• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශ්‍යාමා තමයි චණ්ඩියා! Sri Lanka Latest News

February 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ශ්‍යාමා තමයි චණ්ඩියා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ පින්තූරේ ඉන්නේ ශ්‍යාමා ආනන්ද. ශ්‍යාමා ආනන්ද කියන්නේ හැත්තෑව දශකයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටවල රඟපෑ අතිශයින්ම ජනප්‍රිය තරුණ නිළියක්. ශ්‍යාමා කවදාවත් නිළියක ලෙස ඒ කිසිම චිත්‍රපටයක පෙම් චරිත රඟපෑවේ නැහැ. මල්ගස් වටේ දිව්වෙත් නැහැ. ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු එම්.එස්. ආනන්ද කියන්නේ ශ්‍යාමා ආනන්දගෙ තාත්තා. ඔහු තමන්ගේ දුවව සිනමාවට ගෙනාවේ ‘ප්‍රවේසම් වන්න’ ෆිල්ම් එකෙන්. එතකොට ඇගේ වයස අවුරුදු 10යි. ‘ප්‍රවේසම් වන්න’ ෆිල්ම් එකේ ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගේ ප්‍රවීණයෝ රඟපෑවත් ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත්වුණේ ශ්‍යාමාගේ ඩබල් ඇක්ටින් එකයි ඇගේ තාත්තාත් ඒක දැනගෙන හිටියා. හැබැයි තමන්ගේ දුවව ඉස්සරහට දාලා සල්ලි හම්බ කරන කලාවක් එම්.එස්. ආනන්දගේ හිතේ තිබුණේ නැහැ. Sri Lanka Latest News

ඒකට හොඳම නිදර්ශනය තමයි ශ්‍යාමා ඇගේ තාත්තා හදන ෆිල්ම්වල විතරක්ම රඟපාපු එක. හැත්තෑ ගණන්වල බොක්ස් ඔෆිස්කාරයෝ ශ්‍යාමාව දාලා පෙරළිකාර චිත්‍රපට හදන බලාපොරොත්තුවක හිටියත් ඇගේ තාත්තා ඊට අවසර දුන්නේ නැහැ.

නව යෞවනියක වූ ශ්‍යාමා 76, 77, 78 අවුරුදුවල ඇගේ නමින් චිත්‍රපට පෙළක රඟපෑවා. චණ්ඩි ශ්‍යාමා නමින් නිර්මාණය වූ ඒ චිත්‍රපට සියල්ල බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමා තිබුණා. ඒ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගන්න තාලෙට නිර්මාණය කළේ එම්.එස්. ආනන්දයන්. ‘හලෝ ශ්‍යාමා’ චිත්‍රපටයේ ඈ කරට කර හරිහරියට රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එක්කයි. ඒ තාත්තයි දුවයි විදියටයි. ඇගේ සුන්දර රුවින් සිනමා පත්තර වගේම කාන්තා පත්තර සරසන්නත් කර්තෘවරු එක පොරයට සැදීපැහැදී සිටියා.

ඔන්න ඔය අතරේ ටිකක් වෙනස් කතන්දරයක් ප්‍රසිද්ධ වුණා. ඒ තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ පද්මිණී සේනාරත්නගේ චරිතයට ශ්‍යාමාව තෝරාගැනීම. සුමිත්‍රා, ශ්‍යාමාගේ තාත්තගෙන් ඇය පද්මිණීගේ චරිතය වෙනුවෙන් ඉල්ලා සිටියා. සුමිත්‍රාට කොහොම බැහැයි කියන්නද? තාත්තා දූට අවසර දුන්නා. ඒකත් අමුතු පෙරළිකාර චරිතයක්. ඈ අතිදක්ෂ ලෙස එය හැසිරෙව්වා. ඕ.සී.අයි.සී. සම්මානත් ලැබුණා. හොඳම ළමා නිළිය ලෙස ‘ප්‍රවේසම් වන්න’ චිත්‍රපටයට ඈ එදා දීපශිකා සම්මාන ලැබුවා. ළමා කාලයේම ජනප්‍රිය වූ නිසා ඇයව බේබි ශ්‍යාමා යන නමින්ද එකල හැඳින්වූවා.

කොහොමත් රංගනය ගැන උණක් ශ්‍යාමාට තිබුණේ නැහැ. ජනප්‍රිය නිළියක වීමේ ආශාවෙන් කූපන දාන මේනියාවක් ඇයට තිබුණේ නැහැ. ජෝඩු විලාසිතාවට රඟපාලා තිරයේ ජනප්‍රියම පෙම්වතිය වෙන්න පිපාසයක් ඇයට තිබුණේ නැහැ. අඟපසඟ නිරාවරණය වෙන ඇඳුමක් ඇඳලා කවර් පේජ් එකක්වත් ඇය කවදාවත් කළේ නැහැ.

ඒත් හැත්තෑව දශකයේ බයිස්කෝප් පිස්සන් අතර ඈ අතිශයින්ම ජනප්‍රිය වුණා. ඈ රඟපෑ ‘ශ්‍යාමා චිත්‍රපට පෙළ’ බොක්ස් ඔෆිස් රෙකෝඩ් තිබ්බා. බලාගෙන යනකොට ‘ශ්‍යාමා ආනන්ද’ කියන්නෙත් අමුතුම ටයිප් එකක බ්‍රෑන්ඩ් එකක් නේද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? රටම ගැස්සුණු උසාවියෙ වෙඩි හඬ දිගේ ‘මව්රට’ කරන විශේෂ හෙළිදරව්ව! Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ දුලානි හැපි එකේ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.