• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැඩෙත් මාරු කරලා ජීවිතෙත් වෙනස් කරපු කවුද මේ ගේට්ටුවා…! මාරම වේදනාවක් දැනුණේ…! ඇස්වලට කඳුළු පවා ආවා…! අවුරුදු හතරක් හීන දැක්කා…! විනාත් තේසන් I Sri Lanka Latest News

May 29, 2026
in Heart
Reading Time: 3 mins read
A A
හැඩෙත් මාරු කරලා ජීවිතෙත් වෙනස් කරපු කවුද මේ ගේට්ටුවා…! මාරම වේදනාවක් දැනුණේ…! ඇස්වලට කඳුළු පවා ආවා…! අවුරුදු හතරක් හීන දැක්කා…! විනාත් තේසන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තාත්තෙකුගෙයි පුතෙකුගෙයි සෙනහස ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. පුතෙකුට තාත්තා රජෙක් කියන්නේ කට කහනවට නෙවෙයි. දුක් මහන්සි වෙමින් තාත්තලා සිහින දකින්නේ තම දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්නයි. ඈත දුෂ්කර ගමක ඉතා අසීරු ජීවිතයක් ගතකරන මේ තාත්තාගෙයි පුතාගෙයි කතාව මේ දිනවල ඔබේ හදවතේ ලැගුම් ගෙන හමාරයි. ලසිත කාරියවසම් අධ්‍යක්ෂණය කරන ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයෙන් ඔබට සමීප වන ‘සුසිරි’ එහෙමත් නැත්නම් ගේට්ටුවා චරිතයට පණ දෙන විනාත් තේසන් සමගයි ‘හාට්’ අපේ මේ ආදරණීය කතාබහ.Sri Lanka Latest News

මේ දිනවල විනාත් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා?
ගොඩ දෙනෙක් මගේ චරිතය ගැන මගේ රඟපෑම ගැන කතා වෙනවා. තවත් සමහරු ගේට්ටුවා කවුද කියලා හොයනවා. ඒ තරමට සමහරුන්ට මාව හඳුනාගන්න බැහැ. මම ප්‍රධාන චරිතයක් රඟපාන ප්‍රථම අවස්ථාව තමයි මේ. ගොඩක් සතුටුයි. කාලෙක ඉඳලා මම සිහින දැකපු ආදරණීය චරිතයක් අද මේ විදියට දකිනකොට. විශේෂයෙන්ම මාව මේ ටෙලිනාට්‍යයට තෝරගත්ත ගේට්ටුවා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලසිත කාරියවසම් මහතාට ස්තුති කරනවා මේ කතාව ආරම්භ කරන්න පෙර. ඒ වගේම කාලෙකට පස්සේ මම ගැන මේ විදියට අකුරු කරන ‘මව්රට’ ජාතික පුවත්පතටත් ස්තුතියි.
කාලෙක ඉඳලා දැකපු සිහිනයක් කිව්වේ?
මම ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ 2019 වර්ෂයේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන කාලේ. ඒ කාලේ පාසලේ ගුරුවරු මාව දන්න කියන අය ඇහුවා කවද්ද ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ කියලා. මම සම්බන්ධ වුණු පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍යය නිසාත් මගෙත් ආශාවක් තිබුණා ටෙලිනාට්‍යය විකාශය වෙනකම්. කොහොම හරි අවුරුදු හතරක විතර කාලයක් ගියා ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය විකාශය වෙන්න.
හිතේ පුංචි කොනක තියෙන්න ඇති කාලයත් එක්ක චරිතය වෙනස් වෙයි කියලා?
එහෙම නැහැ. ලසිත කාරියවසම් මාමා කිව්වා මේ ටෙලිනාට්‍යයේ සුසිරි චරිතයට සුදුසුම කෙනා මම කියලා. කවදා හරි දවසක ටෙලිනාට්‍යය විකාශය වුණු කාලයක මාවම තමයි ගන්නේ කියලා. ඉතින් කාලය වෙනස් වීමත් සමග මගේ ස්වරූපය පවා දැන් වෙනස්. ටෙලිනාට්‍යය නරඹන සමහරුන්ට කුතුහලයක් තියෙනවා ඒ මමද සුසිරි චරිතය රඟපාන්නේ කියලා. මගේ වෙනස්වීමත් එක්ක. හිතේ දුකක් නම් තිබුණා ටෙලිනාට්‍යය විකාශය වෙන්නේ නැති වෙයි කියලා.

කනත්තක ගෙවපු ජීවිතයේ මිහිරි බව කොහොමද?
ඒ ගැන නම් කතා කරන්නම ඕනේ. කැලෑවක් මැද තමයි මේ කනත්ත තිබුණේ. පාන්දර වෙනකම් කනත්තේ රූගත කිරීම් තිබුණු අවස්ථා තිබුණා. කනත්තක මම නිදාගත්ත පළමු අවස්ථාව මෙයයි. එය මගේ ජීවිතයට මිහිරි අත්දැකීමක්.
විනාත් ගොඩ දෙනෙක් අතරට ගියේ බංටි චරිතය තුළින්?
‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය හරහා තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. බංටි ප්‍රධාන චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂ අත්දැකීමක්. මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ අහම්බෙන්. තිර පරීක්ෂණයට මම අයියලා දෙන්නෙක් එක්ක ගියා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ රොහාන් පෙරේරා මාමා කිව්වා අපි තුන්දෙනාටම තිර පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න කියලා. එහෙම ඉදිරිපත් වෙලා දවස් කීපයකට පසු මට රොහාන් මාමා කතා කළා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා කියලා. ඔය විදියට තමයි මම බංටි වුණේ.
ගේට්ටුවා තිර පිටපත බලනකොට මොකද හිතුණේ?
මට මාරම වේදනාවක් දැනුණේ. ඇස්වලට කඳුළු පවා ආවා. ඒ තරමට ගොඩක් දුක හිතුණා මෙහෙම ළමයි මේ රටේ කොයි තරම් ඇතිද කියලා. ඉගෙනීමේ සිහින බොඳ වෙනකොට ඒ ළමයින්ට මොන වගේ හැඟීමක් ඇතිද මේ වගේ ප්‍රශ්න තියෙනකොට ඊට නිසි පිළිතුරක් නැත්තේ ඇයි කියලා මම තනියම හිතුවා. හැබැයි මම උපරිම සාධාරණයක් කළා සුසිරි චරිතයට.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උද්ධමනයත් ඩබල් වෙයි! I Sri Lanka Latest News

Next Post

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.