ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කළ, නුදුරේම තිරගත වීමට නියමිත ‘මාරියා’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සහ එහි ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. ඒ, වියට්නාමයේ හැනෝයි නුවර පැවැති 6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ‘මාරියා’ චිත්‍රපටය හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම හේතුවෙනි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, එහි රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් හත් දෙනාම හොඳම නළුවන් වීමයි. ඒ අනුව මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක මෙලෙස සම්මානයට පාත්‍ර වූහ. අප අතරින් අකාලයේ සමුගත් චරිතාංග රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ට හිමි සම්මානය ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ලබාගන්නා ලදී.Sri Lanka Latest News
‘මාරියා’ රුසියාවේ පැවැති යල්ටා අන්තර්ජාතික සිනමා උළෙල යුරේෂියන් බි්‍රජ් (Yelta Eurasian Brige) සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ග්‍රීන්රෝස් සම්මානයද හිමිකර ගත්තේය.
මාසයකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම මහ සයුරේ රූපගත කළ ‘මාරියා’ කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි ඇතුළු පිරිසක් දායක වී ඇත. ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන එක්ව ඇති ‘මාරියා’ ඉන්ද්‍රජිත් පෙරේරාගේ නිෂ්පාදනයකි.











