• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙන් ලෝක වාර්තාවක්! බ්‍රිතාන්‍යයේ BBCය ලෝකෙටම ඇහෙන්න කියයි!

July 1, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවෙන් ලෝක වාර්තාවක්! බ්‍රිතාන්‍යයේ BBCය ලෝකෙටම ඇහෙන්න කියයි!
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේදී සාමාන්‍ය ජනතාවට ඉන්ධන අලෙවිය නැවැත්වීමේ දැඩි පියවරක් ගත් පළමු රට බවට ශ්‍රි ලංකාව පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ සිට විකාශය කෙරෙන BBC ඇතුළු විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තා කර සිටියා.

ශ්‍රි ලංකාව දශක කිහිපයකට පසු මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බැවින් අත්‍යවශ්‍ය නොවන වාහන සඳහා ඉන්ධන අලෙවි කිරීම අත්හිටුවා ඇති අතර ඉදිරි සති දෙක තුළ බස් රථ, දුම්රිය සහ වෛද්‍ය සේවා සහ ආහාර ප්‍රවාහනය කරන වාහන සඳහා පමණක් ඉන්ධන පිරවීමට අවසර ලබාදී ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

ශ්‍රි ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය පිලිබඳව වාර්තා කරන විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටින්නේ නාගරික ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර රටේ මිලියන 22 ක පදිංචිකරුවන්ට නිවසේ සිට වැඩ කරන ලෙස නිලධාරීන් පවසා තිබෙන බවයි.

වසංගතය, බලශක්ති මිල ඉහළ යාම සහ ජනතාවාදී බදු කප්පාදුව මගින් දැඩි ලෙස පහර වැදී ඇති ආර්ථිකයක් සමඟ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ මුදල් ශ්‍රී ලංකාවට නොමැති බවද ඔවුන් එහි සඳහන් කර සිටිනවා.

ඉන්ධන සහ ආහාර වැනි ආනයන සඳහා ගෙවීමට මුදල් නොමැති බැවින් දකුණු ආසියානු ජාතියක් වූ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇපවීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.

පසුගිය සතියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඩොලර් බිලියන 3ක ඇපදීමේ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියා.

කෙසේ වෙතත් ආහාර, ඉන්ධන සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ගෙවීමට ඉදිරි මාස හය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 5 ක් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා යැයි BBC වාර්තාව සඳහන් කර සිටිනවා.

ශ්‍රි ලංකාවේ අර්බුදය ගැන අදහස් දක්වන Oxford Economics හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඇලෙක්ස් හෝම්ස් BBC වෙත පැවසුවේ ඉන්ධන සීමා කිරීම් “තවත් නරක අතට හැරෙන අර්බුදයක තවත් කුඩා සලකුණක්” බවයි.

කෙසේ වෙතත් ලංකාව විසින් තෙල් නිෂ්පාදකයන් වන රුසියාවට හා කටාර් රාජ්‍යයට නිළධාරීන් යවමින් ලාබ තෙල් ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම වාර්තාව දක්වි සිටිනවා.

ඉදිරි දිනවලදී අත්‍යවශ්‍ය සේවා ඉන්ධන සඳහා රට සතුව ඇත්තේ ඩීසල් ටොන් 9,000 ක් සහ පෙට්‍රල් ටොන් 6,000 ක් පමණක් බව ලංකාවේ නිළධාරීන් ප්‍රකාශ කරනවා.

සාමාන්‍ය ඉල්ලුම යටතේ එම තොග ප්‍රමාණවත් වන්නේ සතියකටත් වඩා අඩු කාලයකට බව ප්‍රකාශ කරන BBC ය නව ඉන්ධන තොග කවදා ලබාගත හැකි වේදැයි තමන් නොදන්නා බව එරට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන බව සඳහන් කර සිටියා.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.

SendShareShare
Previous Post

ආණ්ඩුවට එරෙහිව අද නීතීඥවරු අලුත්කඩෙන් පාරට බහී! සත්‍යග්‍රහයකුත් ආරම්භ කරයි!

Next Post

නීති දාන්න ඕනේ විදියට මං වැඩ කරන්නෙත් නැහැ! මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.