චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගත්තැයි කියන සිද්ධියකට අදාල හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (27) නියෝග කළා.Sri Lanka Latest News
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළා.
මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා වන අනුද ජනාදිත් ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනෙක්.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 21 වැනිදායි.
පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණා.










