• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ වැරැදි හොයලා මාව වට්ටන්න ගොඩක් දේවල් කළා! ඒ අය වෙන වෙන ඒවා බලාපොරොත්තු වෙනවා!

March 16, 2022
in Heart
Reading Time: 9 mins read
A A
මගේ වැරැදි හොයලා මාව වට්ටන්න ගොඩක් දේවල් කළා! ඒ අය වෙන වෙන ඒවා බලාපොරොත්තු වෙනවා!
Share on WhatsAppShare on Facebook

එකට ඉන්න අය පවා කපපු අවස්ථාද තිබුණා…
ඒ හැම දෙයක්ම මම ශක්තියක් කරගත්තා…
මට සතුටට ඇඬුණා…
සමහරක් නාලිකාවලින් Field එකට එන එක එපා කරවනවා…

මියුසික් වීඩියෝ වලින් රංගනය අත්පොත් තිබූ ඇය අද වන විට ලංකාවේ ටොප් මොඩෙල් කිරුළ හිමිකරගෙන අවසන්. ස්වෙස්කා රොමායා (Sweska Romaya) ඇගේ ජයග්‍රහණය ගැන වගේම ඉදිරි බලාපොරොත්තු ගැනත් ‘මව්රට’ අපිත් එක්ක කතා කළා…

නම..?
ස්වෙස්කා රොමායා මුදන්නායක.

පදිංචිය..?
මොරටුව.

පාසල් කාලය ගැන මතක් කළොත්..?
මොරටුව ජයලත් අප ස්වාමිදුගේ කන්‍යාරාමය තමයි මගේ පාසල. මුලින්ම කියන්න ඕනෑ මේ ලැබිලා තිබෙන හැමදේම ලැබිලා තියෙන්නේ පාසලෙන්. ලැබුණු අධ්‍යාපනය නිසා පාසලෙන් ලැබිලා තියෙන අත්දැකීම් එක්ක ජීවිතයේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණපාන්න පුළුවන් වුණා. පාසල් කාලයට ආයිමත් යන්න තියෙනව නම් කැමැතියි.

Model Field එකට එන්නේ කොහොමද..?
මම Model Field එකට එන්නේ Sri Lanka’s Next Top Model Pagent එක හරහා. ඊට කලින් අශාන්ගේ Music Video එකකින් තමයි එළියට ආවේ. ඊට අමතරව Photo Shoot කරලා තියෙනවා. හරියටම මේ ගැන දැනගත්තේ Pagent එකෙන්.

Pagent එකට apply කළේ කොහොමද..?
Pagent එක ගැන මම දැනගත්තේ ගිය අවුරුද්දේ boy’sලගෙන් win කරපු මල්කගෙන්. එයා මගේ යාළුවෙක්. එයාගෙ මාර්ගයෙන් තමයි මම Pagent එකට යන්නේ.

ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද..?
මම පොඩි කාලේ ඉඳලා Act කරන්න, Photo Shootවලට කැමැතියි. ඉතින් ඒ නිසා අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේමයි ආච්චිගෙනුත්. Pagent එකේ Audition යන්න පවා අම්මා තමයි එක්කගෙන ගියේ. ඒ වගේම ගෙදරින් අනෙක් අයට වඩා මට සහයෝගයක් ලැබෙනවා.

Pagent එකේ අමතක නොවන සිදුවීම් මොනවද?
Pagent එකේ අමතක නොවන සිදුවීම නම් එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. එකක් ගැන මතක් කළොත්, Pagent එකෙන් අපිව එක්කන් ගියා Che Adventure එකට. ඒකෙ අපිට තිබ්බා Fashion Show එකකුයි,Dancing Competition එකකුයි.Dancing Competition එකේ මගේ නැටුමේ Video එක Tik Tok හරහා ගොඩක් Viral ගිහින් තිබුණා.

Pagent වලදී එක එක ප්‍රශ්න බාධා එනවා. රොමායටත් එහෙම ප්‍රශ්න, බාධා ඇති වුණාද?
Pagent එකේ ඉද්දි නම් ජීවිතය එපා වෙන තරමටම බාධා ආවා. ඕනම මනුස්සයෙක් ඉස්සරහට යද්දී කැපිලි, කෙටිලි තියෙන එක සාමාන්‍ය දෙයක්. එකට ඉන්න අය පවා කපපු අවස්ථාද තිබුණා. කොච්චර කැපිලි ආවද කියනව නම් අපි හැමෝටම ආදරවන්තයන් ඉන්නවා. ආදර සම්බන්ධතා තියෙනවා. නවතිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගොඩක් කට්ටිය මාත් එක්ක එකට ඉඳලත් මගේ පරණ සම්බන්ධකම් තිබුණු අයගෙන් මගේ වැරැදි හොයාගෙන මාව වට්ටන්න ගොඩක් දේවල් කළා. මට ආපු හැම බාධාවක්ම මම මගේ ජීවිතයට ශක්තියක් කරගත්තා.

Win කරපු අවස්ථාවේ මොනවගේ හැඟීමක්ද දැනුණේ..?
Win කරපු අවස්ථාවේ මං ඇත්තටම දන්නෙ නැහැ මං දිනලා කියලා. Final Round එකට අපේ Number එක මාරු කරලා තිබ්බේ. ඒ නිසා දිනලා කියලා මගේ Number එක කිව්වට මං දන්නෙ නැහැ ඇත්තටම. මං ඉස්සරහ ඉන්න නංගිගෙන් ඇහුවා කවුද win කළේ කියලා. එතකොටයි මං දන්නෙ මමයි දිනලා තියෙන්නෙ කියලා. Crown කරන වෙලේ නම් මට සතුටට ඇඬුණා.

රංගන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්න අදහසක් තියෙනවද..?
අදහසක් නම් තියෙනවා. මම Drama 2ක වගේ Act කළා. මං ගොඩක්ම කැමැති රඟපාන එකට තමයි. නමුත් සමහරක් නාලිකාවලින් Field එකට එන්න තියෙන අයට Field එක එපා කරවනවා. ඒක තමයි ඇත්තම කතාව. අපිට දෙයක් දෙනවනම් අපෙනුත් පෙරළා දෙයක් බලාපොරොත්තු වෙනවා ඕනෑම දෙයකදි. ඒව නැති හින්දා මට ආශාවක් තිබුණත් යොමුවෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට එකකින්, දෙකකින් එපා වුණා. ඒත් හරියට වැඩක් හම්බවුණොත් මං ඒක බාර අරගෙන කරනවා.

රොමායට මෙතැනට එන්න උදව් කරපු පිරිසකුත් ඇති..?
මුලින්ම මං ස්තුතිවන්ත වෙනවා Photographer’sලට. ගොඩක් අය මගේ යාළුවෝ. නම් වශයෙන් කියන්න බැහැ. ඒ වගේම ගොඩාක් Salon වලින් Sponsor කරනවා. මේ වෙද්දි ඒ හැම Salon එකකටමත් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව ගොඩක්ම මං ස්තුතිවන්ත වෙනවා මගේ පෙම්වතා ඉමල් රණවකට. මොකද එයා නිසා තමයි මං හැමදේම දරාගෙන මං මෙතනට ආවේ. ඊට අමතරව හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට මේ ජයග්‍රහණයට උදව් කරපු.

ඉදිරියේදී මොනවද කරන්න හිතන් ඉන්නේ..?
මම සාමාන්‍ය විදියට Photo Shoot කරනවා. Music Video වලින් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ අවුරුද්දේ අග හරි, ලබන අවුරුද්දේ මුල හරි මම International Pagent එකකට යනවා. මේ දවස්වල ඒවට සූදානම් වෙනවා. ඉදිරියේදී වෙනස් වැඩ ටිකක් එයි.

ඡායාරූප සහ සටහන – කල්ප පීරිස්

SendShareShare
Previous Post

ඩීසල් නැත පෝලිම් ඇත රට යන අත බල හිතවත!

Next Post

ලංකාවේ ටුවරිසම් ප්‍රමෝට් කරන්න ආ සුද්දාට ලංකාව එපාවෙයි! වීඩියෝවක් කර ලංකාවෙන් පිටවෙන බව කියයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.