නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිත නලින් රාජපක්ෂ මහතාගේ සයනයිඩ් චිත්‍රපටයේ පල්ලවී කියන දමිළ තරුණියගේ චරිතයෙන් අපිට ඇයව දැකගන්න පුළුවන්. මේ වෙනස්ම අත්දැකීම ගැන දැනගන්න නිසුලි රාජපක්ෂට ‘හාට්’ අපි ඇයට කතා කළා.
නිසුලි මේ දිනවල ඔබේ වැඩකටයුතු කොහොමද?Sri Lanka Latest News
මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මගේ පාසලේ දරුවන්ට ඉගැන්වීම. මේ වෙනකොට මම ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පෙරපාසල් ගුරුවරියක් විදියට වැඩ කරනවා. ඒත් එක්කම මම රංගනයෙන් දායක වුණු සයිනයිඩ් චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිතයි.
සයිනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මගේ තාත්තා නලින් රාජපක්ෂ. තාත්තා අධ්‍යක්ෂණය කළ අඟර දඟර සහ රේන්බෝ කියන චිත්‍රපටවලත් සුළු සුළු චරිතවලට මම දායක වෙලා තියෙනවා. පෙර කරපු චරිතත් එක්ක මගේ දක්ෂතාව දැකලා සයනයිඩ් චිත්‍රපටයේ පල්ලවී කියන දමිළ චරිතයට මාව තෝරගෙන තියෙනවා. එහෙමයි මම සයනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
සිංහල තරුණියක් දමිළ චරිතයකට පණ පෙවීම අභියෝගයක්. ඉතින් මේ අභියෝගය ගැන කතා කරමු?
මෙම චිත්‍රපටයේ වරදරාජා පෙරුමාල්ගේ දියණිය පල්ලවී කියන චරිතයට තමයි මම රඟපාන්නේ. ඇත්තටම ඒක අභියෝගාත්මකයි. පල්ලවීගේ හැසිරීම, කතා විලාසයට අනුගත වීමට මට සිදුවුණා. දමිළ භාෂාව හැසිරවීම තමයි ලොකුම අභියෝගය වුණේ. මට දමිළ විදියට කතාකරන්න උදව් කළේ රාජා ගනේෂන් අංකල්. ඒ වගේම වරදරාජා පෙරුමාල් චරිතය රඟපාන ජගත් අංකල් සහ ගීතා ජයකොඩි ආන්ටිත් මට ගොඩක් උදව් කළා මේ චරිතය සාර්ථක කරගන්න.
මෙතරම් අඩු වයසකින් සිනමාවට සම්බන්ධ වීමට ලැබීම ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
මම ගොඩක් ආසයි කලාවට, මට රඟපාන්න වගේම නර්තනයටත් හැකියාවක් තියෙනවා. අනික තාත්තා මාව කුඩා කාලයේ පටන් කලාවට යොමු කළා. තාත්තගේ චිත්‍රපටවල සුළු චරිතවලට රඟපාන්න අවස්ථාව ලබාදුන්නා. ඉතිං ඒක ලොකු අත්දැකීමක්. ප්‍රවීණ රංගන ශිල්පීන් මැද ආධුනික කලාකාරිනියක් විදියට මම සාර්ථකව පල්ලවී කියන චරිතයට පණපෙව්වා. ඉතින් මට මගේ සිනමා ගමන ගැන සතුටුයි.
ඉදිරියේදී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් නැද්ද?
ටෙලි නාට්‍යවලට මගේ කාලය ලබාදෙන එක ගැන කතා කළොත් රැකියාවත් එක්ක තරමක් අසීරුයි. මම ගොඩක්ම කැමති සිනමාව පැත්තට. සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි.
ඔබ සිනමා නිර්මාණවලට දායක වීමේදී චරිත තෝරා බේරාගැනීමක් කරනවද?
ඔව්. ඇත්තටම මම නිර්මාණයකට දායකත්වය ලබා දීමේදී තෝරා බේරා ගැනීමක් කරනවා. හොඳට හිතල බලලා මගේ චරිතය මගේ ප්‍රතිරූපයට හානි නොවෙන චිත්‍රපටවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා.
සිනමාව පැත්තෙන් ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම බලාපොරොත්තු වෙනවා ඒ චරිතය තුළින් මගේ හැකියාවන් වගේම දක්ෂතාවයන් පිළිබිඹු කරන්න. ඉතින් ඇත්තටම සැලසුමක් අනුව වැඩ කරන නිර්මාණයක චරිතයක් ලැබුණොත් දායක වීම තමයි මගේ බලාපොරොත්තුව.
රසාංජලී වාසල











