• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නීති දාන්න ඕනේ විදියට මං වැඩ කරන්නෙත් නැහැ! මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්!

July 1, 2022
in Heart
Reading Time: 8 mins read
A A
නීති දාන්න ඕනේ විදියට මං වැඩ කරන්නෙත් නැහැ! මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්!
Share on WhatsAppShare on Facebook

නිළියක් වෙන්න ප්ලෑන් කෙරුවේ නැහැ…
කූපන් දාලා සම්මාන ගන්නා කලාවට මම කැමැති නැහැ…

තුරුණු වියේ සංවේදී ආදර කතන්දරයක් විදියට පුංචි තිරය රස ගැන්වූ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිය තුළින් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලන් මෙන්ඩිස් හුරුබුහුටි කෙල්ලො දෙන්නෙක්ව හඳුන්වලා දුන්නා. එයින් එක්කෙනෙක් ‘නෙහාරා පීරිස්…’ අනෙක් ටෙලි නිළිය ‘වත්සලා දියලගොඩ,’ හිතන්නවත් බැරි තරම් ඉක්මනට මේ ලස්සන යොවුන් නිළි කෙල්ලො දෙන්නා ටෙලි අම්බරයෙහි දිළෙන ජනප්‍රියම තරු දෙකක් වුණා. නෙහාරා නම් තවමත් ඉඳලා හිටලාවත් ටෙලි තිරයට ඇවිදින් තෝරා බේරා ගත් නාට්‍යයක චරිත නිරූපණයක යෙදෙනවා. මෑතක නිම වූ ‘ගුග්ලි’ නෙහාරා අලුතෙන්ම රඟපෑ ටෙලියක්. වත්සලා දියලගොඩ නම් තරමක කාලයක ඉඳන් පුංචි තිරයෙහි දකින්න හම්බවුණේ නැහැ..,
‘වත්සලා දියලගොඩ දැන් කෝ…’
හැමෝම එහෙම අහනවා… මගතොටකදී වුණත් වත්සලාව මූණට හමුවන ප්‍රේක්‍ෂකයන්..,
‘ඇයි දැන් රඟපාන්නෙ නැත්තෙ.., අනේ ආයෙම ටෙලිනාට්‍යවලට එන්නකෝ…’
කියලා වත්සලාගෙන් අහනවා කියලයි ආරංචිය.
ඒ ආරංචිය බොරු වෙන්න බැහැ…
මොකද දන්නවද..?
‘මුතු කිරිල්ලී’ නාට්‍යයේ
අනුපමට ආදරය කරපු ඒ අහිංසක පෙම්වතියගේ චරිත නිරූපණයට ප්‍රේක්‍ෂකයන් අදටත් ආදරය කරන නිසයි..,
ඇත්තටම වත්සලාට මොකද වුණේ..?
ඈ… රංගනයෙන් සදහටම සමු අරගෙනද.., නැත්නම් රංගනය ඇයට අරහං වෙලාද… ආයේ කවදාවත්ම ඇය රඟපාන්නෙ නැතුවවත්ද..?
ඕපාදූපවලට වැඩිය කතාබහක සුහද හෝරාව හිතට මතක හිටින ගනුදෙනුවක් හින්දා… ඔන්න අපි ඒ ප්‍රශ්න ටිකත් අරගෙනම ආවා වත්සලා දියලගොඩව මුණගැහිලම යන්න…

ඉතින් වත්සලා… මොනවද ඔයාගේ අලුත් තොරතුරු..?
වරදක් නැහැ… සාමාන්‍ය විදියට මම දවස ගෙවනවා.

කලාවෙන් ඈතට ඈතට ගිහින්… පවුල කියන බැඳීම තුළ ඔයා දැන් දවස ගෙවනවා..?
කලාවෙන් නම් ඈතට ඈතට යන්න කවදාවත් හිතලා නැහැ… හිතන්නෙත් නැහැ… හැබැයි පවුල කියන බැඳීම තුළ දවස ගෙවනවාය කියන ප්‍රශ්නයට නම් ‘ඔව්…’ කියන උත්තරය දෙන්න ඕනෑ. විශේෂයෙන්ම දවසෙ වැඩි හරියක්ම ගෙවන්නේ මගේ දූ එක්ක… එයාට දැන් වයස අවුරුදුු අටක් වෙනවා.

දුව තනි කරන්න බැරි හින්දද නාට්‍ය රංගනයට තිත තිබ්බේ..?
රංගනයට කවදාකවත් මම තිත තිබ්බේ නැහැ… ‘දූ’ ලොකු වෙනතුරු… රංගනයට පුංචි විරාමයක් තිබ්බා කිව්වොත් හරි මං හිතන්නේ… ඒ වගේම ඒ විරාමය අතරට ‘කොවිඩ්’ උවදුරත් තරමක් හේතුවක් වුණා… ගේ ඇතුළටම වෙලා දුව එක්ක දවස ගෙවන්න.

රංගනයට යන්න එපා කියලා ‘ප්‍රසංග නීතියක් එහෙම දැම්මේ නැහැ නේද..?
අයියෝ නැහැ… එයා මට නීති දාන්නෙ නැහැ… නීති දාන්න ඕනෑ විදියට මං වැඩ කරන්නෙත් නැහැ.
මගේ සීමාව මොකක්ද කියලා මම දන්න බව ප්‍රසංග හොඳින්ම දැනගෙන ඉන්නෙ. ඒ නිසා නිදහස් තීරණ ගන්න අයිතිය එයා මට පවරලා තියෙන්නෙ.

කවදද දැන් ඔය විරාමයට තිත වැටෙන්නෙ වත්සලා..?
ළඟදීම විරාමයට තිත වැටෙයි මං හිතන්නේ… මම ආයෙම ටෙලි තිරයට එන්න සූදානම් වෙනවා.

ආරාධනයක් තිර පිටපතක් ලැබුණද..?
තවම නැහැ… චරිත තෝරා බේරා ගැනීමේ සූදානම මත තමයි නැවැත රංගනයට එන්නේ.

තෝරන, බේරන කලාව මොන වගේද..?
හුඟාක් විට වත්සලා දියලගොඩ කියන නිළියව පුංචි තිරය හරහා ප්‍රේක්‍ෂකයා දැක්කේ දඟකාර, හුරතල්, මුඛරි චරිත නිරූපණ තුළිනුයි.
මතකනේ… සාය කොටයක්, ගවුම් කොටයක් ඇඳගෙන නිතරම වාගේ කළේ දාංගලේට දුව, පනින චරිත… මුතු කිරිල්ලී, අමා පළවෙනි ටෙලිය ‘සෙනෙහසට ආදරෙයි’. ඒ හැම එකකම චරිත හරිම දඟකාරෙට තිබුණා.

හැබැයි දැන් මට එහෙම රඟපාන්න බැහැ. මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්… ඒ වගේම බිරියක්… ඒ තනතුරු දෙකේම ගෞරවය රැකෙන විදියට නැවැත රංගනයට පිවිසෙන්න තමයි හිතාගෙන ඉන්නේ… බොහෝ විට තරුණ මවකගේ චරිත… පරිණතව හිතන්න පුළුවන් සහෝදරියකගේ බිරියකගේ චරිත එයට ඇතුළත් වේවි.

සැලැස්ම සහ තීරණය මහත්තයා ප්‍රසංගගෙද..?
නැහැ… ඒක මම මගේ පහසුව වෙනුවෙන් ගත්ත තීරණයක්.

ඒ කියන්නේ පෙම්වතියගේ චරිත රිජෙක්ට්..?
එහෙමයි දැනට හිතේ තියාගෙන ඉන්නේ… බලමු ඉස්සරහට.

තරුණ පෙම්වත් චරිත රඟපාන්න බැරි විදියට ඔබ පෙනුමෙන් වෙනස් වෙලාවත්ද..?
කොහොමටවත් නැහැ. මම පොඩ්ඩක්වත් හිටියට වැඩිය මහත්වෙලා නැහැ. මගතොට හමුවෙන හැමෝම වගේම කලා ක්‍ෂේත්‍රයේ සමීපතමයන්ද මට විහිළු කරනව ‘තවම ඔයාට කෙල්ලගේ චරිතය කරන්න පුළුවන් වත්සලා’ කියලා. එහෙම කිව්වට පෙනුම හානිකර නොවුණට මම ලොකු දුවකගේ අම්මා කෙනෙක්ය කියන ප්‍රතිරූපය මට අමතක කරන්න බැහැ. ඒ හින්දා හිතට අපහසුවක් නොවන සැහැල්ලු චරිත රඟපාන එක කොයිකටත් හොඳයිනෙ.

රඟපාන චරිත ගැන දැන් ප්ලෑන් කළාට ඔබ නිළියක් වුණේ ප්ලෑන් එකකට නෙවෙයි..?
නැහැ… නිළියක් වෙන්න ප්ලෑන් කෙරුවේ නැහැ… පාසලේදී වේදිකාවේ රඟපෑවා හොඳම නිළියට සම්මාන ගත්තා. ගීත ගායනයට වගේම නර්තනයටත් ළැදිව දක්‍ෂකම් පෙන්නුවා. නමුත් ඒ කිසිවක් කළේ නිළියක් වෙන ‘ඒම්’ එකකින් නෙවෙයි.

‘නාලන් මෙන්ඩිස්,’ ‘සෙනෙහස ආදරෙයි’ ටෙලියට කතා කරන කොට පුදුම හිතුණද..?
ලොකු පුදුමයක් හිතුණා… ඊට වැඩිය සතුට… ඒ රඟපාන්නට ලැබුණු වරමට නෙවෙයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ආසාවෙන් බලාපු ‘දූ දරුවෝ’ ඇතුළු ටෙලි පෙළහරක් කරපු දැවැන්ත නිර්මාණකරුවකු මට ආරාධනා කළ එක ගැන අදහාගන්න බැරිවයි ඒ මහා සතුට මට දැනුණේ.

හීනයක්දැයි කියලා අත කොනිත්තලා බැලුවද..?
නැතුව… අදහාගන්න බැරිව මොහොතක් එතුමා දිහා බලාගෙන හිටියා. හිත හිත ඉන්න ඕනෑ වුණෙත් නැහැ… එක පාරටම ‘හා’ කිව්වා.

එතැනදී ඔහුගෙන් ඉගෙනගත් දෑ බොහොමයි..?
වචනයෙන් මේ කියලා ප්‍රමාණ කරන්න බැරි අප්‍රමාණ වූ දේ ඉගෙන ගත්තා එතුමාගෙන්. වෙලාව කළමනාකරණය කිරීම, තිර පිටපත සමග ඇතිකර ගතයුතු සම්බන්ධතාවය. ලැබෙන චරිතය ගැන මුල සිට අවසානය දක්වා කළ යුතු අධ්‍යාපනය ‘සෙට්’ එකේදී තබාගත යුතු විනය, අනෙකුත් ප්‍රවීණයන් සමග ඇසුරු කිරීමෙන් ලබාගත යුතු දැනුම කොයිතරම්ද, යන කාරණය ගැන එතුමා මා වැනි නවකයනට එදා දුන් අවබෝධය හරි වටිනවා.

එවැනි අධ්‍යක්‍ෂවරුන් යටතේ රඟපාන්නට ලැබෙන එකත් වාසනාවක්. අද ටෙලිනාට්‍ය කලාව එයිට වැඩිය කොච්චර වෙනස්ද… එදාට නියමිත දෙබස් ටික නිළියට හෝ නළුවට ලැබෙන්නේ සෙට් එකට ආවමයි. ඒ ක්‍රමය ගැන ඇත්තටම හිතාගන්නත් බැහැ.

හැම සෙට් එකකදීම ඔබට ප්‍රවීණයන් සමග ගැටීමේ වාසනාව හිමිවුණා..?
ඒක ඇත්තටම ලොකු වාසනාවක්. විශේෂයෙන්ම නාලන් මෙන්ඩිස් මහත්තයගේ නිර්මාණ හරහා එය අප්‍රමාණව ලැබුණා. අයිරාංගනී සේරසිංහ, එච්. ඒ. පෙරේරා, සිරිල් වික්‍රමගේ, විජේරත්න වරකාගොඩ, ප්‍රියා රණසිංහ යන ප්‍රවීණයන් එතුමාගේ ටෙලිනාට්‍යයක් හරහා මට මුණගැහුණා.

විශේෂයෙන්ම හෙළ සිනමා නිළි රැජන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය සමග රංගන හැකියාව බෙදාහදා ගැනීමේ වාසනා මහිමය ලද ටෙලි නිළියන් අතර මමද එක් නිළියක් වුණා. ඒ නාලන් මහත්තයාගේම ‘දූවරු’ ටෙලි කතාව හරහා.

වත්සලා ඔබ යම් නිර්මාණකරුවන් පිරිසකට පමණක් සීමා වී හිටියා..?
වෙන්න පුළුවන්, මම කවදත් කැමැති වුණේ පිළිවෙළකට වැඩ කරන, කලාව, කලාව විදියටම මෙහෙය වන නිර්මාණකරුවනටයි. ඔවුන් සමග රංගනයට පිවිසීම තුළින් අප වැනි නවකයන් එදා ලබා ගත් පන්නරය අදටත් අපට යම්, යම් දේ උගන්වනවා.

ශාන්ත සොයිසාගේද ටෙලි කතා කිහිපයකම ඔබ එකපෙළට හිටියා..?
‘අමා’ ටෙලියෙන් පසුව ශාන්ත අයියාගේ නාට්‍ය තුන, හතරකටම මම රඟපෑවා. සැලැසුම්සහගතව නිර්මාණ පෙළහර තුළ මැනැවින් සිය කාර්යය කරන එවැනි ටෙලි අධ්‍යක්‍ෂවරුන් යටතේ රංගන මෙහෙවර අපට හරි පහසුවට කරන්න පුළුවන්.

බොහෝ ටෙලිනාට්‍ය තුළ අසීමිතව ජනප්‍රියත්වයට පත් ඔබට ජනප්‍රිය නිළි සම්මානයක් නොලැබීම පුදුම නැද්ද..?
ඇයි එවැන්නකට පුදුම වෙන්නේ. සම්මාන විනිශ්චය බොහෝ විට සමහර තැන්වල එහෙම අවස්ථා ඇති කරවනවා. හැබැයි මම සම්මාන පොරවලට කවදාවත් එකතු වෙන්නේ නැහැ. සම්මාන නොලැබුණාය කියා මට දුකකුත් නැහැ. අනෙක් කාරණය කූපන් දමා සම්මාන ගන්නා කලාව මම අනුමත කරන්නෙත් නැහැ. කොහොමත් පාරට බැස්සම ‘මාස්ක්’ එක දාගෙන හිටියත් මාව හඳුනගෙන දුවගෙන ඇවිදින් කතා කරන, මාව වටකර ගන්න…’ ඇයි අනේ දැන් රඟපාන්නේ නැත්තේ… ඔයාව ටෙලියක දකින්නත් ආසයි’ කියන රසිකයෝ මට ඉන්නවා නම් ඊට එහා තව මොනවද.

තව එක දෙයක් කියන්නම ඕනෑ. ජනප්‍රිය ටෙලි නිළියට හිමි සම්මානය සඳහා කිහිප වතාවක්ම වගේ අතින් හෝ මගේය කියන කවුරුන් හෝ ලවා ‘එස්.එම්.එස්.’ එකක්වත් නොගහා මම නිර්දේශවී තිබීම මට සතුටක්. ඒ වගේම අති දක්‍ෂ චරිත රංගනයක් තුළින් හොඳම නිළියට හිමි සම්මානය කවදාක හෝ මට ලැබෙයි නම් එය භාග්‍යයක් කියන
හැඟීමද මා තුළ තියෙනවා.

මෙගා ටෙලි කලාව විකාරරූපී මගකට යොමුවෙලා, ඒ ගැන ඔබේ මතය..?
මම මෙගා ටෙලි කලාව හරහා පැමිණි නිළියක්. එදා ඒ මෙගා කලාවේ හොඳ කොලිටි එකක් තිබුණා. ලස්සන පිටපත් තිබුණා. සුන්දර රූප රාමු සමග කලාත්මක සැලැස්මක් තිබුණා. අද ඒ කිසිවක්ම නැහැ.
මගේ මතය නම්.., ටීවී එක දිහා බලන්නවත් නොහිතෙන තරමට අද ටෙලි කලාව සීසීකඩ විසිර ගිය අපැහැදිලි චිත්‍රයක් වාගේ ඇත්තටම හරිම කනගාටුයි.

ඔබට ප්‍රිය කරන පාඨකයනට කියන්නට පණිවුඩයක්…?
බලාපොරොත්තුව ඉන්නවා… ලස්සන නිර්මාණයකින් නැවැත මගේ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නට… මම ඉක්මනින්ම එනවා කියන ඔවුනට කියන්නේ ලොකු සතුටකින්.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවෙන් ලෝක වාර්තාවක්! බ්‍රිතාන්‍යයේ BBCය ලෝකෙටම ඇහෙන්න කියයි!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.