‘පරම් සුන්දරී’ දවස් 12ක් ඇතුළත කෝටි 70කට ආසන්න ආදායමක් උපයා දෙයි…’Sri Lanka Latest News
මේ දවස්වල ඉන්දියානු සමාජ මාධ්‍ය ඔස්සේ එකසිය ගානට සංසරණය වන ගොසිප් එක එහෙමත් නැත්නම් හිට්ම නිවුස් එක ඒකය.
දවස් 12කට කෝටි 70ක් සති දෙකක්වත් නැතිව ඒ තරම් ලොකු ආදායමක්. සත්තකින්ම එය බොක්ස් ඔෆිස් වාර්තාවකි. සමාජ මාධ්‍ය හරහා මේ ආරංචිය හනුමන්තා ගිනි තිබ්බ තාලෙට පැතිර යන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ සහ ජාන්වී කපූර්ගේ අලංකාර පින්තූරයක්ද සමගය.
ඒ කියන්නේ ජාන්වී දිනුම්ද?
ඔව්. බොහෝ විචාරකයන් අනුමාන කරන්නේ ජාන්වී දිනුම් කියාය. මාපිය තරු විලාසිතාවට ජාන්වී බොලිවුඩයට පය තැබුවේ 2018 අවුරුද්දේ ‘දඩක්’ සිනමා පටයෙන්ය. නමුත් ‘දඩක්’ තුළින් නමක් තැබීමට ඇයට නොහැකි විය. ඊට සමගාමීව තවත් චිත්‍රපට දෙක තුනකම රඟපෑමද ජාන්වී පරාද විය. තාත්වික රංගනයක් තුළ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවිය තරමටම සොඳුරු නර්තනයක යෙදුණද ඇගේ සියලු නිර්මාණ බිඳ විටිණි. සුන්දර රුවැති ළාබාල තරුණියක වූ ඈ මහත් සිත් තැවුලට පත්ව වසර ගණනාවක් යනතුරුම රංගනයෙන් ඈත්ව සිටියාය. බොනී කපූර්ද මෙම කාරණය හමුවේ කලකිරීමටත් ශෝකයටත් පත්විය.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තුෂාර් ජලෝටා ජාන්වීට එහෙම ශෝක වන්නට වැඩි කාලයක් ඉඩ තැබුවේ නැත. මඩොක් ෆිල්ම්ස් සමග ගිවිසුමකට මැදිවූ ඔහු, දිනේෂ් විජාන් සමග එක්ව අලංකාර ප්‍රේම කතාවක් මවා කඩවසම් කොල්ලෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග ජාන්වී කපූර්ව දමා නැටුම් ගැයුම් සටන් කොමඩි එකට එක්ව තියෙන ටොප් මලයාලම් නිර්මාණයක් කර තිබිණි. රූගත කිරීම් අතරතුරත් චිත්‍රපටය නිමාවේදීත් පළමු නැවුම් දර්ශනය නරඹන විටත් තුෂාර් ජලෝටා ඇතුළු ප්‍රඩක්ෂන් ටීම් එකටම හැඟුණු එකම එක කාරණයක් විය.
ඒ, ජාන්වී කපූර් තුළින් ශ්‍රීදේවියගේ හැඩය සහ රංගන ශෛලිය නැවත උපන් බවකි.
ඔව්. අනිවාර්යයෙන්ම ඒ ශ්‍රීදේවියම විය. ‘පරම් සුන්දරී’ නරඹන්න පොරකමින් එක්වන ප්‍රේක්ෂකයන්ටද එය එලෙසම සිත්හි සටහන්ව තිබිණි. පරම් සුන්දරී නැරඹූ ඔවුන් ජාන්වීගේ ඉන්ස්ටර්ග්‍රෑමයේ තැබූ බොහෝ සටහන්වල ඒ අදහස ගැබ්ව තිබිණි. ‘පරම් සුන්දරී’ දවස් 12ක් ඇතුළත කෝටි 70ක් මඩොල් ෆිල්ම් සමාගමෙහි සේප්පුවලට දැමුණේද එනිසා වන්නට ඇත.
ජාන්වීට වගේම බොනී කපූර්ටද ප්‍රේක්ෂකයන් එහෙම හිතන එක අපූරුම සතුටක් විය.
කොහොම නමුත් ජාන්වී බොලිවුඩය ජයගන්නා නිමිත්ත පහළ කොට තිබිණි.
මල්මි කෞශල්‍යා











