• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
in Heart
Reading Time: 12 mins read
A A
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Share on WhatsAppShare on Facebook

මගේ දේශපාලනය තනිකරම නිර්පාක්‍ෂිකයි…
හැබැයි තරහක් නම් නැහැ…
රන්ජන්ගේ තීන්දුව තනිකරම අසාධාරණයක්…
රඟපෑම ගැන මෙලෝ හසරක් මම දැනගෙන හිටියේ නැහැ…
මම Love කරන සීන් නෙහාරා බලන්නේ නැහැ…

නළුවකු වීමේ හීනය නොදැකපු ඒත් නොසිතූ විදියට නළුවකු ලෙස සාර්ථක වූ කලාකරුවන් හොලිවුඩය, බොලිවුඩය තුළ වාගේම ශ්‍රී ලාංකේය කලා ලෝකය තුළද අතේ ඇඟිලි ගණනට අඩුවෙන් හෝ සොයා ගන්නට බැරිකමක් නැත. මේනක රාජපක්‍ෂද හීන නොදැකම ජනප්‍රිය නළුවකු වූ සුපිරි ටෙලි තරුවකි. ‘මුතු කිරිල්ලී’ ටෙලි කතාවට ඇලුම් කළ අයකු එහි ‘අනුපම’ ලෙස රඟපෑ මේනක රාජපක්‍ෂට ඇලුම් නොකළා නම් එය පුදුමය. ඒ පුදුමය… තවදුරටත් තහවුරු වන්නේ.., මේනක 2009 සිට 2011 දක්වාම වසර තුනක්ම එක පිටම ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා සම්මානය සිය දෝතට ගන්නට සමත් වූ නිසාය. ටෙලි තිරයේ පෙම්වතා විදියට Romantic රංගනයක යෙදුණු මේනක හිටිඅඩියෙම දුෂ්ටයාට අඳින්න ගත්තත් ඔහුට තියෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයේ එකම එක ආංශු මාත්‍රයක් හෝ අඩු වුණේ නැහැ. ‘ජනප්‍රියත්වය’ කියන්නේ කලාකරුවකුට ‘ලක්’ එකක්.., පුදුමය කියන්නේ ‘අග්නි පියාපත්’ ටෙලියේ නැහැදිච්චම දුෂ්ට චරිතයක් කරලත් මේනකට ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය වුණා. විශේෂයෙන් තරුණ කාන්තාවො සහ ගැටිස්සියෝ. ඒ සියල්ල අතර ඔහු අධ්‍යක්‍ෂණයටත් මැදිවුණා. ආරංචියේ හැටියට නම් මේනකගේ හිතේ කලාකරුවකු විදියට තව තව සැලැසුම් කිහිපයක්ම තියෙනවලු. ආරංචිවල තියෙන සත්‍ය අසත්‍ය හොයනවාට වඩා මේනක ගැන තොරතුරු මේනකගෙන්ම අහල දැනගන්න එක වැඩිය හොඳ නිසා දසහකුත් එකක් කටයුතු අස්සේ හිරවෙලා හිටිය ඔහුගෙන් විනාඩි ගණනක විරාමයක් මේ විදියට ඉල්ලා ගත්තේ බොහොම අසීරුවෙනුයි. කා සමගත් හුඟාක්ම සුහද… සරල නිහතමානී, ඒ සොඳුරු කලාකරුවාගේ කතාබහයි මේ ඇරැඹෙන්නේ.

කොහොමද මේනක ඉතින් ඔන්න අපි ඔයාව කොහොමින් හරි කොටුකර ගත්තා..?
අනේ ඔව්… මේ දවස්වල නම්… හුස්මක්, කටක් ගන්න ඉඩ නැති තරම්. හැබැයි මම කිසිම දවසක මාධ්‍යයට බොරු කරන්නෙ නැහැ. මාධ්‍ය මගහරින්නේ නැහැ. ඔබ අර කිව්වා වාගෙම කොහොම හරි මාව කොටුකර ගන්න ඔවුනට ඉඩ සලස්වනවා.

දේශපාලන විෂය තුළ වඩාත්ම ක්‍රියාකාරී නිසා වෙන්න ඇති ඔයා මේ තරමට කාර්යබහුල වුණේ..?
දේශපාලනය කිව්වට මගේ දේශපාලනය තනිකරම නිර්පාක්‍ෂිකයි. ඒ දේශපාලන මතයට කොළ, රතු හෝ නිල් කියන පාට, ජාති හෝ එහි නායකයන් මූලික වී නැහැ.

රන්ජන් රාමනායකව නිදහස් කරන්නට පෙරමුණ ගෙන සිටින්නෙත් නිර්පාක්‍ෂිකවද..?
සහතිකවම ඒ හැඟීමත් නිර්පාක්‍ෂිකයි. ඔහුගේ දේශපාලන මතයන් මට අදාළ නැහැ. රන්ජන් අයියා කියන්නේ හරිම හැඟීම්බර සුන්දර මිනිහෙක්. ජනප්‍රිය කලාකරුවෙක්. සිනමාව තුළ, ටෙලි කලාව තුළද ඔහු කාගෙත් හිත දිනාගත් සුන්දර චරිතයක්. මුණගැසෙන තැන කොතැනද… එතැනදී එක විනාඩියක් හෝ ළඟට ඇවිදින් කොහොමද මල්ලි ඉතින් සැප සනීප කියල අහන තරමට ඔහුගේ සහෝදරත්වය හරිම නිහතමානියි. එච්චරට සුන්දර මිත්‍රයෙක්ව, කලාකරුවෙක්ව මේ විදියට සිරගත කොට තිබීම කොහොමටවත් අනුමත කරන්නට බැහැ.

මේනක ඔයා කියන්නෙ රන්ජන්ව සිරගත කිරීම අසාධාරණ තීන්දුවක් කියලද..?
මෙහෙමයි… අධිකරණයට අපහාස කළා නම් එය වරදක්. ශ්‍රී ලාංකේය සිනමාවේ විතරක් නෙවෙයි… ජාත්‍යන්තරව ගත් කළද හැම කලා ක්‍ෂේත්‍රයකම වාගේ අධිකරණයට අපහාස කලාය කියන වරදට ඕනෑ තරම් ජනප්‍රිය පුද්ගලයන්ව සිරගත කර තැබුවා. නමුත් ඒ සිරගත කිරීම් බොහෝ විට සීමා වූයේ මාස කිහිපයකට පමණයි. වසර තුන, හතරකට රන්ජන් අයියාගේ දඬුවම දීර්ඝ වීම තුළ ඇත්තේ තනිකරම අසාධාරණයක්. මේක ඇවිදින් පළිගැනීමේ චේතනාව මත කළ පහත් ක්‍රියාවක්. මා ඇතුළුව රන්ජන් අයියාගේ නිදහස වෙනුවෙන් සටනට බැහැලා ඉන්න හැම කලාකරුවෙකුම ඔහු වෙනුවෙන් වෙහෙස වෙන්නේ එය අසාධාරණයක් නිසයි. කොහොම නමුත් අපි හැමෝගෙම වෑයම රන්ජන් අයියාට ජනාධිපති සමාව ලබාදීමයි.

ජනාධිපතිතුමා රන්ජන් වෙනුවෙන් ඒ අස්සන ගසාවි යැයි ඔයා හිතනවද මේනක..?
බලමු… අපට හැකි උපරිමය අපි කරනවා. උත්සාහය මොහොතකටවත් අතහරින්නේ නැහැ.

ඔබ ‘ගෝඨා ගෝ ගම’ වෙනුවෙන්ද සහාය දක්වන කලා ශිල්පියෙක්..?
ඔව්… ‘ගෝඨා ගෝ ගමට’ සහාය දක්වන්නේද මම වෙනත් පක්‍ෂයක් හෝ නායකයෙක් මුල්කොට නෙවෙයි. එතැන තියෙන්නේද නිර්පාක්‍ෂික හැඟීමක් විතරයි. මොකද… කලාකරුවන්ය යන පිළිගැනීම මත අපද යමක් කළ යුතු යැයි යන හැඟීම මත මමද අරගලයට සහාය දැක්වූවා.

හොඳයි අප මදකට දේශපාලනයෙන් බැහැරව යමු. මෙතැන ඉඳන් කතාබහට එක්වන්නේ මේනක රාජපක්‍ෂ නම් ප්‍රවීණ ජනප්‍රිය කලා ශිල්පියා..?
ප්‍රවීණ සහ ජනප්‍රිය කියලා විශේෂණ දැම්මේ ඔබ. මම හිතන විදියට නම් තවමත් මම ඔය කියන තරම් පොරක් නෙවෙයි.

ඒ ඔබේ නිහතමානීකම සහ සරල බව… අපි එයට ගරු කරනවා..?
හොඳයි… මේනක රාජපක්‍ෂ කියන කලා ශිල්පියා වෙනුවෙන් ඔබ හදාගත්ත ප්‍රශ්න ටික ඉදිරිපත් කරමුකො බලන්න එහෙනම්.

පළමු ප්‍රශ්නය, මේ දවස්වල කලා කටයුතු එහෙම කොහොමද..?
‘ම්ම්…. මගේ දෙවන අධ්‍යක්‍ෂණය වූ ‘ගුග්ලි’ ටෙලි ඩ්‍රාමා එක අවසාන වුණා. එය ඉතාම සාර්ථක අවසානයක් වූ බවට එන පණිවුඩ අහලා මම සතුටට පත්වූ බව කිව යුතුයි. ඒ අවසානයත් සමග තුන්වැනි ටෙලියේ අධ්‍යක්‍ෂණය සඳහා සූදානම් වෙනවා. ඒ මගේ අධ්‍යක්‍ෂණය කියන විෂයෙහි තොරතුරුයි. රංගනය පැත්තෙන් ගත්තොත්.., ‘රැල්ල වෙරළට ආදරෙයි ළංවී’ සහ ‘රේස්’ යන ටෙලිනාට්‍යවල රූගත කිරීම්වල නිරත වෙනවා. ඒ අතර එරංග සේනාරත්න අධ්‍යක්‍ෂණය කරන්නට ලකලැහැස්ති වන ‘පිරිමි ආදරයක්’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායකවීමට ආරාධනා ලැබිලා තියෙනවා. රංගනය සහ අධ්‍යක්‍ෂණ කටයුතු ඒ විදියට සිදුවන විට ‘ප්‍රඩක්ෂන් හවුස්’ එකක් නිර්මාණය කිරීමේ මෙහෙවරකටද චිත්‍රාල් ද මෙල් යන අය සමග හවුල් වී ඒ පිළිබඳ කටයුතුවල දුවනවා, පනිනවා.

පොරක් නෙවේ යැයි ඔබම කිව්වාට… මහ ගොඩක් වැඩවලට ඔබ අතගහලා මේනක..?
මම අභියෝගවලට කැමැතියි… හරි යයිද… වරදියිද කිය කියා තැවෙනවට වඩා අභියෝගයට මුහුණ දෙන්න මම බොහොම කැමැතියි. ඒ හින්දා මොනවා හෝ යමක් කරන්න උත්සාහ කරන කලාව මා තුළ හැමදාමත් තියෙනවා.

ඔබ හීන දැක්කේ පිහිනුම් ශූරයකු වීමටයි. නළුවකු වීමේ එක අංශු මාත්‍රයක් ඒ හීනයේ තිබුණේ නැහැ…?
ඔව්… අදටත් මම සමහර මොහොතක හිතනවා ‘කොහොමද මම මේ කලා ලෝකයට ආවේ’ කියලා. ස්විමින් ක්‍රීඩකයකු ලෙස මම ජාත්‍යන්තරයට පවා ගිය කෙනෙක්. සාමාන්‍යපෙළින් පසුව මම ස්වීමින්වලට තිබුණු හැකියාව දියුණුකර ගැනීමේ මෙහෙවරක නියැළෙන්න ගත්තා. ඒ අතරවාරයේ කායවර්ධන අභ්‍යාසවලද නිතර යෙදෙන්න ආස කළා.

ඔය සියල්ල අතරට නළුවකු ආවේ කොහොමද..?
ඒක අහම්බයක්… දවසක් මම කායවර්ධන අභ්‍යාසවල යෙදී සිටින අතරතුර බෙල්ජියම් ජාතික නිර්මාණකරුවකු මට කතා කළා ඔහු නිෂ්පාදනය කරන සිංහල ටෙලිනාට්‍යයේ රඟපාන්න.

ඒ ආරාධනය ගැන ඔබට අමුත්තක් දැනුණා..?
කිසිම හැඟීමක් දැනෙන අවකාශයක් එතැන තිබෙන්නට තරම් කාලයක් ගතවුණේ නැහැ කිව්වොත් හරි. මොකද මම ඒ මොහොතෙම එය ඉතා කාරුණිකව ප්‍රතික්‍ෂේප කළා.

ඉරණම් නියමයට බොරු කරන්න බැහැ, ඔහු ඔබව ලෙහෙසියෙන් අතහැරියෙ නැහැ..?
ඒකනෙ… රංගනය ගැන කිසිම අවබෝධයක්, ආශාවක්, උනන්දුවක් නැති මම… ඔබ අර කිව්වා වාගේ නළුවෙක් හීනයක් අංශු මාත්‍රයක්වත් හිත් කොනක නොතිබුණු මම කොහොමද කියන්නකෝ ඒ ආරාධනය බාර ගන්නෙ. කොහොම හරි බෙල්ජියම් ජාතිකයා දෙවැනි වතාවට මට පොඩි පෙරැත්තයක් කරන්න ආවේ මගේ පුහුණුකරු රනිල් ගුණසේන මහතා හරහායි.

ඒ පෙරැත්තයට ඔබ ටිකක් විතර මෙල්ල වුණා..?
පෙරැත්තය ඔහු කළේ මාව එතැනට ඇදලා ගන්න විදියට. මම ඔහුට කිව්වා රඟපෑම ගැන මෙලෝ හසරක් මම දන්නෙ නැහැ… කොහොමද ඉතින් මම නළුවෙක් වෙන්නෙ කියලා. එතකොට එතුමා මට කිව්වා… ඔබ දන්නවද මේනක, නළුවෙක් වෙන හැඟීමක් හිත කොනකවත් නොතිබුණු අය තමයි අද සම්මානනීය නළුවන් වෙලා ඉන්නේ කියලා. රංගනය ගැන කිසිවක් නොදැන රංගනයට ඇවිදින්ම එය ඉගෙනගන්න එකත් ‘හොඳ ත්‍රිල්’ එකක් කියා, මගේ පිටට තට්ටුවක් දාලා ඔහු මට නැවැත කිව්වා… ‘If you are an Actor do not Act’ අන්න ඒකයි මේනක මගේ මතය කියලා.

එතැනිනුයි මේනක ඔබ ‘සඳ මුදුනට’ ටෙලිනාට්‍යයට අවතීර්ණ වුණේ..?
ඔව්… ‘බෙල්ජියම් ජාතික නිර්මාණකරු සනීෆා වෙල් (Saneefa well) අර විදියට රංගනය ගැන ඔහුගේ මතය ගැන රසවත්ව කතා කරන කොට මට හිතුණා උත්සාහ කරල බලන්න. ඒ වගේම අභියෝගයක් විදියට එය බාරගන්න මට හිතුණා. මගේ පුහුණුකරු රනිල් ගුණසේන මහතාද මට කිව්වා… ‘මේනක රංගනය ට්‍රයි කරල බලන්න කියලා… ඔහු එහෙම කිව්වේ ක්‍රීඩාව කියන විෂය තුළ ශ්‍රී ලංකාවේ කවදා වුණත් ස්විමින්වලට තැනක් තිබුණෙ නැති නිසයි… ඇත්තටම කියනව නම් සමහර ජාත්‍යන්තර තරගවලට අපි සහභාගි වුණේ අපේම වියදමින් ටිකට් එක හදාගෙනයි. අන්න එවැනි කලකිරීම් තුළද හිටපු නිසා මම ‘සඳ මුදුනට’ ටෙලි ඩ්‍රාමා එක බාරගත්තා.

නිකමට කරල බලමු කියන තීරණය තුළ පැමිණි ඔබට ආයෙම එයින් යන්න වුණේ නැහැ මේනක..?
ඔව්… සනීෆා වෙල් කියන ඒ අපූර්වතම නිර්මාණකරු ඔහුගේ දෙවැනි ටෙලිය වූ ‘ජීව චක්‍ර’ සඳහාද මාව තෝරා ගත්තා.

එතැනින් පසුවන ඔබ ටෙලි කලාවේ සොඳුරු පෙම්වතාගේ චරිත හරහා අතිශයින් ජනප්‍රිය වුණා..?
ඒ පෙම්වතාගේ චරිතයට එන්න කලින් මම සනීෆා වෙල් මහත්තයාගේ වැඩමුළු කිහිපයකට සහභාගි වුණා. එතැනදී රංගනය, තිර රචනය, අධ්‍යක්‍ෂණය යන හැම විෂයක් ගැනම ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමේ භාග්‍යය උදාවුණා. ඒ කාලය තුළ දැනුම, අවබෝධය වාගෙම සතුට, විනෝදය සමග ආශ්වාදයද අපට ලැබුණා. කලාව කියන්නේ කොයිතරම් නම් රමණීය, සුන්දර ඉසව්වක්ද කියන හැඟීම මට හරි තදින් දැනෙන්න ගත්තා.

ඔබ තුළ ලැගුම්ගෙන සිටි පිහිනුම් ශූරයා ඔබව හැරදමා යන තරමට ඒ හැඟීම ආත්මීක වුණා..?
අනේ ඔව්… පිහිනුම් ශූරතාව අමතක වෙන තරමට කලාව තුළ මම රසවතකු වූ බව කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

අද මේ මොහොතේ දැනෙනවාද ඔබට කලාවට පයතැබූ එක තෘප්තිමත්ය කියා..?
සත්තකින්ම එය අතිශයින්ම තෘප්තිමක් හැඟීමක්. ඒ වගේම මා තුළ මුල්බැසගත් පිහිනුම් ශූරයා අද සැඟව ගියත් මම ඔහුටද තවමත් ප්‍රිය කරනවා.

කොහොමත් ඔබට ඇවිටිලි කළ බෙල්ජියම් ජාතිකයා නොවන්නට මේනක රාජපක්ෂ කලා ශිල්පියෙකු නෙවෙයි..?
කිසිවිටෙකවත් එහෙම නම් නළුවෙකු නෙවෙයි. මම නළුවෙකු ලෙස අද ඉන්න තැන කොතැනද එහි පළමු ගෞරවය ඔහුට සපුරා හිමිවිය යුතුයි.

මුතු කිරිල්ලි, සිටු මැඳුර සහ අමන්දා තුළින් ඔබ ලද ජනප්‍රියත්වය අසීමිතයි..?
ඔව්… අහම්බෙන් නළුවකු වූ මට ප්‍රේක්‍ෂකයන් මා නොසිතූ තැනකට මාව අරං ආවා. ඇත්තටම එහෙම එල්ලයක්, බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ කිව්වොත් ඒක හරි.

නොකඩවා වසර තුනක් ජනප්‍රිය නළුවා වෙන තරමට ප්‍රේක්‍ෂක උන්මාදය ඔබට හිමිවුණා..?
ඔව්… මම ඒ වෙනුවෙන් හැමදාමත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

ගාමිණී – මාලනි වාගේ ඔබවත් නෙහාරාවත් ජෝඩු විලාසිතාවට දකින්න ඔවුන් ප්‍රිය කළා..?
එහෙම කලාවකුත් ඒ දවස්වල තිබුණා තමයි… ඒ කලාවට මුල්වුණේ ‘මුතු කිරිල්ලි ටෙලිනාට්‍යයයි. සමාධි සහ අනුපමගේ සොඳුරු ආලය තුළින් අමන්දානන්දයට පත්වූ ඔවුන් නිතර අපි දෙන්නාව පෙම්වතුන් විදියට දකින්න උත්සාහ කළා මං හිතන්නෙ.

එවැනි අසීමිත ඉල්ලුමක් තියෙන සමයකයි ඔබත් නෙහාරත් රංගනයට ආයුබෝවන් කියා විදෙස්ගත වුණේ..?
ආයුබෝවන් කිව්වේ නැහැ… ඒක තාවකාලික සමුගැනීමක්. ඇත්තටම මටත් නෙහාරටත් හිතුණා තව මොනවා හෝ දෙයක් අපේ ජීවිතවලට අවශ්‍යයයි කියලා. මගෑරිච්ච මොකක්දෝ යමක් හොයා යන්න අපට හිතුණා. ඒ සිතුවිල්ලෙ අවසානය වුණේ අපිම හරිහම්බ කරගත් මුදලින් යමක් ඉගෙනගත යුතුය කියන හැඟීම ළඟ අප නතර වුණු එකයි… ඒ නතරවීම තුළ ‘රී ෆ්‍රෙෂ්’ (refresh) වීමේ අවශ්‍යතාවයකුත් තිබුණාය කිව්වොත් ඒක බොරු නෙවෙයි.

ඒ ගමන තුළ ඔබට මගහැරුණු දේ ගැන පසුතැවීමක් නැතිද..?
නැහැ… එහෙම පසුතැවීමක් නැහැ… ඒ කියන්නෙ, රැකියාවකුත් කරලා අධ්‍යාපනයක් ලබන අතර අපි ඇමෙරිකාවේ ‘Film Industry’ එකකට ඇතුළු වෙලා කලාව කියන විෂය තුළ බොහෝ දේ තව තව හැදෑරුවා. ඒ වාගේම එහි හැම අධ්‍යාපන ආයතනයකම කලාව සහ රංගනය යන විෂය යටතේ හැදෑරිය යුතු මාස ගණනක පාඨමාලාවක් තියෙනවා. එතැනදීද මම සහ නෙහාරා ලබාගත් දැනුම විශාලයි.

විදේශගතව සිට පැමිණියත් ප්‍රේක්‍ෂකයන් තම හිත් තුළින් ඔබව මකාදමා තිබුණෙ නැහැ..?
කවදාවත් නැහැ… ඔවුන් නැවැතත් මේනක රාජපක්‍ෂව ආදරයෙන් වැලඳ ගත්තා.

ඔබේ නැවැත පැමිණීමෙන් පසුව ඔබ පෙම්වතාගේ චරිතයෙන් බැහැර වුණා..?
පෙම්වතාට කොටුවීම මට මනාපයක් වුණේ නැහැ. කැමැත්තක් දැනුණා විවිධ චරිත සමග ගැටෙන්න.

‘අග්නි පියාපත්’ හී නොම්මර එකේ මදාවියටත් ප්‍රේක්‍ෂකයා ඇලුම් කළා..?
නොසිතූ විදියට ඒ රස්තියාදුකාර චරිතයට ප්‍රතිචාර ලැබුණා. කොහොමත් පෙම්වතා ලෙස ජනප්‍රිය වෙනවාට වඩා දුෂ්ඨයා ලෙස වෛරයට බඳුන් වීම අමාරු නැහැ.

හිටිගමන් අධ්‍යක්‍ෂණයට යොමුවෙන්න හේතුවක් තිබුණද..?
ප්‍රවීණ විදේශීය නිර්මාණකරු සනීෆා වෙල්ගේ වැඩමුළුවල ඉන්න දවස්වල රංගනයට වඩා මගේ හිත ගිහින් තිබුණේ අධ්‍යක්‍ෂණයටයි. එවැන්නකට යම් පරිණත බවක් මට අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් මම කාලයදී බලා හිටියා. ඒ අතර තමයි ‘මුතු කිරිල්ලී’ හී නිෂ්පාදන කළමනාකරු ලෙස මා හඳුනාගත් මගේ මිත්‍ර ජනක සම්පත් අමරවීර පසුකලෙක නිෂ්පාදකවරයකු ලෙස ටෙලියක් කරන්න මට ආරාධනා කළේ. ‘ආලියා’ ලෙස මා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු කළ ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.

ඔබ හරිම ලකී මේනක, එහෙම නේද..?
ම්ම්… ඔව්… අපි එහෙම හිතමු… කලාව කියන සොඳුරු ඉසව්ව තුළ නමක් ඇතිකර ගැනීමම ලක් එකක් තමයි.

ඔබ සෙට් එකේදී ‘ලොකු සීන්’ කියල ඇතැම් අය කියනවා..?
එහෙම කතාවක් තිබුණා ටෙලි කලාව තුළ. දන්නෙ නැහැ එහෙම හිතන්න එයාලා හුරු වුණේ කොහොමදැයි කියලා. කොහොමත් මම සමීපව ඇසුරු කරන්න ගත්තට පසුව ඒ අයම කියනවා… ‘අඩෝ උඹ ලොකු සීන් කියලයි කතාව තිබුණේ… අපිත් ඒකයි කතාබහට ආවේ නැත්තෙ’ කියලා. අවසානයේදී එයාලටම තේරුණා මම සුහද වෙන්න උත්සාහ කරනකොට ‘ලොකු සීන්’ රඟලා තියෙන්නේ එයාලමයි කියලා.

ඔබේ සොඳුරු පසන් නිවෙස පැත්තටත් ඩිංගක් ගිහින් එමු මේනක..?
ඒ මගේ ජීවිතයේ සොඳුරුම නවාතැන. අපි පාඩුවේ ජීවත් වෙන ලස්සන පුංචි පවුලක්.

අවංකව කියන්න.., නෙහාරා තරහයිලු ඔබ පෙම් ජවනිකා රඟනවට..?
තරහක් නම් නැහැ.., හැබැයි මම පෙම්කරන සීන් නෙහාරා නරඹන්නෙ නැහැ.

පුටුවෙන් නැඟිටලා ගස්සගෙන ගෙට යනවා..?
අපොයි නැහැ… මං එක්ක කොහොමවත් එකට ඉඳගෙන මම පෙම් කරන සීන් තියෙන ටෙලිනාට්‍ය එයා බලන්නෙ නැහැ කවදාවත්.

දුෂ්ටයට අඳින්න ගත්තේ ඒ හින්දා නෙවෙයිනේ..?
අයියෝ නැහැ.., ඒ තරම් පටු විදියට හිතන වයිෆ් කෙනෙක් නම් නෙවෙයි නෙහාරා.

තව තියෙනවද ජයගන්න යම් අභියෝගයක්, ඔබට ඉදිරි ජීවිතය තුළ..?
ඔව්… ඉහත මම කියපු ‘ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර’ එක සාර්ථකව කරගෙන යන එක තමයි දැනට ජයගන්න තියෙන අභියෝගය හැටියට දකින්නේ. එය සාර්ථකව ජයගන්නට හැකි උපරිමය කරනවා.

සුබපතනවා ඔබට එය සාර්ථක කරගැනීමට හැකිවේවා කියලා..?
‘හාට්’ එකටත් ස්තුති කරනවා මේ කතාබහ වෙනුවෙන් මට කළ ආරාධනයට.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අරගලය ඛෙත්තාරාම ඇතුළට එයි! ගෝඨා ගෝ හෝම්! ගෝඨා ගෝ හෝම්! ප්‍රේක්ෂකයන් කෑ ගසයි! (VIDEO)

Next Post

වර්ජනයට තර්ජනයක්! විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි! ජනපති හදිසි ගැසට්ටුවක් ගහයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.