• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු දේවල් පස්සේ යන්නේ නැහැ…

December 6, 2021
in Heart
Reading Time: 6 mins read
A A
ලොකු දේවල් පස්සේ යන්නේ නැහැ…
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය වෙන්න සුදු වෙන්න ඕනේ නෑ…
ගොඩක් අයව මම ඇසුරු කරන්න බයයි…
තරහා කියලා කලින් එන්නේ නෑනේ…

හිරු FM හා හිරු TV හරහා රටම දන්න රටක් ආදරය කරන ජනප්‍රිය රුවැත්තියක් ගැන කතා කරන්න අපි හිතුවා. ඇය සජී මොහොට්ටිගේ. මේ දවස්වල ඇගේ ආගිය තොරතුරු ගැන වගේම ඉදිරි වැඩ කටයුතු ගැනත් සජී එක්ක කතා කළේ මේ අයුරින්…

සජී මුලින්ම ඔබේ සම්පූර්ණ නම කියන්න?
සජී නිසංසලා මොහොට්ටිගේ

එතකොට පාසල් ගියේ?
තංගල්ල බාලිකා විද්‍යාලයට.

පවුලේ අය ගැනත් අපි මතක් කරමු?
අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. අක්කා විවාහකයි.

හිරු TV ‘වින්දනීය උදැසන’ සජීවී ටෙලිවිෂන් අත්දැකීම ගැන අපි කතාකරමුකෝ?
මං ආසාවෙන් කරන දේ තමයි හිරු වින්දනීය උදෑසන. ඒකෙ පැය එකහමාර යනවත් දැනෙන්නේ නෑ. මොකද ඒක එච්චරටම ආසාවෙන් කරන්නෙ කරන වැඩත් එක්ක.

ගුවන්විදුලි සජීවී ඉදිරිපත් කිරීමකට වඩා ගොඩක් වෙනස්කම් ටෙලිවිෂනයේ මේ සජීවී ඉදිරිපත් කිරීමකදී තියෙනවනේ. සජීට කොහොමද ඒ වෙනස දැනෙන්නේ?
ඔව්, ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. රේඩියෝ එකේ අපිව පේන්නේ නෑනේ, ඇහෙනවා විතරනේ. එතකොට ඇස්දෙක පියාගෙන හරි කතා කරන්න පුළුවන්. හැබැයි, ටෙලිවිෂණයේ අපිව පේනවා, ඇහෙනවා ඔක්කොම. Movementsවල ඉඳලා හැම දේම අනිත් අයට පේනවා. එතකොට ඒක ලොකු වෙනස් අත්දැකීමක් වුණා. හැබැයි දැන් නම් පුරුදු නිසා එහෙම ප්‍රශ්නයක් නෑ.

සජී, ඇත්තද මේ යාළුවෝ කියන්නේ තරහා ගියාට පස්සේ තරහා ගියේ ඇයි කියලා මතක් කර කර ගොඩක් දුක් වෙනවා කියලා?
ඔව්, තරහ කියන දේ ඉතින් කාටත් කලින් කියලා එන්නේ නෑනේ. ඒ වෙලාවටනේ එන්නේ. ඉතින් ඇත්තටම තරහ යන්න ඕන නැති තැන්වලත් බොරුවට තරහ අරගෙන තියෙනවා. පස්සේ ඉතින් පසුතැවෙනවා. එතකොට ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

හැමෝම කියනවා සජී ජනප්‍රිය වෙන්න ඕනි නිසා සුදු වෙන්න එක එක දේවල් කරනවලු. ඇත්තද සජී ඒ කතාව?
ඔව්, මමත් ඒක දැකපු දෙයක්. ජනප්‍රිය වෙන්න ඇත්තටම සුදු වෙන්න ඕනේ නෑ. මුලින් ඒක කියන්න ඕනේ, ඔය කියපු විදියේ දේවල් මම කරලත් නෑ. එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ. මම ආස මේ දැන් ඉන්න මට. ඉතින් කවුරු කොහොම මොනා කීවත් ඒක කියන අයගේ දෙයක්. මම දන්නවනේ මම එහෙම නෑ කියලා. එච්චරයි.

TIK TOK හරහා පෙරළියක් කළ, කා අතරත් කතාබහට ලක්වුණු ඔබට MUSIC VIDEOවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණේ රොමේෂ් සුගතපාල අයියා නිසා. එයා අපේ FM එකට ආපු වෙලාවේ නිකන් විහිළුවට වගේ කිව්වා ඔයා තමයි මගේ ඊළඟ මියුසික් වීඩියෝ එකට ඉන්නේ කියලා. ඉතින් මමත් ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ, හා එන්නම් කීවා. ඊට පස්සේ sandesh bandara එයා තමයි කතා කරලා කිව්වේ රොමේෂ් අයියාගෙ වීඩියෝ එකට ඔයාව ගන්න ඕනෙ කියලා. එතකොට තමයි මට හිතුණේ එදා ඇත්තටම තමයි කියලා තියෙන්නෙ කියලා. ඊට පස්සේ තමයි ‘පවසන්න’ Music වීඩියෝ එකට සම්බන්ධ වුණේ.

සජී කියන්නේ දැන් රංගන ශිල්පිනියක් නේද?කොහොමද ටෙලිනාට්‍ය රංගනයට ලැබුණු ප්‍රතිචාර?
රංගන ශිල්පිනියක් කියන්න පුළුවන්. හැබැයි තවම ඒ කරපු ටෙලි නාට්‍ය එළියට ඇවිත් නෑ. දෙසැම්බර් මාසෙ පළවෙනි සති අන්තයේ ඉඳන් බලාගන්න පුළුවන්. හිරුගෙන්මයි ඒක එළියට එන්නේ.
පළවෙනි ටෙලි නාට්‍ය හිරුගේ “Shadow” කියලා. දැනට එච්චරයි කියන්නේ.

මොන වගේ FASHION STYLES ද FOLLOW කරන්න කැමති?
මං ආසම හරිම සරලම විදියට ඉන්න. ලොකු ලොකු දේවල් පස්සේ යන්නේ නෑ. ඩෙනිම් එකයි, ටී ෂර්ට් එකයි දාගෙන යන්න පුළුවන් නේ. ඒක තමයි ලොකුම fashion style එක.

සජී ජනප්‍රිය වෙන්න වෙන්න රසිකයන්ගෙන් ලැබෙන ආදරය අඩු වෙන්නේ නැතුව ඔබට ලැබෙනවා ඇතිනේ. ඒ අතර ආපු ආදර ඇරයුම්වලිනුත් අඩුවක් නැතුව ඇති නේද?
ඔව්, ඒක නම් ඇත්ත. ගොඩක් අයව මම ආශ්‍රය කරන්න බයයි. මොකද මම හිතන්නේ අනිවාර්යයෙන් ඒ අයත් මම වගේ කියලා. ඒක මගේ අවුලක් වෙන්න ඇති. අර මම හිතනවානෙ මේ හැමෝම මගේ යාළුවෝ කියලා. හැබැයි මම එහෙම හිතුවට ඒ අයගෙ හිත්වල මොකක්දෝ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මම ෂේප් වෙලා යනවා. යාළුකම විතරක් පරිස්සම් කරගෙන ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කරනවා.

පෙම්වතා ගැන කියන්න කැමති නැද්ද?
පෙම්වතා ගැන කියන්න, පෙම්වතෙක් නෑ. හමුවුණු දවසට කියන්නම්.

සජී ඔබේ ජීවිතේ TURNING POINT එක හම්බවෙන්නේ කොතැනදීද?
මේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනේ හිරු එකට යන්න ඕනෙ කියලා තීරණය ගත්ත දවසේ. හිරු එකට ආවට පස්සෙ තමයි ගොඩක් දේවල් වෙනස් වුණේ.

කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණයට ජනප්‍රියත්වයට එන්න ඔබට ඔමේ පිටුපස සිට සහාය වුණු බොහෝ දෙනෙක් ඇති?
මතක් කරන්න ගොඩක් අය ඉන්නවා. මේ අය අතර අංක එක මගේ අම්මා. හැබැයි අම්මා ඉන්නෙ ගෙදර. මම ඉන්නේ කොළඹ. කොච්චර දුර වුණත් අම්මා තමයි හැම වෙලාවෙම කෝල් කර කර අහන්නේ දැන් මොකද වෙන්නේ, ඊළඟට මොකද වෙන්නේ කියලා. හැම update එකක්ම දෙන්නෙ ගන්නෙ එයා. අම්මා තමයි හැම දේකටම පස්සෙන් ඉන්නේ හයිය වගේ. අම්මා, තාත්තා, ගෙදර අය, හිරු මාධ්‍ය ජාලයේ හැමෝමවත් මතක් කරනවා.

අවසානයේ හිරුත් එක්ක ගෙවන ජීවිතේ ඉදිරි වැඩකටයුතු මතක් කරමු?
ජීවිතේ ගෙවෙන්නේ හිරුත් එක්ක. මොකද උදේ පටන් ගත්තාම රෑ වෙනකන්ම හිරු එකේ වැඩ. ඉතින් දවස යනවා තේරෙන්නේ නෑ. මොකද ඒ හැම එකක්ම හරි ආසාවෙන් කරන නිසා. නිදා ගනිද්දි කොහොමත් රෑ එක දෙක වෙනවා. ආයෙ උදේ 7ට විතර නැගිටිනවා. නින්දත් අඩුයි. හැබැයි මම හරි ආසයි ගොඩක් වැඩ කරන්න තියෙන එකට. ඒ හැඟීම්වලට, එකම දෙයක් මත නෙවෙයි කරන්න තියෙන්නේ. පොඞ්ඩ පොඞ්ඩ වෙනස් දේවල්. ගුවන්විදුලි වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන්, හඬකැවීම්, නිරූපණ ශිල්පය, රඟපෑම, ඔය ඔක්කොම ටික ටික වෙනස් වෙද්දී දවස ගෙවෙනවා දැනෙන්නෙම නෑ.

-ඡායාරූප සහ සටහන : භාෂණ වික්‍රමආරච්චි

SendShareShare
Previous Post

ඩඩ්ලි නාමල් එක්ක ක්‍රිකට්වලට සෙට් වෙයි! (PHOTO)

Next Post

දෙණියායේ සමූපෙ ජන්දෙ ජවිපෙ දිනපු කතාව බොරුවක්ලු! එහෙනම් කව්ද දින්නේ?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.