• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බන්ධනාගාරයේ ගැටුම ඉවරද? ලියුම්කරු විශ්වාස කරන විදිහට බන්ධනාගාරයේ ගැටුම තවමත් ඉවර නැහැ. එතකොට බන්ධනාගාරයේ ගැටුම පටන් අරගත්තේ කවද්ද? බන්ධනාගාරයේ ගැටුම පටන් අරගත්තේ ජූලි 06 වැනිදා කියලයි අපි සාමාන්‍යයෙන් දන්නේ. එහෙමත් නැත්නම් ජූලි 06 වැනිදා රාත්‍රියේ. ලියුම්කරු විශ්වාස කරන විදිහට මේ ගැටුම පටන් අරගත්තේ ජූලි මාසේ 06 වැනිදා නෙමෙයි. මේ ගැටුම පටන් අරගන්නේ 1853දී. ඒ, කොළඹ වැලිකඩ බන්ධනාගාරය පිහිටුවපු දවසේ. සමහර ලේඛනවලට අනුව ලංකාවේ ප්‍රථම බන්ධනාගාරය 1841 පටන් අරගත්තා කියලා කියනවා. කොහොම හරි කමක් නෑ මේ ගැටුම පටන් අරගන්නේ බන්ධනාගාරය ආරම්භ වූ දවසේ සිට. Sri Lanka Latest News

මේ ගැටුමට වගකිවයුත්තෝ කවුද? මේ ගැටුමට වගකිවයුත්තෝ මම සහ ඔබ. ඒ කියන්නේ ලියුම්කරු වන මම, ලිපිය සංස්කරණය කරන අය, අපේ මාධ්‍ය ආයතනයේ ඉන්න ප්‍රධානීන්, පිටු සැකසුම් ශිල්පීන් ඇතුළු සියලු පුරවැසියන්. ඒකට හේතුව මොකක්ද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ඉතාම දූෂිත බව ඉතාම නරක බව අපි දැනගෙන හිටියා. හැබැයි අපි ඒ ගැන කතා කළේ නැහැ. බන්ධනාගාරයේ රැඳවියන්ට ඉතා නරක ආකාරයෙන් සලකන බව අපි දැනගෙන හිටියා. අපි ඒ සම්බන්ධව ප්‍රශ්න කළේ නැහැ. බන්ධනාගාරය තුළට මත්කුඩු, මත්ද්‍රව්‍ය, අවි ආයුධ ඇතුළු සියලු දේ යන එන බව අපි දැනගෙන හිටියා. අපි ඒ ගැන අහලා තියෙනවා. මේ ලිපිය කියවන ඔබට මං ඒ කතාව මේ වෙලාවේ කිව්වා කියලා කුතුහලයට පත්වෙන්නෑ. ඔබ පුදුම වෙන්නෙත් නෑ. ඔබට ඒක අරුමයක් නෙමෙයි. ඒකට හේතුව ඔබත් මමත් අප දෙදෙනාම මේ කතාව මීට කලින් දහස් වතාවක් අහලා තියෙනවා. ඇයි ඒක අහලා විතරක් තියෙන්නේ? මේ පිළිබඳ පියවර ගත හැකි බලධාරීන් ඇයි ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගත්තේ? ලියුම්කරු වන මම පවා මේ පිළිබඳ කිසිදු දෙයක් කරන්නට පියවර නොගත්තේ සමාජ මාධ්‍යවල එවැනි දෙයක් ලියන්නේ නෑ. ලංකාවේ මාධ්‍ය ඇතුළේ අපි ලොකු හඬක් නගන්නේ නෑ. බලධාරීන්ට බලකරන්නේ නෑ. කවුරුත් බන්ධනාගාර පද්ධතිය නිවැරදි කරන බවට ඡන්ද පොරොන්දු දෙන්නේ නැහැ. බන්ධනාගාර ගතවූවන්ට නිසි සනීපාරක්ෂක පද්ධතියක්වත් අඩුම තරමින් ලබාදෙන බවට අපි කියන්නේ නැහැ.

සුරේෂ් සලෙයිගෙ ඉකිලි කසනවා කියලා ඒක හාස්‍යයට ලක් කරමින්, උපහාසයට ලක්කරමින් ‘ඔහුට අපි බෙහෙත් දුන්නා’ කියන එක කියන බලධාරීන් කිසිම දවසක මේ රෝග බෝවීම පාලනය කරන්න උපක්‍රම හදන්නේ නැහැ. බන්ධනාගාරය තුළ හිරවී තෙරපිලා මිනිස්සු මියයන බව දැන දැනත් අපි ඒකට පියවරක් ගන්නේ නෑ. බන්ධනාගාර වාට්ටු ප්‍රශ්න, ඒවායේ සිද්ධ වෙන පහරදීම්, ගැටුම් අපි දකිනවා සිනමාවේ. අපි දකිනවා ටෙලිනාට්‍යවල. අපි දකිනවා ඕනෙ තරම් එවැනි දේවල් සමාජයේ එළියේ කතා කරනවා. හැබැයි ඒවා නරක බව ඒවා නොවිය යුතු බව දැන දැනත් අපි කිසිවෙක් ඊට විරුද්ධව පියවරක් අරගෙන නැහැ. බන්ධනාගාරය තුළට යන පිරිමි පිරිමි අතින් දූෂණය වෙනවා, ගැහැනු ගැහැනු අතින් දූෂණය වෙනවා. ඒක අපි අහලා තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි අපේ කෙනෙක් බන්ධනාගාර ගියාම අපි ඔහු අතාරිනවා. අපේ කෙනෙක් බන්ධනාගාර ගිහිල්ලා නැත්නම් අපිට බන්ධනාගාරයෙන් ඇති වැඩක් නැහැ. බන්ධනාගාරගත වූවන්ට එළියට ඇහෙන්න කතාකරන්න බෑ. ඒ නිසා බන්ධනාගාරගත වූවන්ගේ හඬ අපිට ඇහෙන්නේ නෑ.

න්ධනාගාරයෙන් එළියට එන එකා එන්නේ බන්ධනාගාරය අතහැරලා දාලා. ඊට පස්සේ ඌට බන්ධනාගාරයේ උන්ගේ සැප සනීප ගැන වැඩක් නැහැ.
ඒ නිසා බන්ධනාගාර පද්ධතියේ මේ ගැටුම සිද්ධ වුණේ ජූලි මාසේ 06 වැනිදා කියලා කවුරුහරි ඔබට කියනවා නම් ඒ කියන්නේ පට්ටපල් බොරුවක්. මේ ගැටුම දවසින් දවස, මොහොතින් මොහොත, පැයෙන් පැය, තත්පරයෙන් තත්පරය නිර්මාණය වෙච්ච එකක්. මේ වෙන්නේ බන්ධනාගාරය තුළ තිබිච්ච පීඩනය පුපුරා යාම. එක එක්කෙනා කියනවා වගේම මත්ද්‍රව්‍ය අරගෙන, මත්වෙලා, ඒ වෙලාවේ තරහා ගිහිල්ලා, දැක්කාම තරහා ගිහිල්ලා ඒ කිසි දෙයක් නෙමෙයි. බන්ධනාගාරය තුළ ඉන්න නිලධාරීන්, බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන්, ඒ වගේම මේ බන්ධා පොලිස් කියන අය මේ හැමෝම මේ සිස්ටම් එක ඇතුළේ විවිධ චරිත නිරූපණය කරනවා. ඒගොල්ලෝ ගොඩ දෙනෙක් නිරූපණය කරන්නේ සුදු චරිතවලට වඩා කළු චරිත. ඒකට හේතුව බන්ධනාගාර ඇතුළේ වෙන දේවල් එළියේ ඉඳන් බලාගෙන ඉන්න කවුරුත් එන්නේ නැති නිසා. බන්ධනාගාරවලට ලොකු ඉබ්බෝ දාලා වහලා තියෙන හින්දා. බන්ධනාගාර ඇතුළේ තියෙන්නේ සැඟවුණු ජීවිත. අපි නොදන්නා කතන්දර ඕනෙ තරම් තියෙනවා.

අපි දකිනවා ආයුධ මල්ලක්. මේ ආයුධ මල්ලෙන් එක එක, එක දවසක ඇතුළට ගියත් මේ ටික ඇතුළට යන්න අවුරුද්දක්වත් යනවා. ඒ තරම් ආයුධ ගොඩක් තියෙනවා. බන්ධනාගාරය කාලය ඇතුළේදී දරුණු ලෙස ඔවුන්ට පහර දෙනවා. ඒ පහරදීම විනාඩියකින් දෙකකින් තුනකින් වෙච්ච එකක් නෙවෙයි, මේක පැය ගානක වැඩක්. එළියට පැනලා දුවගෙන ආවා නම්, පොලිසිය සාක්කි දෙන විදිහට, දුවගෙන ඇවිල්ලා මොකද කළේ? පොල් ගෑවද? ඇයි පොලීසියට කිව්වේ නැත්තේ? ඇයි හමුදාවට අවසර දුන්නේ නැත්තේ? ඇයි ඇතුළට කඳුළු ගෑස් ටිකක් ගැහුවේ නැත්තේ? හිර ගේ ඇතුළට තුවක්කුවක් දාලා වෙඩිතියන එකද මේ වෙලාවේ කරන්න ඕනේ? කැරලි මර්දන ඒකක තියෙනවා, කඳුළු ගෑස් තියෙනවා, වෙනත් උපක්‍රමික දේවල් කරන්න පුළුවන්කම තිබුණා. පොලිසියට වැඩේට අවසර දෙන්නේ උදේ දහයත් පහුවෙලා. හැබැයි මේ උදෑසන මළ සිරුරු ටිකක් තමයි එළියට ගේන්න වෙන්නේ. ඇතුළේ ගහනවා නම් එළියට දුවගෙන ආපු මිනිස්සුන්ට තිබුණා පියවරක් ගන්න. ඒක බැරි වෙන්න හේතුව තමයි මේ සිස්ටම් එක ඇතුළේ මේ හැමෝම කොටස්කාරයෝ. මේ හැමෝටම මේ කතාවේ චරිත තියෙනවා.

බන්ධනාගාරය ඇතුළට යන බත් පාර්සලේ කූරු ගාලා බත් ඇටෙන් ඇටේ බලලා චෙක් කරනවා නම් මේක ඇතුළට ආයුධ යන්න විදිහක් නැහැ. මත්ද්‍රව්‍ය යන්න විදිහක් නැහැ. සරල දෙයක් කියන්නම්. පළමුවැනි සිදුවීම වෙන්නේ දෙකේ වාට්ටුව සහ එකොළහ වාට්ටුව අතර. කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. නිකම් පහරදීමක් නෙවෙයි මැරෙනකම් ගහනවා. දෙන්නෙක් මැරෙනවා. මේ මැරුණු දෙන්නා මැරෙන්නේ කාගේ වරදින්ද? එතකොට මේකට කවුද සම්බන්ධ වෙන්නේ? අපිද? නෑ. මේකට පැහැදිලිවම සම්බන්ධ වෙන්නේ පාර්ශ්ව දෙකයි. එක් පාර්ශ්වයක් රැඳවියෝ, අනිත් පාර්ශ්වය තමයි බන්ධනාගාර නිලධාරීන්. එතකොට මේ පාර්ශ්ව දෙක විසින් සමසමව බෙදාගත්තු අපරාධ රැල්ලක කොටස්කාරයෝ තමයි මේ ගැටුමට මූලික වෙන්නේ, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ.

මේ හතළිස් දහසෙන් නරක නැති රැඳවියෝ විසි දහසකට වඩා ඇති. බන්ධනාගාර නිලධාරීන් අතරින් කිසිදු වරදක් නොකරන මිනිස්සු ඕනෙ තරම් ඇති. අර එක්කෙනෙක් කියන්නේ ‘අපි වතුර උගුරක්වත් බොන්නේ නෑ’ කියලා. ඒ කතාව ඇතුළේ පැහැදිලි වෙනවා ඔහු කියන විදිහට ‘අපි බොන්නේ නෑ’, ‘අපි බොන්නේ නෑ’ කියලා ඔහු කියන්නේ බොන අය ඉන්න නිසා. ඇත්තටම බොන අය ඉන්නවා. මේක ඇතුළේ වරප්‍රසාද විඳින අය ඉන්නවා. මේක ඇතුළේ තෑගි බෝග, කෑම බීම, ඉඳුම් හිටුම් සියලු දේ ලබන අය ඉන්නවා. අපි නෙමෙයි කියන්නේ, මේ බන්ධනාගාර නිලධාරියාගේ කතාව ඇතුළෙ අපිට පැහැදිලිවම ඒක පේනවා.

ඔව්, ඔහු කියන්නේ ‘අපි ගන්නේ නෑ’, ‘අපේ යුනිට් එක ගන්නේ නෑ’, ‘අපේ කට්ටිය ගන්නේ නෑ’. ‘හැබැයි මේකේ ගන්න අය ඉන්නවා. ඒ ගොල්ලෝ ගැන හොයන්න’ ඔහු කියන්නේ එහෙමයි. ඒකනේ අපිට ඇහෙන්නේ නැත්තේ. ඔහු ඒ කියන්නේ අනියමින්. අපිට ඔහුගේ කණ්ඩායම නිදොස් කොට නිදහස් කරන්න කලබල වෙන්නත් බෑ. ඔහු ඒ කියන ප්‍රකාශය මත අනිත් මිනිස්සු වැරදියි කියලා කියන්න කලබල වෙන්නත් බෑ. හැබැයි මේ සිස්ටම් එක ඇතුළේ මේක වෙනවාමයි කියලා ඕනෑම කෙනෙක් දැනගෙන හිටියා.

ප්‍රශ්නය තියෙන්නේ මේ සියලු අඩුපාඩු දැන දැනත් කිසිවෙක් මේකට මැදිහත් නොවී ඉන්න එක. බන්ධනාගාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි කියලා ගොඩක් අය කියනවා. ඔව්, බන්ධනාගාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි. හැබැයි ඔහු ඉල්ලා අස්විය යුත්තේ මේ සිදුවීම හින්දා නෙමෙයි. ඔහු ඉල්ලා අස්විය යුත්තේ ලංකාවේ බන්ධනාගාර කියන පද්ධතිය මේ යන විදිහට ඒකට ඇමැති කෙනෙක් අවශ්‍ය නැති නිසා. ඇමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු මේවට මැදිහත් වෙන්න ඕනෙ, මේවායේ ගැටුම් නිරාකරණය කරන්න ඕනෙ, ගැටලු පිළිබඳ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්න ඕනෙ. එක පැත්තකින් තියෙනවා බන්ධනාගාර නිලධාරියාට හිතාගන්න බැරි තරම් ප්‍රශ්න කන්දක්. ඔවුන්ට වැටුප් නෑ, නිවාඩු නෑ, සුවපහසු පරිසරයක් නෑ, ඔවුන්ට අවශ්‍ය කරන උපකරණ නෑ, ස්කෑන් කරගන්න විදිහක් නෑ, ඔවුන්ට නිදාගන්න, ගෙදර යන්න එන්න නිවැරදි ක්‍රමවේද මුකුත් හදලා නෑ. එක පැත්තකින් ඔවුන් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් ඉන්නවා. එතකොට බන්ධනාගාර නිලධාරියාගේ වැටුප ගැන සාකච්ඡා කරන්න, බන්ධනාගාර නිලධාරියාගේ නිවාඩු ගැන සාකච්ඡා කරන්න, එච්චර දෙයක්වත් කරගන්න බැරි නම් ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ තමයි.

අනිත් පැත්තෙන් බන්ධනාගාර රැඳවියෝ. බන්ධනාගාරය කියලා කියන්නේ ගොඩනැගිල්ලට නෙමෙයි, බන්ධනාගාරය කියන්නේ බන්ධනාගාර නිලධාරියාට නෙමෙයි, බන්ධනාගාරය කියලා කියන්නේ රැඳවියන් ඇතුළු සමස්තයට. එතකොට බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියෝ, ඔවුන් දඬුවම්ලාභීන්. ඔවුන් සිරගත කරපු අය, ඔවුන් සමාජයෙන් අයින් කරපු අය. ඒක ඇත්ත. හැබැයි ඇමැති කෙනෙක් ඒ අයට පත්කරලා තියෙනවා නම්, ඒ ඇමැති ඒ පිළිබඳ වරප්‍රසාද ලබනවා නම් ඔහු දැනගන්න ඕනෙ මේ බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන්ගේ සුවපහසුව, ආරක්ෂාව සහ සියලු දේවල් ගැන වගකීම ගන්න. සුවපහසුව කියලා බන්ධනාගාරය ඒසී කරලා දෙන්න කියලා කියනවා නෙමෙයි. බන්ධනාගාරයේ මිනිස්සුන්ට රෑට දවල්ට උදේට බුරියානි දෙන්න කියනවා නෙමෙයි. හැබැයි කන්න පුළුවන් කෑමක්, නිදාගන්න පුළුවන් පරිසරයක්, ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක්. මේ කිසි දෙයක් හදාගන්නේ නැතුව බන්ධනාගාර ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනෙ තමයි. එතකොට බන්ධනාගාර ඇමැති ඇත්තටම මොනවද කළේ? අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මේ ඇමැතිගෙන් නෙමෙයි, මීට කලින් හිටපු ඇමැතිලගෙනුත්. මේ පද්ධතිය ඇතුළේ අවුරුදු ගානක් තිස්සේ බන්ධනාගාර සඳහා ඇමැතිවරු පත්කළා. ඒගොල්ලෝ සිරකරු දිනයට ගිහිල්ලා ක්‍රිකට් ගහලා එනවා, බුදු පිළිමවලට මල් පූජා කරනවා, උත්සවවලට සහභාගි වෙනවා, විවෘත කරනවා. තමන්ගේ හොර පෙම්වතියක් ඉන්නවා නම් එයාව බන්ධනාගාර ඇතුළේ තියෙන ලස්සන දේවල් පෙන්නන්න එක්ක යනවා. බන්ධනාගාර ඇමැති කියලා දුරකතන වියදමක් ඔහුට ලැබෙනවා, වාහන ලැබෙනවා, ඔහුට කාර්යාලයක් ලැබෙනවා, ඔහුට නිලධාරී මණ්ඩලයක් තියාගන්න අවස්ථාව ලැබෙනවා. ඔහුට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ, බන්ධනාගාර පිළිබඳ අමාත්‍යවරයා විදිහට.

එතකොට බන්ධනාගාර අමාත්‍යවරයා විදිහට ඔවුන් වරප්‍රසාද භුක්ති විඳින්නේ මොනවා කරලද? ඔවුන් හිරකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරලත් නෑ, හිරකරුවන්ට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලත් නෑ, ඔවුන්ට නිදාගන්න පුළුවන් තැනක් හදලත් නෑ, උන්ගේ වැසිකිළි පද්ධතිය දියුණු කරලත් නෑ, උන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හදලත් නෑ, බන්ධනාගාර නිලධාරීන්ට පඩි වැඩි කරලත් නෑ, ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලත් නෑ, ඒගොල්ලන්ගේ නිවාඩු ටික හදලත් නෑ. එතකොට ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ හිටපු බන්ධනාගාර ඇමැතිලා ඔක්කොම එකතු වෙලා මෙන්න මේ ජූලි 06 වැනිදා ගැටුම දක්වා බන්ධනාගාරය මෙහෙවන එක විතරයි කළේ.

ප්‍රශ්නය තියෙන්නේ ජූලි 06 වැනිදා ගැටුම ජූලි 07 වැනිදා ඉවර වුණේ නැහැ. 07 වැනිදා අලුත් වටයකින් පටන් ගත්තා. මම මේ ලිපිය ලියන මොහොතෙත් ඔබ ලිපිය කියවන මොහොතෙත් බන්ධනාගාරය ඇතුළේ ගිනි ගන්නවා, බන්ධනාගාරය ඇතුළේ ප්‍රශ්න තියෙනවා, බන්ධනාගාරය ඇතුළේ අපි නොදන්නා ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අවාසනාවකට ඇමැතිලා මළගෙවල්වල ගිහිල්ලා අඬ අඬා ඉන්නවා. ඒ නිසා කරුණාකරලා බන්ධනාගාර අමාත්‍යාංශය ලංකාවෙන් අයින් කරලා දාන්න. ඒකට ඇමැති කෙනෙක් ඕනෙ නෑ. එහෙම ඇමැති කෙනෙක්ට වරප්‍රසාද දෙන්න අවශ්‍ය නෑ. බන්ධනාගාරය කියලා කියන්නේ ඔහේ දුවන ආයතනයක්. යන්නන් වාලේ තියෙන එකක්. බන්ධනාගාරයේ සමස්ත ක්‍රියාවලියේ නිරූපිත සත්‍යය තමයි අර හිලෙන් වෙඩි තියපු එක. ඔන්න ඔය විදිහට තමයි බන්ධනාගාර ලංකාවේ කරගෙන ගියේ. බන්ධනාගාරවල හැම නිලධාරියෙක්ම කළේ ඔය විදිහට හිලෙන් වෙඩි තියෙන එක තමයි. ඒ කියන්නේ වදින එකෙකුට වදින්න වෙඩි තියෙනවා, වදින එකෙකුට වදින්න වැඩ කරනවා, කන එකෙකුට කන්න කෑම දෙනවා, ඉන්න එකෙකුට ඉන්න පරිසරය හදනවා, නිදාගන්න එකෙකුට නිදාගන්න හදනවා, වැසිකිළි යන එකෙකුට වැසිකිළි යන්න වැසිකිළි හදනවා. හැමෝටම එක විදිහට සලකන්නවත්, තෝරලා බේරලා වරප්‍රසාද ටික ලබාදෙන්නවත් මේගොල්ලෝ දන්නෙත් නැහැ, මේගොල්ලෝ හිතුවෙත් නැහැ, මේගොල්ලන්ට ඒකෙන් ඇති වැඩකුත් නැහැ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

Next Post

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

MORE NEWS

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News
Exclusive

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News
Exclusive

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

සියදිවි නසාගැනීමක් සජීවීව මුළු රටම නැරඹුවා. මේ සිදුවීමත් එක්ක එදා රාත්‍රියේ සිට මේ දක්වාම ඇතිවෙලා තියෙන්නේ විශාල කැලඹීමක්. මේ කැලඹීම...

Read more
මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.