• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිම්මේ ගිහිල්ලා උල්කාපාතයක් වාගේ බිමට වැටෙන්න බැහැ! ඒ ඇදවැටීම ශෝකාන්තයි!

April 6, 2022
in Heart
Reading Time: 8 mins read
A A
පිම්මේ ගිහිල්ලා උල්කාපාතයක් වාගේ බිමට වැටෙන්න බැහැ! ඒ ඇදවැටීම ශෝකාන්තයි!
Share on WhatsAppShare on Facebook

මට හිමි නම් එය මට ලැබෙනවාමයි…
මට හැමදාමත් වුවමනා වුණේ මැද මාවත…
මම මගේ වැරැදි හදාගත්තා…

ලැබෙන ඕනෑම චරිතයක් බාර ගනිමින් පුංචි තිරය හරහා හැමදාමත් එබී බලන්නට ප්‍රිය කරන රංගන ශිල්පීන් අතර, අවුරුද්දකට එක ටෙලියක් හෝ දෙකක් කරන්නට කැමැති ශිල්පීන් පිරිසක්ද සිටිති. ‘සුරාජ් මාපා’ කියන්නේද අවුරුද්දකට එක චරිතයක් හෝ දෙකක් පමණක් කරන්න කැමැති ‘රිලැක්ස් ෆැෂන්’ එකේ නළුවෙකි. චරිතාංග නළුවකු වූ ඉතා හැඟීම් බරවූ රංගන ප්‍රවේශයන් තුළින් ප්‍රේක්‍ෂක සිත් තුළ තැබූ මතක සටහන් අමරණීය විය. ‘ඕලු’හී ‘අසංග සර්’ වාගෙම එතරම් ඈතට නොගිය දුරකදී ඔහු රඟපෑ ‘සිහිනි’හී ‘සඳරූ’ද ඒ අතර සුවිශේෂී වේ. කඩවසම් පෙනුමෙන් හෙබි නර්තන ශිල්පියකු ලෙසද නර්තන කලාවෙහි නමක් තැබූ ‘සුරාජ් මාපා’ ගැන තවත් වංහුං ලියන්නට අවැසි නැත. ඒ හින්දාම.., ඔහුගෙන්ම ඔහු ගැන අසා දැනගන්නට හදවතට දොඩමලුවට අප මෙලෙස ආරම්භය තබන්නෙමු.

ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ..?
ජීවිතේ නම් ඉතින් කලබලයක් නැතුව ඔහේ ගලාගෙන යනවා. ඒ අතර කලා කටයුතු ගැන කියනවා නම් මේ දවස්වල ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්තයගේ ‘සුසුම් රස්තියාදුව’ ටෙලියෙහි නිරතව ඉන්නවා.

‘සුසුම් රස්තියාදුව’ ගැන මීට පළමුවත් රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු කතා කළා..?
ඔව්… ‘සුසුම් රස්තියාදුව’ හරසුන් නාට්‍ය රැල්ල අතර හෙම්බත්ව සිටින ප්‍රේක්‍ෂකයනට ඉතාම හොඳ වෙනසක් වේවි.

ඔබ එහි කරන චරිත නිරූපණය..?
සංගීතයට පිස්සු වැටුණු, මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වුණු, ඇමැති පුතකුගේ චරිතය මම එහි රඟපානවා.

අහිංසක පෙම්වතාගේ චරිත රාමුවෙන් ඔබ්බට ගිහින් ඔබ..?
ඔව්… මම හරිම ආසාවෙන් කළ වෙනස්ම චරිතයක්, කොහොමත් වැදගත් විදියට හැසිරෙන, අහිංසක පෙම්වතාගේ චරිතයෙන් මම මිදෙන්න ගත්තේ ‘සිහිනි’ ටෙලි කතාවේ ‘සඳරූ’ගේ චරිතය තුළිනුයි. තැන්පත්කමට ඉන්න පෙම්වත් චරිතවලට වඩා දැන් දැන් මට ලැබෙන ඒ චරිත විවිධත්වයට මම හරිම ආසයි.

ඔබද නිර්මාණකරුවනට කිව්වේ… අහිංසක පෙම්වතාගෙන් ඔබව ඈත් කරන්නය කියලා..?
මම එහෙම කිව්වේ නැහැ… කිසිවක් මං වෙනුවෙන් යෝජනා කළෙත් නැහැ. හැබැයි මම තීරණය කළා ජනප්‍රිය චරිත රාමුවෙන් මිදෙනවා කියලා. ඒ මිදීම තුළ තමයි ‘සිහිනි’ නාට්‍යයේ ‘සඳරූ’ සමග කුඩුකාර ඇමැති පුතා බිහිවුණේ.

ජනප්‍රිය චරිත රාමුව කියා ඔබ අදහස් කළේ..?
ජනප්‍රිය චරිත රාමුව යනුවෙන් අදහස් කළේ… ප්‍රේක්‍ෂකයා ආදරය කරන පෙම්වතාගේ හෝ වීරයාගේ චරිත ගැනයි… තවත් විදියකට කියනව නම් ටෙලි කතාවක ඉන්න නැහැදුණු චරිතයට සමගාමීව තැනෙන හැදුණු චරිතය, එහෙම නැත්නම් ප්‍රධාන නිළි චරිතයට ආදරය කරන කොල්ලාගේ චරිතය. ඒ වාගේ චරිතවලටයි ප්‍රේක්‍ෂකයා ඇලුම් කරන්නේ. අවසානයේදී ඒ චරිතයට හරියනවටයි ප්‍රේක්‍ෂකයා කැමැති. ඒ හින්දයි මම එය ‘ජනප්‍රිය චරිතය’ කියා හැඳින්වූයේ.

‘සිහිනි’ ටෙලියේ ‘රස්තියාදුකාර ව්‍යාපාරික පුතාටත්’ ප්‍රේක්‍ෂකයා ඇලුම් කළා නේද සුරාජ්..?
සත්තකින්ම ඔව්… ‘සිහිනි’ට මගතොටේදී කරදර කරන ‘සඳරු’ටත් ඔවුන් ඇලුම් කළා. ඒ ඇල්ම ඇති වුණේ වෛරය කියන හැඟීම හරහායි. අන්න ඒ වීරත්වයට මම ප්‍රිය කරනවා. කලාකරුවකුගේ ජනප්‍රියත්වය රැඳී තියෙන්නේ පෙම්වතාට හෝ වීරයාට ලැබෙන ඇල්ම හරහා විතරක්ම නෙවෙයි. දුෂ්ටයාගේ චරිතය රඟපෑමත් ඒ ඇල්ම ඔවුන් ළඟාකරගත යුතුයි. සරලවම පැහැදිලි කරනවා නම් ලැබෙන චරිතය මෙන තරාතිරමේ කළු – සුදු එකක් වුණත් එය සාර්ථකව නිරූපණය කිරීම තුළයි ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ.

‘සිහිනි’ ටෙලියේ ‘සඳරූ’ තවමත් ප්‍රේක්‍ෂකයන් අතර ලැගුම්ගෙන සිටින්නෙ දුෂ්ටයාගේ නිරූපණය හරියටම කළ නිසයි. බොහෝ විට ‘සුරාජ් මාපා’ වෙනස් විදියක රාමුවකින් පැමිණීමද එයට ප්‍රධානම හේතුව වන්නට පුළුවනි. ඒකාකාරී චරිත කිහිපයකට කොටුවීම තුළ රංගන ශිල්පියා වාගෙම ප්‍රේක්‍ෂකයාද හෙම්බත් වෙන බව එවැනි නිදසුන් හරහා පෙනී යනවා.

ඔබ චරිත නිරූපණයකට මැදි වෙන කොට අධ්‍යක්‍ෂවරයා කියනවාට වඩා වැඩි යමක් කරන්න මනාපයිලු..?
ඔව්… යම් චරිතයකට ප්‍රවිෂ්ට වන විට සමහර දර්ශනවලදී මම අදාළ අධ්‍යක්‍ෂවරයාගෙන් ‘මෙතන මෙහෙම වුණොත් හොඳයි නේද.., අර සීන් එකට වඩා මෙහෙම දෙයක් හොඳ නැතිද.., කියා අහනවා. එතැනදී සමහර අවස්ථාවල මගේ අදහස ඔවුන් පිළිගන්නවා.., තව සමහර තැන්වලදී ‘නැහැ සුරාජ්… මේ විදිය හොඳයි නේද…’ කියා මගේ අදහස රිජෙක්ට් කරනවා.

ඒ රිජෙක්ට් කිරීම තුළ ඔබ අපහසුතාවයට පත්වන්නේ නැතිද..?
අපෝ නැහැ… සෙට් එක තුළදී මම බොහොම විනය ගරුකයි… කවමදාවත් අධ්‍යක්‍ෂවරයකු සමග කිසිම ගැටීමක් ඇතිකරගෙන නැහැ. මම මගේ හිතට ආව අදහස දුන්නා… ඔවුන් එය සුදුසු නැතැයි පැත්තකින් තබනවා නම් ඒ කාරණය එතැනින් ඉවරයි.

ඔබ තෝරා ගන්නේ අවුරුද්දට ටෙලි එකක් හෝ දෙකක් පමණයි..?
අවුරුද්දට ටෙලි එකක් හෝ දෙකක් කියා කියනවාට වැඩිය එතැන සිදුවන්නේ, චරිතයකට මැදිව සිටින විට තවත් චරිත බාර නොගැනීමයි. නිදසුනක් දෙනවා නම්.., මම ‘සිහිනි’හී ප්‍රධාන චරිතය රඟපාන්නට පටන්ගෙන තිබියදී තවත් ටෙලියක ප්‍රධාන චරිතයක් බාර ගන්නේ නැහැ කවමදාවත්. බාර ගත්තත් ගන්නේ එය යම් සුළු චරිතයක් නම් පමණයි.

එයට හේතුව කියන්න පුළුවන්ද සුරාජ්..?
ප්‍රධාන චරිත කිහිපයකට දින වෙන් කිරීම තුළ මම නොසන්සුන් වෙනවා.., ඒ නොසන්සුන් වීම තුළ ඒ ඒ චරිතයන් රඟපෑමට අවැසි මූඩ් එක නැතිව යනවා. යම් චරිතයකට ප්‍රවිෂ්ට වන විට ‘මූඩ්’ එක අවශ්‍යයයි. ඒ ‘මූඩ්’ එක තුළ තමයි ගැම්ම ඇතිවන්නේ. ඒ නිසා ප්‍රධාන චරිතයක් කරන විට එහි රූගත කිරීම් නිම වන තුරු තවත් ප්‍රධාන චරිතයක් සඳහා ගිවිසුම් ගහන්නේ නැහැ.

ඒ වාගේ අවස්ථාවලදී හොඳ චරිත නිරූපණයන් ඔබට අහිමිව ගිය තැන් තියෙනවද..?
ඔව්… කිහිපයක්ම තියෙනවා… උසස් යැයි සම්මත සිනමාපටයක ප්‍රධාන චරිතය පවා මට අහිමිව ගියා.

සංතාපයක් දැනුණේ නැද්ද ඒ ගැන..?
කනගාටුවක් දැනුණා. ඒත් කරන්න දෙයක් නැහැ. බාර ගත්ත චරිතය මගදමා යෑම සදාචාර නැහැ… ඒ නිසා එතැනදී උපේක්‍ෂා සහගතව බලා ඉන්නවා මිසක් කළයුතු වෙනත් යමක් නැහැ.

බාරගත් චරිතය නිමකර එනතුරු ඔබ වෙනුවෙන් බලා සිටි නිර්මාණකරුවකු එක අවස්ථාවකවත් හිටියේ නැද්ද..?
මෙහෙමයි… අදාළ චරිතය මට හිමි නම් එය මට ලැබෙනවාමයි. කොයිතරම් දක්‍ෂයන් හිටියත් අහවල් අධ්‍යක්‍ෂවරයා හොයන්නේ ‘සුරාජ් මාපා’වමයි නම් ඒ චරිතය මට ලැබේවි… නැත්නම් එය මට අහිමිව යාවි.

මගේ ප්‍රශ්නයට ඔබ හරි උත්තරය දුන්නේ නැහැ..?
හරියටම හරියන්නෙ ‘ඔව්’ කියන උත්තරයයි. මා වෙනුවෙන්ම බලා සිටි නිර්මාණකරුවන්ද එතැන සිටියා. ඒ වගේම මගේ ස්වභාවය දන්නා සමහර යම් නිර්මාණකරුවන්, ‘සුරාජ්’ ඔයා වෙනුවෙන්ම මම මේ දිනවල තිර රචනයක් කරනවා. ඒ සඳහා අහවල් දින වකවානු වෙන්කර ගන්න’ යැයි ඉල්ලන අවස්ථාවන්ද එතැන තිබුණා. තවත් කාරණයක් මෙහිදී කියන්නටම ඕනෑ. ඒ තමයි අද බොහෝ නිර්මාණකරුවනට විකල්ප සඳහා සොයාගත හැකි නවකයන් සිටිනවා. ඒ නිසා එදා වගේ අප වෙනුවෙන්ම බලා සිටිය යුතු අවස්ථාවන් ඔවුනට සමහර අවස්ථාවන්වල උදාවන්නේ නැති බව සඳහන් කළ යුතුයි.

ශාන්ත සොයිසා සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි සුසංයෝගය බොහෝ විට සොයා ආවේ ඔබවමයි..?
ඔව්… එහෙම අවස්ථා තිබුණා… ශාන්ත සොයිසා සහ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ බොහෝ නිර්මාණයන් තුළ මට චරිතයක් තිබුණා. ඔවුන් හදන, මවන කතාවල සුන්දර, සරල බවක්ද තිබුණා. ප්‍රේක්‍ෂකයන් ඒ කතාවලට හරියට ප්‍රිය කළා. අසීමිතව ඒවා ජනප්‍රිය වුණේද ඒ නිසා වන්නට ඇති. නළුවකු හෝ රංගන ශිල්පියෙකු වශයෙන් මමද ඔවුන් මැවූ කතා රචකයන්ට කැමැත්තක් දැක්වූවාය කිව්වොත් හරි… ඒ වගේම… ‘ශාන්ත සොයිසා’ සමග වැඩ කිරීම හරි පහසුයි. විඩාවක් හෝ පීඩාවක් දැනෙන්නේ නැහැ…

රංගන ශිල්පීන්ට රූගත කිරීම් කළ හැකි සීමාවද ශාන්ත සොයිසා හොඳින්ම හඳුනනවා… ඒ නිසා ඔහු යටතේ යම් නිර්මාණයකට හවුල් වන රංගන ශිල්පීන්ව පමණට වඩා වෙහෙස කරවන්නේ නැහැ. එය ඉතාම මානුෂීය හැඟීමක්.., ඒ හැඟීම වෙනුවෙන් මම වගේම ඔහු සමග වැඩ කරන හැමෝම ඔහුට ගරු කරනවා. සුන්දර නිර්මාණ බිහිවීමට ඒ ගෞරවනීය සිතුවිලි බොහෝ විට ඉවහල් වන බව නිසැකයි.

ඔබ ඔය නොකියා කියන්නේ… සමහර නිෂ්පාදකවරුන් දවසේ කුලී පදනම මත රංගන ශිල්පීන්ව වෙහෙසට පත්කරන කාරණය ගැනද..?
නැහැ… මෙතැනදී මම කිසිවක් නොකියා කීවේ නැහැ. මහේෂ් සහ ශාන්ත සුසංයෝගය ගැන ඔබ අහපු ප්‍රශ්නයටයි මම උත්තර දුන්නේ. දවසේ කුලිය මත රංගන ශිල්පීන්ගෙන් වැඩ ගැනීම ගැන කතා කරන කොට එක එල්ලේම නිෂ්පාදක මහත්වරුන්ට දොස් පවරන්නට අමාරුයි. මොකද කියනවා නම් එය සිදුවන්නේ ඒ ඒ අයගේ ආර්ථික පසුබිම මතයි. ඉස්සර නම් රූගත කිරීමකට ආවම දර්ශන තුන, හතරකට පමණක් එය සීමා වෙනවා.

නමුත් අපි හැමෝම වාගේ දැන් ඉන්නේ ආර්ථික ප්‍රශ්න මතයි. වෘත්තීය වශයෙන් රඟන සමහර ශිල්පීන් දවසේ කුලියට පමණට වඩා වෙහෙස වීම ප්‍රතික්‍ෂේප කරන කොට, තවත් සමහර අය එයට එකඟ වෙනවා. ඉතින් නිෂ්පාදකවරුන්ද ඔවුන්ගෙන් ගන්නට පුළුවන් උපරිමය ගන්නවා. ටෙලිනාට්‍ය රැල්ලත් එන්න එන්නම වැඩි වන නිසා හැම තැනකම ඇත්තේ තරගයක්. ඒ තරගය මත තමයි මේ සියල්ල සිදුවන්නේ.

පමණට වැඩිය කලා ශිල්පීන්ව වෙහෙසකර වීම ගැන ඔබේ හැඟීම..?
අවංකවම මම නම් පමණට වඩා කලා ශිල්පීන්ව වෙහෙසකරවන ටෙලිනාට්‍ය කලාවට එක්වන්නේ නැහැ. හැබැයි එය අනුමත කරන කලා ශිල්පීන්ට දොස් කියන්නේද නැහැ. ඒ ඒ අයගේ ආර්ථික පසුබිම එකිනෙකට වෙනස් නිසා එයට දොස් පැවැරීම කරන්නට අපහසුයි.

දින සියයකට වඩා දිවයන ටෙලි කලාව ගැන කතා කරනවා නම්..?
දින නියමයක් නැතිව දවස් තුන්, හාරසියය ඉක්මවන ටෙලි කලාව නම් මම කොහොමවත් අනුමත කරන්නේ නැහැ. කතාව අවසාන කරන සීමාව පැනලත් කතාව යනවා… චරිත අලුත් වෙනවා… සමහර චරිත ඉබේම මියයනවා. ඒ ඒ වෙලාවන් අනුව වෙන්කරගත් ටයිම් එකට එම නාට්‍යය තියෙන්න ඕනෑ නිසා සමහර චැනල්වලින්ද එය දිගට අද්දනවා. රංගන ශිල්පීන් මෙහිදී අසාධාරණයට ලක්වෙනවා. වෙන ටෙලියකට යන්න නැහැ.

එකම ටෙලියකට… එකම ප්‍රඩක්ෂන් එකකට කොටුවෙලා අන්තිමේදී එය ඔවුනටද එපා වෙනවා. ඒ එපා වීම තුළ සිදුවන්නේ ඇල් මැරුණු රංගනයක නිරත වීමයි. කලාවක් හැටියට කළයුතු චරිත නිරූපණය සහ නිර්මාණකරණය වෙළෙඳාමක් හෝ ගනුදෙනුවක් කරගැනීම තුළ සිදුවන්නේ අසාර්ථක නාට්‍ය කලාවක් බිහිවීම පමණයි.

ශාන්ත සොයිසා ද ටෙලිනාට්‍ය ඇදගෙන යෑමේ තුළ නිරතව සිටිනවා නේද..?
ඔව්… ඔහුගේ නිර්මාණද මීට කලකට ඉහත එලෙස ඇදුණා… නමුත් දැන් ඔහු යම් සීමාවක සිට තම නිර්මාණකරණය තුළ නිරත වෙනවා.

ඔබ ඉක්මන් ජනප්‍රියත්වය කරා යන්නට උත්සාහ නොකළ රංගන ශිල්පියෙක්..?
ඔව්… මම කවදාවත් එක්වරම ඉහළට යන තරු ක්‍රමයට යන්නට කවදාවත් උත්සාහ කරල නැහැ. ඒ මොකද එහෙම ඉක්මනින් ඉහළ යන තරු ඒ වේගයකට උල්කාපාත වාගේ බිමට කඩාගෙන වැටෙනවා. ඒ ඇදවැටීම ශෝකාන්තයි. මට හැමදාමත් වුවමනා වුණේ මැද මාවත, නිස්කලංකව යන ගමනක්. ඒ ගමන තුළදී මම මගේ වැරැදි හදාගත්තා… හිස්තැන් පුරව ගත්තා. ඒ වාගේම මා හා රංගනයට එක්වන ප්‍රවීණයන්ගෙන් බොහෝ දේ ඉගෙනගත්තා. සුපිරි තරුවක් වීමට උත්සාහ නොකරන ඒ ක්‍රමය තුළ මම තවමත් අදටත් කඩානොවැටී ගමනේ යෙදෙනවා.

ඒ කියන්නේ ඉලක්ක සහ තරග ඔබට තිබුණේ නැහැ..?
එහෙම කියන්නේ නැහැ මම.., ඉලක්ක සහ තරග මට තිබුණා. ඒවා ජයගත් අවස්ථාද තිබුණා. ඒ අවස්ථාවල ඕඩියන්ස් එක, එකම රටාවකට අත්පොළොසන් නාදය දෙන විට ඒ හඬට හරිම අභිමානයෙන් සවන් දීගෙන හිටියේ එහෙම වෙලාවකට රංගන ශිල්පියෙකු වාගෙම නර්තන ශිල්පියෙකු වශයෙන් මම අත්වින්දේ කෝටි ගානකටවත් මිල කරන්න බැරි ආත්ම තෘප්තියක්.

කසාදයක් බඳින්න පවුල් වෙන්න මනාපයක් නැහැ වාගේ..?
ඇයි නැත්තේ.., විවාහ වෙන්න, දරුවෝ හදන්න, ලස්සන පවුල් පසුබිමක ජීවිතය අලුතෙන් ගොඩනඟන්න ආසයි. හැබැයි ඒක ප්‍රමාදයි කියා තැවි තැවී ඒ පසුපස වෙහෙස වී දුවන කලාව නම් මගේ ජීවිතයේ නැහැ.කවදා හෝ එයද සිදුවන තුරු බලාගෙන ඉන්නවා.

ඔබ දේශපාලනයට දක්වන මනාපය..?
මම කැමැති දේශපාලනය තවමත් මේ රට තුළ කිසිම රජයකින් මම දැක්කේ නැහැ. ඒ නිසා කලාකරුවකු ලෙස කිසිම පක්‍ෂයක් සමග මම එකඟ වන්නේද නැහැ.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආයුධ සන්නද්ධ නන්නාදුනන කල්ලි ලසන්තට කරපු දේ මනූෂ මතක් කරයි! ඉස්සරහට වෙන්න පුලුවන් භයානක දේත් කියයි! (VIDEO)

Next Post

‘ගෝඨා-මහින්ද ගෝ හෝම්’! රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ජන අරගලයට එකතු වෙන්න තීන්දු කරයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.