• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක දිගටම රඟපාන්න නම් කැමැති නැහැ…

August 19, 2021
in Heart
Reading Time: 4 mins read
A A
එක දිගටම රඟපාන්න නම් කැමැති නැහැ…
Share on WhatsAppShare on Facebook

රඟපාද්දි මට ගොඩාක් දුක හිතුණා…
මට ගොඩක් උදව් කරනවා ඉස්කෝලෙන්…

කාලයක සිට අපි විවිධ නිර්මාණ හරහා පුංචි දරුවන්ගේ හැකියාවන් දැක්කා. නමුත් ඒ සියල්ලම අභිබවා යන විදියේ සුවිශේෂී හැකියාවක් මේ දවස්වල අපි දකිනවා. ඇයගේ හුරතල් හඬට විතරක් නෙවේ ඇය ඉදිරිපත් කරන නර්තනයේ සුන්දරත්වය මෙලෙසයි කියා අපට ලියන්නට බැහැ. මේ සුන්දර ළමා තාරකාවිය තෙනුජි විනාරායි. ඉතින් මුළු රටම ආදරය කරන මේ පොඞ්ඩිගේ වටිනාකම ඔබට වගේම අපටත් දැනුණා. ඒ හින්දම ‘මව්රට’ අපි මේ පුංචි දියණිය ගැන කතා කරන්න හිතුවා.

තෙනුජි දුවට ළමා තාරකාවියක් වීමට අවස්ථාව ලැබුණේ කොහොමද?
මම ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ රියැලිටි වැඩසටහනේ අවසන් පස්දෙනා අතරට තේරුණා. ඊට පස්සේ මට ටෙලිනාට්‍යවලින් ආරාධනා ආවා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ.

ඇයි ඉතින් දුව ටෙලිනාට්‍ය ප්‍රතික්‍ෂේප කළේ?
මම කැමැති නැහැ මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න. මොකද එක දිගට වැඩ කරන්න යන්න වෙන නිසා. මම හිතාගෙන හිටියේ මගේ නර්තන හැකියාවෙන් අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න.

පුංචි තිරයේ අපි දකින ‘පොඞ්ඩි’ට දැන් ගොඩදෙනෙක් ආදරය කරනවා, දුවට කොහොමද මේ අවස්ථාව ලැබුණේ?
‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයට නර්තන හැකියාවන් තිබෙන අයව තෝරාගන්නවා කියලා දැන්වීමක් තිබුණා. ඉතින් මම අම්මා සමග සම්මුඛ පරීක්‍ෂණයට ගියා. ඒ අවස්ථාවේදී රනිල් අංකල්, ගයන් මාමා, සමන්ත අංකල් තමයි තෝරා ගැනීම් කමිටුවේ හිටියේ. මටත් දුන්නා නාට්‍යයේ ජවනිකා රඟපාන්න. ඒ විතරක් නෙවෙයි මට නටන්න පවා කිව්වා.

ඉතින් ඊට පස්සේ..?
රනිල් අංකල් කිව්වා මගේ වයස මදි කියලා. ඉතින් අපි ගෙදරට ඇවිල්ලා දින කිහිපයක් ගියාට පස්සේ මාව ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ ‘පොඞ්ඩි’ගේ චරිතයට තෝරාගෙන තියෙනවා කියලා කිව්වා. එදා මට පුදුම සතුටක් දැනුණේ.

තෙනුරි දුවට ඉස්සෙල්ලාම රඟපාන්න ලැබුණේ කා සමගද?
මේනකා ඇන්ටි සමග තමයි මම කැමරාව ඉදිරිපිට ඉස්සෙල්ලාම රඟපෑවේ.

‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය නිසාම දුවට ආරාධනා ලැබුණු තවත් නිර්මාණ ප්‍රතික්‍ෂේප කළා කියලා ආරංචියි?
ඔව්… මට ගොඩාක් හොඳ නිර්මාණවලින් ආරාධනා ආවා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ ‘පානාමංකඩ’ කතාවට මම ගොඩාක් ආශා කරපු නිසා. ටෙලිනාට්‍ය විකාශය වෙනකම් අම්මයි, තාත්තයි මාව වෙන නිර්මාණවලට සම්බන්ධ කළේ නැහැ.

තෙනුරි දුවට ‘පොඞ්ඩි’ චරිතය දැනුණේ කොහොමද?
‘පොඞ්ඩි’ වගේ මම දුක් විඳපු කෙනෙක් නෙවේ. හැබැයි ‘පොඞ්ඩි’ චරිතයේ සමහර අවස්ථාවලදී මම ගොඩාක් දුක්වුණා. ඒ තරමට මම ‘පොඞ්ඩි’ට බැඳිලා හිටියේ. ඒ නිසාම මට රඟපාන්න ගොඩාක් පහසු වුණා.

දුවට පාසලෙන් මොනවගේ සහායක්ද ලැබෙන්නේ?
මගේ හැකියාව දැකලා මට ගොඩාක් උදවු කරනවා මගේ පාසලෙන්. ඇහැටුවැව ආදර්ශ විදුහලට තමයි මම මුලින්ම ගියේ. දැන් යක්කල අනුරාධ ආදර්ශ කනිෂ්ඨ විiාලයේ තමයි ඉගෙන ගන්නේ. මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා.

දුව මේ තරම් ලස්සනට නටන්න ඉගෙන ගත්තේ කොහොමද?
මම මුලින්ම ප්‍රනිත් මුදලිගේ සර් යටතේ තමයි උඩරට – පහතරට – සබරගමු නැටුම් සියල්ලම ඉගෙන ගත්තේ. රජිත කොතලාවල සර් ළඟටත් යනවා දැන්. මම හිපොප් ඉගෙන ගන්නේ බාස්කර් ප්‍රකාශ් ගුරුපියාණන් යටතේයි.

පුංචි දුවගේ හිතේ බලාපොරොත්තු මොනවද?
මට ඉගෙනගන්න තියෙන්නේ මොනවාද මම ඒ හැමදේම ඉගෙනගෙන රටට සේවය කරන්න තමයි බලාපොරොත්තුව. ඒ අතරතුර රඟපෑම් කටයුතුවලින් ඉදිරියට යන්න බලාපොරොත්තුවත් තියෙනවා.

දුවට මේ ගමන එන්න උදව් කරපු පිරිසකුත් ඇති නේද මතක් කරන්න?
ගොඩදෙනෙක් ඉන්නවා මාමේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රනිල් කුලසිංහ මාමා ඇතුළු ‘පානාමංකඩ’ සියලුම දෙනාට මම ස්තුතිය පුදකරනවා. ඒ වගේම මගේ අම්මයි, තාත්තයි මගේ හැකියාවන් තේරුම්ගෙන මට හරි මාවතකට යන්න දෙන ශක්තිය වටිනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ටත් කොරෝනා!

Next Post

මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News
Uncategorized

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

තමන් කටයුතු කරන්නේ 2023 අංක 9 දරන පනතට අනුව බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.