• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අලුත් තාලේ වෙනස් ආරේ ගීත ටිකක් මං අරන් එනවා…

August 31, 2021
in Heart
Reading Time: 5 mins read
A A
අලුත් තාලේ වෙනස් ආරේ ගීත ටිකක් මං අරන් එනවා…
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තරයේ දැන් සිංහල ගීතයට කොළ එළි දැල්විලා…
සුපර් ස්ටාර් පාර කිව්වා. එතැනින් පස්සේ ගමන තිබුණේ අපේ අතේ…

තීක්ෂණ අනුරාධ කියන ගායන ශිල්පියා ගැන රටම හඳුනා ගත්තේ සුපර් ස්ටාර් වේදිකාවෙන්. රියැලිටි වේදිකාවලින් බිහි වෙන තරු බොහොමයක් කෙටි කාලයක් ඇතුළත හොයා ගන්නත් බැරි තැනට පත් වෙන එක තමයි අපේ රටේ විදිය. ඒත් තීක්ෂණ අදටත් තමන්ගේ තැන ඒ විදියටම රැක ගෙන ඉන්නවා. මේ දවස්වල ගෙදරට කොටු වෙලා ඉන්න අතරේ තීක්ෂණ අන්තර්ජාලය හරහා අලුත් වැඩක් පටන් අරගෙන කියලත් අපිට දැන ගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දැන ගන්නයි අපි තීක්ෂණට කතා කළේ.

තීක්ෂණ අලුත් යූටියුබ් චැනල් එකක් පටන් අරගත්තා කියලා දැන ගන්න ලැබුණා.?
ඔව්. Theekshana Anuradha Music නමින් අලුත් චැනල් එකක් පටන් ගත්තා.

තීක්ෂණගේ යූටියුබ් චැනල් එක ගැන බොහෝ දෙනා දන්නවා. එහෙම තියෙද්දි ඇයි අලුත් චැනල් එකක් හදන්න හිතුවේ?
Theekshana Anuradha කියන යූටියුබ් චැනල් එක පටන් අරගෙන දැන් කාලයක් වෙනවා. ඒත් ඒ හරහා සංගීතයට වඩා වෙනස් දේවල් ගේන්න තමයි අපි උත්සාහ කළේ. ඒ චැනල් එකෙන් අපි කරපු වික්ටෝරියා වේල්ල සම්බන්ධ වැඩසටහනට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් මම ගායන ශිල්පියෙක්. ඒ හින්දා සංගීතයට පමණක් වෙන් වුණු යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ හින්දයි Theekshana Anuradha Music නමින් අලුත් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තේ.

මේ දවස්වල ඒ වෙනුවෙන්ද කාලය වෙන් කරලා තියෙන්නේ?
ඇත්තටම ඔව්. ඒ වෙනුවෙන් තමයි වැඩි කාලයක් යොදවලා තියෙන්නේ. තවම ඒ චැනල් එකට ගීත හතරක් විතරයි එකතු කළේ. ඉදිරියේදී තව ගීත කිහිපයක්ම ඊට එකතු කරන්න සූදානමින් ඉන්නවා.

චැනල් එකට අලුතින්ම එකතු වුණු උරුම ආදරේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙන බව පේනවා?
ඔව්. තවම ගීතය එකතු කරලා ටික දවසයිනේ. ඒ කාලය පුරාවටම යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

ඒත් ඒ ගීතය මියුසික් වීඩියෝවක් නැතිව තමයි ඔබ එළිදක්වලා තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද?
හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මියුසික් වීඩියෝ එකක් කරන එක අමාරු වීම. මොකද ඒක කණ්ඩායමක් එක්ක කරන වැඩක්. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. මියුසික් වීඩියෝවක් නිර්මාණය කළාම ඒ හරහා ගීතයේ අර්ථය ගැන ප්‍රේක්ෂකයන්ට අදහසක් එනවා. ඒ හින්දා මේ ගීතයට එහෙම අදහසක් දෙන්නේ නැතිව තමන්ට කැමැති ආකාරයෙන් රස විඳින්න දෙන එක හොඳයි කියලත් මට හිතුණා. ඒ හින්දයි උරුම ආදරේට මියුසික් වීඩියෝ එකක් කළේ නැත්තේ.

ඔබ වෙනස් විදියේ නිර්මාණ ගැන කලින් කතා කළා. ඒ වෙනස ගැන තව ටිකක් විස්තර කළොත්?
මේ වෙද්දි මම චැනල් එකට එකතු කරලා තියෙන ගීත හතරම එකිනෙකට වෙනස්. ඒ හින්දා ඉදිරියේදී ඊටත් වඩා වෙනස්ම විදියේ නිර්මාණ කිහිපයක් කරන්න තමයි මම හිතා ගෙන ඉන්නේ. ඕනෑම කෙනකුට අහන්න පුළුවන් ඕනෑම විදියේ සිංදු තියෙන චැනල් එකක් නිර්මාණය කරන්න තමයි මට අවශ්‍ය. මම ඒ දේ කරනවා. හැබැයි ඒවා හොඳද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ රසිකයෝ තමයි.

වර්තමානය කලාකරුවන්ට හොඳ කාලයක් නෙවෙයි. විශේෂයෙන්ම සංගීත ශිල්පීන්ට ඒක ඉතාම නරක විදියට බලපාලා තියෙනවා. ඔබට කොහොමද ඒක දැනෙන්නේ?
මම ගායන ශිල්පියෙක්. මේ වෙද්දි අපේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. නමුත් ගායන වෘත්තියට අමතරව මම තවත් වැඩ කිහිපයක්ම කරනවා. මටම කියලා ව්‍යාපාරයකුත් තියෙනවා. ඒ හින්දා මේ කාලයේදීත් බිංදුවට ඇද වැටෙන්නේ නැතිව ඉන්න මට පුළුවන් වෙලා තියෙනවා. මේ තත්ත්වය කවදා වෙනස් වේවිද කියලා කාටවත් කියන්න බැහැ. ඒ හින්දා හැම කලාකරුවෙක්ම කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයකුත් හොයා ගන්න ඕනෑ කියලයි මම හිතන්නේ. මේ කාලයේදී අපි ඒ පාඩම ඉගෙන ගන්න ඕනෑ.

සුපර් ස්ටාර් වේදිකාවෙන් කලා ලෝකයට පිවිසුණු තීක්ෂණ දැන් සෑහෙන් දුරක් ඇවිත්. ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. සුපර් ස්ටාර් තමයි මේ ගමන එන්න මාර්ගය හදලා දුන්නේ. ඒ හරහා අපිටම කියලා වෙනම ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා. සුපර් ස්ටාර් නැති වුණා නම් මම තවම ගායන ශිල්පියෙක් වෙන්න උත්සාහ කරන තැනක ඉන්නත් තිබුණා.

සුපර් ස්ටාර් ඇතුළු රියැලටි වැඩසටහන් රාශියක් අපේ රටේ තියෙනවා. ඒ හරහා විශාල තරු පිරිසකුත් බිහි වෙනවා. ඒත් ඒ හැම දෙනාටම දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැහැ. ඔබ කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?
ඒ වේදිකාවෙන් මාර්ගය හදලා දුන්නට පස්සේ ඒක තියෙන්නේ අපේ අතේ. අලුතෙන් එන අයට වැදගත් වෙන හින්දා මං ඒ ගැන කියන්නම්. අපි අපේ ප්‍රේක්ෂකයන්ට අවංක වෙන්න ඕනෑ. ඒක තමයි අංක එක. ප්‍රේක්ෂකයන් ගැන නොහිතා අපි මුදල් ගැන විතරක් හිතුවොත් ඒ අයට අපිව එපා වෙනවා. ඊළඟ දේ අපි ප්‍රවීණයන්ට ගරු කරන්න ඕනෑ. මොනතරම් ජනප්‍රිය වුණත් ඒ ගරු කිරීම අපි කරන්න ඕනෑ. අපිට ලැබෙන මුදල් නිසි අයුරින් කළමනාකරණය කරන එක තමයි අනිත් දේ.

රියැලටි වේදිකාවෙන් ආව තරු බොහොමයක් අද වෙද්දි හොයා ගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔබ කලින් කිව්ව දේවල් එක්ක මේ ගමන එන විදිය කවුද ඔබට කියලා දුන්නේ?
මං හිතන්නේ අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු ආදර්ශය තමයි ඒකට හේතු වුණේ. පුංචි කාලේ ඉඳන් ඒ දෙන්නා අපිට ඒ ආදර්ශය දීලා තිබුණා. තේරුම් යන වයස වෙද්දි අපිත් ඒ දේවල්වලට හුරු වෙලා තිබුණා. ඒ හරහා තමයි මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ.

අපි අනාගතය ගැන කතා කරමු. කලාකරුවෙක් විදියට ඔබේ ඉලක්කය මොකක්ද?
මේ වෙලාව ලංකාවේ අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාලයක්. මොකද අපේ යොහානි අද ජාත්‍යන්තරය ජය ගෙන තියෙනවා. මං හිතන්නේ ඕනෑම සංගීත ශිල්පියෙකුගේ හීනය තමයි ඒ තැනට යන එක. අද අපේ සිංහල වචන ඉන්දියාව පුරා ඇහෙනවා. දැන් අපේ සිංහල ගායනයට කොළ එළියක් වැටිලා තියෙනවා. එතැනින් තව ඉදිරියට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕනෑ.

ඔබටත් ඒ වගේ තැනකට යන්න පුළුවන් වේවිද කියලා ඇහුවොත්?
මං හිතන්නේ ඒක වාසනාව මත වෙන දෙයක්. මොකද සමහර නිර්මාණ තියෙනවා අපි කොයි තරම් මහන්සි වෙලා කොයිතරම් හොඳට කළත් ඒවා ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒත් අපි නොහිතන ඇතැම් නිර්මාණ අතිශයින් ජනප්‍රිය වෙනවා. රසිකයෝ ඇද බැඳ ගන්න එක අපිට හිතා මතා කරන්න බැහැ. ඒක වෙන්නේ වාසනාවටයි කියලා මම කිව්වේ ඒකයි.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඩොලරය 204යි! ඉතිහාසයේ වැඩිම මිල!

Next Post

මේ විදිහට කෑවොත් බිව්වොත් කොරෝනාවලින් බේරෙන්න පුලුවන්!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.