• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියදිවි නසාගැනීමක් සජීවීව මුළු රටම නැරඹුවා. මේ සිදුවීමත් එක්ක එදා රාත්‍රියේ සිට මේ දක්වාම ඇතිවෙලා තියෙන්නේ විශාල කැලඹීමක්. මේ කැලඹීම ගැන විවිධ තැන්වල විවිධ ආකාරයෙන් කතා කරනවාත් ඇහෙනවා. නමුත් මෙය ඇත්තටම විශේෂයෙන්ම කතාකළ යුතු සහ සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවක්. Sri Lanka Latest News

සියදිවි නසාගැනීම අයිති වෙන්නේ අතිශය පෞද්ගලික කාරණාවකට. සියදිවි නසාගැනීමක් සම්බන්ධව අපට කිසිසේත්ම කිසිවකුට චෝදනා කරන්න අවශ්‍යතාවක් නැහැ. සියදිවි නසාගැනීමක් සාධාරණීකරණය කරන්න අපි කිසිසේත්ම උත්සාහ කරන්නෙත් නැහැ. නමුත් සියදිවි නසාගැනීම් සම්බන්ධව හොයලා බැලුවොත් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන ප්‍රමාණයන් ගත්තම වැඩිම සියදිවි නසාගැනීම් වාර්තා වෙලා තියෙන්නේ අනුරාධපුරයෙන් සහ පොළොන්නරුවෙන් කියලා කියැවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීම් 3,000කට ආසන්න ප්‍රමාණයක් එක වසරකදී වාර්තා වන බව සඳහන් වෙනවා. ස්ත්‍රී පුරුෂභාවය අනුව බැලුවොත් එහෙම 80%ක්ම සියදිවි නසාගන්නා අය පිරිමි පාර්ශ්වය කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.

කොහොම වුණත් සියදිවි නසාගැනීම් පිළිබඳ 2024 වර්ෂයේ විශේෂයෙන් හඳුනාගෙන තියෙනවා. ස්ත්‍රී පුරුෂභාවය අනුව සෑම පුද්ගලයන් ලක්ෂයකින් 27 දෙනෙක් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමට ඉඩ තියෙනවා කියලා. ගෙල වැලලාගැනීම් සමස්ත මරණවලින් 68%ත් 70%ත් අතර, වස පානය කිරීමෙන් මරණ 14%ත් 15%ත් අතර, දුම්රියට පැනීම, ගඟට වැවට පැනීම ආදී සහ ඖෂධ අධිමාත්‍රාව ගැනීම් සඳහන් වෙන්නේ ඊළඟට කියලා තමයි සඳහන් වෙන්නේ.
මේ සියදිවි නසාගැනීම් පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව නිවැරදිව සඳහන් වෙන්නේ 2024 වසරේදී. නිල වශයෙන් සමස්ත සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 3,285ක් විදිහට. පිරිමි මරණ 2,664ක්, කාන්තා මරණ 621ක්, ළමා සහ යොවුන් වියේ මරණ 98ක් වාර්තා වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මින් ළාබාලතම දරුවා වෙන්නේ වයස අවුරුදු අටක දරුවෙක්. වැඩිහිටි ප්‍රජාව අතරින් වයස අවුරුදු 71ට වැඩි මරණ 381ක් වාර්තා වෙලා කියලා සඳහන් වෙනවා. 2024 වර්ෂයේදී දිනකට දළ වශයෙන් පුද්ගල මරණ නවයක් වාර්තා වෙලා තියෙන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ.

සියදිවි නසාගැනීම් සම්බන්ධව බොහෝ මාධ්‍ය මේ වෙලාවේ වාර්තා කරන්නේ සියදිවි නසාගැනීම් උත්කර්ෂයට නැංවිය යුතු නැති බවට. ඒක ඇත්ත. සියදිවි නසාගැනීමක් කිසිසේත්ම උත්කර්ෂයට නැංවිය යුතු නැහැ. සියදිවි නසාගැනීමක් කියලා කියන්නේ සතුටු වෙන්නවත්, අත්පුඩියක් ගහන්නවත්, වීරයෙක් බවට පත්වෙන්නවත් කාරණයක් නෙමෙයි.

එක සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ අපි ඔහුගේ නම ගම දාලා විස්තර කරලා ඔහු ගැන කවි කතන්දර ලියන්න හදනවා නෙමෙයි. සමාජ මාධ්‍ය ඇතුළේ මේ සියදිවි නසාගැනීම ගැන විවිධ ස්ථානවල කතා කරනවා අපි දකිනවා. විවිධ මට්ටමින් කතා කරනවා අපි දකිනවා. ඒ සියදිවි නසාගත්ත පුද්ගලයාගේ අම්මා, තාත්තා, නෑදෑයෝ, පෙම්වතිය, බිරිඳ, සහෝදර සහෝදරියෝ, කවුරු හරි කෙනෙක් ගැන ඉතාම නරක ආකාරයෙන් සමාජ මාධ්‍යවල විවිධ තැන්වල විවිධාකාරයෙන් විස්තර වෙනවා. ඇත්තටම මේක හරිම පහත් සහ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවිය යුතුයි කියලා අපි මේ කියන්න උත්සාහ කරන්නේ.

ඔහු මියගියා. ඔහු සජීවීව තමන්ගේ මරණය පෙන්වමින් මියගියා. ඒක ඉතාම නරක සහ පහත් ක්‍රියාවක්. ඔහුගේ පෞද්ගලික වැඩක් ඔහු ඇයි එළියට පෙන්නන්නේ? ඒකෙන් කී දෙනෙක් පීඩාවට පත්වුණාද? කී දෙනෙක් කලබලයට පත්වුණාද? ඇත්තටම ඔහු ඒ කරපු වැඩේ ගැන කිසිසේත්ම අපිට එකඟ වෙන්නවත්, ඒකට උදව් කරන්නවත්, ඒකෙන් ඔහු බේරගන්නවත් පුළුවන්කමක් නැහැ. ඔහුට අවශ්‍ය වෙන්න ඇත්තේ ඔහුගේ පෞද්ගලික දේ ලෝකෙට පෙන්නලා මේක අතහැරලා දාලා එයාට යන්න වෙන්න ඇති. ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඔහුගේ අම්මා, ඔහුගේ පවුලේ අය. ඒ පීඩාව ඔබ දැක්කා නම් ඔබට දැනෙන්න ඇති. අම්මා ඇවිල්ලා එතන කෑගහන හැටි, වේදනා විඳින හැටි අපි දැක්කා. ඉන් පස්සේ ආයෙමත් අපි මොකද කරන්නේ මේ අම්මාව දැන් සමාජ මාධ්‍ය ඇතුළේ විවේචනයට ලක්කරමින් නොදන්නා කයිකතන්දර කියමින්, හරි හෝ වැරදි කාරණා, අපිට වැඩක් නැති දේවල් කතාකරන තැනට පත් වෙලා තියෙනවා.

මේ මිනිස්සුන්ට මේ තත්ත්වයට පත්වෙන්න හේතු වුණු කාරණා මොනවද කියලා අපි දන්නේ නෑ. ඒ මනුස්සයා මරුණා, ඒ මනුස්සයට ඉන්න දෙන්න. තව කෙනෙක් නොමැරෙන්න කටයුතු සූදානම් කරමු. ඔහුගේ මරණයේ වංහුං අපිට වැඩක් නැහැ. ඔහු මැරුණේ ඇත්තටම මොනවා වෙලාද කියලා අපිට වැඩක් නෑ. අපිට ඒක අදාළ නැහැ. අපිට ඒ සම්බන්ධව තර්ක විතර්ක, කරුණු කාරණා විස්තර කරන්න අවශ්‍ය නැහැ. මරණය කියලා කියන්නේ කාටත් පොදු දෙයක්. අපි හැමෝටම මේක එනවා. ඒ නිසා මේක කෙනෙකුට ආවේ කොහොමද, එයා ඒක ගෙන්න ගත්තේ කොහොමද කියන එක කවි සින්දු ලියන්න කාරණයක් නෙවෙයි කියන එකයි අපිට මේ වෙලාවේ කියන්න අවශ්‍ය වුණේ.

ඔහුගේ මරණය ගැන තවදුරටත් සමාජ මාධ්‍ය තුළ කතා කරන්න එපා. ඔහුගේ මරණය කොහොම හරි වීඩියෝ කරගෙන ඒක ෂෙයාර් කරලා වීව්ස් වැඩි කරගන්න හදන්න එපා. ඒකෙ ස්ක්‍රීන් ෂොට් ගහලා ඒවායේ හොඳ නරක කියන්න උත්සාහ කරන්න එපා. පළමුවැනි වැරදිකාරයා තමයි පෞද්ගලික වැඩේ පෞද්ගලිකව කරගත්තේ නැති අදාළ පුද්ගලයා. හැබැයි දැන් අපිට ඒ මනුස්සයට ඒක කියන්න බැහැ. ඒ මනුස්සයා මැරිලා ඉවරයි. ඒ මනුස්සයා ජීවිතයෙන් ගිහින් ඉවරයි. අපි තවදුරටත් ඒ මනුස්සයාව ආයෙ ආයෙ මරන්නේ නැතුව, ඒ පවුලේ මිනිස්සුන්ටත් සියදිවි නසාගන්න අවශ්‍ය කරන කාරණා හදන්නේ නැතුව ඒ මිනිස්සුන්ට ඉන්න දෙමු. වැදගත්ම දේ ඒකයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Next Post

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

MORE NEWS

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News
Exclusive

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News
Exclusive

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News
Exclusive

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

ඩෙංගු නීතියමදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන සඳහා උසාවිය මගින් පනවනු ලබන උපරිම දඩ මුදල රුපියල් 25,000කි. සෞඛ්‍ය...

Read more
එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.