• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
in Heart
Reading Time: 4 mins read
A A
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Share on WhatsAppShare on Facebook

රඟපාලා මෝටිවේෂන් එකක් අරන් පාරට බැස්සා නෙමෙයි…
රඟපාන එකයි පාරට බැහැපු එකයි කියන්නේ දෙකක්…
දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ. මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ…
ගහලා ඉවර කරන්න පුළු‍වන් දෙයක් නෙවෙයි මේක…
එළියට බැහැල විරෝධතාවයක් විදිහට සිංදුවක් කියනවා නම් ඒක මරු. ඒ ආතල් එක ගන්න…
අපිට ආතල් ගන්න පාලකයින් වෙන ක්‍රමයක් දීලා නැහැ…

කූඹියෝ ටෙලි නිර්මාණයෙහි ප්‍රියන්ත මහඋල්පතගම, එසේ නැති නම් ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලි වෘත්තාන්තයේ “සුන්නා”ව ඔබට මතක ඇති. නැත්නම් “පොදු”‍ මිනි සිරීයස්හි ප්‍රිමාල්ව සිහිපත් කරගන්න. ඒ සියල්ල අමතක නම් ඔබට කළණ ගුණසේකර නම් චරිතාංග රංගන ශිල්පියාව මතකද? ආණ්ඩුවට එරෙහිව මහජනතාව විරෝධතාවයන්හි නිරත වෙමින් සිටින අවධියක එලෙස ඔහුත් මහජන විරෝධතා අරගලයට සහාය දැක්වීමට පැමිණි සිටි ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. රටේ උද්ගතව තිබෙන දේශපාලනමය අස්ථාවරත්වය පිළිබඳව මව්රට හාට් අප සමග ඔහු මෙසේ කතිකා කළා.

කළණ ගුණසේකර ගැන කතා කරද්දී අහන්න හිතෙනවා ඔබ නළු‍වෙක් ද, රචකයෙක් ද නැත්නම් දේශපාලකයෙක් ද කියලා?
මම දේශපාලකයෙක් නෙමෙයි. වෘත්තීය විදිහට රංගනය කරගෙන ගියාට මම නළු‍වෙක් කියලා කියන්න වැඩි කැමැත්තක් නැහැ. මගේ තියෙන ප්‍රෙෂර් එක පිට කරන්න දේවල් ලියුවට මම රචකයෙක් කියලා රචකයින්ට අපහාස කරන්න මම කැමතිත් නැහැ.

දේශපාලනයට සම්බන්ධ භූමිකාවන් රඟ දක්වපු ඔබට රට වෙනුවෙන් පාරට බැස විරෝධතා අරගලයක නිරත වීම ගැන මොකද හිතෙන්නේ ?
මම රඟපාපු එකයි පාරට බැහැපු එකයි කියන්නේ දෙකක්. මම රඟපාපු දේවල්වලින් මෝටිවේෂන් එකක් අරන් පාරට බැස්සා නෙමෙයි. මේ වෙලාවෙත් මම පාරට බහින්නේ නැත්නම් නළු‍වෙක් විදිහට විතරක් නෙවෙයි මිනිහෙක් විදිහටත් වැඩක් නැහැ. මොකද ලංකාව අරාජික වෙලා ඩොලරයට කෙළ වෙලා. මෙහෙට ආපු ඩොලරයට කිසිවෙක් වගකියන්නේ නැහැ. අපි ගත්තු ණයෙන් සියයට පොඩි ප්‍රතිශතයක් තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතිරි ටිකට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ පරිපාලනය ඇතුළේ මේ පාලනය ඇතුළේ සම්පූර්ණ මංඤ්ඤං වෙලා සල්ලිවල කතෘ අඥාත වෙලා ඉන්න වෙලාවක ඒ වෙලාවෙත් බහින්න බැරි නම් මම හුස්ම අරන් ශ්‍රී ලාංකික.. ශ්‍රී ලාංකික… කියලා තේරුමක් නැහැ කියලා මම විශ්වාස කරනවා.

තිරයෙන් එහා දේශපාලන අරගලය කරලා ඉදිරියේදී දේශපාලනයට එන්නද හදන්නේ?
කිසිසේත් නැහැ. හැම මිනිසෙක්ම දේශපාලනිකයි. නමුත් මේ පාර්ලිමේන්තුවට යන්නවත් ඇමැති කෙනෙක් වෙන්නවත් මගේ හිතේ කොනකවත් නැහැ. ග්‍රාම සේවක කෙනෙක්ට ජනාධිපති කෙනෙක් වෙන්න පුළු‍වන් වුණාට, හමුදාවේ හිටපු යම්කිසි නිලධාරියෙක්ට ජනාධිපති කෙනෙක් වෙන්න පුළු‍වන් වුණාට, අදාළ නැති මිනිස්සු ගොඩකට ජනාධිපති වෙන්න පුළුවන් වුණාට, නළු‍වෙක්ට ජනාධිපති කෙනෙක් වෙන්න බැහැ කියලා විතරක් මා විශ්වාස කරනවා. මම මේ කතා කරන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි. මේ වෙලාවේ කතා කරන්නේ නැති මිනිස්සු ශ්‍රී ලාංකිකයින් කියලා කියන එක අවුලක්. ආර්ථිකය කඩා වැටිලා තියෙන වෙලාවක කතා කරන්නේ නැත්නම් මොකටද…

රටේ අර්බුදයක් ඇති වෙලා තියෙන අවස්ථාවක වර්තමාන දේශපාලනය ගැන මොකද හිතෙන්නේ?
අපිට පෙනෙන දේශපාලනයක් තියෙනවානේ. අංක එක තමයි අපේ ඩොලරයට දැන් කෙළවෙලා තියෙන්නේ. අපිට ඉන්ධන නැහැ. ගෑස් නැහැ. ගොවියන්ව කෙළවලා දාලා තියෙන්නේ. ඒවත් කොමිස්වලින් පිටරටින් ගෙන්වලා තියෙන්නේ ඩොරල්වලින්. මේ අයගෙන් පිරිසක් ඩොලර්වලින් සෙල්ලම් කරලා. මේ කියන්නේ ඒකනේ. අපිට දුන් ණයවලින් වැඩ කරලත් නැහැ. ඉන් සියයට ගානයි වැඩ කරලා තියෙන්නේ. එතකොට මේ සල්ලි තියෙන්නේ කොහෙද කියලා දේශපාලකයින්ට පෙන්වන්න පුළු‍වන් නේ. මම කියන්නේ 225න් බහුතරයකට පෙන්වන්න අපිට මෙහෙට මෙච්චර ඩොලර් ආවා. මෙච්චරක් වැඩ කළා. මේ වැඩවලට ගිය වියදම, මේ තියෙන්නේ අපේ ගිණුම්. අපි ඉස්සුවේ නැහැ සල්ලි. අපි එහෙම කළේ නැහැ කියලා පෙන්වන්න පුළුවන් නේ. හැබැයි එයාලට ඒක පෙන්වන්න බැහැ. නමුත් වරද දාන්නේ මහජනතාව පිටින්. මහජනතාවගේ තමයි අවුල දේශපාලකයින්ව විශ්වාස කරපු එක. එතකොට ඉදිරි ණය ගෙවීම පිළිබඳ ක්‍රමවේදයක් නැහැ. ක්‍රමවේදයක් නැති ක්‍රමවේදයක් පෙන්වන්න බැරි රටක්. ලාභ අලාභ පෙන්වන්න බැරි පාලකයෝ පිරිසක්. විශ්වාස කරන්න බැහැ.

මේ අර්බුදය ‍යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයිද?
කලාකරුවෙක්ට නෙමෙයි මේක යථා තත්ත්වයට පත් කරන්න පුළු‍වන් ඔවුන්ටමයි. ඔවුන්‍ට බැරි නම් වෙන පිරිසක්. මම කියන්නේ ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමැතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ. එතකොට ඒක නොතේරෙනවද කාටවත්. දෙසිය විසිපහටම නෙවෙයි මම කියන්නේ. ඔතනින් තුනෙන් දෙකකට බැහැ බුදුහාමුදුරුවන් පල්ලා අපි කොමිස් ගැහුවේ නැහැ. මේ දේශපාලනය කරලා මම පඩියට අමතරව සත පහක් හම්බ කළේ නැහැ කියලා අම්මා පල්ලා දරුවා පල්ලා කියලා දිවුරන්න පුළු‍වන් දේශපාලකයින් ඉන්නවාද කියලා ඉන්ටවීව් කරලා බලන්න.

ඉදිරියේදී කලාකරුවෙක් විදිහටත් දේශපාලනමය තීන්දු තීරණ ගන්න වෙයි. ඒ ගැන ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද?
දැන්වත් මොළයක් තියෙන මිනිහෙක් මේක පාලනය කරන්න පුළු‍වන් බුද්ධිමත් පිරිසක් මේකට යවන්න වෙනවා. ඒක දැනුත් බැරි නම් මෙතනින් එහා මේක තියෙන්නේ ‍යට. දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ. මේක ගොඩ ගන්න බැහැ. නමුත් ගොඩ එන්නෝනී. දැන් නම් මිනිස්සු බුද්ධිමත් වෙන්නෝනී. දැන් බුද්ධිමත් වෙලා තීරණ අරන් මේ රට ගොඩ නැගුවොත් මේ ලෝකේ තියෙන ලස්සනම රට ශ්‍රී ලංකාව වෙනවා, ලස්සනම පුරවැසියන් ශ්‍රී ලාංකිකයින් වෙනවා. මෙය ලංකාවට තීරණාත්මක මොහොතක්.

මේ විරෝධතා අරගලය රැල්ලක්, විනෝදයක් කරගෙන එන පිරිස් ඉන්නවා. එය අනුමත කරනවාද?
විනෝදයට පාර්ලිමේන්තුවට එන කසිප්පුකාරයෝයි කුඩුකාරයෝයි, ගංජා විකුණන එවුනුයි, එතනෝල්කාරයෝයි වගේ අදාළ නැති අය පාර්ලිමේන්තුවට එනවා නම් පුරවැසියෙක් ඔවුන්ට විරුද්ධව විනෝදෙට එළියට බැස්සත් කමක් නැහැ. මේ වෙලාවේ ලයිට්, ගෑස්, කෑම බීම ගන්න සල්ලිත් නැහැ. එතකොට මොනවත්ම නැති වුණු මිනිස්සු ටිකක් වැළලෙන්නද. එළියට බැහැල විරෝධතාවයක් විදිහට සිංදුවක් කියනවා නම් ඒක මරු. එළියට බැහැල කොඩියක් අරන් ආතල් එකේ සිංදුවක් කියන්න ඕනේ. ඒ ආතල් එක ගන්න. අපිට ආතල් ගන්න පාලකයින් වෙන ක්‍රමයක් දීලා නැහැ. මේ එළියට බහින ආතල් මිනිස්සු ටික තමයි මරුම මිනිස්සු ටික. දේශපාලනික ප්‍රහසනය කියලා කියන්නේ කොමඩිය. ඒ කොමඩිය පාරට බැහැල මිනිස්සු ගන්නවා නම් ඒක තමයි මේ මොහොතේ දේශපාලනික ප්‍රහසනය.

මේ දේශපාලුවෝ ටික පන්නන්න කලාකරුවෝ ජනතාව එක්ක පාරට බැහලා කරන අරගලය සාර්ථක වෙයි කියල හිතනවාද ?
මම කලාකරුවෙක් විදිහට නෙවෙයි මහජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෙක් විදිහට තමයි මේ විරෝධතාව පළ කරන්නේ. නැතුව මම වෙනුවෙන් නෙමෙයි. අපේ අනාගතයේ කාලා ඉවරයි දැන්. මේ ණය බරින් නිදහස ලබන්න තව අවුරුදු දහයක් පහළොවක් යනවා. එතකොට අපට අනාගතයක් නැහැ. අඩුම තරමේ අපේ ඊළඟ පරම්පරාවකටවත් එතකොට මෙයින් ගොඩ එන්න පුළු‍වන් තත්ත්වයක් හදන්න බැරි රාජ්‍ය නායකයෝ දැන්මම එල්ලිලා මැරෙන්න ඕනී මම කියන්නේ.

ඒ කියන්නේ මේ රටට තියෙන ආදරේටද මේ විදියේ විරෝධතාවයක නිරත වෙන්නේ?
මට තියෙනවා අපේ මේ ශ්‍රී ලංකාව ගැන වේදනාවක්. රටට වුණු දේ ගැන වේදනාවක්. මේ රට හොඳ රටක්නේ. මේක ඇවිත් දේශපාලන පක්ෂ පාට අරගලයක් නෙවෙයි. මේ සියලු‍ ශ්‍රී ලාංකිකයින්ගේ ඔළුවේ මතු වූ ජනතා කැරැල්ලක්. මේක මර්දනය කළ යුත්තක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගත යුතු කාරණාවක්. තමන්ට වැරදි කියලා ඇඟිල්ල දික්කරනවා නම් නිර්දෝෂිභාවය ඔප්පු කරලා පෙන්නුවා නම් ඉවරයිනේ. මිනිසුන්ට ගහන එක හරිම ප්‍රචණ්ඩයිනේ. ගහලා ඉවර කරන්න පුළු‍වන් දෙයක් නෙවෙයි මේක. ඉතා සාමකාමීව අවසන් කළ යුතු දෙයක්. හැබැයි හොරකම් කරලා ලංකාවෙන් පැනලා යන්න මේ පාර බැහැ. වට කරයි ශ්‍රී ලාංකිකයෝ.

කළණගේ ජිවිතේ ඊළඟ ඉලක්කය මොකක්ද ?
දැනට තියෙන එකම ඉලක්කය මේ ලංකාවේ තියෙන අස්ථිරභාවය නැති කරන එක.

අන්තිමට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ?
අපි හැංගිලා ඉඳලා තියෙන්නේ කියලා දැන් පැහැදිලි වෙනවා. තව දුරටත් පැහැදිලි කරගන්න බැරි නම් ඇත්තෙන්ම අපි අවුල්. මේ දෙසිය විසිපහ තුළ ඉන්න බහුතරයක් අපිව රවටන බව තවම නොතේරෙනවා නම් මීට වඩා වැටෙන්න තැනක් නැහැ. නමුත් මීට වඩා වැටිලා නන්තත්තාර වෙලා, ලෝකේ තියෙන අප්‍රසන්නම රට වෙලා, මානව හිමිකම් අවම රට වෙලා, ප්‍රජාතන්ත්‍රවාදය අවම රට වෙලා, ලෝකේ තියෙන අරාජිකම රට වුණොත් ඒ ගොඩනැගෙන ලංකාවට, දැන් අපි මේ වෙනස් වෙන්නෙ නැති තීරණය බලපානවා. එතකොට අපි ශ්‍රී ලාංකික කියලා වැඩක් නැහැ.

-ටෙනායා ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ආණ්ඩුව හදන්නේ ගේමක් ගහන්නද? 20 සංශෝධනය කියලා 21 පාර්ලිමේන්තුවට! 19ටත් සංශෝධන! අපි ඊයෙම රටට තොරතුර හෙළි කළා!

Next Post

41ට අමතරව ආණ්ඩුවේ ඇමැතිකම් නොලැබුණු තවත් ‌කණ්ඩායමක් හෙට ස්වාධීන වෙන්න තීන්දු කරයි!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.