• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
in Heart
Reading Time: 9 mins read
A A
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Share on WhatsAppShare on Facebook

ශලනි කිව්වේ එයාගේ මතේ…
නිර්දේශිත වූ පළමු වතාවේදීම හොඳම නිළිය ලෙස සම්මානය ගත්තා…
ටෙලිනාට්‍ය කලාව මම කවදාවත් අතාරින්නේ නැහැ…
මට වඩා ප්‍රවීණ නිළියකට දෙන්නට ඕනේ ඒ අවස්ථාව…
මගේ චිත්‍රපට අටක් එන්න තියෙනවා…

සිත්කලු චිත්‍රපට හදන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය ‘පායා එන්න හිරුසේ’ තුළින් නෙත්කලු නිළියක වූ උදාරි වර්ණකුලසූරියව කලා ලෝකයට හඳුන්වා දුන්නේය. ඒත්.., ප්‍රේක්‍ෂකයන් හරියටම ‘උදාරි වර්ණකුලසූරිය’ව හඳුනාගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ ‘බොඳ මීදුම්’ ටෙලිය හරහාය. ඒ ‘බොඳ මීදුම’ මැදින් කලබලයක් නැතිවම උදාරි ආ ගමන අති සාර්ථක විය. මෙතෙකැයි කියන්නට බැරි ඒ සාර්ථකත්වය හමුවේ ප්‍රවීණ සිනමාපටවලට සම්බන්ධ වීමේ මහඟු වාසනාවද උදාරිට උදා වුණේ නොසිතූ විදියටය.

බොහෝ දෑ අහම්බයක් වූ ඇගේ රංගන ජීවිතයට නොබෝදා තිළිණ වූ ‘රයිගම්’ ටෙලි සම්මානයද සත්තකින්ම අහම්බයක් විය… සංසාරාරණ්‍ය අසබඩට වී… සංසාරගත කතාවක සංවේදී චරිතයක් වූ ළමාතැනී වෙනුවෙන් උදාරි හොඳම ටෙලි නිළි සම්මානය තුරුලු කොටගෙන වචන කිහිපයක් දෙඩුවේ ඉතාම නිහතමානීවය.

‘මෙය භාග්‍යයක්… මම වාසනාවන්තයි…’ එකී කතාබහ අතරතුර කීවාය.., ‘ඇත්තටම උදාරි වාසනාවන්තියකි…’ ඉතින්… මේ වාසනාවන්ත නෙත්කලු නිළි රුවැත්තියගේ ජීවිතයට එබී බලන්නට මොහොතකට ගත් අවසරය තුළ ඇය දොඩමලු වූ මිහිරියාව මෙහෙම අකුරුවල අමුනන්නෙමු…

ඔන්න උදාරි මුලින්ම සුබපැතුම්, 2020 ‘රයිගම්’ ටෙලි සම්මානය වෙනුවෙන්…
බොහොමත්ම ස්තුතියි ඔයාලට… ඒ වෙනුවෙන් මාව හොයාගෙන ආවට.

ආවේ නම් ඒ වෙනුවෙන් විතරක් නෙවෙයි… කතා කරන්න තව හුඟක් දේ තියෙනවා..
හොඳයි අපි කතා කරමු… මටත් තියෙනවා ඔයාලට කියන්න හුඟාක් දේවල්…

මේ දවස්වල ඔබ බලා ඉන්නවා සිනමා තිරය දිහා ලොකු බලාපොරොත්තුවකින්..?
ඔව්… මගේ චිත්‍රපට හරියටම ‘අටක්’ එන්න තියෙනවා… ඒ ‘චිත්‍රපට අට’ ප්‍රදර්ශනය වෙනතුරු මම බලා ඉන්නේ ලොකු ආශාවකින්.

ඇදවැටෙමින් යන චිත්‍රපට කලාව ගැන අහන්න ලැබුණු සුබ ආරංචියක්..?
ඔව්… ඇත්තෙන්ම ඒක සුබම සුබ ආරංචියක්, අනෙක ඒ චිත්‍රපට සියල්ල ප්‍රවීණ අධ්‍යක්‍ෂණයන් යටතේ නිම වූ නිර්මාණයන්.

විශේෂයෙන් ඔබ පුලපුලා බලා ඉන්නේ.., ‘එකගෙයි සොකරි’ එනතුරු..?
එහෙමම කියන්න බැහැ… මිදුණු විශ්වය, ක්‍ෂීර සාගරය කැළඹෙයි, සම්බුලා දේවි, සම්බුලා වාගේම ශ්‍රී සිද්ධාර්ථ සහ දෙවැනි යුද්ධය ගැනද මගේ හිතේ තියෙන බලාපොරොත්තු බොහොමයි.

මෙතැනදී අපි ‘එකගෙයි සොකරි’ ගැන කතා කරමු..?
අනිවාර්යයෙන් එය නිර්මාණය වූ ආකාරය ගැන කියන්නට තියෙන දෑ විශේෂයි.

ජැක්සන් ඇන්තනී ඒ වෙනුවෙන් ඔබව තෝරාගත් හේතුව..?
මම ඔහුගෙන් එහෙම හේතු ඇහුවේ නැහැ… ඔහු මට කිව්වෙත් නැහැ… අනෙක හේතුවක් මොකටද ‘එකගෙයි සොකරි’ මට ලැබුණේ මගේ හේතු වාසනාවකට කියා පමණයි මට එතැනදී හැඟුණේ. ප්‍රවීණ නිර්මාණකරු ජැක්සන් ඇන්තනී මහත්තයා… මට වඩා ප්‍රවීණ නිළියකට දෙන්නට ඕනෑ ඒ අවස්ථාව මට ලබා දීම මගේ ලොකු වාසනාවක්.

ඒ වාසනාව ඔයාට ලැබුණේ ජැක්සන් ඇන්තනී ‘සංසාරාරණ්‍ය අසබඩ’ ඔයාගේ රංගනය දුටු නිසා වෙන්න බැරිද..?
නැහැ… ‘සංසාරාරණ්‍ය අසබඩ’ ටෙලිකාස්ට් වෙන කොට ‘එකගෙයි සොකරි’ රූගත කිරීම් සියල්ල පවා නිමාවට පත්වෙලා තිබුණෙ. එය මෙම තෝරා ගැනීමට හේතුවක් වූයේ නැහැ.
චිත්‍රපටය වෙනුවෙන් කතාව මවන කොටවත් ජැක්සන් මහත්තයගේ ඔළුවේ උදාරි වර්ණකුලසූරිය හිටියේ නැහැ මං හිතන්නේ..,

සජිත අනුත්තරයි, අකිල ධනුද්දරයි කිව්වලු ඔබව ‘එකගෙයි සොකරි’ට අපූරුයි කියලා..?
ඔව්… ජැක්සන් ඇන්තනී මහත්තයා යම් නිර්මාණයක් වෙනුවෙන් චරිත තෝරන කොට එයාගේ පවුලෙ අයගෙන් අහනවලු… අහවල් චරිතයට මේ රංගනවේදියාව මම තෝරා ගත්තා… ඒ ගැන ඔයාලගේ අදහස කොහොමද කියලා.., අන්න එහෙම අවස්ථාවකදී ‘එකගෙයි සොකරි’ වෙනුවෙන් මාව තෝරා ගන්නයි අදහස කියලා ඔහු කියන කොට සජිතයි, අකිලයි කිව්වලු ඒ තේරීම හොඳයි… ඒක වෙනස් කරන්න එපා කියලා.

ඉන් පස්සේ තිරපිටපත ඔබේ අතට ලැබුණා..?
ඔව්… තිරපිටපත සමග පුද්ගලිකවම ‘සොකරි’ගේ චරිතය සඳහා මාව ඉතාම ආධ්‍යාත්මිකව පුහුණු කරන කාලසීමාවක් සඳහාද මට ආරාධනා ලැබුණා. එතැනදී කොහොමද චරිතයට ප්‍රවිෂ්ට වන්නේ.., රඟපෑමක් නොවන රංගනයක් තුළ චරිතය මෙහෙය වන්නේ කොහොමද..? කියන අවස්ථාවන් වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහත්තයා මට විශේෂ පුහුණුවක් දුන්නා.

ඒ අතරම භාව ඉවසීම, භාව ප්‍රකාශනය, වචන අතර පරතරය, අකුරු අතර පරතරය, දෙබස් මෙහෙය වන සංයමය ගැනද ඔහු මට මනා අවබෝධයක් සමග වැටහීමක් ලබාදුන්නා.
ඔහු දුන් ඒ මනා පුහුණුව, අවබෝධය තුළ මම ඉගෙනගත් දේ මගේ කලා ජීවිතයට මම ග්‍රහණය කරගත් දෑ අප්‍රමාණයි.

‘එකගෙයි සොකරි’ චිත්‍රපට කණ්ඩායමේ කිසිවෙකු හා ඔබ කියලා තිබුණා ‘ඒ පුහුණුව ඇකඩමියකට ගියා හා සමානයි’ කියා උදාරි..?
ඇකඩමියකට ගියත් ඒ පුහුණුව නම් ලැබෙන එකක් නැහැ.., කරන්නන් වාලේ චරිත නිරූපණයන් නොකර මුළු මනසින්ම, හදවතින්ම ඇට-ලේ, මස්-නහර හරහා එයට සම්බන්ධ වන්නේ කොහොමද කියන කාරණය තුළ ඔහු මාව එම පුහුණුව තුළදී හැදූ ආකාරය අමන්දානන්දනීයයි.

පුහුණුව තුළ ඔහු ඔබව හැදූ වෙහෙසෙහි වටිනාකම ඔබ ඔහුට දුන්නද..?
මම හිතනවා මට හැකි උපරිමය මම කළා… එහි හොඳ හෝ නරක ප්‍රේක්‍ෂකයන් තීරණය කරාවි.

ජැක්සන් ඇන්තනී, ‘ඔයා නම් නියමයි උදාරි..’ කියා ඔබව අගය කළේ නැතිද..?
ඔබ ඔය කී වචන කිහිපය නම් ඔහුගේ මුවින් පිටවුණේ නැහැ.., හැබැයි ඔහු මාව අගය කළා. ඔහු බලාපොරොත්තු වූ මෙහෙවර මම සාර්ථකව කළා යැයි කියන හැඟීම ඔහුගේ හැඟීම් තුළ මා දැක්කා යම්තමට.

ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි පවා ඔබට ‘එකගෙයි සොකරි’ වෙනුවෙන් ප්‍රශංසා කළා..?
ඔව්… ‘එකගෙයි සොකරි’ විශේෂ දර්ශනය බලන දවසේ ‘ජැක්සන් ඇන්තනී මහත්තයා’ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ආරාධනා කළා. එහි හොඳ-නරක බලන්න එන්න කියලා. චිත්‍රපටය ඉතාම උනන්දුවෙන් නැරැඹූ ඈ එහි අවසානයේදී මට ඉතාම ළෙන්ගතුව සුබපැතුවා… ඈ වැනි ප්‍රවීණ සිනමා නිළියක් මාව ඒ විදියට අගය කිරීම තුළ හොඳම නිළියට හිමි සම්මානය ලැබූ සතුටට නොදෙවෙනි ආශ්වාදයක් මම අත්වින්දා ඒ මොහොතේ.

‘එකගෙයි සොකරි’ විශේෂ දර්ශනය නැරැඹූ බොහෝ ප්‍රවීණ නිර්මාණකරුවන්, ඔබ ගැන ලොකු විශ්වාසයක් ඇතිකර ගත්තා..?
ඉතාම අහිංසක ආඩම්බරයකින් ඒ ප්‍රශ්නයට මම ‘ඔව්’ කියා උත්තර දෙනවා. ඒ විශ්වාසය ඔවුන් ඇතිකර ගත්තේ ජැක්සන් ඇන්තනී නම් සුවිශේෂී නිර්මාණකරුවා මා ගැන තැබූ විශ්වාසය පසුබිම් කරගෙනයි. සරලව එය පැහැදිලි කරනවා නම්… ‘එකගෙයි සොකරි’ නිර්මාණය වෙනුවෙන් මාව තෝරා ගැනීමට එතුමා ගත් අවදානම තුළ වූයේ නොසැලෙන විශ්වාසයයි.
ඒ විශ්වාසය නිසයි ‘එකගෙයි සොකරි’ මට ලැබුණේ.

මා ගැන තැබූ විශ්වාසය මගේ අතින් නොබිඳුණේ ඔහුගේ නිර්මාණශීලී මෙහෙය වීම නිසයි. සියල්ල අවසානයේ ‘එකගෙයි සොකරි’ ගුණාත්මක නිර්මාණයක් වුණා. උදාරි වර්ණකුලසූරිය කියන කලාකාරිය තුළ අමුතින්ම හැදුණු වෙනස්ම නිළියට ප්‍රවීණයන්ගේ ඇසට හසුවුණා. ඒ හසුවීම තුළ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගේ ‘මිදුණු විශ්වය,’ සුනිල් ආරියරත්න මහත්තයගේ ‘ක්‍ෂිර සාගරය කැළඹේ’ යන උසස් නිර්මාණයන් මට ලැබුණා.

ජැක්සන් ඇන්තනී ඔහුගේම ‘සම්බුලා’ සහ සම්බුලා දේවි’ යන චිත්‍රපට සඳහාද ඔබව තෝරා ගත්තා..?
ඔව්.., මාව ඔහුගේ නිර්මාණකරණයට හොඳින්ම ගැළපෙනවාය කියන්න එය හොඳ නිදසුනක්… ඒ හැඟීම ගැන මගේම හිත තුළද මා ගැන වන්නේ දැඩි ආත්මතෘප්තියක්.

‘මිදුණු විශ්වය’ සහ ‘ක්‍ෂිර සාගරය කැළඹේ’ යන චිත්‍රපට ගැන යමක් කියමුද..?
ඒ ගැන කතාබහට ගියොත් නම් ‘හාට් ටැබ්ලොයිඩ්’ එක මුළුමනින්ම මටම දෙන්න ඔයාලට සිදුවේවි. ඒ හින්දා ඒ ගැන පස්සේ දවසක කතා කරන්න පොරොන්දු වෙනවා. කෙටියෙන් කියනවා නම් ‘මිදුණු විශ්වය’ සහ ‘ක්‍ෂිර සාගරය කැළඹේ’ තියෙන්නේ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයට වැඩිය බොහෝ වෙනස්… වෙනත්ම අන්ත දෙකක නිර්මාණ යුගලක්.., මට ‘මා ගැනත්.., මට ඇලුම් කරන ප්‍රේක්‍ෂකයනට මා ගැනත්, අසීමාන්තික වින්දනයක් ලබන්නට පුළුවන් අති විශිෂ්ට, සංවේදී නිර්මාණයන් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.

ටෙලිනාට්‍ය කලාවෙන් යම් තරමකට ඈත් වන්නට වූයේ චිත්‍රපට කලාවට සිතගිය නිසාද..?
චිත්‍රපට කලාවට නම් මම ගතින්, සිතින් වාගේම ආත්මීයවද බැඳී අවසානයි. එහෙමය කියා ටෙලි කලාවෙන් නම් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. පසුගිය දිනවල ටෙලිනාට්‍ය කලාවෙන් මඳකට බැහැරව සිටියේ චිත්‍රපට අටක, හතක වැඩ එකටම බාරගත් නිසයි. ඒ අතර මගේ දුව එක්සෑම් එකට සූදානම් වෙන නිසා නිතර ඈ සමග රැඳෙන්නට ඕනෑ නිසා චිත්‍රපටවල වැඩකටයුතු නිම වීමෙන් පසුව මම දිගින් දිගටම විදේශගත වුණා.

ඔබ දැන් ඉන්නෙ විවේකීව… තවමත් ටෙලිනාට්‍ය පිටපත් සමහර විටෙක රිජෙක්ට් කරන බවයි ආරංචි..?
‘රිජෙක්ට් කළා’ කියන වචනය මම මෙතැනදී පාවිච්චි කරනවට කැමැති නැහැ. මොකද මම ජනතාව අතරට ආවේ පුංචි තිරයෙන්… ‘පායා එන්න හිරුසේ’ චිත්‍රපටයෙහි කුලුඳුලේම රඟපෑමට… ප්‍රේක්‍ෂකයා මාව දැන හඳුනාගත්තේ ‘බොඳ මීදුම්’ තුළිනුයි.. ඒ හින්දාම මම කවදාවත් උසස් චිත්‍රපට ලැබුණාය කියා ටෙලිනාට්‍ය කලාවෙන් ඈත් වෙන්නෙ නැහැ.

ප්‍රශ්නයට අවශ්‍ය උත්තරය ලැබුණෙ නැහැ උදාරි… තවමත් ඔබ ටෙලිනාට්‍ය බාර නොගන්නේ ඇයි..?
මෙහෙමයි… රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ටෙලි තිරයෙහි නිතර පෙනී සිටීමෙන් මඳකට බැහැරව සිටින්න උත්සාහ කරනවා. එහි අදහස ටෙලිනාට්‍ය කලාවෙන් ඈත් වෙනවාය කියන එක නම් නෙවෙයි නැවැතත් කියනවා. මාව අද මේ තැන තැබූ ටෙලිනාට්‍ය කලාව මම කවදාවත් අතාරින්නේ නැහැ.

ගුණාත්මක චිත්‍රපට පෙළක රංගනයෙන් ආතුරව සිටින ඔබ සරල විනෝදකාමී ටෙලි කලාව ප්‍රතික්‍ෂේප කරනවද..?
කවදාවත් නැහැ.., ඕනෑම සරල චරිත නිරූපණයකට මම හැමදාමත් සූදානම්ව සිටිනවා.

හොඳම නිළිය ලෙස ඔබ ‘රයිගම් ටෙලි සම්මානය’ ලැබූ පළමු වතාව මෙයයි..?
ඔව්… නිර්දේශිත වූ පළමු වතාවේදීම හොඳම නිළිය ලෙස සම්මානය ගත්තා.

‘ශලනි තාරකා’ කියලා තිබුණා ‘ගිරිදේවි’ වෙනුවෙන් සම්මානය තමාට හිමි වේ යැයි ඈ හිතුවා කියා..?
අදහස් සහ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකු සතු විය යුතුයි. ශලනි තාරකා ප්‍රකාශ කළේ ඈ සතු මතයයි.

බොහෝ කැපකිරීම් තමා ‘ගිරිදේවි’ වෙනුවෙන් කළ බව ඈ පුනපුනා කීවා..?
මගේ ‘සංසාරාරණ්‍ය’යේ ළමාතැනීගේ චරිතය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. ‘ගිරිදේවි’හී ‘ආශා’ නොවුණට මමද සංකීර්ණ වූ හැඟීම් ප්‍රකාශනයන් හරහා ‘ළමාතැනී’ගේ චරිතය ප්‍රේක්‍ෂකයන් හමුවේ සාර්ථකව තැබීමට මානසිකව සහ ආධ්‍යාත්මිකව නිහඬ කැපකිරීමක් කළා.

‘ගිරිදේවි’ හී ‘ආශා’ගේ කැපකිරීම එකක්, මම ‘ළමාතැනී’ වෙනුවෙන් කළ කැපකිරීම එකක්. එය ‘දෙවිදියක්’ මිස ‘එකක්’ නෙවෙයි. හැබැයි එවැනි කැපකිරීම් කළ හැම කලා ශිල්පිනියක් වාගෙම ශිල්පියෙක් යම් අගය කිරීමක් බලාපොරොත්තු වෙනවා. එය සාධාරණයි. ඒ සාධාරණත්වය තමාටද ලැබෙන්නට ඕනෑ යැයි ශලනි හිතන එක වැරැදි නැහැ.

ශලනිගේ මත ප්‍රකාශනය සිදුවූයේ ඔබට විරුද්ධව නෙවෙයිද..?
මම හිතන්නේ නැහැ.., අපි දෙන්නා ඉපදුණේ එකට. බලංගොඩ හොස්පිට්ල් එකේ. ශලනි ගියේ මීගමුවේ නිව්ස්ටඩ් එකට. මම ගියේ මීගමුව ආවේමරියා එකට. ඉස්කෝල දෙකක හිටියට අපි නිතර මුණගැහුණා, කතාබහ කළා. එහෙම හිතවත්කමක්, සමානකමක් අපි අතර තියෙනවා. මම මුලින් කිව්වා වාගෙම ශලනි කළේ ඇගේ මත ප්‍රකාශනය. එය මට විරුද්ධව කළා යැයි මම කියන්නේ නැහැ.

ඔබ භාග්‍යවන්තයි උදාරි, ඒ වගේම හරිම වාසනාවන්තයි..?
ඔව්… මම හරිම වාසනාවන්තයි. මට වඩා ප්‍රවීණ මට්ටමේ සිටින බොහෝ රංගන ශිල්පිනියන්ම මට බොහෝ අවස්ථාවල කියා තිබුණා, නිළියක ලෙස බොහෝ දෙනෙකුට නොලැබෙන භාග්‍යයන් මට ලැබී ඇතැයි කියා. ඉතින් මම ඒ ගැන ඉතාම නිහතමානීව ආඩම්බර වෙනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

උද්ඝෝෂණය මැද්දේ අනුරගේ වාහනයට රිංගපු හෙල්මට්කාරයා කව්ද? ‌ජොනීගේ ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුව රත් වෙයි! (VIDEO)

Next Post

හෙල්මට් දාගෙන වාහනයට නැග්ග කෙනා ගැන අනුර මුල සිට කියයි! බාධා කරපු සියලු දෙනා ගැනත් හෙළිකරයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.