• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සන්ෆ්ලවර් සලාදෙන් සුපර්ස්ටාර්ස් වෙනසෙන් හැඩ වුණු නන්ස්ටොප් රැල්ල…

August 31, 2021
in Heart
Reading Time: 4 mins read
A A
සන්ෆ්ලවර් සලාදෙන් සුපර්ස්ටාර්ස් වෙනසෙන් හැඩ වුණු නන්ස්ටොප් රැල්ල…
Share on WhatsAppShare on Facebook

එදා නිතරම වෙනස් වුණා අද එක තැනමද?
සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා නොකළේ සංගීත ශිල්පීන් ඉතාම සුළු පිරිසක් විතරයි…

නන්ස්ටොප් කලාව රැල්ලක් බවට පත් කරන්න ප්‍රධාන වශයෙන්ම ඉහවල් වුණේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. 80 දශකයේ අග භාගයේදී ඒ රැල්ල පටන් ගත්තේ සලාදේ කැසට් පට මාලාව හරහා. ඇත්තටම සලාදේ ඒ දවස්වල තරුණ පරපුර උන්මාදයට පත් කළා කිව්වත් හරි. සලාදේ කැසට් පට මාලාව අදියර කිහිපයකින් නිකුත් වුණා. ජනප්‍රිය ගීතවල කොටස් ගායනා කරමින් පටන් ගත්ත සලාදෙට සන්ෆ්ලවර් විසින් විවිධ දේ එකතු කරලාත් තිබුණා. ඒ අතරේ කණ්ඩායමේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගායනා කළ ගීත කොටස් විශාල වශයෙන් ජනප්‍රිය වුණා.

සලාදේ රැල්ල අතරට මේරියන්ස්ලා කෑලි එකතු කළා. ඒ වගේම ඒ කාලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු සන්ෂයින්ලත් ඒ රැල්ල ඉදිරියට ගෙනියන්න තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒත් සන්ෆ්ලවර් වගේම අනිත් කණ්ඩායම් සියල්ලම ඒ වෙද්දි නන්ස්ටොප් සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ බයිලා සංගීතය විතරයි.

90 දශකයේ මැද භාගය වෙද්දි මේ නන්ස්ටොප් රැල්ලට තිබුණු ජනප්‍රියත්වය පොඞ්ඩක් අඩු වුණා. ඒකට හේතු වුණෙත් සන්ෆ්ලවර්. ඒ සන්ෆ්ලවර් සංගීතයට ගායක ගායිකාවෝ ගීත ගායනා කිරීමත් එක්ක. ඒ වෙද්දි ලංකාවේ ප්‍රබුද්ධ සංගීතයේ පෙරළිකාරයෙක් වුණු ගුණදාස කපුගේ සන්ෆ්ලවර් එක්ක කරපු ගීත එකතුව ආදායම් වාර්තා බිඳ හෙළමින් අලෙවි වුණා. එතැන ඉඳන් වසර කිහිපයක් යනතුරුම ඒක රැල්ලක් බවට පත් වුණා.

සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා නොකළේ සංගීත ශිල්පීන් ඉතාම සුළු පිරිසක් විතරයි. අපේ රටේ හිටිය දැවැන්ත ගායන ශිල්පීන්, ශිල්පිනියන් රාශියක් ඒ රැල්ලට එකතු වුණා. ඒ වගේම ඒ ගීත එකතු අතිශයින් ජනප්‍රිය වුණා. දිනෙන් දින ආදායම් වාර්තා අලුත් වුණා.

කැසට් පට කර්මාන්තයේ තත්ත්වය ඒ විදිය වුණත් නන්ස්ටොප් කලාව ඒ වෙද්දි ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අංගයක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාවේ අවසන් භාගයේ පැයක පමණ කාලය නන්ස්ටොප් සඳහාම වෙන් වෙලා තිබුණා. අදටත් ඒකේ වෙනසක් නැහැ.

නැවත වරක් නන්ස්ටොප් කලාව අපේ රටේ සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළේ 90 දශකයේ අග භාගයේදී. ඒ සුපර්ස්ටාර්ස් වෙනස හරහා. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ මුල් පෙළේ සාමාජිකයෙකු වුණු ඒ කාලේ ලංකාවේ දක්ෂතම ඩ්‍රම්ස් වාදකයා ලෙස හැඳින්වුණු මහින්ද සිල්වා තමයි සුපර්ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ.

සුපර්ස්ටාර්ස් වෙනස ඇත්තටම අපේ රටේ නන්ස්ටොප් කලාවේ සැබෑ වෙනසක් වුණා. ඒ වනතුරු බයිලා සංගීතයට පමණක් වෙන් වෙලා තිබුණු නන්ස්ටොප් කලාව එතැනින් එහාට අරන් ගියේ සුපර්ස්ටාර්. හැමෝම දන්න 8/6 සංගීත රිද්මය වෙනුවට රෙගේ, 4/4 වගේ රිද්ම නන්ස්ටොප් ගීත එකතුවලට ඇතුළත් කළේ සුපර්ස්ටාර්ස්. ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ හඬ අනුකරණය කරන්නත් සුපර් ස්ටාර් කටයුතු කළා.

මේ හැම දෙයක්ම හින්දා “සුපර්ස්ටාර්ස් වෙනසත්” රැල්ලක් විදියට පැතිරිලා ගියා. සුපර්ස්ටාර්ස් වෙනසෙත් ගීත එකතු කිහිපයක්ම නිකුත් වුණා. ඒ එක්කම නැවතත් නන්ස්ටොප් රැල්ල සංගීත වෙළෙඳපොළ අයිති කර ගත්තා. එතැනින් පස්සේ පර්පල් රේන්ජ්, සකුරා රේන්ජ්, සහරා වගේ සංගීත කණ්ඩායම් කිහිපයක්ම ඒ රැල්ල ඉදිරියට අරන් යන්න දායක වුණා. අජිත් මුතුකුමාරණ, චාමර වීරසිංහ, ඉඳුනිල් අන්ද්‍රමාන්න වගේ ගායන ශිල්පීන් ජනප්‍රිය වුණෙත් ඒ රැල්ල හරහා.

2000 වසරෙන් පස්සේ නව සහස්‍රය ආරම්භ වුණෙත් නන්ස්ටොප් රැල්ල ජනප්‍රිය වෙලා තියෙද්දි. ඒ වෙද්දි ඒ අතරට තවත් වෙනස්කම් එකතු වෙලා තිබුණා. ගායන ශිල්පීන් විසින් ගායිකාවන්ගේ හඬ ඒ අයුරින්ම අනුකරණය කිරීමත් ඒ වෙද්දි සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම කුඩා ළමයින් විසින් ගායනා කළ නන්ස්ටොප් ගීත එකතු කිහිපයක්මත් ඉතා හොඳින් ඒ දවස්වල අලෙවි වුණා.

ඒ එක්කම ප්‍රසංග වේදිකාවේ නන්ස්ටොප් රැල්ලත් ටිකක් වෙනස් වුණා. ප්‍රසංගය අවසානයේ ගායනා කරන බයිලා නන්ස්ටොප් එකට අමතරව තවත් නන්ස්ටොප් එකක් දෙකක් ප්‍රසංගය අතරට එකතු කරන්න සංගීත කණ්ඩායම් කටයුතු කළා. ඒ අතරට විවිධ තාලයන් මුසු කොට වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න ඔවුන් උත්සාහ කළා. ඒ වෙනස බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා.

එහෙම බැලුවම අපේ රටේ කර්මාන්තයක් විදියට සංගීතය පවත්වා ගෙන යන්න නන්ස්ටොප් කලාව ලබා දුන්නු දායකත්වය සුළුපටු නැහැ. රැල්ලක් විදියට පැතිර ගියත් ඒ අතරට විවිධ වෙනස්කම් එකතු කරමින් යම් කිසි වෙනස් අත්දැකීමක් ලබා දෙන්න සංගීත කණ්ඩායම් වගේම නිෂ්පාදකයනුත් ඒ හරහා කටයුතු කළා.

අදටත් නන්ස්ටොප් කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අංගයක්. ඒත් අද වෙද්දි සංගීත කලාව කර්මාන්තයක් විදියට වෙනස් වෙලා තියෙනවා. ඒ කාලේ වගේ කැසට් පට, සංයුක්ත තැටි අද වෙද්දි නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ හරහා ලංකාවේ සංගීතයට වෙනස් දේවල් එකතු වෙන එකත් නැවතිලා තියෙනවා.

ඒත් ප්‍රසංග වේදිකාව හරහා ඒ වෙනස ලබා දෙන්න අපේ රටේ සංගීත කණ්ඩායම් ලොකු උත්සාහයක් දරනවා. පර්පල් රේන්ජ්, ෆ්ලෑෂ්බෑක් වගේ අත්දැකීම් බහුල සංගීත කණ්ඩායම් වගේම සහරා ෆ්ලෑෂ්, ඕල් රයිට්, සීරියස් වගේ සංගීත කණ්ඩායම් අදටත් නන්ස්ටොප් කලාවෙන් හොඳට වැඩ ගන්න ආකාරය ප්‍රසංග වේදිකාවෙදි දකින්න පුළුවන්.

ප්‍රසංග වේදිකාවේදී පටි ගත කළ ගීත ඉන් පසුවත් අහන්න දකින්න පුළුවන්. අදටත් පොදු ප්‍රවාහනයේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ ඒ වගේ ගීත. ඒත් වසර ගණනාවක පටන් ඒකාකාරී විදියට තමයි ප්‍රසංග වේදිකාව ක්‍රියාත්මක වෙන්නේ. කර්මාන්තයක් විදියට දිගින් දිගටම සංගීත නිර්මාණ එළි දැක්වුණා නම් මේ තත්ත්වය මීටත් වඩා වෙනස් වෙලා තියෙන්න තිබුණා. එහෙනම් මේ තරගය මීට වඩා වැඩි වෙන්න තිබුණා. මීට වඩා වෙනස් අත්දැකීම් අහන්න දකින්න තිබුණා. නන්ස්ටොප් රැල්ල මීට එහා ඉමකට යන්න ඉඩ තිබුණා.

අදටත් නන්ස්ටොප්වලට බොහෝ අය ආසයි. ඒ ආසාව නැති නොකර එයට අලුත් වෙනස්කම් එකතු කරන එක කලාකරුවන්ගේ වැඩක්. සංගීත කණ්ඩායම් සාමාජිකයන් ඒ දේ තේරුම් ගන්නවා නම් තවත් කාලයක් යන තුරු නන්ස්ටොප්වලින් වැඩ ගන්න ඉඩ ලැබේවි.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මියගියවුන්-ආසාදිතයන් සිහිකර සිකුරාදා සවස 6.06ට හැම ගෙයකම පහනක් දල්වමු! සජබෙන් විශේෂ ප්‍රාර්ථනා පූජාවක්! (VIDEO)

Next Post

කොරෝනා හැදුණු දරුවන්ට තවත් ලෙඩක්! රිජ්වේ එකට දරුවන් බාරගැනීමටවත් ඉඩකඩ නැති වෙයි!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.