• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විලන් වෙන්න මට කීයටවත් බැහැ…! ගණන් හිලව් හරියට නැත්නම් මම වැඩ කරන්නේ නෑ…! ඇක්ටින්වලින් තවම ආවේ ටිකයි…! ඉස්සරහට බලමු…! නිපුන් ප්‍රනාන්දු I Sri Lanka Latest News

May 23, 2026
in Heart
Reading Time: 3 mins read
A A
විලන් වෙන්න මට කීයටවත් බැහැ…! ගණන් හිලව් හරියට නැත්නම් මම වැඩ කරන්නේ නෑ…! ඇක්ටින්වලින් තවම ආවේ ටිකයි…! ඉස්සරහට බලමු…! නිපුන් ප්‍රනාන්දු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රූපෙ දැක්ක ගමන් ‘ආ මේ මෙයානේ’ කියලා මීටර් වුණාට, නම කිව්වම කවුද කියලා කල්පනා කරන ටයිප් එකේ අය කලාවේ ඕනෙ තරම් ඉන්නවා. හැබැයි ඒ හැමෝම අතරේ තමන්ගේ රංගනයෙන් විතරක්ම මිනිස්සුන්ගේ හිත් අස්සට රිංගපු, ‘ආලේ‘ ටෙලිනාට්‍යයේ චනුත්තර විදිහට මේ දවස්වල හැමෝගෙම ආලින්දයට ගොඩවෙන නිපුන් ප්‍රනාන්දු කියන්නේ සිරාම චරිතයක්. ලංකාවේ මෙගා නාට්‍ය රැල්ල අස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ උපරිමයෙන්ම දිනාගෙන, හැබැයි සෝෂල් මීඩියා සෝබන නැතුව, තමන්ගේ පාඩුවේ පවුලත් එක්ක රටවල් ගානක රවුම් ගහන මේ නිහඬ ආදරවන්තයා, කටාර්වල ඉඳන් තමන්ගේ කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ ඇතුළාන්තය ගැන ‘හාට්’ අපිට මෙන්න මෙහෙම කිව්වා…Sri Lanka Latest News

මේ දිනවල නිපුන් විදේශගත වෙලා සිටින බව ආරංචියි?
ඔව්. මම මේ වනවිට කටාර්වල ඉන්නේ. මගේ ෆැමිලි එක මෙහේ. මගේ බිරිඳ ගුවන් සේවිකාවක්. මට පුතෙක් ඉන්නවා. ඉතින් මම නිවාඩුවට විදේශගත වෙනවා. නැවත කලා කටයුතු පටන් ගත්තම ලංකාවට එනවා. ඔය විදියට තමයි රටවල් දෙකේම මගේ කාලය ගතවෙන්නේ.
තමන්ට අයිති නැති වැඩක් නේද මේ දවස්වල කරන්නේ?
ඔව්. හිතුවේ නැති විදියට චනුත්තර ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා. ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ප්‍රේක්ෂකයන් මගෙන් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ආදරණීය චරිත. ඇත්තටම ආලේ ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියයි. ඒත් මම හිතුවේ නැහැ ආලේ සමග පෙම් බඳින්න මට අවස්ථාවක් ලැබෙයි කියලා. මට කිහිප දෙනෙක් කිව්වා ‘ආලේ’ කියලා ටෙලිනාට්‍යයක් යනවා මාරම ලස්සනට ඒ කතාව පෙළගස්වලා තියෙනවා කියලා. ඒ නිසාම මාත් කොටස් කීපයක් බැලුවා. මටත් ගොඩක් හිතට දැනුණා ඒ කතාව. මට ආරාධනාව කරපු සැණින් මම කැමැති වුණා. හැබැයි මගේ චරිතය මොන විදියට ගලාගෙන ඉදිරියට යාවිද කියලා තවම මමවත් දන්නේ නැහැ.
ප්‍රේක්ෂකයන් ඔබට මගතොටදි මොකද කියන්නේ?
ගොඩ දෙනෙක් අතරට චනුත්තර චරිතය ගිහින් තියෙනවා. සමහරු කියන්නේ කුරුලු කූඩු කඩන්න එපා කියලා. සහෙලි – නවිත් ආදරය අවංක ආදරයක්, පවු ඒ දෙන්නා කියලා. මගේ චරිතය වුණත් ඒ තරමට ප්‍රේක්ෂකයන්ට දැනෙන තරමට බැඳිලා තියෙනවා. ප්‍රේක්ෂකයන් මගේ රඟපෑමට අකැමැති නැහැ. හැබැයි අවංක ආදරයක් නැතිවෙන එක දුකයි කියනවා. තවත් සමහරු මට පෞද්ගලිකව මැසේජ් දානවා ඔවුන්ගේ ජීවිත කතාවත් මේ වගෙයි කියලා. ආදරයෙන් පැරැදිලා තවමත් ඒ ආදරය ගැන හිතන කොල්ලෝ ඕනෙ තරම් ඉන්නවා.
නිපුන්ටත් ඒ කාලේ මේ වගේ ආදරයක් තිබුණද?
මටත් ආදරය අහිමි වෙලා තියෙනවා. ලස්සන මතකයන් තියෙනවා. මේ විදියට මවුපියන්ගේ ප්‍රශ්න සමග බොඳවෙලා ගියා. තවත් සමහර ආදර කතාවන් මගේ ඕනෑකමින් මම අතහැරියා.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ පාසල් අවධියෙන්?
ඔව්. අවුරුදු දහසයේ ඉඳලා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මගේ ගම් පළාත වෙන්නප්පුව. රඟපාන්න ලොකු ආශාවක් තිබුණා. නීල පබළු ටෙලිනාට්‍යයේ නිර්වාන් චරිතය හරහා මාව ප්‍රේක්ෂකයන් දැනහඳුනා ගත්තා. මම මුලින්ම රඟපෑවේ සත්වර්ෂා ටෙලිනාට්‍යයේ. පසුකාලීනව සිත නිදි නෑ, තත්පර 60, අම්මා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වුණා.
කැමැති හීරෝ චරිත වලට විතරයි කියන්නේ ඇත්තද?
ඇත්තටම කිව්වොත් මට විවිධ චරිතවලින් ආරාධනා ලැබුණා. මම විලන් චරිතවලට නම් කොහොමත්ම කැමැති නැහැ. මට හිතාගන්නත් බැහැ ඇයි කියලා. මම තවම මගෙන් අහනවා ඇයි මම අකැමැති කියලා. සමහර චරිත මම ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවට සුදුසු නැහැ කියලා හිතෙනවා. පසුගිය වසරේ තෝරා බේරාගෙන සුළු ප්‍රමාණයකට තමයි මම සම්බන්ධ වුණේ.
වෘත්තීය මට්ටමෙන් ඔබ කලාවට යොමුවෙන නිසා රිජෙක්ට් කරන එක ඇඟට ගුණ නැහැ නේද?
ඔව්. ඒක නම් එහෙම තමයි. සමහර ඒවා රිජෙක් කරන්න වුණේ සරිලන මුදලක් නැති නිසා. ටෙලිනාට්‍ය වෙනුවෙන් මම මුළු කාලයම යෙදෙව්වොත් මට යැපෙන්න අමාරුයි. එයට අමතරව ක්ෂේත්‍රයේ තව වැඩ කිහිපයකට සම්බන්ධ වෙමින් මම වැඩ කරගෙන යනවා. ඒ නිසා මම සැලසුමක් ඇතිවයි වැඩ කරගෙන යන්නේ.
නිරූපණ ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් කැමැති සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න?
මම සෝනා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. සෝනා චිත්‍රපටය නරඹනකොට මට සිනමාව පැත්තට යොමුවෙන්න ආශාවක් ආවා. ඒත් මම වැඩිපුරම කැමැති ටෙලිනාට්‍ය පැත්තෙන් ඉදිරියට යන්න තමයි. මොකද තවම මම සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න ලොකු දෙයක් කරලා නැහැ කියලා හිතනවා. ඇක්ටින් පැත්තෙන් වුණත් 50% විතරයි මම සම්පූර්ණ කරලා තියෙන්නේ. මට ලොකු කාලයක් ගියා. මම තව ඉදිරියට යනවා. දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න තමයි අදහස.
සෝෂල් මීඩියා හරහා වුණත් ඔබ ජනප්‍රියතාව පාවිච්චි කරන්නේ නැද්ද?
මගේ රඟපෑම් කටයුතු, ජනප්‍රියතාවය වෙනුවෙන් මම සෝෂල් මීඩියා ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. අලුත් අයට ලොකු පහසුවක් තියෙනවා සෝෂල් මීඩියා හරහා මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න. ඒ කාලවල මම පත්තරවලින් දැකලා තමයි ස්ක්‍රීන් ටෙස්ට් හොයාගෙන ගියේ. මොකද ඒ කාලේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ගන්න අමාරුයි. ඔඩිෂන්වලට ගියත් කවදාවත් අවස්ථාවක් ලැබිලා නැහැ. සමහර විට බොරු ඇඩ් වෙන්නත් පුළුවන්.
ඔබ විනෝදාංශයක් විදියට විදේශ සංචාරවල යන බව අපි දකිනවා?
මම ඒ කාලේ ඉඳලා විනෝදාංශයක් විදියට සංචාරයේ යනවා. මේ වනවිට රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. ඒ අත්දැකීම් වෙනස්ම දෙයක්. දැන් ඉතින් මම පවුලේ අයත් සමග තමයි රට රටවල ඇවිදින්නේ.
නිපුන්ව රූපෙන් දැක්කත් නමින් ගොඩ දෙනෙක් දන්නේ නැති තරම්?
ඔව්. ඒක නම් ඇත්ත. මම අහවල් කෙනා කියලා මගේ නමින් මාව ගොඩ දෙනෙක් දන්නේ නැති තරම්. චරිතවලින් තමයි මාව ප්‍රේක්ෂකයන්ට මතක. රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා නැහැ. අවුරුදු උත්සව සඳහා මම සම්බන්ධ වෙලා නැහැ. ආරාධනා ලැබුණත් එක්කෝ මම භාරගත්තු වෙන වැඩක. එහෙමත් නැත්නම් මම ලංකාවේ නැහැ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඉබ්බාගමුවේ බලය සජබය තනිවම අල්ලයි! I Sri Lanka Latest News

Next Post

බෝම්බ පුරවාගත් කොටි ගුවන් යානා 2ක් කොළඹම සලිත කළ ඒ රාත්‍රිය මතකද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.