• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කට්ටක් කලා ගහපු ගේමක් මේක…. ! දමලා ගහලා ගෙදර ගිහින් ඉන්න හිතුණු වාර අනන්තයි…! මගේ ලොකු ටාගට් එකක් තිබුණා…! ඉන්දික ලක්මාල් I Sri Lanka Latest News

February 1, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කට්ටක් කලා ගහපු ගේමක් මේක…. ! දමලා ගහලා ගෙදර ගිහින් ඉන්න හිතුණු වාර අනන්තයි…!  මගේ ලොකු ටාගට් එකක් තිබුණා…!  ඉන්දික ලක්මාල් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මව්රට’ හාට් විශේෂාංගය හරහා අපි සෑම සති අන්තයකම කලා ක්ෂේත්‍රයේ අලුත් තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඉතින් අද පටන් අපි ටෙලිනාට්‍ය කලාවේ තිරය පිටුපස සිට සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන ශිල්පීන්ගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නත් තීරණය කළා. ‘කාපු කට්ට’ නමින් දිගහැරෙන මෙම ලිපි පෙළ ආරම්භ කරන්න අපි මුලින්ම තෝරාගත්තේ දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයකු වන ඉන්දික ලක්මාල්. ‘කළු අහස’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර අපි ‘ලකා’ව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News

‘කාපු කට්ට’ අපේ අලුත් විශේෂාංගයේ ආරම්භය සටහන් වෙන්නේ ඔබ සමග. මොකද හිතෙන්නේ මේ ගැන?
ඇත්තටම කියන්න වචන නැහැ. සෑම මාධ්‍ය ආයතනයකම බොහෝ දුරට සම්මුඛ සාකච්ඡා කෙරෙන්නේ ජනප්‍රිය තරු සමග. ඒකේ කිසිම වරදක් නැහැ. සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව මේ අංශ තුනේම නිර්මාණ සාර්ථක කිරීමට දැවැන්ත තාක්ෂණික සහ කාර්මික ශිල්පීන් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් මේ නිර්මාණ වෙනුවෙන් කරන කැපකිරීම අගය කිරීමට ‘මව්රට’ ජාතික පුවත්පතේ කර්තෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ගත්තු පියවර ගැන මම ඉතා සතුටු වෙනවා. ඒ වගේම මගේ ස්තුතිය පුදකරනවා. මොකද තිරය පිටුපස වැඩකිඩ දාන මේ කණ්ඩායම පත්තර පිටුවකින් අගය කිරීම ඔවුන්ගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. ඒ වගේම එය ඔවුන්ට සම්මානයක් ලැබුණා හා සමානයි.
ඔබ කලාවට සම්බන්ධ වුණු විදිය ගැන කතා කළොත්?
මම කලාවට සම්බන්ධ වෙන්නේ 2007 වර්ෂයේ. සුරේෂ් ධම්මික කැමරා ශිල්පියෙක්. ඔහු හරහා යුනිවෙස්ට් ෆිල්ම් ප්‍රඩක්ෂන් ආයතනයට තාක්ෂණික සහාය ශිල්පියෙක් විදියට මම සම්බන්ධ වුණා. ඔය විදියට මම ටෙලිනාට්‍යවල චිත්‍රපටවල කාර්මික ශිල්පියෙක් විදියට කාලයක් වැඩ කරගෙන ගියා. ඒ කාලසීමාව තුළ මම හැම අංශයක් ගැනම වැඩි අවධානයක් යොමුකරමින් ඒ දේවල් ඉගෙන ගත්තා.

‘පූජා’ ටෙලිනාට්‍යය ඔබේ ගමනේ සුවිශේෂ තැනක් වුණා නේද?
ඔව්. පූජා ටෙලිනාට්‍යයේ තමයි මම ප්‍රධාන කැමරා ශිල්පියෙක් විදියට වැඩ ආරම්භ කළේ. එතකොට මට වයස අවුරුදු 20ක් විතර ඇති. ඒ කාලවකවානුවේ ලංකාවේ ළාබාලතම කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස මම විතරයි හිටියේ. පසුකාලීනව ටෙලිනාට්‍ය, චිත්‍රපට ප්‍රධාන කැමරා ශිල්පීන් සමග මට එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මම දවසින් දවස කළේ අලුත් දේවල් ඉගෙනගන්න එක තමයි.

ඉතා කෙටි කාලයක් තුළ ඔබ ගේමක් ගැහුවා?
අනිවාර්යයෙන්. මගේ ලොකු ටාගට් එකක් තිබුණා මගේම කියලා ආයතනයක් පටන් ගන්න. හැබැයි මම වෙනුවෙන් දැවැන්ත පිරිසක් මගේ හැකියාව හඳුනාගෙන උදව් කළා. 2012 වර්ෂයේ ඉන් සෙව් ක්‍රියේෂන් නමින් මගේම ප්‍රඩක්ෂන් ආයතනයක් පටන් ගත්තා. මේ වනවිට තාක්ෂණික ශිල්පීන් 20ක් විතර මම යටතේ වැඩ කරනවා.

ඔබව පසුකාලීනව සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව්. 2020 හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයේ සහ 2022 ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ ලෙසට ඇගයීමට පාත්‍ර වුණා. ඒ කාලයේ හොඳම ටෙලිනාට්‍යයේ සහ ජනප්‍රියම ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ ලෙස වැඩ කළේ මම.
එතකොට ඩුබායි සිහිනය උදාවුණේ?
හොඳම කැමරා ශිල්පියෙක් ලෙස මාව ඇගයීම් කළ නිසා මට කැමරාකරණය සම්බන්ධව, ලයිටින් සම්බන්ධව ඩුබායිවල තියෙන කැම්පස් එකක (ලංකා වීව් ඩුබායි) සිසු සිසුවියන්ට උගන්වන්න අවස්ථාව ලැබුණා. රටවල් විස්සකින් විතර තරුණ පිරිසක් එහි ඉගෙනගන්න ඇවිත් හිටියා. භාෂාවන් හතරක් කතාකිරීමට මට පුළුවන් වීම ඒ සඳහා මට උපකාරී වුණා. ඒ කාලසීමාව තුළ ඩුබායිවල තියෙන ලොකුම ස්ටුඩියෝ එකේ වීඩියෝකරණය ගැන මටත් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා සුපිරි සංගීතඥ ඒ.ආර්. රහුමාන් යටතේ.
කාපු කටුවල ප්‍රතිඵල සුබදායකයි වගේ?
කටු තමයි කාපු තරමක් කෑවේ. ඉන්න හිතුණු අවස්ථා පනහයි නම් දමලා ගහලා ගෙදර ගිහින් ඉන්න හිතුණු වාර අනන්තයි. ඒ හිතුණු හැම වාරයකම මගේ හිතට ආවේ මගේ ටාගට් එක. අද මම හදවතින්ම සතුටු වෙනවා ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ සහ නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල කැමරා අධ්‍යක්ෂවරයකු විදියට වැඩකරන්න ලැබුණු එක ගැන. ජීවිතයේ වැඩි හරියක්ම මගේ අත්දෙක තිබුණේ කැමරාවේ. මගේ ඇස් දෙක වගේ කැමරාව මට දැන් වටිනවා.
මේ දවස්වල ඔබේ වැඩකටයුතු මොනවද?
කළු අහස, යොවුන් වසන්තේ, සමන්මලී, තත්පර කට්ටක්, ආලේ ටෙලිනාට්‍යවල කැමරා අධ්‍යක්ෂවරයා ලෙස මම මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කරගෙන යනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල ගැන ලොකු කතාබහක් යද්දී විපක්ෂනායක සජිත් ලොව හොඳම තාක්ෂණික අධ්‍යාපන ආයතනයක් වන සිංගප්පූරුවේ ITE එකට ගිහින් ලංකාවට අලුත් තාක්ෂණික අධ්‍යාපනය ‌ගේන විදිහ ගැන සාකච්ඡා කරයි! VIDEO PHOTOS I Sri Lanka Latest News

Next Post

මහව බලයත් මාලිමාවෙන් ගිලිහෙයි! සජබය ප්‍රමුඛ විපක්ෂය 82යි! මාලිමාවට 18යි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.