• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාලනී කොටට ඇඳලා! සනත් ෂර්ට් එක ගලවගෙන! ටිකක් කරුවලත් වැටිලා! කවුද මේක හොරෙන් ගත්තේ? Sri Lanka Latest News

December 10, 2024
in Heart
Reading Time: 3 mins read
A A
මාලනී කොටට ඇඳලා! සනත් ෂර්ට් එක ගලවගෙන! ටිකක් කරුවලත් වැටිලා! කවුද මේක හොරෙන් ගත්තේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පින්තූරයක කතාවට මේ සැරේ ‘හාට්’ එකට ලැබුණේ හරිම සුවිශේෂ පින්තූරයක්. ඒ සොයාගැනීම අහම්බයක්. සුපිරි අහම්බයක්. හරියටම අර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගෙයි ඇන්ජලා සෙනෙවිරත්නගෙයි ෆොටෝ එක වාගේ. ආයෙම වතාවක් මේ විදියේ ෆොටෝ එකකට කැමරාව ක්ලික් කරන්න කිසිම ෆොටෝග්‍රැෆර් කෙනකුට බැරිවෙයි. සමහර විට එදා අර කියන ෆොටෝ එකට වැඩිය මෙදා මේ ෆොටෝ එකට ලියන්න හිතට එන කතා ගොඩක් තියෙනවා.
ඒ කතා අපි මෙහෙම පටන්ගමු. (Sri Lanka Latest News)

සිත්සර සිනමා පත්තරේ කියන්නේ ඒ කාලේ ජනප්‍රියම පත්තරයක්. ස්මාර්ට් ෆෝන් සෝෂල් මීඩියා නැති ඒ කාලේ ලංකාවේ ඉන්න චිත්‍රපට පිස්සෝ නළු නිළියෝ ගැන ඕපාදූප කියවන්න අලුතෙන් එන ෆිල්ම්ස්වල තොරතුරු දැනගන්න සිනමා පත්තර අරගෙන පත්තරකාරයා ගේට්ටුව ළඟට ඇවිදින් බෙල් එක ගහනකල් උදේට බලන් හිටියා. නැත්නම් හන්දියට ගිහින් පත්තරේ අරගෙන ආවා. කොහොම හරි කමක් නැහැ සිත්සර කියන්නේ ඒ සිනමා පත්තර අතර ජනප්‍රියම පත්තරයක්. පත්තරේ කර්තෘ ධුරය දැරුවේ ප්‍රවීණ ලේඛක ආතර් යූ. අමරසේන මහත්මයා. ඒ හින්දමද මන්දා ඔහුගෙයි ඔහුගේ ප්‍රිය බිරිය වූ ප්‍රවීණ සම්මානනීය නිළි ශ්‍රියානි අමරසේනගෙයි ඇඟෑලුම්කමට වෙන්නැති සිත්සර පත්තරයට ඉන්ටර්විව් දෙන්නයි, වෙනත් පත්තරවලට ලේසියකට නොදෙන පින්තූර දෙන්නයි සහෝදර කලා ශිල්පීන් පස්ස ගැහුවේ නැහැ. නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ෂෝටක් ගහලා, උඩුකය නිරාවරණය කරගත්ත ජනප්‍රිය නළු සනත් ගුණතිලක එක්ක බොහොම සමීපව ඉන්න මේ ෆොටෝ එකත් ඒ ජාතියෙ සුවිශේෂ ෆොටෝ එකක් තමයි.

කාලවකවානුව වැරැදි නැත්නම් මේ 1981 හෝ 1982 අතර කාලය. ටිකක් එහාට මෙහාට වුණත් බොහෝ විට ඒක එහෙම වෙන්න පුළුවන්. මේ වෙනකොට ‘සිටු කුමරියෝ’ තිරගත වෙලා ඉවරයි. සිටු කුමරියන්ට අලුත් නළුවෙක් ගන්න විජය ධර්මශ්‍රීට හිතක් පහළ වෙලා තිබුණා. ඔඩිෂන් එකට සනත් ගුණතිලකත් එදා ඇවිදින් හිටියා. අලුත් නළුවා තෝරන ජජ් බෝඩ් එකේ මාලනී ෆොන්සේකාත් හිටියා. ‘සිටු කුමරියෝ’ ෆිල්ම් එකේ අසංකගේ චරිතයට සනත් ගුණතිලක හොඳයි කියලා විජය ධර්මශ්‍රී කියනකොට මාලනීත් එය සතුටින් අනුමත කළාය කියනවා.

‘සිටු කුමරියෝ’ එකේ සනත්ගෙ පෙම්වතියට හිටියෙත් මාලනීමයි. සරත් කවිරත්න සතුට පත්තරේට ලියපු ප්‍රේමණීය චිත්‍ර කතාවක් ඇසුරෙන් හදපු ඒ ෆිල්ම් එක 81 තිරගත වෙනකොට සනත් ඊට දෙවැනුව වසන්ති එක්ක රඟපාපු ‘ගඟ අද්දර’ ෆිල්ම් එක ඊට කලින් තිරගත වෙලා බොක්ස් ඔෆිස් වාර්තාත් තියලා ඉවරයි. ඒ අල්ල පනල්ලෙම හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘සත්වෙනි දවස’ත් ආවා. එතකොටත් සනත් තරුණ කෙල්ලන්ගේ පාසල් යන බාලිකාවන්ගෙ වගේම මැදිවියේ ගැහැනු හිත්වලත් ක්‍රෂ් එක වෙලා ඉවරයි. නිළි රැජින මාලනීත් ගැහැනු හිත් තුළ සිහින කුමාරයා වෙච්ච සනතුත් පෙම්වතුන් හැටියට රඟපාන හැම ෆිල්ම් එකක්ම බලන්න සිනමා ලෝලීන් ප්‍රිය කළ නිසා ඒ හැම එකක්ම සාර්ථක වුණා. සත්වෙනි දවසත් බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. මේ ජෝඩුව දාලා කවර් පේජ් කරන්න ෆොටෝග්‍රැෆර්ස්ලට වගේම පත්තර කන්තෝරුවල එඩිටර්ස්ලටත් තිබුණේ පුදුම පිස්සුවක්. සිත්සර පත්තරේ මේ කවර් පේජ් එකත් ඒ වගේ. උමතුවකට ගත්ත එකක් තමයි.

බලන්න ඒ දෙන්නගේ ආලිංගනය. බැල්ම, කැල්ම මොන තරම් අපූරුයිද කියලා. ‘සසර චේතනා’ ෆිල්ම් එක හදන්න මාලනී, සනත් ඇතුළු කණ්ඩායම එක්ක ඉන්දියාවට යනකොට සනතුයි, මාලනී අතර ආදරණීය හාදකමක් තියෙනවාය කියන රසවත් ඕපාදූපය මාධ්‍ය සහ සිනමා කාර්මාන්තය පුරාම වයිරල් වුණා. ලස්සනම පිරිමි මුහුණට හිමි ඡායාරූප තරගයකිනුත් සනත් ඒ දවස්වල ප්‍රථමයා වුණා. පත්තරවල යන නවකතාවල ඒ කාලේ තිබුණෙ නළු නිළියන්ගේ පින්තූර. අන්න ඒ වගේ කතා කීපයකමත් සනතුයි මාලනීයි හිටියා මතකයි. කෙල්ලෝ ඒ දෙන්නා ඉන්න ලස්සන පින්තූර කපලා පාඩම් පොත් අස්සේ දාගෙනත් තිබුණා.

සුවිශේෂ බැඳියාවක් සහ ප්‍රේමයක් ඒ දෙන්නා අතර තියෙනවාය කියලා මොන තරම් රසැති ඕපාදූප හැදුණත් ඉන්ටර්විව්වලදී ඒ ගැන කතාබහ ආවත් මාලනී වගේම සනතුත් කවදාවත් එයට ‘ඔව්’ කිව්වේ නැහැ. ඒක පිළිගත්තේ නැහැ. කොහොමත් සනත් ජනප්‍රිය වෙන්න ඒක හේතුවක් වුණේ මාලනීගෙත්, ඔහුගෙත් ඒ ජෝඩු විලාසිතාවයි, ගාමිණී – මාලනී සහ විජය – මාලනී තාලෙටම සනත් – මාලනී කපල් එකත් සිනමා ලෝලීන්ට ක්‍රෂ් එකක් වුණා. ඒ ක්‍රෂ් එක කෙමෙන් කෙමෙන් හීන වෙන්න ගත්තේ සනත් – සබීතා ජෝඩු විලාසිතාව ෆිල්ම්වල දිගහැරෙන්න ගත්තමයි. සනත් – සබීතා සිනමා ප්‍රේමයත් සමග සනත් – මාලනී පෙම්වත් සංකලනය එහෙම්මම යටපත් වුණා.

සිනමාවට ළැදි පත්තර කලාවට සමීප කවුරුත් හෙව්වා, ඒ දෙන්නගේ ලස්සන පින්තූර කෝ, ඒ අදරණීය බැඳීමට මොකද වුණේ කියලා. ඒත් ඒවට උත්තර ලැබුණේ නැහැ. හැමදාමත් වාගේ එහෙම ප්‍රේමයක් ආලයක් තිබුණාය කියලා මේ ජනප්‍රිය නළුවයි නිළියයි කවදාවත් පිළිගත්තෙත් නැහැ.
කොහොමත් මේ ලියවිල්ල අවසාන කරන්න කලින් තව එකක් නොලියා බැහැ.
නෙළුවන් අතර සනත් ගුණතිලක කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.

80 දශකයේ පැමිණි නළුවො මොන තරම් හිටියද? අද එයාලව හොයාගන්නත් නැහැ. හැබැයි සනත් තවමත් ෆේමස්. අදටත් ඔහු ඉන්නවා. තවමත් කවුරුවත් ඔහුව හොයනවා. සත්තකින්ම ඔහු බ්‍රෑන්ඩ් එකක්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පියුමාලිට තියෙන ලොකුම අපලේ ! Sri Lanka Latest News

Next Post

රාජපක්ෂලාගේ කාලේ ගුවන් යානා ගන්න ගිහින් මූල්‍ය වංචා චෝදනා එල්ල වුණු ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනටයි මිග් යානා ගන්න ගිහින් චෝදනා එල්ල වුණු උදයංග වීරතුංගටයි අමෙරිකාව තහනම්! ලංකාවෙ නම් තවම මේ අයට මොනවත් කරලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.