ජීවිතයට බලපෑවේ කොහොමද? වැටුණද, නැත්නම් ඒවායින් පන්නරයක් ගත්තද?
අම්මෝ කකුලෙන් ඇදීම්වලින් නම් අඩුවක් තිබුණේ නෑ. මම පාසල් යන කාලයේ ඉඳලමයි බ්‍රයිඩ්ල් මොඩ්ල් කරන්න ගත්තේ. ඉතින් පාසලට පවා මම කරපු පොටෝ ෂූට් යවලා පාසලේ යම් යම් ප්‍රශ්න ඇති කරන්න ගොඩාක් අය කටයුතු කළා. ඉතින් මට මේ ගමන නවත්වන්න කියලා ගොඩාක් ප්‍රශ්න ආවත් මගේ අම්මයි තාත්තායි මගෙත් එක්ක හයියට හිටිය නිසා අද මම ඒ ප්‍රශ්නවලින් ජයගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ විතරක් නෙමෙයි දැනට කියලත් ඒකේ වෙනසක් නෑ. ඉස්සර මාව ගණන් නොගෙන මගෙත් එක්ක හිනා නොවී ගියපු ගොඩාක් අය දැන් මා එක්ක බලෙන් හිනාවෙනවා. ඉතින් මට පුළුවන් විදියට ඒ අයට ප්‍රතිචාර දක්වනවා. පොඩ්ඩක් එහෙ මෙහා වෙලා නොදැක්කොත් ඒකටත් දැන් ඉතින් නිළියක්නේ දැන් හරි ආඩම්බරයි අඩියක් උඩින් යන්නේ කියන අයත් හැම තැනම ඉන්නවා. ඉතින් කවදාවත් සැලෙන් නෑ. මිනිස්සු කකුලෙන් අදින්න දඟලන්නේ එයාලට අදින්න පුළුවන් සීමාවෙදී විතරයි. අපි ඒ සීමාව පහුකරලා උඩට ගියාම ඒ හැමදෙනාම අපේ ප්‍රේක්ෂකයෝ වෙනවා. ඉතින් දැන් මම මගේ ප්‍රේක්ෂකයන්ට හරිම ආදරෙයි

එක පැත්තකින් බිස්නස්, අනිත් පැත්තෙන් ඇක්ටින්. මේ දෙකම පටලවා ගන්නේ නැතුව බැලන්ස් කරගන්නේ කොහොමද?
බියුටි ප්‍රඩක්ට් එකට වෙනම පේජ් එකක් තියෙනවා. ඒක බලන්න වෙනම කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා මට ලොකු දෙයක් කරන්න නෑ. ඇක්ටින් පැත්තෙන් ගත්තොත් ගොඩාක් එන වැඩවලට මමත් මගේ අම්මත් තමයි කතාකරන්නේ. අම්මගෙන් ඒ පැත්තට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ දෙකම ලස්සනට බැලන්ස් කරන් යනවා
හොඳ බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදිහට රංගනය අභියෝගයක් වුණේ නැද්ද?
අභියෝගය ගැන කිව්වොත්, මෝස්තර නිරූපණය මම හොඳටම ඉගෙන ගත්තේ මිස් ටීන් ශ්‍රී ලංකා තරගයට. මම චරිත් ගුණසේකර සහ ඉසුරු ගුණසේකර සර්ලා දෙන්නගෙන් තමයි හොඳටම ඒ ගැන ඉගෙන ගත්තේ. මිස් ටීන් අවසන් 12 අතරේ මට ඉන්න වාසනාව ලැබුණා. චරිත් සර් ඉසුරු සර් හදවතේ ගුරුවරුන් දෙදෙනා. නිරූපණයේදී අපිට තියෙන්නේ නිශ්චල ඉරියව් ඉදිරිපත් කරන්න. ඒත් රංගනය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, හැඟීම් සහ දෙබස් එක්ක කරන ලොකු කාර්යයක්. බ්‍රයිඩල් මොඩ්ල් කෙනෙක් විදිහට තිබුණු ඒ රාමුවෙන් මිදිලා, චරිතයකට අවංක වෙන්න මුලදී පොඩි අභියෝගයක් තිබුණා. ඒත් අත්දැකීම් එක්ක දැන් මම ඒ අභියෝගයට හරිම ආසාවෙන් මුහුණ දෙනවා.
මිස් ටීන් වේදිකාවෙන් ලැබුණු හුරුව රංගනයට එද්දී ඔයාට පාර හැදුවේ කොහොමද?
මිස් ටීන් ශ්‍රී ලංකා තරගයෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම මොඩ්ලින් ෆීල්ඩ් එකෙන් ගොඩාක් දේවල් ඉගනගන්න පුළුවන් වුණා. ලොකු වේදිකාවක් උඩ බය සැක නැතුව පිරිසක් ඉස්සරහා පර්ෆෝම් කරන්න මට ඒ හයිය දුන්නේ චරිත්, ඉසුරු සර්ලා දෙන්නා. අදටත් හදවතින්ම ගෞරව කරනවා ඒ දෙන්නට. ඉතින් මිස් ටීන් හරහා සෝෂල් මීඩියාවල වගේම මගේ ගමේ ගොඩක් අය අතරට මට යන්න පුළුවන් වුණා. ගොඩාක් අය මාව දැනගත්තා. ඉතින් ඒකත් මගේ ඉදිරි ගමනට ලොකු පන්නරයක් වුණා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ ක්ෂේත්‍රයෙන් තව ඉගෙන ගෙන තව තවත් ඉදිරියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩකරන්න තමයි බලාපොරොත්තුව. ඒ විතරක් නෙමෙයි. මගේම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තියෙනවා ‘හිවෝනා බියුටි ප්‍රඩක්ට්’. ඒකත් ඉදිරියේදී තව වැඩිදියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මම කම්මැළිකමට ඉන්න කැමැති නෑ. ගැහැනු ළමයෙක් මහන්සි වෙන්න ඕනේ. අවුරුදු විසිතුනක් විසිහතරක් වෙද්දි තමන් හොඳ ස්ථාවරයක් හදාගෙන කොන්ද කෙළින් තියන් හැමදේටම මුහුණ දෙන්න පුළුවන් තත්ත්වෙක ඉන්න ඕනේ කියලා මම හිතනවා.

චතු වීරසිංහ

SendShareShare
Previous Post

20 වැනිදා සජිත්-රනිල් එක වේදිකාවකට! Sri Lanka Latest News

Next Post

උඩරට හිඳෙයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.