• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කියවමු යළිත් ගාමිණී ෆොන්සේකා…

July 14, 2021
in Heart
Reading Time: 8 mins read
A A
කියවමු යළිත් ගාමිණී ෆොන්සේකා…
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාව වසන්තයෙන් හැඩගැන්වූ කලා තරු අතර අග්‍රගණ්‍ය වූත් අද්විතීය වූත් තවත් එක් සුවිශේෂ රංගනවේදියකු වන්නේ ගාමිණී ෆොන්සේකාය. අසමසම වූ හැකියාව තුළින් ගාමිණී කළ කදිම රංගන හරඹයන් ගැන අටුවාටීකා ලියන්නට බෝල්පොයින්ට් පෑනක කාබන් නාස්ති කරන එකද අවැඩකි.

සත්තකින්ම ගාමිණී ෆොන්සේකාගේ කෙරුම්කාරකම් පෙන්වා දීමට ‘නිධානය’ චිත්‍රපටයෙහි විලී අබේනායකගේ අභිමානනීය රංගනය පමණක් හොඳටම ඇතිය. විදේශීය චිත්‍රපට උළෙලක් සඳහා ‘නිධානය’ නියෝජනය වූ මොහොතක එය නැරඹූ ප්‍රකට ඉන්දීය විචාරකයකු, “අවසන් ජවනිකාවෙදි අර විදියට කළු ඉංගිරියාව හංගලා සුදු ඉංගිරියාව විතරක් නටවනවා පෙන්නුවේ කුමන ටි්‍රක්ස්වලින්දැ”යි ගාමිණීට සමීපව අසා තිබුණේ ඔහුගේ දෙනෙත් දෙස ද හොඳින් බලමින්ය.

ගාමිණී වමතෙහි ඇඟලි තුඩු අගින් බි්‍රල් ක්‍රීම් තවරා තිබූ කොණ්ඩය යන්තමට ස්පර්ශ කොට සිය සුපුරුදු ආඩම්බර සිනාව පෑවේය. අනතුරුව විලී අබේනායක අයිරින්ට පිහියෙන් අනින අවස්ථාවේ ඇස් නැටවූ තාලයටම කළු ඉංගිරියාව සඟවමින් වෙව්ලන ස්වරූපයක් ආරූඪ කරගනිමින් ඇස් නටවා පෙන්වූවේය. ඉන්දියානු විචාරකයාගේ ඇස් උඩ යන විට ගාමිණී මඳක් උස් හඬින් ඒ මොහොතේ සිනාසුණු බව එම පුවත පළ කළ සිනමා සංග්‍රහයෙහි අවසානයට සටහන් වී තිබිණි.

ගාමිණී ෆොන්සේකාගේ කලාකාමී ජීවිතය තුළ එවැනි රසමුසු තැන් තව ඕනෑ තරම් විය. ඒ රසමුසු තැන් ගැන තතු දන්නා එක් අයකු වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාරය. ඔහු ගාමිණීගේ සිත් ගත් මාධ්‍යවේදීන් කිහිප දෙනා අතරද එක් අයකු වූ අතර ගාමිණීගේ සමීපතම හිතවතකු වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය.
ඉතිං…

හෙළ සිනමාවේ සක්විති යන නම්බුකාර නාමයෙන් හඳුන්වන මේ අසමසම කලාකරුවා ගැන ඉමිහිරි මතක සැමරුමකට අවැසි සොඳුරු ඕපාදූප දොඩන්නට ඒ.ඩී. රංජිත් කුමාර නම් වූ ඒ කෘතහස්ත මාධ්‍යවේදියා සොයා අප ගිය ගමනක සිත්කලු කතා පුවතයි මේ සනිටුහන් වන්නේ.

ඉතිං… කියන්න, ඔබට අපි දැන් කොතැනින්ද පටන් ගන්නේ?
කතාබහට අවැසි ආරම්භය ගැනීමට මා ඔහුට ඉතා සුහදව පැවරුවෙමි. ඒක ගැන තමයි මමත් මේ හිතන්නේ. කොතැනින්ද පොටක් පාදා ගන්නෙ කියලා. කියන්න තිබෙන දේ බොහොමයක් වුණත් පත්තරයක පිටු එකහමාරක දෙකක ප්‍රමාණයකට ඒක සීමා වෙන්නත් එපැයි.

පළමු ආර්ටිකල් එක ගන්නට ගිය මොහොතේ සිනමා සක්විති ඔබව රිජෙක්ට් කළ තැනින් අපි ආරම්භය ගනිමු.
පුංචි සරදමක් සමග අප ඔහුට අවැසි ආරම්භයට පොට පෑදුවෙමු.
අන්න ඔබ වැරැදි කතාවක් කිව්වා. ගාමිණී මාව රිජෙක්ට් කළේ නැහැ. ඒ, ඔහු මට පෙන්වූයේ ඔහුගේ ස්වභාවයයි. ඔහු සම්මුඛ සාකච්ඡා කෙරෙහි එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. පත්තරවලින් තම පාරට්ටුව පුම්බන්න ඔහුට කවදාවත් වුවමනා වූයේ නැහැ. කෙටියෙන් කියනවා නම් තෝරාගත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පමණයි කවදත් ගාමිණී තම අදහස් සහ කතාබහ බෙදාහදා ගත්තේ. ඔහු ප්‍රිය කළ මාධ්‍යවේදීන් අතර සුවිශේෂ කෙනකු වූයේ එල්මෝ ගුණරත්න මහත්තයා. ගාමිණී එල්මෝ මහත්තයාගෙ කතාබහ කරන විලාසයට වාගෙම ලියන ආර්ට් එකටත් බොහොම ප්‍රිය කළා. කොයි තරම් අහංකාර ගති පැවැතුම් තිබුණත් එල්මෝ ගුණරත්න මහත්තයට ඔහුගේ නිවෙසේ දොර ඇරුණා.

ඔබට ඔහුගේ නිවෙසේ දොර වැහිච්ච කතාව කියමුද?
දොර වැහුවේ ගාමිණි නෙවෙයි. සුමිත්‍රා ෆොන්සේකා නෝන. ඈ හිතුවේ මම ගාමිණීගේ සමරු සටහනක් ගන්න ආව කොලු ගැටයෙක් කියලයි. මොකද එතකොට මගෙ වයස අවුරුදු 19යි. සරසවියෙ එවකට උප කර්තෘ ධුරය දැරූ ලක්ෂ්මන් මහත්තයාගේ අනුමැතිය මතයි මම ගාමිණී ෆොන්සේකාව මුණගැහෙන්න ආවේ. ඒ, මම ගාමිණීගේ රඟපෑම්වලට පිස්සු වැටිලා ඉන්න කාලේ. පළමු පාර දොර වැහුණාය කියලා මම හැරිලා ගියේ නැහැ. මම ආයෙම ගිහින් බෙල් එක ගැහුවා.

සුමිත්‍රා නෝනා දොර වහන්න කලින් විස්තරය කිව්වා. ඉඳගන්න පුටුවකුත් ලැබුණා. විනාඩි ගණනක් ගෙවිලා ගියා. 45 වැනි විනාඩියේදී මට ඇහුණා හරිම මිහිරි සිවුරුහම් හඬක්. ඊළඟට පියානෝවේ එහා මෙහා ඇඟිලි තුඩු යවන හඬක්. මම දොර රාමුව දිහා බලාගෙන හිටියා. ඒ අභිමානවත් නළු ස්වරූපය මතුව එනතුරු තවත් විනාඩි 10ක් ගෙවෙද්දී සිනමා සක්විති මගේ ඉස්සරහට ආවා. අතේ සිගරට් පැකට් එකත් එක්ක ලයිටරයකුත් තිබුණා. මම පුටුවෙන් නැඟිට්ටේ ඔහුට ගෞරවයක් විදියටයි.

“ඉඳගන්නවා අයිසේ ඉඳගන්නවා….” කියලා මට කිය ලා සිගරට් එකකුත් පත්තු කරගෙනම කතාව පටන් ගත්තා.

ඔබට තිගැස්මක් දැනුණෙ නැද්ද ඔහුගේ සිංහ ස්වරූපයට?
නැහැ. මම හිටියේ බොහෝ කාලයක සිට දැකපු හීනයකයි. ඉස්කෝලේ යන කාලේ ගාමිණීට පිස්සු වැටිලා හිටපු මට සරසවිය පත්තරයට ඔහුව ඉන්ටර්විව් කරන්න ලැබීම භාග්‍යයක් වුණා.

සාර්ථකව ඔබෙ අතින් එය ඉටුවුණාද?
ආඩම්බරයි කියන්න. පළමු ආර්ටිකල් එකෙන්ම මම ඔහුගේ හිත දිනාගත්තා. එදා ඒ දිනීමත් සමග ඇතිවූ සුහද මිත්‍රත්වය ඔහුගේ මරණය දක්වාම අපි අතර නොබිඳී තිබුණා.

මියයන්නට මොහොතකට පළමුව ගාමිණීගේ අවසන් දුරකතන ඇමතුම ඔබට ලැබුණා?
ඔව්. අදටත් මේ මොහොතෙත් ඔබ එය සිහිකරන විට මම තිගැස්සුණා. 2004 සැප්තැම්බර් 30 වැනිදා මම ලක්බිම ඔෆිස් එකට යන්න ලෑස්ති වෙනකොට ඔහු මට කතා කළා. කටහඬ ටිකක් වෙනස්ව තිබුණා. “ගාමිණී අයියා මොකෝ… හෙම්බිරිස්සාවද?” කියලා මම අහනකොට, “ඔව් අයිසේ නහය ටිකක් බර වෙලා” කිව්වා. පස්පංගුව හදලා බොන්න කියලා අවවාද කරලා ෆෝන් එක තිබ්බා. සවස 2ට විතර ගීත් ගුණසේකර කතා කරලා කිව්වා ගාමිණි ෆොන්සේකා නැතිවෙලාය කියලා. ඇත්තටම මට අදහාගන්න බැරිව ගියා ඒක. ඒක සයිලන්ට් හාට් ඇටෑක් එකකින් සිදුවුණු වාසනාවන්ත මරණයක්.

‘සිනමා සක්විති’ කියන නම්බුකාර නාමය ඔහුට පටබැඳුණෙත් ඔබේ මාධ්‍ය කලාව හරහායි?
ඔව්… මම ඒ නම ඔහුට දුන්නේ ‘හෙළ සිනමාවේ සක්විති’ යන නමින්, ඔහුගේ 50 වැනි උපන්දිනය වෙනුවෙන් එළිදැක්වූ කෘතිය මුල් කරගෙනයි. සතුටට කාරණය කියන්නේ පසු කලෙක සිනමා සක්වති යන නාමය ඔහුට පටබැඳුණා. මාධ්‍ය කලාවේ වාගේම රංගන කලාවේ නියැළුණු හැම තැනකදීම ‘සිනමා සක්විති’ යන නම භාවිත වුණා.

ගාමිණී, කලාකරුවන් සමග නිතර අමනාපකම් හදාගත්තාය කියන්නේ ඇත්තද?
‘නිතර’ කියන වචනය එතැනට යොදන්න බැහැ. ගාමිණී කියන්නේ හරි කෙළින් මිනිහෙක්. ඔහුට යටිකූට්ටු වැඩ අල්ලන්නේ නැහැ. කවදාවත් කාවවත් කපන කලාව ඔහු ළඟ තිබුණේ නැහැ. හැබැයි ගාමිණීගේ ලොකුම දුරවලකමක් වුණේ කේළම්කාරයන්ව විශ්වාස කරපු එකයි.

ජෝ අබේවික්‍රම සමග හුටපටයක් ගියේ එහෙම කේළමකටද?
ඔව්. ‘වැලි කතර’ කරන දවස්වල ගාමිණී සහ ජෝ අතර ලොකු අමනාපයක් තිබුණා. ඉන්ටර්විව් එකකදීවත් ජෝ අබේවික්‍රමගේ නම ඔහු ඉදිරියේ කියන්න ඇතැම් මාධ්‍යවේදීන් පැකිළුණා.

හැබැයි පළමු ඉන්ටර්විව් එකේදී ඔබ එයට පැකිළුණේ නැහැ?
ඔව්. ලක්ෂ්මන් මහත්තයා මට මතක් කරලත් දුන්නා. ජෝ අබේවික්‍රමගේ නමවත් ගාමිණී ඉස්සරහා කියන්න එපාය කියලා. ඒත් මම ගාමිණීගෙන් ඇහුවා, ජෝ අබේවික්‍රමගේ රංගන හැකියාව ගැන ඔබට මොනවද හිතෙන්නේ කියලා. ගත් කටටම ඔහු, “නොම්මර එකේ නළුවෙක් අයිසේ. මිනිහා නොම්මර එකේ නළුවෙක්…” කියලා කිව්වෙ හිතේ කිසිම කහටක් නැතුවයි. එහෙම තමයි ගාමිණීගෙ හැටි. අමනාපකම් තිබුණත් කාටවත් මඩ ගැහුවේ නැහැ. පිදිය යුත්තාට පුදන්න ඔහු පැකිළුණේ නැහැ.

ජෝ සහ ගාමිණී අතර විරසකය සමහන් වුණේ නැද්ද?
සමහන් වුණේ නැහැ. නමුත් අපි සමහන් කළා. අපි කිව්වේ මමයි, ධර්මසිරි ගමගේ මහත්තයයි දෙන්නා.බදා වැලඳගෙන ඉන්න කවර් පේජ් එකකුත් සරසවියට දැම්මා. දෙන්නා ආයෙම හිතවත් කියලා හැමෝම දැනගත්තේ එතැනදි තමා.

රූගතකිරීම්වලදී ගාමිණී හරි වෙලාවට වැඩ කරපු කෙනෙක්?
රූගතකිරීම්වලදී විතරක් නෙවෙයි. හැම තැනකදීම ඔහුට ‘හරි වෙලාව’ කියන කාරණය වැදගත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අෂ්රොෆ්ට පවා දවසක් ඔහුගේ නිවෙසේ ගේට්ටුව වැහුණේ ‘හරි වෙලාව’ කියන කාණය නොතැකූ නිසයි.

ඒ කියන්නේ ගාමිණී ෆොන්සේකා දේශපාලනය තුළදීත් ඔහුගේ අහංකාරකම පෙන්නුවා?
එයට අහංකාරකම යැයි කියන්නේ කොහොමද? ගාමිණී කියන්නේ කෙළින් මිනිහෙක්. ඒ පැවැත්ම තුළ දී ඔහුට තරාතිරම් තිබුණේ නැහැ. නියෝජ්‍ය කතානායක වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තු සැසිවාරයකදී මහින්ද රාජපක්ෂව සහ සී.වී. ගුණරත්නව එළියට දැම්මා. සී.වී,සහ මහින්ද කියන්නේ ගාමිණී සමග හිතවත්ව හිටපු අය. ඔවුන්ව එළියට දැම්ම කාරණය වුණේ දීලා තිබුණු වෙලාවට වැඩියෙන් කතා කරන්න උත්සාහ ගත්ත එකයි. ‘ඔබට දුන් කාලය අවසානයි. වහාම එළියට යන්න’ කියා දෙන්නාටම උස් හඬින් කිව්වා. ඒ වාගෙම එය රාජකාරියේදී පමණයි. පසුව නැවත ඔවුන් හොඳ යහළුවන් වුණා. ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ පවා ගාමිණී සමග ඔවුන් රංගනයෙන් එක් වුණා.

අෂ්රොෆ්ට ගේට්ටුව වැසූ කරණය කුමක්ද?
සමීප මිතුරන් කිහිප දෙනකු සමග ‘සෙට්’ වෙන එක ගාමිණී හරිම ප්‍රිය කළ දෙයක්. එදත් ඒ වගේ පුංචි සෙට්වීමක් ජාඇළ ගෙදරදී. මම සහ තවත් දෙදෙනකු සමග අෂ්රොෆ්ටද ඊට ආරාධනා කර තිබුණා. එකමුතුව පටන්ගන්න ආරාධනාව දුන්නේ හතහමාරට. නවය හමාර වන තුරුත් අෂ්රොෆ් ආවේ නැහැ. ෂොට් දෙක තුනක් දාලා ගාමිණී අපි එක්ක ඩිනර් ගත්තා. ඉන් පස්සේ අපට සමුදීලා ගාඩ් එකට අණ කළා කවුරු ආවත් මම ගෙදර නැහැ කියන්න කියලා. අෂ්රොෆ් ඇවිදින් හැරිලා ගිහින් තිබුණේ විනාඩි විස්සක් විතර එතැන ටැග් ගැහුණට පසුවයි.

සිරිමාවෝ මැතිනියටත් සිනමා සක්විතිකම තම ලොකුකම පෙන්වූ අවස්ථා තිබුණා?
ඔව්. හැබැයි ලොකුකම පෙන්වීමකට වඩා එතැන තිබුණේ අටෑක් කිරීමයි. නොබැඳි සමුළුව අළලා පැවැත්වූ ජනප්‍රිය තරු සම්මාන උළෙළේ ඔහුට හිමිව තිබූ ජනප්‍රිය නළුවා සම්මානය ඔහු නොගත්තෙ සිරමාවෝ බණ්ඩාරනායක විසින් එය තිළිණ කළ නිසයි. එයට හේතු වූයේ මැතිනිය දේශපාලනික වශයෙන් ගාමිණීට කළ කෙනෙහිලිකම් ඔහුට ගෙන දුන් කලකිරීම අප්‍රමාණ වූ නිසයි.

ජනප්‍රිය නළු සම්මානය තමා වෙතින් ගිලිහී විජය කුමාරණ තුංගට යන විටත් ගාමිණී කලකිරීමට පත්වුණාද?
කවදාවත් නැහැ. එවකට සිටි ප්‍රේමදාස රජය එම සම්මානය විජයගෙන් උදුරා ගාමිණීට දෙන්න යන විට එයට ඔහු ඉතා තදින් විරුද්ධ වුණා. මේසයට වැරෙන් පහරක් ගසා ඔහු විනිශ්චය මණ්ඩලයේ සිටි අයකුට කියා තිබුණා, ‘සම්මානය අයිති විජයට නම් එය ඔහුට දෙන්න’ කියා. තම සහෝදර කලා ශිල්පීන් වෙනුවෙන් ගාමිණී කළ උදව් උපකාර අපමණයි. රූගතකිරීම්වලට ගිය අවස්ථාවලදී කන්න බැරි කෑම ලැබෙන කොට ගාමිණී තම මුදලින් ඒ කෑම බීම නළු නිළියන්ට ගෙනත් දුන්නා.

දුක් කරදරවලට පත් කලාකරුවන්ට හරි හරියට පිහිට වුණා. ද්‍රවිඩ නිෂ්පාදකවරුන්ට සිංහල කලාකරුවන් වැඩකාරකම් කරනවාටත් ගාමිණී විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි. ඔහු ඒ ක්‍රමවේදය වෙනස් කළා. ඒ කාලෙ සිංහල චිත්‍රපට වැඩි හරියක් නිෂ්පාදනය වුණේ ද්‍රවිඩ නිෂ්පාදකවරු අතින් නිසා ඔවුන් සෙට් එකට එන විට ප්‍රධාන නළුවන් ගිහින් ඔවුන්ගේ මෝටර් රථයෙහි දොර අරින ක්‍රමයක් තිබුණා. ගාමිණීට ඔය වැඩෙ දිරෙව්වෙ නැහැ. ඔහු මේ ගැන දිගින් දිගටම කතා කළා. ඒ කතා බහේ අවසානය වුණේ ප්‍රධාන නළුවා සෙට් එකට එන විට ද්‍රවිඩ අධ්‍යක්ෂ හෝ නිෂ්පාදකවරයා ගොස් කාරයේ දොර ඇර දීමේ ක්‍රමයක් ඇතිවීමයි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා පවා ගාමිණීට සරෙන්ඩර්ව හිටියා කියන කතාව ඇත්තද?
සරෙන්ඩර් වීමකට වඩා එතැන තිබුණේ දැඩි ගෞරවයක්. මොකද ගාමිණී යූ.එන්.පී.එක වෙනුවෙන් වේදිකාවට නැඟපු එක ප්‍රේමදාස මහත්තයා මහා ලොකුවට සැලකුවා. ඒ විතරක් නෙවෙයි ගාමිණී මාතරින් වැඩිම මනාප ගත්තා. ඒ මනාප ගැනීම වෙනුවෙන් ප්‍රේමදාස මහත්තයා ඔහුට සුබ පතන විට ඔහු ‘සුබ පැතුම් අවශ්‍ය නැහැ සර්. දැන් ඉතින් තියෙන්නේ අපට අයිති වැඩ කොටස කරන එකයි.’ කියල ප්‍රේමදාස මහත්තයට කිව්වා. කලාකරුවෙක් වාගෙම තමයි ඔහු පොලිටික්ස්වලදීත් තම චරිත ස්වභාවය එළිදැක්වූයේ කාගෙවත් ලකුණු ගන්නවත් තනතුරු ගන්නවත් නෙවෙයි. සිනමා සක්විතිට ඕනෑ වුණේ අවැසි කාර්යය, තම ඩියුටිය හරියටම කරන්නයි.

බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව ඔහු ක්‍රියා කළා?
අන්න ඒකයි ගාමිණීගෙ උතුම්කම. සම්මානය ගන්න මැතිනිය හිටපු වේදිකාවට නැග්ගෙ නැතුවට ප්‍රේමදාස ආණ්ඩුව මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන එකට ඔහු තදින්ම විරුද්ධ වුණේ ගාමිණි දිසානායකගේ පැත්ත ගනිමිනුයි.

ඇත්තෙන්ම සිනමා සක්විති අභිමානනීයයි?
ඔව්. ඒ නිසයි ඔහු ගැන කතා කරන්නට මා ලද ආරාධනාව සතුටින් භාරගත්තේ. මා පමණක් නෙවෙයි ගාමිණී ගැන දන්නා ඔහු ගැන ලියූ ඕනෑම මාධ්‍යවේදියකු ඔහු අභිමානනීය බව කියන වග නිසැකයි.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගම්මන්පිල ගැන තීන්දුවක් ගන්න ජනපති මන්ත්‍රී කණ්ඩායම කැඳවයි!

Next Post

හරීන්ට සැප්තැම්බර් වෙනකන් නීතිපතිගෙන් සහනයක්!

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.