• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගඩාෆි එක්ක එන ‍හිරුණිගේ රියල් ලයිෆ් එක…! කකුල තුවාල වෙලා ලේ ගලද්දිත් මම රඟපෑවා…! සෝෂල් මීඩියා මම බලන්නේ නෑ…! මම හරිම සංවේදී කෙනෙක්…! ඩිලු‍ක්ෂි වීරපෙරුම I Sri Lanka Latest News

May 9, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ගඩාෆි එක්ක එන ‍හිරුණිගේ රියල් ලයිෆ් එක…! කකුල තුවාල වෙලා ලේ ගලද්දිත් මම රඟපෑවා…! සෝෂල් මීඩියා මම බලන්නේ නෑ…! මම හරිම සංවේදී කෙනෙක්…! ඩිලු‍ක්ෂි වීරපෙරුම I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නර්තනයට තිබුණු දැඩි ආදරයත් එක්ක ජීවිතය හැඩකරගන්න හීන දැකපු ඇයට, කලාව කියන්නේ අමුතු තැනක් නෙවෙයි. 2016 වසරේ අගභාගයේදී මුලින්ම කැමරාවකට හසු වූ ඇය, එතැන් පටන් ආ ගමන අද නතර වී ඇත්තේ ‘ගඩාෆි‘ සිනමා සිත්තමේ ‘හිරුණි‘ ගේ නවාතැන අසලයි. ප්‍රවීණයන්ගේ ආශීර්වාදයත්, පවුලේ සෙවණැල්ලත් මැද, රංගනයත් ජීවිතයත් හරිම සරලව විඳින ඇය, නර්තනය සහ රංගනය අතර මැද තමන්ගේම අනන්‍යතාවය සොයා යන අපූර්ව රංගන ශිල්පිනියක්. සිනමාවේ අලු‍ත් විප්ලවයක් කරන්නට සැරසෙන ඩිලු‍ක්ෂි වීරපෙරුම සමගයි අද අපේ කතාබහ.Sri Lanka Latest News

කවුද මේ ඩිලු‍ක්ෂි කියන්නේ?
ඩිලු‍ක්ෂි කියන්නෙත් සාමාන්‍ය කෙනෙක්. විශේෂත්වය කියන්නේ මම රංගනයට හා නර්තනට ආසයි. රංගන ශිල්පිනියක් විදිහට හයිලයිට් වෙලා පේනවා. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන, සියලු හැඟීම් දැනීම් තියෙන කෙනෙක්..
ඉතින් ඩිලුක්ෂි මොකද වෙන්නේ මේ දවස්වල?
‘ගඩාෆි’ චිත්‍රපටයත් එක්ක තමයි ගෙවෙන්නේ. ඒකේ ප්‍රවර්ධන කටයුතු එක්ක. ඒත් එක්කම කොටස් 60 ටෙලිනාට්‍යයක් රූගත කිරීම් අවසන් කළා. වෙනස්ම චරිතයක් එක්ක ඒ නිර්මාණයත් නුදුරේදී ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.
අපි දැනගන්න කැමැතියි ඔබ රංගනයට අත්පොත් තබන්නේ කොහොමද කියලා?
මට ඉස්සෙල්ලා රංගනයට පිවිසෙන්නේ අපේ අක්කා. ඉතින් ඒවා දකිනකොට රංගනයට හරි ආසයි. අක්කාගේ හොඳ යාළුවෙක් තමයි ජනිත් වික්‍රමගේ අයියා. එයාගේ මාර්ගයෙන් මට ‘ගෝත්‍රා’ කියන චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. 2016 දෙසැම්බර් තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ. ඊට පස්සේ රාජ් රණසිංහ නිෂ්පාදකතුමා මාර්ගයෙන් දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු ‘බෆලෝ ට්‍රැවල්ස්’ චිත්‍රපටයට අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි මගේ රංගන ගමන ආරම්භ වුණේ.
‘ගඩාෆි’ ෆිල්ම් එකේ අත්දැකීම කොහොමද?
හරිම සුන්දරයි. ජ්‍යෙෂ්ඨයෝ රැසක් එක්ක රඟපාන්න ලැබුණා කියන්නේ මම හරි වාසනාවන්තයි. ඒ චරිතය මට අභියෝගයක්. මගෙත් එක්ක හිටපු හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා මේ චරිතය සාර්ථකව කරගන්න.

රංජන් රාමනායක සමග වැඩ කරන එක ලේසි වුණාද?
රංජන් අයියාගේ අධ්‍යක්ෂණයක් යටතේ මීට පෙර මම වැඩ කරලා තිබුණේ නෑ. හරි සුන්දර මනුස්සයෙක්. ඉතාමත් පහසු වුණා වැඩකටයුතු කරගෙන යන්න.
රූගත කිරීම් තුළ ඔබගේ මතකයේ රැඳුණු සිදුවීම් මොනවද?
මේකේ මගේ චරිතය හිරුණි. මගේ පළමුවැනි රූගත කිරීම තිබ්බේ මීයා අහුවුණා කියලා කෑගහන එක. ඒකේ මුලින්ම ‍ෂූට් කළේ ඇතුළේ ඉඳන් එළියට දුවගෙන එන සිද්ධිය. පළමු ටේක් එකේදිම මම එතැන තිබ්බ ගලකින් වැටිලා කකුල තුවාල වෙලා ටේක් එක ඉවර වෙලා තමයි ඒක දැක්කේ. මට ලේ බලන්න බෑ. කොහොම හරි මම හොඳටම කෑගැහුවා ලේ දැකලා. අදටත් ඒ කැලල තියෙනවා.
ඔබ ප්‍රවීණයන් එක්ක වැඩ කළා කිව්වා. කොහොමද ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය?
මම කරපු චරිතය ගොඩක් වෙනස් එකක්. හැම අවස්ථාවකදිම නුහුරුයි ඒ චරිතය මට. ඒක පහසුවෙන් කරගන්න මට ගිහාන් අයියාගෙන්, ජයනි අක්කාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.
මේ චරිතය හරහා ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
හිරුණිගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රිමියර් එක දවසේ තමයි මම වැඩිම ප්‍රතිචාර ඇහුවේ. ගොඩක් කෝල්ස්, මැසේජස් ආවා හොඳ ප්‍රතිචාර. සෝෂල් මීඩියාවල අදහස් නම් මම බලන්නේ නැති තරම්. මගේ හිත හුඟක් සංවේදී. ඒ නිසාම මම සෝෂල් මීඩියාවල දේවල් එච්චර බලන්න යන්නේ නෑ. මට ලැබෙන හොඳ නරක දෙකම මම ආදරයෙන් භාරගන්නවා.
ඔබ රංගනයට පිවිසුණේ නැත්නම් දිලුක්ෂි කියන්නේ කවුද?
මම නර්තනයට තමයි ගොඩක් ආදරය කළේ. ඒක මට අතහැරුණේ රංගනයත් එක්ක. එහෙම නැත්නම් මම ෆැෂන් ඩිසයින් කරන්න පුළුවන්.ඒකටත් ආසයි.
කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?
ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. ගෙදරින් අපිට අවස්ථාව දුන්නා අපි යන පාත් එක තෝරගන්න. ස්ක්‍රිප්ට් එක මුලින්ම කියවන්නෙත් අම්මා. තාත්තා හරිම සාමාන්‍ය කෙනෙක්. එයාට අපි කිව්වම තමයි දන්නෙත් අපි මෙහෙම දේක ඉන්නවා කියලා. එයාලගේ සහයෝගය නිසා තමයි මම මෙච්චර දුරක් හරි ඇවිල්ලා ඉන්නේ.
ඉදිරි වැඩ ගැන මතක් කරලා අපි කතාබහ අවසන් කරමු?
කලින් කිව්වා වගේ කොටස් 60ක ටෙලිනාට්‍යයක් කරලා තියෙනවා. ඒක එන්න තියෙනවා. එකම වගේ චරිත කරන එකෙන් ඈත්වෙලා මම පොඩි බ්‍රේක් එකක් අරන් ඉන්නේ. වෙනස් විදිහේ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණොත් මම භාර ගනියි. සංගීතය පැත්තෙනුත් අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

කල්ප මේනක පීරිස්

SendShareShare
Previous Post

විදෙස් සංචිත පහත වැටෙයි! I Sri Lanka Latest News

Next Post

සාක්කුවට මත්ද්‍රව්‍ය දමා බොරු නඩුවකට පැටලෙව්වොත් කළ යුත්තේ මොනවද? බයවෙන්න එපා…! නීතිය දැනගෙන ඉන්න…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.