• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කැමැතියි වෙනස් දෙයක් කරන්න! මං එක්ක ගනුදෙනු කළ අය ඒක දන්නවා!

December 28, 2021
in Exclusive, Heart
Reading Time: 16 mins read
A A
මම කැමැතියි වෙනස් දෙයක් කරන්න! මං එක්ක ගනුදෙනු කළ අය ඒක දන්නවා!
Share on WhatsAppShare on Facebook

හයිය තියෙන කාලේ පුළුවන් තරම් වැඩ ගන්න ඕනේ…
මගේ පෙනුම හින්දා තමයි ඒවා දෙන්නේ…

ඇය සිය ප්‍රේක්‍ෂකයන් වසඟයට ගත්තේ ඇගේ කොණ්ඩය නිසා කිව්වොත් නිවැරැදියි. මේ දිනවල ‘දිවිතුරා’ හා ‘SHADOW’ හරහා තමන්ගේම අනන්‍යතාවයකින් කරළියට පැමිණි සුදීක්ෂා සමාධි පෙරේරා අපිත් එක්ක එකතු වුණා. ඇගේ ආගිය තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න.

සම්පූර්ණ නම?
රණසිංහගේ සුදීක්ෂා සමාධි පෙරේරා.

උපන් දිනය?
ඔක්තෝබර් 08.

සුදීක්ෂාගේ පවුලේ විස්තර මොනවද?
අම්මා, තාත්තා, මල්ලී. තාත්තා පොලිසියේ ‘එස්.අයි’ මහත්තයෙක්. මල්ලි ‘එන්.ඩී.බී.’ බැංකුවේ බෑන්ක් මැනේජර් කෙනෙක්.

උස කීයද?
අඩි 5යි අඟල් 4යි.

සුදීක්ෂා Leisure Time එක ගෙවන්න කැමැති කොහොමද?
විවේක කාලයක් ලැබුණොත් නිදාගන්න කැමැතියි. ගෙදර අය එක්ක වැඩිපුර කාලය ගතකරන්න කැමැතියි.

දඟකාර, කටකාර චරිතම සුදීක්ෂාට ලැබෙන්නේ සුදීක්ෂාගේ කොණ්ඩෙ නිසා කිව්වොත්?
ඔව්… මේතාක් කළේ දඟකාර, කටකාර චරිත තමා. මගේ පෙනුමත් එක්ක එහෙම හිතලා ඒ වගේ චරිත දෙනවා ඇති. හැබැයි මමත් කැමැතියි වෙනස් දෙයක් කරන්න සහ වෙනසක් බාර ගන්න. ඉතින් බලාගෙන ඉන්නවා බලමු අපි.

ඒකපාර්ශ්වීය ආදරය ප්‍රකාශ කරන්න බය යාළුකම නැතිවෙයි කියලද?
ඒකපාර්ශ්වීය ආදරය එහෙම යාළුකම් නැති වෙයි කියලා බය නැහැ. ඒ කෙනා දන්නවා මම ආදරෙයි කියලා. සමහරවිට මම ගැළපෙන්නේ නැහැ කියලා හිතලා ඒක අඟවන්නේ නැති වෙන්න පුළුවන්. මමත් ඉතින් ඒක දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා.

රෙහානා හා සුදීක්ෂාගේ ජීවිතවල ඇති සමානකම් මොනවද?
රෙහානා කියන්නේ ‘ඊෂා’ එයාගේ යාළුවට ගොඩක් එකතු, එයා යාළුවො වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමැති හරිම හිත හොඳ අවංක චරිතයක්. මම කියන්නේ නෑ මම රෙහානාමයි කියලා. හැබැයි රෙහානාගේ තියෙන සමහර සිතුවිලි මගේ තියෙනවා. මොකද මමත් යාළුවොත් එක්ක ගොඩාක් සමීප කෙනෙක්. මට ඉන්න සීමිත යාළු පිරිසක් එක්ක හැමදේම බෙදාහදා ගන්නවා. උදව් කරනවා. ‘රෙහානා’ සමාධි කියන්නත් බැහැ. හැබැයි රෙහානාගේ තියෙන සමහර ආකල්ප සමාධිගේ තියෙනවා.

අපට දැනගන්න ලැබුණු විදියට ඔබ ව්‍යාපාරිකාවක්. ඒ මොන අංශයෙන්ද?
ඔව්… මගේම කියලා සැලෝන් එකක් තියෙනවා. ඒක තමයි මගේ ව්‍යාපාරය.

ඔබ ව්‍යාපාරිකාවක් විදියට කටයුතු කරන්නේ රංගනයෙන් ජීවිතේ ගොඩනඟා ගන්න බෑ කියලා හැමෝම කියන නිසා කියලා කිව්වොත්?
නෑ… මෙහෙමයි… වැඩ කරන්න තියෙන්නේ බොහොම සීමිත කාලයක්. අපට ජවය තියෙන වෙලාවේ කාලය අපතේ හරින්නෙ නැතුව හරි දේකට හරියට යොදා ගන්න ඕනේ. මට කරන්න පුළුවන් දෙයක් නම් ඒක මම උපරිමයෙන් කරනවා. ඉතින් ඒකෙදි මම හිතන්නේ නැහැ මගේ වෙලාව. අද ඉතුරු කරන දේ අනාගතයට. අනාගතය කොයි වගේ වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි වර්තමානය සැලැසුම් කරනවා අනාගතයට.

අවස්ථාවට විතරක් මිනිස්සු ආශ්‍රය කරනවා කියලා සුදීක්ෂාට චෝදනා ඇවිත් තියෙනවා නේද?
එහෙම අවස්ථාවට විතරක් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. මම හැමදේටම මිනිස්සු ආශ්‍රය කරනවා. මාව ආශ්‍රය කරපු සහ මාත් එක්ක ගනුදෙනු කරපු අය දන්නවා. සමහර මිනිස්සු තමා අවස්ථාවාදී විදියට මාව ආශ්‍රය කරන්නේ කියලා.

පාසල් කාලයේදී සමස්ත ලංකා දක්වා ගිය ගමනේ ලබාගත් අත්දැකීම් එක්ක කැමැති නැද්ද ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය හෝ නිෂ්පාදනවලට යොමු වෙන්න?
පාසල් කාලයේදී හැම ජයග්‍රහණයක්ම ලබා ගනිමින් ක්‍රීඩා හා නාට්‍ය අංශවලින් සමස්ත ලංකා දක්වා ගිහින් තියෙනවා. වර්තමානයේ රංගන ක්‍ෂේත්‍රයේ ඉන්නවා. ඔව්… නිෂ්පාදනය පැත්තට යොමු වෙන්න ආසයි. ඒක මගේ හීනයක්. බලමු… ඒකට ගොඩක් අත්දැකීම්, දැනුම් අවශ්‍ය වෙනවා සුදුසු කාලය ආවම ඒක කරනවා.

සුදීක්ෂා රංගනයෙන් දායක වුණු චරිත අතරින් වැඩිම FAN BASE එකක් එකතු වුණේ මොන චරිතයටද? ඇයි ඒ..?
හේලි නතාෂාට තමා වැඩිපුරම වූ ප්‍රේක්‍ෂක පිරිස හිටියෙ. වර්තමානයේ මම ජනප්‍රිය වුණේ ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ රෙහානා නිසා. රෙහානා කියන්නේ හරිම සන්සුන්, නිදහසේ ඉන්න ගෑනු ළමයෙක්. යාළුවට ගොඩක් ආදරෙන් සහ යාළුවා ආරක්‍ෂා කරගෙන හිටිය නිසා ඒ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා.

සුදීක්ෂාගේ කොණ්ඩය නිසා තමයි සුදීක්ෂාව ලංකාවේ BRAND එකක් විදියට මිනිස්සු හඳුනන්නේ කියලා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද?
මෙහෙමයි… මගේ කොණ්ඬේ කර්ල්. හැමෝටම කොණ්ඩයක් තියෙනවා. හැබැයි මගේ කොණ්ඩෙ මගේ බාහිර පෙනුමට ලැබිච්ච ආභරණයක්, දායාදයක් විදියට තමා මම දකින්නේ. මගේ කොණ්ඩෙට ආදරේ කරන පිරිසකුත් ඉන්න පුළුවන්. හැබැයි මම හරියට රඟපානවා. ඒ රඟපාන චරිතය හරහා තමයි මිනිසුන්ගේ හිත්වලට ළං වෙන්න පුළුවන් සහ බ්‍රෑන්ඞ් එකක් වෙන්න පුළුවන්. මගේ කොණ්ඩෙ මාව හඳුනගන්න තියෙන සලකුණක් විතරයි.

‘තෙරුනි’ අතීත මතක සොයා යන්න ගිහින් ‘තෙරුනි’ තමන්ගේ ජීවිතය කණපිට පෙරළාගනීද?
‘තෙරුනි’ගෙ චරිතයට මාව තෝරා ගත්තේ නාලක විතානගේ. මුලින්ම ඒක කියන්න ඕන. ‘තෙරුනි’ කියන්නේ අතීතය ගැන හොයන හාරඅවුස්සන හරියට ප්‍රශ්න ලිහා ගන්න උත්සාහ දරන චරිතයක්. ඉතින් ‘එයැරමබස’ මුළු නාට්‍ය පුරාම අතීතය හෙව්වට අමාරුවේ වැටෙන චරිතයක් නෙවෙයි.

සුදීක්ෂාගේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මේ බාරගත්ත නිර්මාණ කිහිපය සාර්ථකව නිම කිරීමට තමා බලාපොරොත්තුව. ඕනෑම නිර්මාණයකින් ඉදිරියට එන්නත් බලාපොරොත්තුවකුත් තියෙනවා. සමහර විට ටෙලි නිර්මාණවල මාව අඩුවෙන් දකින්න ලැබෙන්නත් පුළුවන්. ඉදිරියේදී පොඩි විවේකයකුත් ගන්නවා.

සටහන සහ ඡායාරූප – භාෂණ වික්‍රමාරච්චි

SendShareShare
Previous Post

දකුණ හොල්ලපු චීනා මේ හදන්නේ උතුරත් අල්ලන්නද?

Next Post

අපි වැරැද්දක් කරලා නැති නිසා අස්වෙන්න ඕන නෑ! ඕන නම් අපිව අස් කරන්න! ගම්මන්පිල ජනපතිට උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.