• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නාඩගම්කාරයෝ සෙට් එකට ආපු අලුත්ම නාඩගම්කාරී…

November 17, 2021
in Heart
Reading Time: 4 mins read
A A
නාඩගම්කාරයෝ සෙට් එකට ආපු අලුත්ම නාඩගම්කාරී…
Share on WhatsAppShare on Facebook

අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…
හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට…

මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු කිහිපයක් දැකගන්නට ලැබුණා. ඒ අතර ‘හංසි’ ලෙසට ‘නාඩගම්කාරයෝ’ අතරට එකතු වුණු ඒ අලුත්ම නාඩගම්කාරි තමයි මධාරා සෙව්වන්දි. ‘හංසි මොනවගේ පෙරළියක්ද මේ ටෙලිනාට්‍ය තුළ කරන්න යන්නේ කියා දැනගැනීමට ඇයට කතා කළා…

මාධාරා මේ දවස්වල ‘නාඩගම්කාරයෝ’ සමග එකතුවෙලා සිටින බව අපි දකිනවා..?
ඔව්… චාමර සමරවික්‍රම අයියා තමයි මට ආරාධනා කළේ ‘හංසි’ චරිතය නිරූපණය කිරීමට. මම සංගීතය හදාරන්න තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ.

‘හංසි’ගේ පැමිණීමත් එක්ක ඉදිරියේදී ‘නාඩගම්කාරයෝ’ තුළ මොනවගේ පෙරළියක් සිදුවෙයිද?
ඒ ගැන මට දැන්ම කියන්න බැහැ. ‘හංසි’ චරිතය තුළින් සමහරවිට ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි එය විඳින්න ප්‍රේක්‍ෂකයින්ට ඉඩකඩ සලස්වමු.

‘හංසි’ගේ ආදරය කාට හිමිවෙයිද?
ඒ ගැන කියන්න මම තවම දන්නේ නැහැ.

ඔබ ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍යය හරහා තමයි රංගන වරම් හිමිකර ගත්තේ. ඒත් පසුකාලීනව ටෙලිනාට්‍ය තුළ ඔබව දැකගන්නට ලැබුණේ නැහැ?
මම වැඩිපුරම කළේ වෙළෙඳ දැන්වීම් තමයි. ටෙලිනාට්‍යය සඳහා මට ලොකු කාලයක් යොදවන්න අපහසුවෙලා හිටියේ මගේ අධ්‍යාපන කටයුතු නිසා.

දිගටම රඟපාන්නද මධාරාගේ බලාපොරොත්තුව?
මම දැනට මනෝ උපදේශකවරියක් ලෙසට කටයුතු කරනවා. මම මුලින්ම මුල්තැන දෙන්නේ මගේ වෘත්තියට තමයි. රාජකාරි කටයුතු සඳහා බාධාවක් ආවොත් සමහරවිට මම ඉදිරියේදී නිර්මාණ සඳහා සම්බන්ධ නොවෙන්නත් පුළුවන්.

මනෝ උපදේශකවරියක් වීමේ සිහිනය මධාරාගේ හිතේ පොඩි කාලේ සිට තිබුණාද..?
පොඩි කාලේ ඉඳලා මගේ තිබුණු එකම බලාපොරොත්තුව මනෝ උපදේශිකාවක් වීම තමයි. කොහොම හරි මගේ ඒ සිහිනය සැබෑකර ගත්තා. කලාවට සම්බන්ධ වුණේ මම අහම්බෙන්.

ඔබ රංගනය පිළිබඳව හැදෑරීමක් කළාද?
මගේ ගරුවරු මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රදීප් රාමවික්‍රම. ඔවුන් යටතේ රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තමයි නිර්මාණ සඳහා මම සම්බන්ධ වුණේ. ඕනෑම ක්‍ෂේත්‍රයකට හැදෑරීමක් ඇතිව සම්බන්ධ වෙන්න පුළුවන් නම් එය අපේ ඉදිරි අනාගතයට ගොඩාක් වටිනවා.

එතකොට මධාරාගේ ගම්පළාත්..?
මම ගාල්ලේ…

අධ්‍යාපනය කළෙත් ඒ පළාතෙමද..?
ඔව්… ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ.

මධාරාගේ පවුලේ කවුද ඉන්නේ..?
අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි.

ගමෙන් පිටපළාතකට මෙහෙම ඇවිත් රඟපානවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
තාත්තා නම් කැමැති නැහැ මම රඟපානවට. එයා කැමැති මම ඉගෙනගත්තු දෙයකින් ඉදිරියට යනවාට. හැබැයි ඉතින් මම රූගත කිරීම් සඳහා යන්නේ අම්මා එක්ක තමයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පනාමුර පොලිසියේ 2ක් ගෙදර යවයි! තරුණයාගේ මරණය හොයන්න කමිටු 3ක් පත්කරයි!

Next Post

ගම්මු පනාමුර පොලිසිය වටකරන වීඩියෝව එළියට එයි! පොලිස් නිලධාරීන්ටත් පහර දෙයි! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.