• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොටු පනින්න ආසයි…! මං පොලිසියට යන්න හිටියේ… ! දැන් ලව් එකට අවුරුදු හතයි…! හිරුෂාන් හෙට්ටිආරච්චි I Sri Lanka Latest News

January 25, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කොටු පනින්න ආසයි…! මං පොලිසියට යන්න හිටියේ… ! දැන් ලව් එකට අවුරුදු හතයි…! හිරුෂාන් හෙට්ටිආරච්චි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරස නාලිකාවේ “කොටු” ටෙලිය හරහා “නිසල්”ට පණපොවන ඔහු ජීවිතයේ නිහඬ ප්‍රේමවන්තයෙකි. ජීවන වේදිකාවේ ආචාර්යවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ගතකරන ඔහු මංගල ගමන ආරම්භ කරයිද? නැතිනම් කලා කේෂත්‍රය තුළ දිගු ගමනක් යන්න සුදානමින්ද? අඩුවක් නැතුව ඒ හැම දේම දැනගන්න, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන හිරුෂාන් හෙට්ටිආරච්චි සමග කතාබහක් ආරම්භ කරන්නයි ‘මව්රට’ අපේ මේ සුදානම.

හිරුෂාන් කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ මේ මොහොත හොඳින් විඳගෙන වැඩ ටිකත් කරගෙන ඉන්නවා. ඒ වගේම ටෙලිනාට්‍ය තුනකට රංගනයෙන් දායක වෙනවා. සින්ටෝ, කොටු, දෙවෙනි ඉනිම. ඒ වගේම තමයි වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා සහ වේදිකා නාට්‍ය ගීතයකටත් රංගනයෙන් දායක වෙනවා.
නාලිකා තුනක චරිත තුනක්. ඉතින් හිරුෂාන් වැඩිපුරම කැමැති චරිතය මොකක්ද?
පොදුවේ මම එක වගේ තුනටම කැමැතියි. හැබැයි දැන් මේ දවස්වල මං කැපවෙලා වැඩ කරනවා කොටු එකේ නිසල්ගේ චරිතයට. මගේ පෞද්ගලික ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස් චරිත තුනක් තමයි මට ලැබිලා තියෙන්නේ.
චරිත තුනම සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස් නම් හිරුෂාන්ගේ සාමාන්‍ය ජීවිතය ගැනත් කියමු?
ඇත්තටම මං හරිම නිශ්ශබ්ද චරිතයක්. වැඩ ටික පාඩුවේ කරගෙන ඉන්න චරිතයක්. සින්ටෝ නාට්‍යයේ චරිත්ගේ චරිතය ටිකක් මගේ ජීවිතයට සමානයි. හැබැයි මං මැරි කරලා නෑ. සින්ටෝ එකේ චරිත් මැරි කරලා.

ඉතින් හිරුෂාන් ප්‍රේමවන්තයෙක්ද?
ඔව්. ප්‍රේමවන්තයෙක්. කැම්පස් කාලේ ඉඳන් ආදරේ කරන්නේ. දැන් අවුරුදු හතක් වගේ. එයා මගේ පහළ බැච් එකේ.
එහෙනම් ළඟදි මැරි කරයි?
මැරි කරන්න අදහසක් තියෙනවා. ඉතින් බලමු. කාලයට භාර කරමින් මගේ රංගන කටයුතු කරන ගමන් ඉදිරියේදී විවාහ ජීවිතයට එළඹෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
දැන් පුංචි තිරයෙන් සිනමාවට යන්න කාලෙ හරි. චිත්‍රපටවලට අවස්ථාවක් ලැබුණේ නැද්ද?
චිත්‍රපට දෙකක පොඩි කොටස්වලට සම්බන්ධ වුණා. හැබැයි තාම සිනමාවේ ප්‍රධාන චරිතයක් කරන්න ආරාධනාවක් ලැබුණේ නෑ. ඉතින් මට ඉදිරියේදී ආරාධනාවක් ලැබුණොත් චරිතෙ කොහොමද බලලා මට කරන්න පුළුවන් නම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
හිරුෂාන් පාසලක ආචාර්යවරයෙක්. කොහොමද වෘත්තීන් දෙකක් කරන්නේ?
ඇත්තටම පුදුම විදිහට බැලන්ස් කරගෙන කරනවා. හරිම දුෂ්කර වැඩක්. මොකද අනිවාර්යයෙන්ම මම වෘත්තියට කැපවෙන්න ඕනේ. මම මූලිකත්වය දෙන්න ඕනේ. ඒවගේම මම රංගනයටත් මූලිකත්වය දෙන්න ඕනේ. ඇත්තටම මේ දෙක බැලන්ස් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හැබැයි මම කොහොම හරි කරනවා.
හිරුෂාන්ට පෙම්වතියගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති නේද?
ඔව්. එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා සහ එයාගේ පවුලෙන් සහ අපේ පවුලෙන් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා කැමැති නැහැ රඟපාන චරිත නිසා අපේ පෞද්ගලික ජීවිතයට ගැටලු ඇතිවෙනවට. මාත් එහෙමයි. නළුවෙක් වුණාම ඕනෙ චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබැයි මං නිතරම හිතන්නේ මට කරන්න පුළුවන්ද සුදුසුද නැද්ද කියලා බලලා මං චරිතයක් තෝරගන්නේ. හැබැයි මේ කාරණය එකිනෙකට සාපේක්ෂයි. ඉතින් ඒ නිසා කොහොමත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
පෙම්වතියටත් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්?
රඟපාන්න අවස්ථාවක් ලැබෙනවාට ඇත්තටම මගේ අකැමැත්තක් නෑ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මට පහළ බැච් එකේ හිටියේ. ඉතින් එයා නර්තනය මූලිකව තමයි අධ්‍යාපන කටයුතු කළේ. දැන් එයා උපාධිය අරගෙන අපේ කැම්පස් එකේම නර්තනය සම්බන්ධ බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. එයාට ටෙලිනාට්‍යවලට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ලොකු නැඹුරුවක් තිබුණෙත් නෑ. ඉදිරියේදී සම්බන්ධ වීමට ආරාධනාවක් ආවොත් තෝරා බේරගෙන මගෙනුත් දේවල් අහලා කරන්න ඉඩ තියෙනවා. එයාගේ පෞද්ගලික ආසාවක් තියෙනවා වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න. ඉතින් ඉදිරිය කොහොම වෙයිද කියලා අපි බලමු.

ඉන්දු ජයවර්ධන

SendShareShare
Previous Post

පන්දු යවන්නේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර! පන්දුවට පහර දෙන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස! මෙන්න පන්දුව යොමු කළා..! ඉහළින් පුල් පහරක් එල්ල කරනවා..! අලංකාර හයේ පහරක්! මේ දැන් පන්දුව ඩීප් මිඩ්විකට් කලාපයට ඉහළින්ම ඇදීගියා..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෝඩයා මාර්ටින් වික්‍රමසිංහද? ටියුෂන් ගුරු තමීරද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.