‘ඩියෝනා ඩයස්’ මේ දවස්වල සෝෂල් මීඩියාවල නිතර සැරිසරන හුඟක් ෆේමස් කැරැක්ටර් එකක්. ඈ ඒ විදියට ෆේමස් වුණේ හෙක්ටර් ඩයස්ගේ දූ හින්දා නම් නෙවෙයි. ඇයට හුඟක් ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ. ඇගේ ‘ආල තරණය’ මියුසික් වීඩියෝව දැනටමත් හිට් වෙලයි තියෙන්නේ. ඒ හින්දම ටීවී චැනල්වල හැම චැට් ප්‍රෝග්‍රෑම් එකකටම ඇයට ආරාධනා ලැබෙනවා. ඒ වගේම සෝෂල් මීඩියාවලත් ලස්සන ඩියෝනා ගැන හුඟාක් තොරතුරු පළවෙනවා. ඈ බොහොම රිලැක්ස් චරිතයක්. ඒ වගේම සරලයි, සුන්දරයි. ප්‍රසන්ටර් කෙනෙක් එක්ක කතාබහ කරන්න ආවත් ඈ කතාකරන්නේ හරි පරිස්සමටයි. (Sri Lanka Latest News)
ඩියෝනා ෆ්‍රාන්ස්වල ඉන්න ෆෝවර්ඩ් කෙල්ලක් වුණාට එයාට තවම පෙම්වතෙක් නම් නැහැලු. පෙම්වතෙක් හොයාගත්තත් ඈ ඒ සම්බන්ධයට කැමැත්ත දෙන්නේ අම්මගෙයි තාත්තගෙයි අනුමැතිය ඇතිවලු. එහෙම කියන්නේ එයා අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත නැතිව තමන්ගේ ජීවිතයේ කිසිම තීරණයක් ගන්න කැමැති නැති නිසාලු. ඒ වගේම ලව් අෆෙයාර් එකකට යන්න ඒ එක්කම විවාහයක් වගේ බැඳීමකට යන්න ඈ කොහොමටවත් හදිසි වෙන්නේ නැතිලු. ඒ වාගේ තීරණයකට ඇය එන්නේ පරිණත වයසකදී කියලා තමයි ඇය කියන්නේ.
ෆ්‍රාන්ස්වලදී සහභාගි වුණු වොයිස් රියැලිටි සංගීත තරගයේදී ඩියෝනා සෙමි ෆයිනල් වෙනකල් ආවේ ඈ කියපු සිංහල සින්දුවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණු නිසාලු.
ඩියෝනාගේ හිතේ පුංචි ආසාවක් තියෙනවලු නදීමාල් පෙරේරා එක්ක සින්දුවක් කරන්න. ඔහුගේ ස්වරයට හඬට හුඟක් ආසයි කියලා තමයි ඈ යූටියුබර් කෙනෙක් එක්ක කතාබහකට ඇවිදින් කියලා තිබුණේ. භාතිය-සංතුෂ් දෙන්නටත් ඩියෝනා හරි මනාපයිලු. ඒත් ඇගේ සුවිශේෂ මනාපය නදීමාල් එක්ක ඩුවට් එකක් කරන එක තමයි. භාතිය-සංතුෂ් එක්ක සින්දුවක් කරන ආශාව තුළ එයා වැඩිපුරම ඉන්නේ එයාගේ අම්මගේ සතුට ඒක නිසාලු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











