• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුදු හාමිනේ තරම් මම නපුරු නැහැ…

July 7, 2021
in Heart
Reading Time: 4 mins read
A A
සුදු හාමිනේ තරම් මම නපුරු නැහැ…
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නෙ නැහැ…
භාෂාවෙ නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ…
මගේ කිසිම දේකට මවුපියන්ගේ විරුද්ධත්වයක් නැහැ…

සුදු හාමිනේගේ තිබෙන දඩබ්බර නපුරුකම් තියෙන්නේ තමාට තිබෙන ආදරය අහිමි වෙයි කියන බයටයි. ඉතින් ඇය ඒ නිසාම නිරන්තරයෙන් උත්සාහ කළේ සකූව ගෙදරින් පිටමං කරන්න. අද සුදු හාමිනේට අත්වී ඇති ඉරණම කෙබඳුද කියා සකූගේ ලෝකයේ පේ‍්‍රක්ෂකයන්ට අමුතුවෙන් පැවැසිය යුතු නැහැ. ඉතින් පුංචි තිරයට පැමිණි මේ දඟකාර රුවැත්තිය කවුද කියා ඔබ සොයනවා ඇති. ඒ ගැන පැවැසීමට සුදුහාමිනේ ලෙස ඔබට සමීප වන ගයාත‍්‍රී රාසිංගොල්ල සමග අපි කතා බහ කළේ මේ විදියටයි.

🔴 ඔබට මෙතරම් ජනතා ආදරයක් හිමිවීමට අවස්ථාව ලැබුණු හැටි ගැන මුලින්ම දැනගන්න අපි කැමැතියි?
මම මීට පෙර ටෙලිනාට්‍යයක රඟපාලා නැහැ. මම ඕස්ටේ‍්‍රලියාවේ ඉඳලා ලංකාවට ආපු දවසක මගේ හොඳම මිතුරියක් පැවැසුවා ‘සකූ’ ටෙලිනාට්‍යයට රංගන ශිල්පිනියක් තෝරාගන්නා බවට දැන්වීමක් පළ කරලා තියෙනවා, මටත් සම්බන්ධ වෙලා බලන්න කියලා. මොකද මගේ යහළුවෝ දැනගෙන හිටියා ඒ කාලේ ඉඳලා රඟපෑමට මගේ කැමැත්තක් තියෙන බව.

🔴 ඉතින් ඊට පස්සේ ඔබ මොකද කළේ?
ඉතින් මගේ තිබුණු ආශාවත් එක්ක මම ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණා. එදා ඒ සම්මුඛ පරීක්ෂණයට ගොඩාක් නවක වයස් භේදයකින් තොරව සහභාගි වෙලා හිටියා. මමත් ඊට පෙනී ඉඳලා ගෙදර ආවා. සතියකට විතර පස්සේ මට දුරකතන ඇමතුමක් ආවා ‘සකූගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ දැහැමිගේ චරිතයට මාව තෝරාගත්තා කියලා. ඔය විදියට තමයි මම රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ.

🔴 හැබැයි ගයාත‍්‍රී මෙ දවස්වල ඔබට ලැබෙන ප‍්‍රතිචාරවල හොඳක් නම් අහන්න නැහැ නේද?
ඔව්, බොහෝ දෙනෙක් මට බණින එක තමයි කරන්නේ සකූට කරන හිරිහැර නිසා. හැබැයි ඉතින් මට ගොඩ දෙනෙක් මැසේජස් හරහා කියනවා අපි ඔයාට එහෙම බණින්නේ ඔයා හොඳට රඟපාන නිසා, ඉදිරියටත් හොඳ නිර්මාණවල රඟපාන්න කියලා. මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් සුබ පතනවා. ඉතින් මේ සියලූ දෙනාගෙන්ම ලැබෙන ආශීර්වාදය මට වටිනවා.

🔴 දැහැමි, එහෙමත් නැත්නම් සුදු හාමිනේ. ඒ චරිත ඔබට දැනුණේ කොහොමද?
සුදු හාමිනේ මේ හැම දේම කරන්නේ ඇයට තිබෙන ආදරය අඩුවෙයි කියලා තමයි සකූට නපුරුකම් කරන්නේ. හැබැයි මගේ සැබෑ ජීවිතය ඊට සමාන කළොත් මම සුදු හාමිනේ තරම් නපුරු නැහැ. හරිම සංවේදී චරිතයක්. සමානකමක් විදියට ගත්තොත් තියෙන්නේ සුදු හාමිනේ වගේම තමයි මමත් පවුලේ එකම දරුවා. එතැනින් එහාට කිසිම සමීපකමක් සුදුහාමිනේගේ චරිතය තුළ මට ගන්නට නැහැ.

🔴 සුදු හාමිනේ චරිතය ජීවමාන කිරීමට ඔබට පහසු වුණාද?
මම ඕස්ටේ‍්‍රලියාවේ මනෝ විද්‍යාව තමයි කළේ. ඉතින් මට මිනිසුන්ගේ හදවත්, චරිත තේරුම් ගැනීමට ලොකු පහසුවක් තිබෙනවා. මට සුදු හාමිනේ තුළ ජීවත්වීමට විශේෂ වරමක් හිමිවුණේ එම නිසයි. මගේ වෘත්තියෙන් ලැබුණු පන්නරයත් ඒ සඳහා විශේෂ බලපෑමක් ඇතිවුණා කියලා මම විශ්වාස කරනවා.

🔴 ඔබ කුඩා අවධියේ ඉඳලම විදේශ රටක හැදුණු කෙනෙක් නිසා ටෙලිනාට්‍යයේ දෙබස් උච්චාරණයේදී අපහසු බවක් දැනුණාද?
මම අධ්‍යාපන කටයුතු කළේ බි‍්‍රතාන්‍යයේ ජාත්‍යන්තර පාසලක. නමුත් මගේ මවු බස මම අමතක කළේ නැහැ. මම විදේශගත වෙලා හිටපු කාලෙදි වුණත් මම ලංකාවෙ හොඳ නිර්මාණ හැම එකක්ම නැරඹුවා. ‘සකූ’ ටෙලිනාට්‍ය පවා මම එහිදී නැරඹුවා. නමුත් මම හිතුවේ නැහැ ‘සකූ’ ටෙලිනාට්‍යයේ ඉදිරි අදියරේදී මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබේවි කියලා.

🔴 ලංකාවට නැවත ආපු ඔබට දැනුණු නුහුරු දේවල් මොනවද?
මට භාෂාව නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මම ලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නේ නැහැ. ඒ නිසා මා සමග මගේ මවුපියන් නිතර දෙවේලේ යන්න එනවා. මාව අතරමං වේවි කියලා.

🔴 ඔබේ පවුලේ විස්තර ටිකක් පැවැසුවොත්?
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ටෙලිකොම් ඉන්ජිනේරුවරයෙක්. මගේ ගම් පළාත මහනුවර. මගේ මවුපියන්ට ඉන්න එකම දරුවා මමයි. ඔවුන්ගේ ශක්තිය මට වටිනවා.

🔴 ගයාත‍්‍රීගේ ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද රඟපෑමට යොමුවෙනවාට?
අනේ නැහැ. මගේ මවුපියන් දන්නවා මම ගන්න තීරණය හොඳට හිතලා මතලා ගන්න බව. ඒ නිසා මගේ කිසිම දේකට මවුපියන්ගේ විරුද්ධත්වයක් නැහැ.

🔴 මේ දවස්වල කොහොමද ඔබේ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම?
මම මනෝ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන නිසා මේ දවස්වල ඒ සඳහා ඔන්ලයින් හරහා උපදේශන පවත්වනවා. ඉදිරියට තෝරා බේරාගෙන නිර්මාණ සඳහා යොමුවෙන්න සැලසුමක් සකසා ගන්නවා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගුරු සංගමයේ ලේකම් මහින්දත් අත්අඩංගුවට!

Next Post

දයාසිරි ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන බව පක්ෂයට දැනුම් දෙයි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.