මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම එහි සේවකයන් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව පැවසේ.
කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පසුගිය 13 වැනිදා සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස මේ වනවිට නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.










