• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොං ජිං ජිං දොන් තරිකිට හඬට රබානේ…!
නළුවෝ ගෙවල්වල..!
එළුවෝ චැනල්වල…!

May 2, 2023
in Exclusive, Heart
Reading Time: 7 mins read
A A
දොං ජිං ජිං දොන් තරිකිට හඬට රබානේ…!  නළුවෝ ගෙවල්වල..!  එළුවෝ චැනල්වල…!
Share on WhatsAppShare on Facebook

තවත් සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයක් ඉවරයක් වුණා ඔන්න. ෆේස්බුක් එකෙන් කවුදෝ මන්දා කෙනෙක්,

‘ගිහිල්ලා ගිහිල්ලා සිංහල අවුරුද්ද ගිහිල්ලා

වරෙල්ලා වරෙල්ලා හෙට උදේට වැඩට වරෙල්ලා…’

කියලා උපහාසමය පෝස්ටුවක් දාලා තිබුණා. ඒ වගේම අවුරුදු උත්සවයට සමගාමීව තව තව බොහොමයක් පෝස්ටු ෆේස්බුක් මාධ්‍යයේ සටහන්ව තිබුණා. ඒ බොහොමයක් වූ පෝස්ටු අතර සුවිශේෂීව කතාබහට ලක්වෙච්ච එක් පෝස්ටුවක් වූයේ ජනප්‍රිය කලා ශිල්පී එහෙමත් නැත්නම් ප්‍රවීණ නළු ජගත් බෙනරගම තම ෆේස්බුක් ගිණුම හරහා මුදාහැර තිබු පෝස්ටුවයි.

‘කලා ගම්වල අවුරුදු උත්සව ගෙදර ඉඳගෙන බලන මමයි දෝණියි…’

වචන නවයකින් සමන්විතව තිබුණු ඒ සංවේදී අකුරු සටහනද ඔහු නිර්මාණය කළ පෝස්ටුවෙහි පාමුලින් ලියැවී තිබුණා. සත්තකින්ම කියනවා නම් බෙනරගමවත් හිතන්න නැතුව ඇති කම්මැළිකමට හෝ නිකමට වාගේ තමා අතින් නිමැවුණු පෝස්ටුව මේ තරමට පත්තු වෙලා යයි කියලා.

ඇත්තටම බෙනරගමගේ සංවේදී පෝස්ටුව ඒ තරමට පත්තු වුණාද?

පත්තු වුණාදත් අහනවා. ලංකාවේ තියෙන හැටහුටාමාරක් වෙච්ච වෛවාරණ ටීවී චැනල්වල තරු අවුරුදු උත්සව ආශ්‍රිතව පුපුරා ගිය මල් වෙඩිවලට වඩා සැරට බෙනරගමගේ පෝස්ටුව මාධ්‍ය හරහා සැරට පත්තු වුණා. ඒ විතරක් නෙවෙයි. ‘පබා’ ටෙලි නාට්‍යයේ පබාට හිත යටින් ලව් කරපු ’උක්කු’ට ප්‍රිය කළ තවත් විදියකට කියනවා නම් ‘සමගිපුර වසන්තගේ බොක්ක’ විදියට හිටපු අතීසාර මිත්‍රයාට ප්‍රිය කරපු ප්‍රේක්ෂකයන්ගේ හිත්වලද බෙනරගමගේ දුක හිතෙන පෝස්ටුව හිතපු නැති විදියට පත්තු වෙලා ගියා. හිතපු නැති විදියට ෂෙයාරිනුත් තිබුණා.

‘නළුවෝ ගෙවල්වල – එළුවෝ චැනල්වල…’

කවුදෝ මන්දා එහෙම සිරස්තලයක් ඔස්සේද බෙනරගමගේ පෝස්ටුව ෂෙයාර් කරලා තිබුණා. කියවලා ඉවර කරන්න බැරි තරමේ කමෙන්ට්ස් මහ ගොඩක් ඒ ‘එළු – නළු’ කතාවට වැටිලා තිබුණා. මෙය ලියන මොහොතේද තවමත් ඒ පෝස්ටුව සමාජ ජාල අතර සංසරණය වෙනවා.

ඇත්තටම එච්චරටම ඒ පෝස්ටුව පත්තු වෙලා ගියේ ඇයි?

පත්තු වුණේ එහි යම් ගතයුත්තක් තිබුණු නිසා.

කාටත් අමතක වූ යමක් පබා ටෙලියේ උක්කු නොදැනුවත්වම වාගේ එකී මෙකී නොකී හැමෝටම මතක් කරලා දුන්න නිසා.

ඔයාලා අපි හැමෝම වාගේ ටිකක් පැත්තකට වෙලා හිතලා බලමු. ජගත් බෙනරගම කියන්නේ අවුරුදු උත්සවයක් වෙනුවෙන් ටෙලි ෂෝ එකකට ගෙන්නන්න බැරි තරම් නළුවෙක්ද? දන්න තරමට නම් ජගත් බෙනරගම ප්‍රාසාංගික ටෙලිනාට්‍ය 250කට පණ දීලා තියෙනවා. ඒකාංගික ටෙලිනාට්‍ය 450ක පමණ රඟපාලා තියෙනවා. චිත්‍රපට 12ක් හෝ 15ක් අතර ගණනකද රඟපාලා තියෙනවා. උතුරු වාර්ගික යුද්ධය අලළා නිමැවුණු ‘ගාමණී’ චිත්‍රපටයේ ජගත් බෙනරගම කළ රංගනය අතිවිශිෂ්ටයි.

ඉතින්, ඔහුගේ නළුකම ගැන අටුවා ටීකා ලියන්න තව කතා මොකටද? ඒ කොයි කතා කිව්වත් ටීවී චැනල් කිහිපයකම පැවැත්වූ කලා ගම්වල අවුරුදු උත්සවවලින් එකකට හෝ මේ නළුවාට ආරාධනා කරපු නැති කතාව නම් ශෝකාන්තයකි. හරි අසාධාරණයකි. දුකට කාරණයකි. එහෙම බලන කොට කවුද මන්දා අයෙක්,

‘නළුවෝ ගෙවල්වල – එළුවෝ චැනල්වල’ කියා ෆේස්බුක් එකේ දාපු පල් වාක්‍යයෙහි වරදක් නැත.

එළු කතා නළු කතා කොහොම වුණත් කලා ගම්වල අවුරුදු උත්සවවලට ආව නළුවෝ වැඩි හරියක්ම සැලුන් නළුවෝය. ඔවුන් බොහොමයක් බිහිවුණේ Tik Tok වැනි විලම්බීත හෝ යූටියුබ් එකෙන් මතුවූ නාටක හරහාය. එහි වරදක් නැත. ආපු ක්‍රමයට වඩා වරද තියෙන්නේ ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් ඔවුන් කරපු කිසිවක් නැතිකමය. හොයා ස්ටයිල් එක හෝ ජේත්තුව හැරෙන්නට මේ සැලුන් නළුවන්ට වෙන මොනවත්ම නැත. මේකප් තට්ටුවක් දාගෙන නිමාවක් හෝ කිසිදු දැක්මක් නැතිව ඔහේ ඇදෙන ටෙලි කතාවල රඟපාන ඔවුහු සම්මාන උළෙලවලදී ජනප්‍රියම නළුවා ලෙස සම්මානද ගනිති. වැඩි දෙනෙක් නළුවෝ ඒ සම්මානය ගන්නේද තමන්ගේම මුදලින් සිම්පත් අරන් දී බලෙන්ම ගහගන්නා SMS ක්‍රමයටය.

බෙනරගමලා වැනි නළුවන්ගේ කතන්දරය ඊට වඩා වෙනස්ය. බෙනරගමලා ආවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනීලා වැනි ප්‍රවීණයන් ආ ක්‍රමයටමය. ඒ ක්‍රමයෙහි ආරම්භය වූයේ වේදිකාවය. බෙනරගමගේ ගුරුතුමා වූයේ හිටපු ප්‍රවීණ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්නය. එතුමන්ගේ ‘තලමල පිපිලා’ මෙන්ම ‘ගුරු තරුව’ හරහා ඔහු පෙන්වූ ප්‍රතිභාව මනෝරම්‍ය විය. එක්දහස් නවසිය අනූ ගණන්වල කළ ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යයේ ගුරු තරුවෙහි සිසුවා වූ මේ දක්ෂ රංගවේදියා ආචාර්ය ජයලත් මනෝරත්න එය දෙදහස් ගණන්වල වේදිකාගත කරන විට ගුරුවරයා ලෙස සිය චරිතයට පිවිස තිබුණේය. එම චරිත මාරුව එලෙස සිදුවූයේ මනෝරත්නයන්ට බෙනරගම වැනි පට්ට වැඩ්ඩෙක්ව ගුරු තරුව නාට්‍යයෙන් දොට්ට දමන්න තරම් හිත ඉඩ දුන්නේ නැති නිසාය. වසර විසි ගණනකට පසුව පාසල් ශිෂ්‍යයකු කොට ගන්නට බැරි වයසක උන් බෙනරගමට ගුරු චරිතය පිරිනැමීමට තරම් මනෝරත්න මහත්තයාට හිතුණේ ඔහුගේ රංගන පෙළහරෙහි වටිනාකම සහ අගය දැන සිටි නිසාය. එය හොඳින් පසක් කොට ගෙන සිටිය නිසාය. තවත් විදියකට කියනවා නම් ‘ගුරු තරුව’ වෙතින් ඔහුව අහක් කොට ගෙදර තියන්න බැරි නිසා මනෝරත්න මහත්තයා වැනි ප්‍රවීණ අද්විතීය නිර්මාණකරුවකු ඔහුගේ ශිෂ්‍ය චරිතය ගුරු චරිතයක් කොට ඒ සැබෑ නළුකමට සැලකුවේය.

හැබැයි, ලංකාවේ ටීවී චැනල්වලට බෙනරගමගේ ඒ සැබෑ නළුකම පෙනුණේ නැත. ඔහු ගෙදර ඉඳගෙන කලා ගම්වල අවුරුදු උත්සව බැලුවේත්, සැලුන් නළුවෝ හැම චැනල් එකේම රැඟුවේත් ඒ හින්දාය. බෙනරගමට හිතේ අමාරුවක් දැනෙන්නට ඇත. ඉහත දැක්වූ පෝස්ටුව නිර්මාණය වූයේ ඒකය. ඔහුට ඇලුම් කළ රසික හිත්වලටද ඒ අමාරුව දැනෙන්නට ඇත. සිය ගණන් කමෙන්ට්ස් බෙනරගමට චියර් කරන කොට ‘නළුවෝ ගෙවල්වල – එළුවෝ චැනල්වල’ කියා තව ඇතැමුන් සැලුන් නළුවන්ට කෝචොක් කළේ ඒකය.

සමාජ මාධ්‍ය ජාල හරහාද බෙනරගමට වූ අසාධාරණය ගැන කතාබහ ඔහොයියාවට පැතිර ගියේය. රිදෙන්නට වැදුණු සමහර ටීවී චැනල්වලින් ඔවුන්ගේ අලුත් ටෙලි කතා මාලාවන් සඳහා ඔහුට ආරාධනා ලැබුණු බවද සැලවී ඇත. බෙනරගමට විතරක් නොව අවුරුදු ටෙලි උත්සවවලදී මෙන්ම වසර අවසානයේ රඟ දක්වන සමහර රියැලිටි සන්දර්ශනවලදීද සැබෑ නළුවන්ට නැති තැනක් සැලුන් නළුවන්ට ලබාදෙති. නිළියන්ට වුවද එය එහෙමය. සැබෑ නිළියන් ගෙදරට වෙලා ඉන්නකොට සැලුන් නිළියෝ ඇවිදින් ඔහේ රඟති. ඒ රැඟිල්ලෙහි අනේ කිසිම ගැළපීමක්ද නැත. ඊයේ පෙරේදා නිමවූ අවුරුදු උත්සවවලද එහෙමය. එහි බොහෝ විට සිංහල අවුරුදු සිරියක් තිබුණේ නැත. දුම්බර පැදුර නම් මාධ්‍ය ජාලයට වැඩම කළ ප්‍රකට හිමිනමක්,

‘ඒ අවුරුදු උත්සව මොනවාදැයි මට වැටහෙන්නේ නැහැ. තව ටික කාලයක් යනකොට මොනවා හරි කෑමක් බඩ පිරෙන්න කන්න දීලා පළමුවෙන් වැසිකිළි කැසිකිළි යන අයවත් තෝරන්න ගනී.

කිසිම අවුරුදු සිරියාවක් ඒවායේ තිබුණේ නැහැ. ඇතැම් තරගවල තිබුණේ කාමුකත්වය දනවන පහත් හැඟීම් ඇවිස්සීමක්. කිසිම විළි බියක් නැති උත්සව. තව ඉදිරියටත් මෙහෙම ඇතිවුණොත් නිවැරැදි අවුරුදු උත්සව සංස්කෘතිය සිංහලකම සහ සභ්‍යත්වය මොකක්දැයි කියන කාරණය ඔවුන්ට අමතක වෙලාම යාවි….’ යනුවෙන් පවසා සිටියහ.

බෙනරගම ගෙදරට වී කලා ගම්වල අවුරුදු උත්සව නරඹන පලහිලව්වත් සමග සැලුන් නළුවන් සහ සැලුන් නිළියන්ගේ පුහු ආටෝප සහිත රැඟිල්ලද කාටත් පේන්න ගත්තේය.

‘මළ කෝලම් ගොඩයි. බලන්න දෙයක් නැති නිසා ඔහේ බලාගෙන හිටියා. උක්කුට කුඩම්මගෙ සැලකිලි දක්වපු එකට හැම චැනල් එකකටම අපේ විරෝධය…’

‘අවුරුදු සිරියාවක් හෝ සිංහල අවුරුදු කියන ගතියක් කිසිම තැනක තිබුණේ නැහැ. හැමෝම මේක්අප් තට්ටු ගාගෙන ආටිෆිෂල්. උක්කුවව අමතක කළ එක කැතයි…’

‘මොන තරම් විශිෂ්ට නළුවෙක්ද? එක අතකට ඒ බහුබූත තරගවලට උක්කුංට ආරාධනා කරපු නැති එකත් හොඳා…’

ජගත් බෙනරගම නිර්මාණය කරපු පෝස්ටුවට පහළින් වැටුණු කමෙන්ට්ස්වල සටහන් උපුටා ගැනීම් කිහිපයකි ඒ.

‘නළුවෝ ගෙදර – එළුවෝ චැනල්වල’ කියා සඳහන්ව කවුරුන් හෝ තනපු පෝස්ටුවට පහළින් හොඳ හොඳ කමෙන්ට්ස් සටහන්ව තිබුණා මතකය. ඒවා කෙතරම් අස්ථිරද කියන්නේ නම් පුවත්පතක එය පළකිරීම සැලුන් නළුවන්ට හොඳ මදිය. ඒ හින්දා එතැන තිත තබමු.

අවසානයේ කිව යුතු වන්නේ ලබන අවුරුද්දේවත් ජගත් බෙනරගම වැනි එළුවන් නොවූ නළුවන්ටත් කලා ගම්වල තියෙන අවුරුදු උත්සවයකට ඇවිත් යන්න එන්නැයි කියා ආරාධනාවක් කරන්නැයි කියාය. ආචාර්ය ජයලත් මනෝරත්නයන් වැනි ඇසූපිරූ තැන් සපිරි ප්‍රවීණයකු ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යයේදී බෙනරගමට සැලියුට් කළ විදිය බලන කොට වෙන කිසිවකුටවත් කොහොමවත් ඔහුව හෑල්ලු කරන්නට බැරිය.

බෙනරගමලා විතරක් නෙමේය. ගෙවල්වලට වී සිටින ඔහු වැනි සැලුන් නළුවන් නොවූ තව නළුවන් වෙනුවෙන්ද ඒ කාරණය හොඳින් මතක තබාගන්නැයි අදාළ වූවන්ට සහ වගකිව යුත්තන්ට මැදහත් සිතින් පවසා සිටින්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෙන් ගෙට ගොස් පාන් විකුණූ PERERA අද SONS සමග මහා ලොකු ව්‍යාපාරයක් හදලා…

Next Post

රටටම ආදර්ශයක්! ජන ගඟක් එක්ක මැයි රැළිය තිබ්බ ඒ.ඊ. ගුණසිංහ පිටිය සජබෙන් රෑම සුද්ද කරයි!

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.