වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පවසයි.Sri Lanka Latest News
ණය විනිවිදභාවය සහ ආයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට පෙන්නුම් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැඩි දුරටත් පවසයි.
ණය ප්‍රතිව්‍යහුගත කරණ ක්‍රියාවලියට පසුව, ශ්‍රී ලංකාව ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පවසයි.
විනිවිදභාවයේ ප්‍රතිලාභය නම් මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජක සබඳතා පිළිබඳ රටක ලකුණු මට්ටම 2025 දී පැවති 37.33 සිට 2026 දී 43.67 දක්වා ඉහළ ගොස් ඇත.
නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් අතරින් ඉහළම කාණ්ඩයට අයත් වීමට එමගින් ශ්‍රී ලංකාවට හැකි විය.










