• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවදාවත් නැටිල්ල නම් නවත්තවන්නේ නැහැ…

November 18, 2021
in Heart
Reading Time: 4 mins read
A A
කවදාවත් නැටිල්ල නම් නවත්තවන්නේ නැහැ…
Share on WhatsAppShare on Facebook

අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ…
කොහොමත් මම දඟකාර චරිතයක්…

මේ දවස්වල ටෙලිනාට්‍යවලට වසන්ත කාලය උදාවෙලා. මේ උදාවුණු වසන්ත කාලයත් එක්ක පිපෙන මල් හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ එලෙස පිපුණු සුන්දර මලක් ගැන. මේ දිනවල විකාශය වන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවුණු ‘පූජා’ චරිතය නිරූපණය කරන මෙනුරි පෙරේරා තමයි මේ පිපුණු මල් අතර තවත් මලක් වෙලා තියෙන්නේ. ඇගේ සුන්දරත්වය ගැන ඔබට කියන්නටයි මේ සූදානම…

මෙනුරි ඉතින් කොහොමද..?
හොඳින් ඉන්නවා…

දැන් ඔබව ප්‍රේක්‍ෂකයන් ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘පූජා’ ලෙසට. ඒ ගැන කියමුකෝ බලන්න?
මෙනුරි පෙරේරා කියන මාව රටක්ම දැනහඳුන ගත්තේ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘පූජා’ චරිතය නිසයි. ඇත්තටම මම හිතුවාටත් වඩා ‘පූජා’ට වගේම මටත් ආදරය කරන්න පටන් ගත්තා. මගේ රඟපෑම හොඳයි කියලා හැමෝම කියනවා.

‘පූජා‘ වගේම ඔබත් දඟකාරද?
ඇත්තටම ‘පූජා’ තුළ මට අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. හරිම පහසුවෙන්, සරලව මම රඟපෑවා. ‘පූජා’ වගේම තමයි මමත් දඟකාර, සරල ජීවිතයක් ගෙවන කෙනෙක්.

මෙයට කලින් මෙනුරිට ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාව ලැබුණද?
ඔව්… මම ‘පිපෙන මල්’ ටෙලිනාට්‍යයට කලින් රඟපෑවා. තුෂාර තෙන්නකෝන් අයියාගේ ‘රාවණ සීසන් – 3’ ටෙලිනාට්‍යයේ. නමුත් එයට කලින් ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය විකාශය වුණා. මේ ටෙලිනාට්‍ය දෙකම තුෂාර අයියා තමයි අධ්‍යක්‍ෂණය කරන්නේ. ඉතින් ඔහු සමග මම මෙයට කලින් වැඩ කළ නිසා ගොඩාක් පහසු වුණා රඟපෑමේ කටයුතු කරගෙන යන්න.

ඔබේ පෙම්වතානේද ඔබව රංගන ශිල්පිනියක් කිරීමට උත්සාහ කළේ?
මගේ පෙම්වතා තමයි නරේන්ද්‍ර හේරත්. ඔහු නැත්නම් මට මේ අවස්ථාව නැතිවෙන්න පුළුවන්. ඔහුත් ටෙලිනාට්‍ය කිහිපයකම රඟපානවා. මේ ටෙලිනාට්‍යයේ ‘චමික’ගේ චරිතය රඟපාන්නේ ඔහු.

අද කාලේ පෙම්වතුන් කැමැති නැහැ පෙම්වතිය රඟපානවට. ඒත් නරේන්ද්‍ර, මෙනු රඟපෑමට යොමුකිරීමට විශේෂ හේතුව?
ඇත්තටම මේ ක්‍ෂේත්‍රයට තම පෙම්වතිය යොමුවෙනවාට ගොඩාක් පෙම්වතුන් කැමැති නැහැ. එහෙම අකැමැති වෙන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔහු මගේ දක්‍ෂතාවය දැනහඳුනාගෙන මට ඉදිරියට එන්න ගොඩාක් උදවු කරන එක මට ගොඩාක් සතුටුයි.

ඔහු සමගත් රඟපාන්න නාට්‍යයේ අවස්ථාව ලැබුණද?
තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් ගොඩාක් සතුටුයි. හැබැයි ඉතින් එතකොට මෙයට වඩා ලස්සනට අපි දෙන්නා රඟපායි.

මෙනුරි දක්‍ෂ නර්තන ශිල්පිනියක්. දැන් නර්තනයෙන් ඉවත් වෙනවාද?
අපෝ කවදාවත්ම නැහැ. අපේ පවුලේ අයවත්, මගේ පෙම්වතාවත් කැමැති නැහැ මම නර්තනයෙන් ඉවත් වෙනවාට. රංගනය මට වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳිමින් මගේ දක්‍ෂතාවයෙන් ඉදිරියට යනවා. හැබැයි තාවකාලිකව නර්තනයෙන් සමුගන්නවා.

ඔබ විදේශීය රටවල ප්‍රසංග වේදිකාව හැඩවැඩ කළා. ඒ අත්දැකීම කොයි වගේද?
ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, මොස්කම් වැනි රටවල ප්‍රසංග සඳහා මම සම්බන්ධ වුණා. විවිධ අත්දැකීම් ලැබුණා. දැන්නම් මට ඒ දේවල් මතක නැහැ. ඒ තරමට සුන්දර මතක සටහන් ගොඩාක් තියෙන නිසා.

ඔබ දෙදෙනාගේ ඒ සුන්දර ආදර කතාව ගොඩනැඟුණු හැටි දැනගන්න කැමැතියි?
චන්දන වික්‍රමසිංහ සර් ළඟ ඩාන්සින් ඉගෙන ගන්න කාලයේ තමයි මට ඔහුව මුලින්ම හමුවුණේ. ඒත් ආයතනයක් තුළ එහෙම සම්බන්ධකම් තියාගන්න බැහැනේ තිබෙන විනයත් එක්ක. එයින් ඉවත් වුණාට පස්සේ තමයි අපි ආදරය කරන්න පටන් ගත්තේ.

නරේන්ද්‍රගේ ඔබ දැකපු විශේෂත්වය..?
ඔහු කාටවත් ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවේ. හැමෝටම ඔහු ගැන නොතකා උදවු කරන ගති ලක්‍ෂණ ඔහුට තිබෙනවා. ඒ වගේම අවංක, නිහතමානී චරිතයක්. හැබැයි ඉතින් සමහර අවස්ථාවල උදවු කරන්න ගිහින් පසුතැවෙන්නත් ඔහුට සිද්ධවුණු අවස්ථා තියෙනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ෆයිසර්-ඇස්ට්‍රාසෙනිකා ගහපු ඕස්ට්‍රේලියානුවන් 19,000කට අතුරු ආබාධ! වන්දි ඉල්ලා 10,000ක් පැමිණිලි කරලා!

Next Post

සිරිල් ගාමිණී පියතුමා මඩවනවාද? කාවින්ද අහපු ප්‍රශ්නෙට ජොනී දුන් උත්තරේ! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.