• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දුක්විඳලා මහන්සියෙන් මේ තැනට ආවේ! ඒක මට වටිනවා…

October 13, 2021
in Heart
Reading Time: 4 mins read
A A
දුක්විඳලා මහන්සියෙන් මේ තැනට ආවේ! ඒක මට වටිනවා…
Share on WhatsAppShare on Facebook

මේක දැන් ව්‍යාපාරයක් වෙලා…

රංග ශිල්පීන් අතර කැපී පෙනෙන තවත් සුන්දර හදවතක් ඇති ඒ සුන්දර මිනිසෙකු ලෙසට ජගත් බෙනරගමව හඳුන්වන්නට පුළුවන්. වේදිකාවේ ඉඳලා කලාව පෝෂණය කිරීමට ඔහු කළ කැපකිරීම අතිමහත්ය. කාලෙන් කාලෙට විවිධ චරිත ජීවමාන කරන ඔහු මේ දිනවල ‘රතු’ ලෙසට ඔබට සමීප වුණු නිසා කාලෙකට පස්සේ ඔහු සමග ආගිය තොරතුරු කතා කළා…

ජගත් කාලෙකට පස්සේ නැවැත ‘රතු’ ලෙසින් ඔබ ප්‍රේක්‍ෂකයන්ට සමීපවෙලා. ඉතින් කියමු ඒ ගැන බලන්න?
‘චලෝ’ ටෙලිනාට්‍යයේ විකාශය වන අතරමගදී තමයි මම ‘රතු’ ලෙසට සම්බන්ධ වෙන්නේ. මැරුණ චරිතයක අතීත ආවර්ජනයක් ලෙසට තමයි ‘රතු’ව නැවැත ඉස්මතු වෙන්නේ. සමීර හසුන් තරුණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ මේ ‘චලෝ’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කරගැනීම ගැන මම ඔහුට ස්තුතිය පුදකරනවා. මම මෙයට පෙරත් ඔහු සමග වැඩ කරලා තිබෙන නිසා හරිම පහසුවෙන් රූගත කිරීම් කරගෙන යනවා.

ඔබ සම්බන්ධ වුණු අනෙකුත් නිර්මාණවලට වඩා ‘චලෝ’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී බවක් දැනුණාද?
ඇත්තටම එය ගැන සඳහන් කළ යුතුමයි. ‘චලෝ’ ටෙලිනාට්‍යයේ අපිට චරිත නිරූපණ කිරීමට තිබුණේ පසුබිම් සංගීතයත් සමගයි. මම මෙයට පෙර කිසිම ටෙලිනාට්‍යයක මේ විදියට චරිත නිරූපණය කරලා තිබුණේ නැහැ.මොකද අපි මෙයට පෙර රඟපාපු නිර්මාණවල පසුබිම් සංගීතය එකතු කරන්නේ නිර්මාණය සංස්කරණය කරන අවස්ථාවලදී තමයි.

ඉතින් පසුබිම් සංගීතය මේ විදියට රූගත කිරීම් කරන අතරතුර දීම සපයන කොට අපි කරන චරිතය නිරූපණය කිරීමට තවත් ජවයක් ඇති වෙනවා. මම හිතනවා ‘චලෝ’ ටෙලිනාට්‍යයේ තරුණ නවක පිරිසක් චරිත නිරූපණය කරනවා. ඉතින් මේ නිර්මාණය සාර්ථක වීමට විශේෂ හේතුවක් මෙය වෙන්නත් පුළුවන්.

වේදිකා නාට්‍යයක් තුළදී නම් ඔබ මේ අත්දැකීම් අනන්තවත් විඳලා ඇති?
ඔව්… එය මම විතරක් නෙවේ, වේදිකා නාට්‍යවල රඟපාපු සියලුම ශිල්පීන් අත්විඳලා තියෙනවා. වේදිකා නාට්‍ය පුහුණුවීම් කරන කාලයේ ඉඳලම අපිට මෙය අත්විඳන්න ලැබුණු නිසා හොඳ සාර්ථක රංගනයක් ප්‍රේක්‍ෂකයන්ට සජීවීව බලන්න ඉඩකඩ සැලසෙනවා. නමුත් ටෙලිනාට්‍යයක මෙහෙම කරන පළමු අවස්ථාව වෙන්නට පුළුවන් මම හිතන විදියට.

ඔබ කාලෙකට නිර්මාණවල දැකගන්නට පුළුවන්. හැබැයි කාලෙකට ඔබ ඉන්නවාද කියලත් අමතක වෙන කාලයක් එනවා?
මම එහෙම තෝරා බේරාගෙන රඟපාපු කාලයක් තිබුණා. නමුත් දැන් එහෙම කරන්න අමාරුයි. හැබැයි ඉතින් මම දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වීමට කැමැති නැහැ. අවම කොටස් දෙසීයක විතර නිර්මාණයක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මම වඩාත්ම කැමැති කොටස් පනහක විතර විකාශය වන නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න තමයි. මොකද අපිටත් පහසුයි. අපි කරන චරිතවල ඒකාකාරී බවින් මිදිලා හොඳ චරිත නිරූපණය කරන්නත් පුළුවන් එතකොට තමයි.

පසුගිය කාලය ඔබ ලොකු කැරැල්ලකට සම්බන්ධ වෙලා අරගලයක් කලා නේද?
සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කරන ‘ක්‍ෂිර සාගරය කැළඹෙයි’ චිත්‍රපටයේ කැරැල්ලක මමත්, හේමාල් රණසිංහත් කණ්ඩායම් නායකයන් ලෙසට වැඩ කළා. කාලෙකට පස්සේ හොඳ චිත්‍රපටයකට සම්බන්ධ වුණා.

වර්තමානයේ නිර්මාණ ගුණාත්මක බවින් මිදී සැකසෙන බව අපට අසන්නට ලැබෙනවා, මෙයට හේතුව?
දැන් කලාව ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඉතින් එහෙම කලබලයෙන් කරන්න ගියාම තමයි ඔහොම ප්‍රශ්න මතුවෙන්නේ. දැන් ගුණාත්මක නිර්මාණ පිටපත් අඩුවක් තිබෙනවා. එහෙම රසවත් නිර්මාණ රචනා කරන රචකයන් දැන් අඩුයි. ඒ කාලේ සෝමවීර සේනානායක, කේ. බී. හේරත්, ආනන්ද අබේනායක වැනි සුවිශේෂී පිටපත් රචකයින් නිර්මාණ බිහි කළා.

මම දකින විදියට වර්තමානයේ සද්ධාමංගල සූරිය බණ්ඩාරගේ නිර්මාණවල සුවිශේෂී බවක් දකිනවා. ඒ පිටපත් සාර්ථකව රචනා කරන නිසා තමයි ඒ නිර්මාණ සඳහා ප්‍රේක්‍ෂකයන් ලොකු නැඹුරුවක් දක්වන්නේ.

අලුත් ප්‍රේක්‍ෂක පිරිසකට නැවැත ‘උක්කුවා’ දැකගන්නට පුළුවන්කමක් ලැබී තිබෙනවා. කොහොමද එයට ලැබෙන ප්‍රතිචාර?
‘පබා’ ටෙලිනාට්‍ය නැවැත සතියේ දවස්වල දහවල් විකාශය වෙනවා. ඉතින් මම එහි නිරූපණය කළ ‘උක්කුවා’ තවමත් ප්‍රේක්‍ෂකයන්ට මතකයි. 2008 වසරේ තමයි ‘පබා’ අවසාන වරට විකාශය වුණේ. ඉතින් දැන් නැවැත විකාශය වෙන කොට ඒ ප්‍රේක්‍ෂක පිරිසට මගේ දරුවොත් එකතුවෙලා ඉන්නවා රසවිඳින්න.

එදා නිර්මාණ සැකැසුණු විදිහ හා අද නිර්මාණ සැකැසුණු විදිහ අතර ඔබ වෙනසක් දකිනවා නේද?
ඒ කාලේ නිර්මාණවල චරිත අදටත් මතක ඒකයි. මොකද පිටපත අරගෙන ගෙදරට එනවා මට මතකයි. පිටපත කියවලා චරිතයට කැමැති නම් චරිතයට ගැලපෙන විදියට රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරලා පෙර පුහුණුවක් ඇතිව නිර්මාණය කරනවා. අද එහෙම නෙවෙයි. දුරකතනයෙන් පිටපත එවනවා.

ගෙදර තියෙන ඇඳුමක් අරගෙන ගිහින් මැරීගෙන රඟපාලා තමයි අපිට ගෙදරයි එන්න වෙලා තියෙන්නේ. මම මේ තැනට අද ඇවිල්ලා ඉන්නේ දුක්විඳලා, මහන්සිවෙලා වැඩ කරපු නිසා. ඒ වටිනාකම මට මිල කරන්න බැහැ. ඒ තරමට මට මේ ආපු ගමන වටිනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලුණුගම්වෙහෙර ගොවියොත් වගාව අත්හරින්න තීන්දු කරයි!

Next Post

රටේ ආර්ථිකය අයහපත්! විදේශ විනිමය අර්බූදයක! බැංකු පද්ධතියත් අනතුරේ! බැංකු සංගමයේ සභාපතිගෙන් ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.