• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළි රැජින වෙන්න හීන දකින මන්දාරම් කෙල්ල සුහන්දි උපෙත්මා!

December 3, 2024
in Heart
Reading Time: 3 mins read
A A
නිළි රැජින වෙන්න හීන දකින මන්දාරම් කෙල්ල සුහන්දි උපෙත්මා!
Share on WhatsAppShare on Facebook

හුරුබුහුටි පෙනුම තියෙන ලස්සන ලස්සන සුරංගනාවො වගේ කෙල්ලන්ගෙන් අපේ පුංචි තිරයට කවදාවත් අඩුපාඩුවක් තිබුණෙ නැහැ. එයාලගෙ නම ගම කියන්න ගියොත් මේ ලියවිල්ල හිතුවට වැඩිය දිග වෙන නිසා ඒ සුරංගනා නිළි කෙල්ලො අතරින් එක කෙල්ලෙක් ගැන මේ විදියට කතා කරන්න පටන් ගමු.
ඈ සුහන්දි උපෙත්මා වොසදි. තවත් විදියකට කියනවා නම් ‘මන්දාරම් කතාවේ’ අහිංසක විදූ ඇයයි. ීැැ ශදම ටෙලියේ කටකාර මෞලි ඇයයි. (Sri Lanka Latest News)

ඇත්තටම ඈ සුරංගනාවක් තරම් ලස්සනයි. මේ සතියේ ‘හාට්’ එක හැඩකරන්න කැන්දගෙන ආවේ ඒ සුරංගනාවයි.

සුහන්දි, මේ දවස්වල ඔයා ටිකක් බිසී?
ඔව්. එහෙම කිව්වොත් හරි. විකාශය වන සහ ඉස්සරහට විකාශය වෙන්න තියෙන නාට්‍ය කිහිපයකම ෂූටින්වලට හිරවෙලා ඉන්නේ.
අවිවේකී බව හිතට වදයක් වාගෙද?
අපොයි නැහැ. මං ආසයි නිළියක් හැටියට එහෙම බිසී වෙනවට.
ඔයා ලස්සන කෙල්ලක් නිසාලු නිළියක් වෙන්න වාසනාව ලැබුණේ?
වැරැදි නිවුස් එකක්. මම නිළියක් වුණේ ලස්සන නිසා නෙවෙයි. අනෙක මගේ එහෙම විශේෂ ලස්සනක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.
ඔයා ඔයාගේ අම්මා වාගෙම ලස්සනයි කියලයි කවුරුත් කියන්නේ?
මගේ අම්මා නම් ගොඩක් ලස්සනයි තමා. හැබැයි මම එයින් අඟලක්වත් හැඩ නැහැ. ඒකයි මගේ අදහස.
නිළියක් වෙන්න හිතුණේ ඇයි එහෙනම්?
ඒක පුංචිම පුංචි කෙල්ලෙක් කාලේ ඉඳන් තිබුණු ලස්සන හීනයක්. ඒ හීනේ හැබෑවෙන තුරු ඇඟිලි ගැන්නා. ඒ වගේම ඒ හීනේ හැබෑ කරගන්න වෙහෙස වුණා. වර්ක් ෂොප්වලටත් නිතරම සහභාගි වුණා.
නිළියක වෙන්න ලැබුණු එක චාන්ස් එකක් ඔයා අතහැරියලු?
ඔව්. ඒ කාලේ එග්සෑම් එකකට පාඩම් කරන දවස්වල අම්මා කිව්වා ඉගෙනගන්න කාලේ නිසා ඒක බාරගන්න එපා කියලා.
ඊට පස්සේ ‘1990 ලව් බෝර්න් ඉන් ද හාර්ට්’ ටෙලියට ආරාධනා ලැබුණා?
ඔව්. නිල්මිණී තෙන්නකෝන් මිස්ගේ මගපෙන්වීම නිසා ප්‍රවීණ නිර්මාණ ශිල්පී රනිල් කුලසිංහ මට එයට ආරාධනා කළා.
ප්‍රවීණයන් රැසක එකතුව මැද ඔයා ආධුනික නිළියක වුණා?
ඇත්තටම මට ලැබුණු ලොකුම වාසනාවක් ඒක. පළමු සීන් එක ෂූට් කරපු මොහොත කවදාවත් අමතක වෙන්f්න නැහැ.
ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ලොකු දෙයක් මට කරන්න නොතිබුණත් කවුරුත් මුල් වරට කළ ඒ චරිතය ගැන කතාකරන බව දැනුණා.
හිට් වුණේ ‘මන්දාරම් කතාවේ’ විදූගේ කැරැක්ටර් එක?
අදටත් මගතොටදී වැඩි දෙනෙක් මතක් කරන්නේ ඒක. ‘අන්න අන්න මන්දාරම් කතාවේ විදූ’ කියලා සමහරු එක් එක්කෙනාට කෑගහලා කියනවා ඇහෙනවා. පුදුම සතුටක් දැනෙනවා හිතට. ඇත්තමයි. ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය ගැන දැනෙන ළෙන්ගතුකම අසීමිතයි.
පුංචි කාලේ ඉඳන් දැකපු හීනේ. මේ තරම් දුරට ඔයාව අරන් යයි කියලා හිතුවේ නැද්ද?
කවදාවත් හිතුවේ නැහැ. හිතපු නැති විදියට ඒ හීනේ ජයගනිමින් ඉන්නවා.
ලස්සන රැලි කොණ්ඩෙ ස්ටේ්‍රට් කරන්න ඉන්නවා කියලයි ආරචිය?
අම්මෝ… මෙයාලා ඒකත් හොයාගෙන. එහෙම ආසාවක් තියෙනවා තමයි. ඒත් තවම හරියටම හිතලා නැහැ. බලමු.
ප්‍රේක්ෂකයෝ මනාප රැලි කොණ්ඩෙට. හිතන හැටියට ඒක ඔයාගේ අනන්‍යතාව වෙන්නැති?
ඒකත් එහෙමද? අනේ මන්දා. බලමුකො තව ටිකක් හිතලා.
රඟපාන්න ආසා විශේෂ චරිතයක් ගැන කියනවා නම්?
විවිධ චරිත ලැබෙනවට නම් ආසයි. සංකීර්ණ චරිතවලට මං ලෝභයි. අහිංසක පෙම්වතියට කොටුවෙන එක හිතට දුකක්.
තව හීන තියෙනවද සුහන්දි ඔය හිත් කොනේ?
ඉටුකරගන්න හුඟක් අමාරුයි කියලා හිතෙන ලොකුම ලොකු හීනයක් තියෙනවා. එක්කො ඒක නොකියා ඉම්මු. හිතන්න අමාරුයි ඒ හීනේ ඉටුවෙයි කියලා.
නොකියා යන්න බැහැ හොඳේ… ඉඟියක්වත් දෙන්න හාට් එකට…?
කවදාක හරි අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා වගේ කීර්තිමත් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. සත්තකින්ම කියනවා නම් මම ඇගේ ළඟින් ඉන්නවත් වටින්නේ නැතුව ඇති. ඒත් ඒ හීනෙට මං හරි ආදරෙයි.
හීන අතාරින්න එපා සුහන්දි. එහෙම නම් අපි සමුගනිමු ගුඩ්බායි…
ගුඩ්බායි… අමතක නොකර ලියන්න. මාව මේ තැන තියපු මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මමත් ගොඩක් ආදරෙයි කියලා…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉහළ පොලිස් පුටු පෙරළෙයි! 41කට මාරුවීම්! CIDය දෙහිදෙණියගෙන් ගැලවී කාන්තාවක් අතට යයි! මාධ්‍ය ප්‍රකාශක තනතුර තල්දූවගෙන් මනතුංගට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.