• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඔක්කොම බදාගෙන පොරක් වෙන්න මට ඕනේ නැහැ…! මම කාගෙවත් පුතා නිසා නළුවෙක් වුණේ නැහැ…! මගේ ගේම මම තනියම ගැහුවා…‍! මම කරන්නේ මගේ හිතට සෙට්වෙන දේ විතරයි…! ගෙවින් අභිෂේක් I Sri Lanka Latest News

March 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඔක්කොම බදාගෙන පොරක් වෙන්න මට ඕනේ නැහැ…! මම කාගෙවත් පුතා නිසා නළුවෙක් වුණේ නැහැ…! මගේ ගේම මම තනියම ගැහුවා…‍! මම කරන්නේ මගේ හිතට සෙට්වෙන දේ විතරයි…! ගෙවින් අභිෂේක් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙවින් අභිෂේක් කියන්නේ ප්‍රවීණ නළු චින්තක කුලතුංගගේ ලොකු පුතා. හැබැයි ඔහු ටෙලි තිරයට පිවිසෙන්නේ තාත්තා නළුවෙක් නිසා මමත් නළුවෙක් වෙන්න ඕනෙ කියන තරු දරුවෙකුගේ ක්‍රමයට නම් නෙවෙයි. යෞවනයෙක් වුණාට එන්නම් වාලේ රංගනයට ප්‍රවිෂ්ට නොවෙන ගෙවින් විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. ‘අ’ යන්නෙ ඉඳලම හරි ලකේට නළුකමට පිවිසෙන මේ කඩවසම් තරුණයා ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ ආරාධනාවන් සමග ප්‍රේක්ෂකයන්ගේ හදවතට වදින චරිතයන්ට මැදිවෙනවා. රංගනයට ආව අලුතම හොඳම නැගී එන නළු සම්මානයටත් නිර්දේශ වෙනවා. මේ දවස්වල ‘ආලේ’ ටෙලිය හරහා නොහික්මුණු චරිතයක් රඟන ගෙවින් ‘මව්රට’ හරහා හදවතින්ම කළ ආරාධනය වෙනුවෙන් සුහද පිළිසඳරකට එක්වුණේ මෙලෙසයි.

ඉතින් ගෙවින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. ෂූටින් ඩබින් අතර කාලය ගෙවෙනවා. ඒ අතර ව්‍යාපාර කටයුතු සහ අධ්‍යාපන කටයුතු නිසා විදේශගත වන අවස්ථාද තියෙනවා.
මේ දවස්වල වැඩිපුරම බිසී වෙලා ඉන්නේ ‘ආලේ’ ටෙලිය නිසා?
ඔව්. ඒක දිගටම වගේ රූගතකිරීම් කෙරෙන නිසා ටිකක් විතර බිසී කිව්වොත් හරි.
කොහොමද ප්‍රතිචාර? ඔබ රඟපාන්නේ නැහැදුණු තරුණයකුගේ චරිතයක්?
ඔබ හිතන්නේ ආලේ ටෙලියේ සහේල්ගේ චරිතය නිසා ප්‍රේක්ෂකයෝ මට දොස් කියනවා කියලද?
ආරංචියක් තියෙනවා ඇතැම් අය එහි දොස් දකිනවා කියලා?
සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්. සහේල්ගේ චරිතය ගැන මට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. ඒ කියන්නේ සහේල්ගේ නොහික්මුණු ගති පැවතුම් හෙළාදකින ප්‍රේක්ෂකයන් මම ඒ චරිතයට කරන සාධාරණත්වය ගැන සතුටු වෙනවා. මොකද කියනවා නම් සහේල් කියන්නේ ගෙවින් අභිෂේක් නෙවෙයි. මා රඟන තවත් එක් චරිතයක් පමණයි. සහේල් නිසා
මට කවුරුන් හෝ වෛර කරනවා කියන්නෙත් හොඳ ලකුණක්. ඒ ලකුණ තුළ මා දකින්නේ මම එයට අවැසි රංගන ප්‍රතිභාව තුළ හොඳින් ජීවත් වුණා කියන එකයි.
බොහෝ ජනප්‍රිය තරු සහේල් වැනි චරිත භාරගන්නේ නැහැ?
වෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ මතයයි. හැබැයි ඒ මතය මම අනුමත කරන්නේ නැහැ. රංගන ශිල්පියෙක් කියන්නේ සුදු-කළු ස්වභාවය තුළ සුදනාගෙ චරිතය විතරක් අරගෙන නොහික්මුණු හෝ නපුරු චරිත රිජෙක්ට් කරන කෙනෙක් නෙවෙයි. කරන්න පුළුවන් නම් එහි යමක් තියෙනවා නම් මම ඒ චරිතය භාරගෙන එය මට හැකි උපරිමයෙන් කරනවා. රංගන ශිල්පියකු සතු මෙහෙවර එයයි. ‘පිත්තල කොන්ඩෑරුම’ ටෙලියේ ‘සුළං මහමෙරක’ සහ ‘පීතෘ’ යන ටෙලිනාට්‍යවල මා රඟපෑ චරිත විවිධාකාරයි. ඒ සියලු චරිත රංගනයන් ගැන ප්‍රේක්ෂකයන් සතුටට පත්ව සිටියා. එතැනදී මම හිතනවා මම එය හොඳටම කළා කියලා. මගේ ආත්මතෘප්තිය එයයි. නරක චරිත රිජෙක්ට් කරලා හොඳ චරිත විතරක් භාරගත්තා කියලා මට එහෙම තෘප්තිමත් වෙන්න බැහැ.
‘සුළඟ මහමෙරක’ ටෙලිනාට්‍යයේ චරිතය වෙනුවෙන් ඔබ සම්මානයක් සඳහා නිර්දේශ වුණා?
ඔව්. හොඳම නැගීඑන නළුවාගේ සම්මානය වෙනුවෙන් ‘සුළඟ මහමෙරක’ චරිතය නොමිනේට් වීම එදා මට විශාල ගෞරවයක් ලෙස දැනුණා.
‘පීතෘ’ ටෙලිනාට්‍යයේ ශානකගේ චරිතය වෙනුවෙන් ඔබට ඒ සම්මානය ලැබුණා?
‘පීතෘ’ ටෙලිනාට්‍යය කියන්නේ මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි. රංගනයට පිවිසුණු අලුතම වාගේ තරුණ නළුවකුට ආනන්ද අබේනායක සර් වගේ අග්‍රගණ්‍ය ප්‍රවීණ ශිල්පියකුගෙන් ආරාධනාවක් එනවා කියන්නේ ලොකු භාග්‍යයක්. අනෙක නාමල් ජයසිංහ තිරපිටපත ලියාපු, ආනන්ද අබේනායක සර් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක රඟපාන්න මටත් චාන්ස් එකක් එනවා නම් මොන තරම් දෙයක්ද කියන හීනයක මමත් ඒ කාලේ හිටියා. ඉතින් එහෙම හීනෙක ඉන්න කෙනකුට ඒ හීනේ හැබෑ වුණා කියන්නේ ලොකුම වාසනාවක්නේ. ‘පීතෘ’ එකේ ශානකගේ චරිතයට මාව තෝරාගත්තා කියන කෝල් එක එනකොට වුණත් මට අදහාගන්න බැරි වුණා. ‘පීතෘ’ ටෙලිනාට්‍යයේ රඟපෑ කාලය තුළ මට දැනුණේ මම විශ්වවිද්‍යාලයකට හෝ ඇකඩමියකට රංගනය ගැන හදාරන්න ආවා වගෙයි. ප්‍රවීණයන් පිරිවරාගෙන ඔවුන්ගේ සහාය සහ මඟපෙන්වීම මත මම ශානකගේ චරිතය තුළ අගේට ජීවත් වුණා.
ඒ පන්නරය තුළ ඔබ කළ මෙහෙවර අවසානයේ සම්මානනීය වුණා?
2022 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගීඑන නළුවාට හිමි ඒ සම්මානය දෝත දරාගෙන ගෙදරට ගොඩවුණේ පුදුම සතුටකින් සහ ලොකු ආඩම්බරයකින්. අම්මයි තාත්තයි පවුලේ අනෙක් මගේ බාල සහෝදර සහෝදරියන් හමුවේ ඒ සම්මානය රාක්කෙන් තියනකොට හිතට ලොකු ගැම්මක් දැනුණා.
එදා ඒ අකීකරු කොණ්ඩය වැව්වේ ශානකගේ චරිතය වෙනුවෙන්මද ගෙවින්?
නැහැ. ආරාධනාව එනකොටත් කොණ්ඩය වවලයි තිබුණේ. හැබැයි චරිතය ලැබුණේ කොණ්ඩය සහ රැවුල වවලා හිටපු ඒ පෙනුමටයි.
හැමෝම හොයන්න ගත්තා මේ කඩවසම් කොලු ගැටයා කවුද කියලා?
එහෙම විමසිලිමත් බවක ප්‍රේක්ෂකයන් සිටින බව දැනගන්න ලැබුණා. ලොකු සතුටක් තෘප්තියක් දැනුණා මාව එහෙම හොයන එක ගැන.
ඒ තරම් කඩවසම් බවක් දුන්න කොණ්ඩෙයි රැවුලයි කපා දැම්ම හේතුව?
ප්‍රවීණ නිර්මාණ ශිල්පී රනිල් කුලසිංහගේ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් කොණ්ඩෙයි රැවුලයි කපන්න සිද්ධ වුණා.
හිතට අමාරුවක් දැනුණේ නැද්ද ලස්සනට තිබුණු අකීකරු කොණ්ඩය විනාඩි ගණනකදි කපලා දානකොට?
රංගනය සහ යම් චරිතයක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්න වෙන එක සාමාන්‍යයි. මට කියලා එහි වෙනසක් නැහැ. අනෙක අහලා දැකලා තිබුණා බොහෝ ප්‍රවීණයන් විවිධ අවස්ථාවල තමන්ට ලැබෙන චරිත වෙනුවෙන් කළ කැපකිරීම් ගැන. ඉතින් කොණ්ඩෙයි රැවුලයි කපපු එක ඒ වගේ සිදුවීම් අතර බොහොම සාමාන්‍යයි.
රංගනයට ආවේ ඔබ චින්තක කුලතුංග කියන ප්‍රවීණ කලාකරුවාගේ පුතා වූ නිසාද?
එහෙමම කියන්න බැහැ. මොකද තාත්තා මට නිතරම කියන සහ මතක් කරන කාරණයක් තිබුණා. ඒ තමයි මමම මගේ මාර්ගය, මගේ අනන්‍යතාව මත ගොඩනගාගත යුතුයි කියන එක. මමත් එය හිතට ගත්තා. මගේ මගක යන්න පුරුදු වුණා. හැබැයි මගේ තාත්තාගේ මගපෙන්වීම හරි අගේට එතැනදි ලැබුණා.
සිනමාවට ප්‍රවිශ්ට වීමේ වාසනාවත් ඔබ කෙලෙසක හෝ උදාකර ගත්තා?
ටෙලි සිනමාවට එන බොහොමයක් දෙනා සිනමාවට ප්‍රවිෂ්ට වීමේ සිහිනය තුළ ඉන්නවා. ඔබ කිව්වා වගේම එය හැබෑ කරගැනීමේ වරම මට අහම්බයෙන්ම ලැබුණා. දැනටමත් මම චිත්‍රපට තුනක රඟපාලා තියෙනවා. ‘ගෞතම බුද්ධ’ තිරගත වුණා. ‘හාඩ් ඔෆ් කලම්බෝ’ නමැති විදේශීය චිත්‍රපටයේ චරිතයක් රඟපෑමේ භාග්‍යය මට ලැබුණා. එය තවමත් තිරගත වුණේ නැහැ. තව ‘අන්තරාවී රේඛාව’ චිත්‍රපටයද ඉදිරියේදි තිරගත වීමට නියමිතයි.
ළඟකදි ඔබ චිත්‍රපටයකට අලුතින් දායකව සිටින බව ආරංචි වුණා?
ඔව්. ලංකාවේ ජනප්‍රියම නළුවකු සමගයි මම ඒ සඳහා ගිවිසුම් අස්සන් කළේ. එහි විස්තර දැනට රහසක්ව තබාගන්න කැමැතියි.
අලුතින්ම රඟපෑ ‘නොකවුට්’ ටෙලිය ගැනත් කියමුද?
ඒ ගැන කතා කරන්නම ඕනෙ. එය බොක්සිං ක්‍රීඩකයකු වටා ගෙතුණු හරි අපූරු කතාවක්. සති අන්තයේ මාර්තු මැද සිට එය ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා. ප්‍රවීණ කලා ශිල්පී රසික සුරවීරගේ විශේෂ ආරාධනාවකට අනුව ඒ චරිතය මට හිමිවෙන්නේ.
සමහර ටෙලි චරිත ඔබ අතින් රිජෙක්ට් වෙනවලු?
ඒ ගැන මම මෙහෙම කියන්නම්. මම නිතරම වගේ ව්‍යාපාර සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙනවා. ඒ හින්දම භාරගත්ත චරිත මග දාලා යන පුරුද්දට මම අකැමැති නිසා සමහර ටෙලිනාට්‍ය මගෙ අතින් රිජෙක්ට් වෙනවා. අනෙක චරිත ගොඩක් බදාගෙන ටෙලි සිනමාවේ ජනප්‍රියම නළුවා වීමේ හීනය තුළ ඉන්න මම උත්සාහ කරන්නේ නැහැ. මේ වනවිට මම රඟපාන්න අරන් අවුරුදු 14ක් වෙනවා. හැබැයි කරලා තියෙන්නේ ටෙලි 10ක් 11ක් විතරයි. හැබැයි මට ඒ ගැන දුකක් නැහැ. මම භාරගන්නේ හිතට හරියන යමක් කරන්න පුළුවන් අතළොස්සක් පමණයි.
අවසානෙට කියන්න යමක් ඔබට ළෙන්ගතු ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්?
හැමදාමත් සතුටින් ඉන්න. ආදරයට ආදරය කරන්න. ‘නොකවුට්’ ටෙලිය සහ තව නිර්මාණ හරහා එන වෙනස්ම ගෙවින් කෙනෙක්ව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

‘අයි ඈම් අර්චුනා…! අයි ඈම් ෆ්‍රොම් හුණ්ඩු..! උපරිම ආතල්..! VIDEO I Sri Lanka Latest News

Next Post

ගාල්ලේ ගහපු ටෝපිඩෝ එක විපක්ෂනායකතුමා කියන්න ඕනේ..! තෙල්-ගෑස් පෝලිම් හැදුවේ විපක්ෂය.. විපක්ෂය.. විපක්ෂය.. විපක්ෂය..! ආණ්ඩුවෙන් මාර කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.