• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම නුවර කොල්ලෙක්…! මම තමයි මගේ නිර්මාණවල හොඳම ප්‍රේක්ෂකයා…! පොඩි කාලේ ඉඳන් තිබුණු හීනේ හැබෑ වුණා…! ලක්ෂිත මධුෂාන් I Sri Lanka Latest News

February 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම නුවර කොල්ලෙක්…! මම තමයි මගේ නිර්මාණවල හොඳම ප්‍රේක්ෂකයා…! පොඩි කාලේ ඉඳන් තිබුණු හීනේ හැබෑ වුණා…! ලක්ෂිත මධුෂාන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ ආදරණීය අහිංසක පෙම්වතකු ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු, සැබෑ ජීවිතයේදී යකඩ සමග ඔට්ටු වන ඉංජිනේරු ශිල්පියෙකි. ‘සැලෙනා නුවන්’ ටෙලිනාට්‍යයේ ‘පොඩි මහත්තයා’ ලෙස අපේ ආලින්දයට ආ ලක්ෂිත මධුෂාන්, ඔහුගේ කලා ලොවේ ගමන්මග සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ ‘හාට්’ අප කළ පිළිසඳර මෙසේ දිගහැරේ.Sri Lanka Latest News

ලක්ෂිත, ඔබ ගැන විස්තරයක් කියලම කතාව පටන් ගමු නේද?
මම නමින් ලක්ෂිත මධුෂාන්, නුවර කොල්ලෙක්. මගේ පාසල් කාලය ගෙවුණේ නුවර. පාසල් යන කාලේ ඉඳන්ම මම චිත්‍ර කලාවට සහ සෞන්දර්ය විෂයන්ට ලොකු ඇල්මක් දැක්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. ඒ වගේම මම ජර්මන් ටෙක් ආයතනයේ පුහුණුව ලැබූ තාක්ෂණ ශිල්පියෙක්. අද වනවිට මම වෘත්තීමය වශයෙන් ‘වේගා’ මෝටර් රථ ආයතනයේ වැඩකටයුතු කරමින් ඉන්නවා. කෙටියෙන් කිව්වොත් මම කලාවයි තාක්ෂණයයි මැද ජීවත් වන කෙනෙක්.
කලාවට එන්න ලැබුණු මුල්ම අවස්ථාව මතක් කරමුද?
මගේ අඩිතාලම වැටුණේ පාසල් වේදිකා නාට්‍ය හරහා. ඒ ලැබූ පන්නරයත් එක්ක මට ජාතික රූපවාහිනියේ ‘සබ්බ සකලමනාව’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. රංගන ක්ෂේත්‍රයේ දොරටු විවෘත වුණේ එතැනින්.

‘සැලෙනා නුවන්’හි ‘පොඩි මහත්තයා’ වෙන්න ආරාධනා ලැබුණේ කොහොමද?
ප්‍රවීණ අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් අයියා හා තිරපිටපත් රචක නිදුක් මධුෂික අයියලා දෙන්නා තමයි මගෙන් ඇහුවේ මේ චරිතය කරන්න කැමැතිද කියලා. ඊට කලින් මම ඔහු සමග ‘ධරණී’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම මම මීට පෙර ‘සිඳු’ හා ‘පොදු’ ටෙලිනාට්‍ය තුළත් විවිධ චරිත රඟපා තිබුණා. නමුත් පොඩි මහත්තයාගේ චරිතය මට ලැබුණේ අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක් විදිහටයි.
පොඩි මහත්තයාගේ චරිතයේ ඔබ වඩාත්ම කැමැති ගතිගුණ මොනවද?
ඔහු හරිම අවංක, ආදරණීය පෙම්වතෙක්. ටිකක් බොලඳයි, මෝඩයි වගේ පෙනුණට රුඳී තිබුණු ආදරය නිසාම ඇයව ජය ගන්නවා. ඒ අවංකකමට මම ගොඩක් කැමැතියි.
ලක්ෂිතට වඩා මිනිස්සු අද ඔබට ‘පොඩි මහත්තයා’ කියලයි අමතන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක ලොකු සතුටක්. මම තමයි මගේ නිර්මාණවල හොඳම ප්‍රේක්ෂකයා. පිටපතක් ලැබුණු වෙලාවේ ඉඳන් මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මිනිස්සු මාව ඒ නමින් හඳුනනවා කියන්නේ මම ඒ චරිතය තුළ ජීවත් වෙලා තියෙනවා කියන එකයි. ප්‍රේක්ෂකයා අප තුළ රඳවා ගැනීමට නම් අපි ඒ චරිතය තුළ ජීවත් විය යුතුයි. ඉතින් මම කරන්නේ මුලින්ම ඒ චරිතයේ අභ්‍යන්තර පැතිකඩ අල්ලා ගන්න එකයි.
ඉදිරියේදී සිනමාවෙන් ඔබව දකින්න ලැබේවිද?
අනිවාර්යයෙන්ම. මම දැනටමත් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒවා තිරගත වන දිනයක් ගැන හරියටම කියන්න බැහැ. මට සිනමාවට ලොකු ඇරයුම් තවම ලැබිලා නැතත්, මම වැඩිපුරම ආසාවෙන් හිටියේ සිනමා නළුවෙක් වෙන්න.
රංගනය නිසා ඔබට යම් දේවල් මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ නළුවෙක් වීමයි. මම ඒ හීනය ඉටු කරගෙන තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්. සමහර විට මම නළුවෙක් නොවුණා නම්, ජර්මන් ටෙක් පුහුණුවත් එක්ක විදේශ රටක හොඳ රැකියාවක් කරන්න තිබුණා. නමුත් මම අද මගේ වෘත්තියයි, කලාවයි දෙකම සතුටින් කරගෙන යනවා.
ඉදිරි වැඩකටයුතු හා නැවත පුංචි තිරයට එන්නේ කවදාද?
නැවතත් ඔබට පුංචි තිරයෙන් මාව දැකගන්න පුළුවන්. අලුත් ටෙලිනාට්‍යයක ‘සිහින’ කියන චරිතය හරහා. ඒක ගමක ලස්සන කතාවක්. ‘සැලෙනා නුවන්’හි නාරදට හෝ පොඩි මහත්තයාට වඩා වෙනස්, ඉතා සුන්දර චරිතයක් මම එහි රඟපානවා. ප්‍රේක්ෂකයන් ඒකට ගොඩක් ආදරය කරයි කියලා මම හිතනවා.

පවනි උමේෂා

SendShareShare
Previous Post

රනිල් දුන්නු බාර් ලයිසන් කැන්සල් කරනවා කියලා ආපු අය ගිය අවුරුද්දේ අලුත් බාර් ලයිසන් 142ක් දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ හොඳ වැඩකට සෙට් වුණා…! මෙගා නම් කොහොමටවත් කරන්නේ නැහැ…! ඕලු තවම කාටවත් අමතක නැහැ…! මංජුලා කුමාරි I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.