• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලව් කළේ නෑ! කිස් කළේ නෑ! මල්ගස් වටෙ දිව්වේ නෑ! සිනමාව වෙනස් කරපු චණ්ඩි ශ්‍යාමා! Sri Lanka Latest News

July 27, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලව් කළේ නෑ! කිස් කළේ නෑ! මල්ගස් වටෙ දිව්වේ නෑ! සිනමාව වෙනස් කරපු චණ්ඩි ශ්‍යාමා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්මාර්ට් ෆෝන්, සෝෂල් මීඩියා වගේ නවීන තාක්ෂණ දියුණුවක් නැති ඒ දවස්වල ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයෝ සිංහල සිනමාවත් එක්ක පිස්සු වැටිලයි හිටියේ. ඒ බයිස්කෝප් පිස්සුවත් එක්ක. එක එක ජාතියේ උන්මාදයන් තුළින්ද ඔවුන් සතුටක් ලැබුවා. ඒ එක උන්මාදයක් තමයි ජෝඩු විලාසිතාවන්ට ඇලුම් කිරීම. හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා එක්ක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පෙම් රැඟුම් රඟනවාට ප්‍රේක්ෂකයා කැමැති වුණා. තව කාලෙක විජය – මාලනී, තවත් කාලෙක විජය – මාලනී, තවත් කාලෙක තිස්සයි මාලනීයි. ඔන්න ඔය විදියට ඒ උන්මාද වෙනස් වුණා.

ශ්‍යාමා ආනන්ද කියන්නෙත් එක කාලයක ප්‍රේක්ෂකයන් අතර තිබුණු අපූරු උන්මාදයක්. ඒ උන්මාදය ඇතිවුණේ ‘ශ්‍යාමා’ කියන නමින් ආපු චිත්‍රපට පෙළ නිසයි. ‘හලෝ ශ්‍යාමා’ වගේ ‘නංගි ශ්‍යාමා’, ‘චණ්ඩි ශ්‍යාමා’ වගේ චිත්‍රපටවලට ප්‍රේක්ෂකයෝ පුදුම විදියට පෙරේත වුණා. ඒ හැම චිත්‍රපටයක්ම ආරම්භක සිනමාහල්වල දින 100 පහුකළා. බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. ශ්‍යාමා නමින් යන චිත්‍රපට කලාවට වගේම ශ්‍යාමා ආනන්දටත් ඔවුන් ඇලුම් කළා. ඒ බොකුටු කොණ්ඩයක් තියෙන, රවුම් ඇස් දෙකක් තියෙන ලස්සන හිනාවක් තියෙන හිනාවෙනකොට දෙකොපුල් වළගැහෙන මේ හුරුබුහුටි නවයොවුන් නිළි තාරකාවට ආදරය කරන දස දහසක් රසික රසිකාවන්ගෙන් කවදාවත් හිඟයක් තිබුණෙ නැහැ. ඒ වගේම ඒ රසිකත්වයට වයස් භේදයක් තිබුණෙත් නැහැ. බාල, තරුණ, වැඩිහිටි හැමෝම ශ්‍යාමාට ආදරය කරන්න ගත්තා.

වෙනස්ම විශේෂය වන්නේ ශ්‍යාමා තරුවක් වුණේ පෙම්වතියක ලෙස හෝ ජෝඩු ෆැෂන් එකට තරුණ නළුවො එක්ක පෙම් චරිත රඟපාලා නෙවෙයි. ඈ කවමදාවත් සිනමාවේ පෙම්වතියක වුණේ නැහැ. නළුවන්ට හාදු දුන්නේ නැහැ. ඇඳුම් මාරු කර කර මල් ගස් වටේ දිව්වේ නැහැ. හැබැයි කාගෙත් සිත්ගත් ජනප්‍රියම නිළියක් වුණා. ශ්‍යාමා නමින් නිර්මාණය වුණු බොහෝ චිත්‍රපටවල ඇගේ සහාය නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා. ඒ වැඩිමල් සහෝදරයා හෝ තාත්තා හැටියටයි. හැබැයි ශ්‍යාමාගේ ඇත්තම නමින් ශ්‍යාමා විලාසිතා හදපු ඒ චිත්‍රපට මාස ගණන් දිව්වේ ශ්‍යාමාගේ වෙනස්ම තාලේ ඇයටම ආවේණික වූ සුන්දර රංගන විලාසය නිසයි. නිර්මාණශීලී ප්‍රවීණ කැමරා ශිල්පියකු වූ එස්.එම්. ආනන්දන් තමයි ඇගේ තාත්තා. හැබැයි දුව රඟපාන්න නම් ආවේ ඒ තාත්තා කැමරා ශිල්පියෙක් වෙච්ච නිසා නෙවෙයි. එම්.එස්. ආනන්දන්ට දැනෙන්න ඇති මේ හැඩකාර කෙල්ලගේ ඇඟ ඇතුළේ දක්ෂ නිළියක් හැංගිලා ඉන්නවා කියලා. ඒ නිසයි ‘ප්‍රවේශම් වෙන්න’ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණයට ඇයව තෝරාගත්තේ. ඒ 1969 අවුරුද්දෙයි. අම්මා නිෂ්පාදනය කරලා තාත්තා අධ්‍යක්ෂණය කරපු ඒ චිත්‍රපටයේ ප්‍රවීණ නළු නිළි කාණ්ඩයක් එක්ක අවුරුදු 10ක් විතර වයස මේ පුංචි කෙල්ල කරට කර රඟපෑවා. ඒ රංගනය මොන තරම් කදිමයිද කියනවා නම් හොඳම ළමා නිළිය ලෙස ඈ දීපශිකා සම්මානයත් දිනාගත්තා.

ඉන් පස්සේ ශ්‍යාමා ආනන්ද නව යොවුන් දැරියක වෙද්දී ‘හලෝ ශ්‍යාමා’ ‘මගේ නංගි ශ්‍යාමා’ ‘චණ්ඩි ශ්‍යාමා’ යන චිත්‍රපට පෙළෙහි එක දිගට හොඳ අපූරුවට රඟපෑවා. ඇයට චිත්‍රපටවලට බොහෝ ආරාධනා ආවත් ඇය රඟපෑවේ තාත්තා හදන චිත්‍රපටවල විතරමයි. ඒකට හේතුව දන්නේ නැහැ. හැබැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ පද්මිණීගේ චරිතයට ශ්‍යාමාව ඉල්ලද්දී එම්.එස්. ආනන්දන්ට නොදී බැරිවුණා. කැමරා ශිල්පියා විදියට ඔහු චිත්‍රපටයේ වැඩ කළ නිසා හෝ සුමිත්‍රා වැනි ගෞරවනීය අයකුට බැහැයි කියන්නට බැරි හින්දා හෝ ශ්‍යාමා, පද්මිණීට රඟපෑවා. ඒ රංගනයත් අතිවිශිෂ්ටයි. ඇයට සම්මානත් ලැබුණා. ඒ සම්මානනීය රංගනයෙන් පසුව ඇයට තව සම්භාව්‍ය සහ වාණිජ චිත්‍රපටවල චරිත සඳහා ආරාධනා ලැබුණත් ශ්‍යාමා ඒ චරිත භාරගෙන තිබුණේ නැහැ. මතකය නිවැරැදි නම් ඇගේ අවසාන චිත්‍රපටය වුණේ එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ ‘හලෝ ශ්‍යාමා’යි. ඒකත් බොක්ස් ඔෆිස් ගණයේ චිත්‍රපටයක්.

ඉතින් මේ මතකය අවදි කළේ ශ්‍යාමා නමින් ආ ශ්‍යාමා ආනන්දගේ උන්මාදනීය වූ ආනන්දය ගැන මතක් කරන්නයි. ඈ ගැන ලියන්න තව බොහෝ දෑ ඇතත් මෙතැනින් මේ සටහනට තිත තියන්නම්. කොහොම වුණත් ශ්‍යාමා තවමත් ප්‍රේක්ෂක සිත් අතර ජීවමානයි. ළඟකදී ඈ ගැන ලියවිලා තිබුණු ෆේස්බුක් සටහන දකිනකොට ඊට පාමුලින් තිබුණු කමෙන්ට්ස් දකිනකොට ඒ ටික හිතුණා.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

අමෙරිකාවෙන් බෝයිං යානා 6ක් ගන්න යන ලංකාවේ කෝටිපතියා! I Sri Lanka Latest News

Next Post

පවුලෙ පත්තරයි සජබෙ දෙන්නෙකුයි අල්ලගෙන රනිල් කරපු කොඩිවිණය සජිත් ආපිට කපයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.