විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අතර විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලිබල ඉංජිනේරුවන් විසින් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට නියමිතව ඇත.