• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
in Heart
Reading Time: 5 mins read
A A
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Share on WhatsAppShare on Facebook

කටකාර දඟකාර දුවල, පැනල ඉන්න කෙනෙක් මම…
මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන…
මට අසාධාරණය පෙන්නන්න බැහැ…
කියන්න තියෙන දේ මම මූණටම කියනවා…

2017 වසරේ ‘හිරු අවුරුදු කුමරිය’ ලෙස අභිෂේක ලබා රංගනයට එකතු වුණු දඟකාර, කටකාර රුවැත්තියක් වූ ඇය නමින් පූජනී භාග්‍යා. හුස්මක් තරමට, අපි අපේ, නාඩි, අසංවර වැස්සක් හරහා තව තව ප්‍රේක්‍ෂකයන් අතරට සමීප වුණු ඇගේ මේ දවස්වල ආගිය තොරතුරු ගැන දැන ගන්න පූජනීට ‘මව්රට’ හාට් වෙතින් ඇරයුම් කළා…

ඉතින් පූජනී සුපුරුදු ප්‍රශ්නයම අහන්නම්. මේ දවස්වල මොකද කරන්නේ..?
මේ දවස්වල ඉතින් රටේ තත්ත්වෙත් එක්ක හැමෝටම වගේ ප්‍රශ්නනේ. අපිත් ඉතින් හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. මේ තත්ත්වෙත් එක්ක අපිට එදිනෙදා තියෙන ගොඩක් වැඩ කල් ගිහිල්ල තියෙනවා. ඒ විතරක් නෙවෙයි අලුතින් පටන් ගන්න තියෙන නාට්‍ය පවා පටන් ගන්න බැරුව ගැටලු ගොඩකට මුහුණ දීලා තියෙනවා. හැබැයි පුළුවන් විදියට ජීවිතේ ගැටගහගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ අවුරුද්දේ වැලන්ටයින් ජයයි කියලා ආරංචියි..?
අපිට එහෙම වැලන්ටයින් ජයයි කියල දෙයක් නැහැ. ඒක විශේෂ දිනයක් නෙවෙයි අපිට. මේ පාර යම්කිසි බ්‍රෑන්ඩ් එකක ප්‍රමෝෂන් එකක් නිසා අපිට යොට් එකක සවාරියක් යන්න අවස්ථාවක් ලැබුණා. මම, ගයාන් අයියා, තව සඳනි, ප්‍රියත්, මාදව හා එයාගෙ වයිෆ් ඒ වගේ ප්‍රසිද්ධ කිහිප දෙනෙක් ගියා. ඒකත් එක්ක එළියට ආපු ෆොටෝස් වීඩියෝස් එක්ක තමයි මං හිතන්නේ ඔය ප්‍රශ්නෙ අහන්න ඇත්තෙ. ඒක අපේ රාජකාරියත් එක්ක සම්බන්ධ වුණු එකක් විතරයි. ඒ ඇරෙන්න විශේෂ දෙයක් නැහැ. ඇත්තටම වැඩේ ඉවරවෙලා අපි ගෙදර ආවා.

පූජනී, ‘හිරු අවුරුදු කුමරිය’ ලෙස තමයි ඔබව ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ. ඒ තුළින් ජීවිතයට ලැබුණු අත්දැකීම් මොනවගේද..?
‘හිරු අවුරුදු කුමරිය’ කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යයක් කියන්න පුළුවන්. හැබැයි 2018 ‘හිරු අවුරුදු කුමරිය’ වෙන්න කලින් නිර්මාණ ගොඩකට සහභාගි වෙලා තිබුණා. මොකද මං මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ අවුරුදු 13දී ‘දරුවනේ’ චිත්‍රපටය හරහා. ඒත් පූජනී කියල කෙනෙක් ඉන්නව කියන එක මිනිස්සු අතරට ගියේ ‘හිරු අවුරුදු කුමරිය’ හරහා. මට ආදරේ කරන පිරිසක් මුණගැහෙන්නෙ එතැනින්.

පාසල් කාලේ වගේම පූජනී තවමත් දඟකාරියක්ද..?
පාසල් කාලයේ තරම්ම නැහැ. හැබැයි ඒ දඟකාරියම තමයි. ඒක කතා කරද්දි වුණත් කෙනෙක්ට තේරෙනවනෙ. ගොඩක් කටකාරයි. හරි ක්‍රියාශීලීයි. ඕනෑම තැනක දුවල, පැනල ඉන්න කෙනෙක් මං. සාමාන්‍යයෙන් මට වරදක් කළා හෝ නැතා මං එක්ක තකා කරන ඕනෑම මනුස්සයෙක් එක්ක මං කතා කරනවා. ඒ මගේ හැටි. සමහර වෙලාවට යාළුවොත් එක්ක රණ්ඩු කළාම මට ඉක්මනින් ඒවා අමතක වෙනවා. උදේ රණ්ඩු කළොත් හවස් වෙද්දි ඒක නැහැ. ඉස්කෝලෙ යන කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනෙ. පිරිමි ළමයි එක්ක ගහගන්නව, රණ්ඩු කරනව. දැන් ඉතින් ඒ වගේ දේවල් නැහැ.

ඒ නිසාද පිරිමි ළමයින්ට ගහලා අම්මාට එන්න කියලත් තිබ්බෙ..?
ඔව් ඉතින්… පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙනව පොඩි පොඩි දේවල්වලට. සමහර තැන්වල කේන්ති යනව. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ළමයෙක්ට ගහල අම්මලව ඉස්කෝලෙට ගෙන්නල තියෙනවා. අදටත් එයාලා යාළුවෝ ඉතින්. දැන් හමුවුණත්, නැතත් අදටත් එයාලා එක්ක සතුටෙන් ඉන්නව හමුවුණාම කතා කරලා.

නිතරම තරහා යන නිසා පූජනීට අවාසිවෙලා නැද්ද..?
අවාසි වෙලා තියෙනවා. තරහකාරයෝ හැදිලා තියෙනවා. තරහ යනවාමත් නෙවෙයි ඒක. ඒ වුණාට මට අසාධාරණය පෙන්නන්න බැහැ. කොහේදි වුණත් කෙනෙක් මට අයුතු යෝජනා ගේනවනම්, අනවශ්‍ය විදියට හැසිරෙන්න හදනවා නම් මගේ හිත රිදෙන දෙයක් වෙනව නම්, මට අසාධාරණයක් වෙනව නම් ඒ වෙලාවට මම ඒක හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා කියන්න තියෙන දේ මම මූණටම කියනව. මට මුලින් හිතෙන්නෙ නැහැ ඒක කිව්වම ඒ කෙනාගෙ හිත රිදෙයිද කියලවත්. කිව්වට පස්සෙ තමයි ඒක හිතෙන්නෙ. එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒ නිසා වෙන්න ඇති මට තරහ යන ගතිය තියෙනව කියල තේරෙන්නෙ. ඒ නිසා මිනිස්සු මං එක්ක අවුල් වෙනවා. ඒව තමයි මට තියෙන අවාසි.

මේ Field එකේදි ඔබට මුණගැසුණු විශ්වාසවන්ත පුද්ගලයා කවුද..?
ෆීල්ඩ් එකේ මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන. ඒ ඇරෙන්න ෆීල්ඩ් එකේ මට හොඳම යාළුවෙක් විදියට ගැහැනු ළමයෙක්වත් නැහැ. යාළුවෝ කිහිපදෙනෙක් ඉන්නව. ඒත් ලොකේෂන් එකකදී හමුවුණාම ආශ්‍රය කරනවා විතරයි. හැබැයි දැනට මට විශ්වාසවන්තම කෙනා ගයනා ගුණවර්ධන.

ගයාන් ගුණවර්ධන කියන්නේ පූජනීගේ පෙම්වතා කිව්වොත්..?
එක එක අය එක එක දේවල් කියනව. ඉතින් පෙම්වතා කියනවා. යාළුවා කියනවා. සහෝදරයා කියනවා. එක එක ඒව කියනවා. හැබැයි මම හිතනවා ඒ ගැන කතා කරන්න හොඳම වෙලාව දැන් නෙවෙයි අනාගතේ කියල. දැනට අපි එතැනට ප්‍රශ්නාර්ථයක් තියමු. අනාගතේ ඒ ගැන කතා කරනවා කියල පොරොන්දු වෙනව මං.

ගුවන් හමුදාවට එකතු වෙන්න ආශාවෙන් හිටපු පූජනී ඇයි රංගනය තෝරා ගත්තේ..?
මුලින්ම මතක් කරන්න ඕනෑ මම 1 වසරේ ඉඳන් 5 වසර වෙනකන් ගියේ කෙරවලපිටියෙ විද්‍යාලෝක මහා විද්‍යාලයට. 5 වසර ශිෂ්‍යත්වය පාස්වෙලා මම යනව 2009දී කැලණියෙ ගුරුකුල විද්‍යාලයට. වැඩියෙන්ම සමීප පාසල තමයි ගුරුකුල විද්‍යාලය. පොඩි කාලෙ ඉඳන්ම ක්‍රීඩාවට යොමුවෙලා හිටියෙ නිසා මං පාසලේදී ගොඩක් ප්‍රසිද්ධයි. ස්පෝටර් කිව්වොත් පූජනී තමයි. ඉතින් ඒකත් එක්ක පොඩි කාලෙ ඉඳන් කැමැත්ත තිබුණේ ගුවන් හමුදාවට යන්න.Airforce Officer කෙනෙක් වෙන්න තමයි කැමැත්ත තිබුණෙ. හැබැයි ‘හිරු අවුරුදු කුමරිය’ වෙනවත් එක්ක ඒ හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. bridal shootsවලට කතා කරනව. මියුසික් වීඩියෝවලට, ඩ්‍රාමාවලට කතා කරනවා. ඒ ඔක්කොමත් එක්ක අර තිබුණු අදහස මගේ ඔළුවෙන් නැතිවෙලා ගියා. මොකද මම දන්නව මට ඒ දෙකම බැලැන්ස් කරන්න බැහැ කියල. මොකද රංගන ශිල්පිනියක් කියන්නේ රූපය පවත්වාගෙන යන්න ඕනෑ. ඒ වගේ දේවල් එක්ක මට අනෙක් පැත්තත් බලන්න අමාරු නිසා ගුවන් හමුදාවට යන එක අතහැරලා රංගන ශිල්පිනියක් වෙනව කියන එක තෝරාගත්තා.
ඔබට හිතිලා නැද්ද මේ Field එකෙන් ඔබට එන විවේචන එක්ක කලාවෙන් සමුගන්න..?
ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්නෙ බොහොම වටිනවා. මුල්ම කාලයේ මට විවේචන ගොඩක් ආවා. ඒ විවේචන කරන මිනිසුන්ට අපි වැරැද්දක් කරලා නැහැ ඇත්තටම. ඒ මිනිසුන්ව අපි දැකලත් නැහැ. අඳුරන්නෙත් නැහැ. තරහකුත් නැහැ. ඒ මොනවත් නැතුව විවේචනය කරනව. ඒ නිසා මුල්ම කාලයේ මට හිතිල තියෙනව අයින් වෙන්න ඕනෙ මට මේක බැහැ කියල. දැන් මං ඒ දේවල්වලට හැඩගැහිලා ඉවරයි. විවේචන කියන දේවල් සාමාන්‍යයි. ඒවත් තියෙන්න ඕන. එතකොට තමයි අපි ජීවිතේ තව අඩියක් ඉස්සරහට යන්නෙ.

වාසනාව හා ලැබීම විතරක් ජීවිතය ජීවත් කරවන්න ඇති කියලා පූජනී හිතනවද..?
නැහැ… කොහෙත්ම නැහැ. වාසනාව හා ලැබීම විතරක් තිබුණට මදි. තමන්ගේ උත්සාහය හා කැපවීම තියෙන්න ඕනෙ. වාසනාව හා ලැබීම කියන දේ විතරක් තිබිලා කවදහරි ඒක අපිට නැති වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ. අනිවාර්යයෙන්ම අපිට උත්සාහය, කැපවීම කියන දේ තියෙන්න ඕනෙ. තමන් ළඟ මොකක් හරි ටැලන්ඩ් එකක් තියෙනව නම්, තමන් ඒ දේට දක්‍ෂයි නම්, උත්සාහය, කැපවීම තියෙනවා නම් තමන්ට වාසනාව හා ලැබීම කියන දේ නිකන්ම එනව.

වර්තමානයේ නිර්මාන තුළින් පූජනීව වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ…?
එක කාලයක මම ටෙලිනාට්‍ය හතරක හෝ පහක හිටිය. එක දිගට රූගත කිරීම්වලට යනව. ඒ කාලෙ ඇත්තටම මට ලොකු මානසික පීඩනයක් තිබුණ. ඒ දවස්වල උදේ පාන්දර 4-5ට අපිව ට්‍රාන්ස්පෝට් එකෙන් අරගෙන යනවා. ඊට පස්සෙ දවසම උදේ ඉඳන් රෑ වෙනකන් අව්වෙ කට්ට කාගෙන ඉන්නවා. රෑ 10-11 වෙනව ගෙදර එද්දි. ඊට පස්සෙ ආයෙ පාන්දර අරගෙන යනව. එහෙම එකදිගට වුණා. ඊට පස්සෙ දින පැටලිලා ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒවට මුහුණ දෙද්දි මටම ඒවා මානසික වධයක් වුණා. ඒ නිසා කල්පනා කරලා ටික කාලයක් යද්දි නාට්‍ය ටික අඩුකරගත්ත. දැන් මගේ එක ටෙලිනාට්‍යයක්වත් විකාශනය වෙන්නෙ නැහැ. ඒ ඔක්කොම අයින් කරල දැන් අලුත්ම ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. පෙනුමත් පොඩි වෙනසක් කළා ඒක නිසා. ඉදිරියේදී අලුත්ම නිර්මාණ දෙකකින් බලාගන්න පුළුවන් මාව. තව ‘ශීතාග්නි’ කියල ටෙලිනාට්‍යයක් රූගතකිරීම් කරල අවසන් වුණා. ඒකත් ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. ඒ ඇරෙන්න වැඩවලින් අයින්වෙලා නැහැ. ටිකක් සීමා කළා විතරයි.

පූජනී රංගනයෙන් දායක වුණු වැඩිම ජනප්‍රියත්වයට පත්වුණු Music Video එක මොකක්ද..?
මං හිතන්නෙ Youtube එකේ වැඩිම Views ගියේ නිලාන් හෙට්ටිආරච්චි අයියගේ ‘ලෙලෙනා’ සින්දුව. සංදේශ් බණ්ඩාර තමයි වීඩියෝ එක කළේ. හැබැයි ගොසිප් එකක් විදියට ජනප්‍රිය වුණේ ගයාන් ගුණවර්ධනගේ ‘ඔබ වෙනුවෙන්’ ගීතය. මොකද ඒ වීඩියෝ එකෙන් තමයි ගොඩක් අය අපි ගැන කතා වුණේ. ඒ නිසා වැඩිම ජනප්‍රිය වුණු මියුසික් වීඩියෝ එක ඒක වෙන්න ඕන.

Lovers Lane ගැන මොකද හිතන්නේ?
ඒකෙන් තමයි මං මුලින්ම Presenter කෙනෙක් වෙන්නෙ. මගේ ජීවිතේ අලුත්ම අත්දැකීම තමයි ඒක. සති අන්තයේ ‘සිරස ටීවී’ එකේ විකාශනය වෙන්නෙ. ආදරය විරහව ගැන තමයි ඒකෙ කතා කරන්නෙ. චාට් ෂෝ එකක් වගේ යනව. කට්ටියට පුළුවන් අපිට කතා කරන්න. එයාලගේ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න.

අවසාන ප්‍රශ්නය. පූජනී හිතන විදියට වර්තමානයේ කලාවට තිබෙන තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද..? හේතු මොනවද..?
ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. පෞද්ගලිකව ඒ ගැන සතුටු වෙන්න අමාරුයි. දැන් තියෙන වාතාවරණයත් එක්ක කොහොමත් හැමෝටම අමාරුයි. මුලින්ම මේ තියන තත්ත්වය අපි නිරාකරණය කරගෙන ඉන්න ඕන. ඊට පස්සෙ තමයි අපිට මේ ප්‍රශ්නය ගැන හිතන්න වෙන්නෙ. අනාගතයේදී හරි අපි යම්කිසි දේවල් ගොඩනඟාගෙන හැම පැත්තක් ගැනම සතුටු වෙන්න පුළුවන් විදියෙ වාතාවරණයක් අපිම නිර්මාණය කරගමු කියල හිතලා හිත හදාගන්නවා.

සටහන සහ ඡායාරූප – භාෂණ වික්‍රමාරච්චි

SendShareShare
Previous Post

වර්ජනයට තර්ජනයක්! විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි! ජනපති හදිසි ගැසට්ටුවක් ගහයි!

Next Post

රනිල් ඇවිත් රැම්බෝ වගේ වැඩේ දෙයි කියලා හිතුවා! අනේ එයා ඇවිත් රාජපක්ෂලා ටික බේරගත්තා ඔච්චරයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.