• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගෙ ජීවිතේ වටිනම කෙනා සචින්!

October 9, 2024
in Heart
Reading Time: 3 mins read
A A
මගෙ ජීවිතේ වටිනම කෙනා සචින්!
Share on WhatsAppShare on Facebook

දුෂේනි මියුරංගි, ඈ හැඩකාරයි. දක්ෂයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඒ වගේම ඈ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිහින් අවසානයි කියලා කියන්න ඕනෙත් නෑ. ඒ කොටින්ම කියනවා නම් දුෂේනි මියුරංගි ගැන හැමෝම හැම දේම දන්නවා. (Sri Lanka Latest News)

එහෙම නම් ඉතින් දුෂේනි ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙමද?
ඇයි නැත්තේ. දුෂේනි වගේ හිට් වෙච්ච තරුවක් ගැන හොයන්න මොන තරම් ඕපාදූප තියෙනවයි කියලද?

ආරංචියක් තියෙනවා. දුෂේනියි සචිනුයි හෙට අනිද්දම මැරි කරන්න යනවා කියලා. ඒ දෙන්නගේ ආදර කතාව හරිම සුන්දරයි. හැබැයි සමහරු කියනවා සචින්ට වැඩිය හොඳ කෙනෙක් දුෂේනිට හොයාගන්න තිබුණාය කියලා. සචින් ශලනි තාරකා එක්ක යාළුවෙලා හැම තැනම රට රටවල ගිහින් රෝන්දේ ගැහුවලු. ඉන් පස්සේ ශලනි කෝටිපති හස්බන්ඩ් කෙනෙක් හොයාගත්තට පස්සේ සචින්ව අතහැරියට පස්සෙලු එයා දුෂේනිව හොයාගෙන ආවේ…
දුෂේනි මොනවද ඒ කටකතා ගැන කියන්නේ? දුෂේනිට ඒවා ගැන වගක් නැහැ. ඈ කියන්නේ සචින් තමයි තමා හොයපු හොඳම ලයිෆ් පාට්නර් කියලයි. සචින් හරිම අන්ඩස්ටෑන්ඩින්ලු. බ්‍රෝඩ් මයන්ඩඩ්ලු. ඒ වගේම ඔහුගේ ආදරය හරිම කූල් කියලත් දුෂේනි කියනවා. ඒ වගේම එයා කොතැනකදී හරි කියලා තිබුණා තමන්ගේ රංගන හැකියාව ගැන සචින් අගය කරන අවස්ථා අඩුයි කියලා. එයා එහෙම කියලා තිබුණේ ‘සිහින නෙළුම් මල්’ ෆ්‍රෙෂ් ෂෝ එක දවසෙයි. එහෙම කියන්න හේතුව,

‘කොහොමද දුෂේනිගේ රඟපෑම්…?’ කියලා එදා ප්‍රසන්ටර් කෙනෙක් අහපු ප්‍රශ්නයට සචින් සැහැල්ලුවට හිනාවෙලා ‘හොඳයි කියලා තනි වචනයකින් උත්තර දුන්න නිසාලු. ඉන් පස්සේ යූටියුබර් කෙනෙක් ඒ සීන් එක අල්ලගෙන,

‘සචින් ඔයාව වැඩිය අගය කරන්නේ නැත්තේ ඇයි?’ කියලා ඇහුවලු.
‘සචින් බොරුවට මූනිච්චාවට වචන නාස්ති කරන කෙනෙක් නෙවෙයි. එයා හොඳයි කිව්වා කියන්නේ ඉතින් ඒක තමයි දෙන හොඳම අගය කිරීම. මට ඒ ටික හොඳටම ඇති’ කියලා දුෂේනි උත්තර දුන්නලු. ඒත් ඔය සීන් එක අල්ලගෙන අපේ ගොසිප් කට්ටිය කතාවක් අරන් ගියා. දුෂේනි ‘සිහින නෙළුම් මල්’ එකේ හේමාල් එක්ක රඟන රොමැන්ටික් සීන් දැකලා සචින්ට හරි ජෙලස් හිතිලලු. ඒ හින්දයි අර විදියට ඔහේ යන්තමට ‘හොඳයි’ එකක් දුන්නේ කියලා.
ඉතින් ඒ කතාව ඇත්තක්ද?

ඒක නම් දන්නේ නැහැ. ඉතින් කොහොමත් ඒ රොමැන්ටික් ආලිංගනය දැක්කම ඕනෙම ලවර් කෙනකුට ජෙලස් හිතෙනවා තමයි. කොහොම නමුත් නුදුරේදී එක පවුලක් වෙන්න ඉන්න දුෂේනි-සචින් පෙම්වතුන් ලව් බර්ඩ්ස්ලා වගේ සෝෂල් මීඩියාවල සැරිසරන්නේ. එයාලා යන එන තැන් ගැන හැමෝටම ඉඟි දෙන ගමන්මයි. ඒ අතර දුෂේනි සටහනක් මුදාහැරලා තිබුණා. අම්මට තාත්තට පස්සේ එයාට මුණගැහුණු වටිනාම කෙනා සචින් කියලා. තවත් කතාවක් මෙතැනදී මතක් වෙනවා. ඒ තමයි දුෂේනි කියලා තිබුණා දවසක් ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් එක්ක සුබවාදී යැයි හිතෙන සමහර කරුණු කාරණා හරියටම හරි යනකල් ගෙදර අයට විතරක් කියන්නේ, ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා.

තවත් ටිකක් විස්තර කරනවා නම් ප්‍රවීණ නිර්මාණකරු ආචාර්ය සෝමරත්න බාලසූරිය ‘සිංහබාහු’ චිත්‍රපටයේ සිංහ සීවලීට තමාව තෝරගත්ත බව ඇය මාධ්‍යයට දුන්නේ බොහොම පරිස්සමට කල්යල් බලලලු. ඒ කියන්නේ සුබ කාරණා හරියටම හරියනතුරු ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ කියන මිථ්‍යාව තුළ ඈ තදින් ඉන්නවා.

ඒත් ඈ සචින් සමග තියෙන පෙම් පලහිලව්ව නම් මුල ඉඳලම ප්‍රසිද්ධ මාධ්‍යයට දුන්නා. ඒකට හේතුව සචින්ව හෝ ඔහුගේ ආදරය තමාට කවදාකවත් අහිමිව යන්නේ නැහැ කියන විශ්වාසය එයා තුළ මුල ඉඳලම තිබුණා. ඔව්. ඒ ලස්සන ආදරයට දුෂේනි-සචින් ආදර අන්දරයට ඇස්වහක් වදින්න එපා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මානසික පීඩනය නිසා දැන් දරුවො තුන්දෙනෙක් උස ගොඩනැගිලිවලින් බිමට පැනලා සියදිවි හානි කරගත්තා! ඔබේ දරුවාගේත් මේ වගේ පුංචි පුංචි වෙනස්කම් පේන්න තියෙනවාද? වහාම මේ උපදෙස් පිළිපදින්න! 1926ට කතා කරලා උපදෙස් ගන්න! නැත්නම් ඊළග ගොදුර ඔබේ ආදරණීය දරුවා වෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

විජයට කලින් ජෝති මළොත් ජෝතිගේ මළගෙදරට නොයන්න විජය තීන්දු කරලයි හිටියේ!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.