• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගැහැනු අපිට හැමදේම අඩු වැඩිව විඳින්න වෙලා…! මට මාවම හඳුනා ගන්න ලැබුණා…! ඒක තමයි මගේ හීනය…! පමුදි අපෝන්සු I Sri Lanka Latest News

May 24, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ගැහැනු අපිට හැමදේම අඩු වැඩිව විඳින්න වෙලා…! මට මාවම හඳුනා ගන්න ලැබුණා…! ඒක තමයි මගේ හීනය…!  පමුදි අපෝන්සු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලෙකට පස්සේ ප්‍රේක්ෂකයින්ට වගේම ක්ෂේත්‍රයේ හැමෝගෙම අවධානය දිනාගත්ත අපූරු චරිතයක් තමයි ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ ජීවනී කියන්නේ. හැඟීම්බර, පීඩාවට පත්වුණු, ඒත් නැවත නැගී සිටින ගැහැනියකගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරපු ඇය නමින් පමුදි අපෝන්සු. සම්මානනීය කෙටි නාට්‍ය අධ්‍යක්ෂවරියක් වගේම, ඉදිරියේදී සිනමා අධ්‍යක්ෂවරියක් වීමේ ලොකු හීනයක් හඹායන පමුදි, ඇගේ මේ ජනප්‍රියත්වය සහ කලා ජීවිතය ගැන අපත් එක්ක කතා කළා. Sri Lanka Latest News

මේ දිනවල ඔබ ගැන ගොඩදෙනෙක් කතාබහ කරනවා නේද?
ඔව්. ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ ජීවනී චරිතය ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි මටත් දැනුණු චරිතයක්. ජීවනී නිසාම මමත් ටෙලිනාට්‍යය බලනකොට ජීවනීගේ රසිකාවක් කියලා කිව්වොත් හරි. කාලෙකට පස්සේ මට දැනුණු චරිතයක්. ඒ වගේම තෘප්තිමත් වැඩක් කළා. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන්ගෙන්, ශිල්පීන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා.
ප්‍රේක්ෂකයන්ට ජීවනී මේ තරම්ම දැනෙන්න කලින්, නිළියක් විදිහට ඔයාට ඒ චරිතය මුලින්ම දැනුණේ කොහොමද?
චරිතයක් හොඳටම දැනුණම ඒ තුළ ජීවත් වෙන්න ගොඩක් පහසුයි. ජීවනී ග්‍රාමීයද, නාගරිකද කියන එක අදාළ නැහැ. අතීතයේ සිට අද දක්වාත්, අද සිට අනාගතය දක්වාත් ජීවනීලා සමාජයේ ජීවත් වෙනවා. ගැහැනිය තුළ තියෙන හැඟීම් දැනීම් හැම ලක්ෂණයක්ම ජීවනී තුළ තියෙනවා. බිඳවැටෙන තැන්, නැවත ගොඩනැගෙන තැන් ඒ හැම දෙයක්ම මම හිතන්නේ අපිට ගැහැනු විදියට අඩු වැඩි වශයෙන් විඳින්න වෙලා තියෙනවා කියලා. අවංක ආදරය තුළ ජීවිතය වරදින්නත් පුළුවන්. ඒ විදියට ජීවිතය වැරැදුණු ගැහැනියක් විදියට ජීවනීගේ චරිතය මම දකිනවා.
‘දොරකඩ දෙවොල’ පමුදිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කියලා මම කිව්වොත්?
100%ක්ම හරි. මොකද මම මීට පෙර ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කළා. මම රඟපාන්න කලින් නිවේදිකාවක් ලෙස රූපවාහිනී නාලිකාවල කටයුතු කළා. දැනටත් කටයුතු කරනවා. මම වැඩ කරපු අනෙකුත් ටෙලිනාට්‍යවලට වඩා ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යය මට විශේෂ වුණා. එයට හේතුව රංගනය තදින්ම දැනුණා. මට මාවම හඳුනාගන්න ලැබුණා. රංගනය පැත්තට මගේ අවධානය වැඩි වුණා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ අයියට මම ස්තුතිය පුදකරනවා ජීවනී චරිතයට මාව තෝරාගත්ත එකට. මෙතැනින් එහාට මම රංගනයට විශේෂ අවධානයක් දෙමින් මගේ ජීවිතය හදාගන්නවා.

පමුදි රංගනය හැදෑරුවද?
රංගනය හැදෑරීමක් අවශ්‍යයි. එය සමාජයේ චරිත තුළින්, ගුරුවරයෙක් යටතේ හැදෑරීමක් වෙන්න පුළුවන්. මෙතැනදී මට මුලින්ම විශේෂ වුණේ මගේ තාත්තා. දීපාල් අපෝන්සු. ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. ඔහුගේ ආභාෂය හරහා ලැබුණු දේවල්, මම අත්දැකපු දේවල් මට පන්නරයක් වුණා. පසුව මම සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘ප්ලේ හවුස්’ එකට සම්බන්ධ වුණා. එතැනදී කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, චන්දන අලුත්ගේ, මයුර පෙරේරා, නිලංක දහනායක වගේ ගුරුවරු යටතේ රංගනය හැදෑරීම කළා.
පසුකාලීනව ඔබව අගැයීමට ලක්වුණා නේද?
44 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල 2025 කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍යයට හිමි සම්මානය මගේ නාට්‍යයට හිමිවුණා. ‘ද ගෙස්ට්’. ඒ වගේම ඒ නාට්‍යය වෙනුවෙන් හොඳම නිෂ්පාදනය, හොඳම රචනය ඇතුළු සම්මාන රැසක් හිමිවුණා.
ඔබේ ආදරණීය පියාගේ නිර්මාණ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ නැද්ද?
තාත්තගේ නිර්මාණ කිහිපයකට මම සම්බන්ධ වුණා. ඔහුගේ නවතම ටෙලිනාට්‍යය ‘බලන් ඉන්න’ නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා. එතැනදී මම දුව ලෙස නෙවෙයි, රංගන ශිල්පිනියක් ලෙසයි තාත්තා මාව තෝරාගත්තේ.
ඔබ සිනමා අධ්‍යක්ෂවරියක් වීමට සූදානම් වෙන බව ආරංචියි?
ඒක තමයි මගේ හීනය. ඒ වෙනුවෙන් තමයි මම පොඩි දේවල් කරමින් අත්දැකීම් ලබන්නේ. මේ වනවිට මම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ උපාධිය හදාරමින් ඉන්නවා. අනාගතයේදී මගේ අතින් සිනමා නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

UNP එකේ ඡන්ද පදනමක් නැති දෙතුන් දෙනෙක් සජබ-එජාප සමගිය කඩන්න තාමත් ගේම් ගැහුවට UNP ජනප්‍රිය තරුණ නායකයන් දැනටමත් සජබය එක්ක එකතු වෙලා අවසන්! විපක්ෂනායක සජිත් අද ගිය කුලියාපිටි රැස්වීමට එජාප උපනායක අකිලත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නාමල්ව ගෙන්නලා සජිත්ට ගහන්න පටන් ගන්න කියපු රනිල් හීන්සීරුවේ නාමල්ටත් ගේමක් අටවලා! රහස් වට්ස්අප් චැට් එකෙන් වැඩේ අතේ මාට්ටු!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.